බෞද්ධ සිතුවම්

OGO

Member
May 16, 2014
85
6
0
ඔව් බන් එ මනුස්සයාට දුක හිතුන පාර පින්සල් සේරම කැලණි ගගට විසිකරලා ගියාලු :(එදායින් පස්සේ පන්සල් වල චිත්‍ර ඇදලා නෑ මම දන්න විදියට .අන්තිමට භාගේට ඇදපු චිත්‍ර තියෙන කාමරය අදටත් වහලා තියෙන්නේ

eka thama :( e kamare nam mama dakala na...ehema ekak thiyanawa kiyala danneth dan,sthuthi kiwwata :)
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    eka thama :( e kamare nam mama dakala na...ehema ekak thiyanawa kiyala danneth dan,sthuthi kiwwata :)

    සෝලියස් මෙන්ඩිස්ගේ කිසි‍වෙකු නොදුටු සිතුවම් කැලණි විහාරයේ කුටි දෙකක

    solius-mendis-art-1.jpg

    solius-mendis-art-2.jpg

    solius-mendis-art-4.jpg

    solius-mendis-art-6.jpg

    solius-mendis-art-3.jpg

    solius-mendis-art-5.jpg

    සිංහල විහාර කර්මාන්තයේ ප්‍රතිමූර්තියක් වූ කැලණි විහාර මන්දිරයේ සිතුවම් නිර්මාණය කිරීම අතැර දා පින්සල් කඩා ගංදියට විසිකොට සිත්වේදනාවෙන් නික්ම ගිය සෝලියස් මෙන්දිස් ගේ සිතුවම් කලාවේ උත්කර්ශවත් අවස්තාවේ ඇදී සිතුවම් හා නිම නොවූ අගනා සිතුවම් කැලණි විහාර ගේ තුළ සැඟවඇත.

    ඒවා මෙතෙක් කවර දාක හෝ ඔබට දැක ගන්නට ලැබී නැත. මින් මතු ද කවරදාක හෝ දැක ගන්නට ලැබෙන්නේ නැත. ඒ අගනා සිතුවම් ඔබට දැක ගත හැක්කේ ජායාරූපයකින් පමණි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේශන අංශය කැලණි විහාරයේ සිතුවම් සංරක්ෂණයට කටයුතු කරමින් සිටී. ඡාරූප අංශය ‍සෝලියස් මැන්දිස්ගේ සිතුවම් ජායාරූප ගත කොට සංරක්ෂණය කිරීමට කටයුතු කරයි.

    කැලණියෙන් රුහුණට ගිය විහාර දේවිය ජාතියේ ඉතිහාසය හා කැලණිය සම්බන්ධ කළේය. සොලියස් මෙන්දිස් කැලණි විහාරයෙහි සිතුවම් නිර්මාණය කොට ආගමික ඉතිහාසයට තම නාමය එක් කළේය.

    ක්‍රි.පූර්ව යුගයේ සිට රාජධානියක්ව පැවැති කැලණියේ ආදිම පාලකයා යටාල තිස්ස රජුය. කැලණි විහාරය II පැරකුම්බා රජු ද, විජය බාහු රජතුමා ද ප්‍රතිසංසකරණය කර ඇත. කෝට්ටේයුගයේ විසූ සිංහල රජවරුන් 16වැනි සියවස දක්වා කැලණි විහාරයට පුද සිරිත් කළ හ‍. ලන්දේසීන් ගේ කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා වැලිවිටියේ සරණංකර හිමියන් ප්‍රතිසංස්කරණය කළ අතර ඒවන විට ඉතිරිව තිබුණේ බිඳ හෙලූ චෛතිය පමණි.

    හෙලේනා විජේවර්ධන මැතිනිය විසින් විනාශයට යමින් තිබූ පැරණි විහාරය නැවත ප්‍රතිසංස්කරණය කළාය.

    උසස් චිත්‍ර සම්ප්‍රදාය හා ගෘහනිර්මාණ ශිල්පය අතින් අද්විතීය විහාර කර්මාන්තය හේතුවෙන් කැලණිය ‍ඓතිහාසික ආගමික කලාත්මක වටිනා කමින් යුත් ස්ථානයක් බවට පත්ව ඇත. කැලණියේ කීර්තියටත් රමණීයත්වයටත් ඉමහත් සාධකයක් වූයේ සෝලියස් මැන්දිස්ගේ සිතුවම් හා මූර්ති සම්ප්‍රදායන්ය. ඔහු වසර විස්සක පමණ කාලයක් තිස්සේ කැපවී සමස්ත කලා ලෝකයට දායාදයක් වූ කැලණි විහාරයේ සිතුවම් නිර්මාණය කළේය. සහජ හැකියාවෙන් හා ස්වොත්සාහයෙන් සිතුවම් කලාව ප්‍රගුණ කරමින් තමන්ටම ආවේණික චිත්‍ර සම්ප්‍රදායක් ගොඩනඟා ගැනිමට සොලියස් මැන්දිස් සමත් විය.

    ස්වාධීන සම්ප්‍රදායකින් සිතුවම් නිර්මාණය කිරිම, සායම් සකස් කර ගැනීමේදී මෙරට අමුද්‍රව්‍ය උපයෝගි කොට ගැනීම මෙන්ම විහාර සිතුවම් කලාව මගින් ඓතිහාසික සිද්දීන් පිළිබිඹු කිරිම සෝලියස් මෙන්දිස්ගේ සිතුවම් කලා‍වේ විශේෂත්ව යයි. බටහිර සම්ප්‍රදායේ ආභාසය නොලැබු සොලියස් මැන්දිස් වර්ණ සංයොජනයටද දේශීය සම්ප්‍රදායක් හඳුන්වා දුන්නේය. කලාකාමියකු තුළ උද්වේගයත් සැදැහැවතෙකු තුළ ප්‍රසාදයත් දැනවීමට සෝලියස් මෙන්දිස් ගේ සිතුවම් සමත් විය.

    විහාර ගෙයි දෙපස ඇති වසා දැමූ දොරවල් තුළ සිරව ඇත්තේ විදුලි ජනනයක් හා සොල්දරයට නැඟිමට සැකසූ පඩි පෙළක් පමණක් නොවේ. ස්වොත්සහයෙන් කැපවීමෙන් සිතුවම් කලාව හදාරමින් තමන්ට අයත් සම්ප්‍රදායක් ‍ගොඩනඟා ගනිමින් දැයට යමක් ඉතිරි කර ගිය දක්ෂ ශිල්පියෙකුගේ අගනා නිර්මාණයන්ය. තම නිර්මාණ කුසලතාවයට අගරු කිරීම හේතුවෙන් වේදනා විඳි සිත්තරකුගේ සුසුමය.

    මේ සැඟවී ඇති සිතුවම් ඔබට කවර දාක හෝ දැක ගැනීමට අවස්ථාව සැලසෙන්නේ නැත. පොළොන්නරුවේ විජයාරාමයේ සිතුවම් නිම කිරීමෙන් අනතුරුව ඇඳි කැලණි විහාරයේ සිතුවම් සෝලියස් මැන්දිස් විසින් තිවංක පිළිම ගෙයි සිතුවම් අධ්‍යනය කරමින් කළ නිර්මාණ බව කැලණි විහාරයෙහි බුදුපිළිම, සිතුවම් හි ඉරියව්, හා වර්ණ භාවිතය විමසීමෙන් පැහැදිලි වේ.

    මහා වංශයේ සඳහන් ඉතිහාසය බුදුන් කැලණියට වැඩි අවස්ථාව තෙක් කතන්දරයක් ලෙස නිර්මාණය කළ සෝලියස් මෙන්දිස් ප්‍රධාන විහාර ගෙයි හිඳි පිලිමය දෙපස වූ කුටි දෙක පුරා නිදහස් සිතිවිලි වලින් යුතුව ජීවමාන ප්‍රමාණයේ සිතුවම් නිර්මාණය කළේය. සිවිලිමෙහි වු එකිනෙකට වෙනස් නෙලුම් මල් රටාවන් ද ලියවැල් මා මිනිස් රූපයන්හි ඉරියව් දැක්වීම ද අති විශිෂ්ටය. මේ ඔහු නිම නොකළ සිතුවම් ය. ඔහු විසින් මේවා නිම කළා නම් ඒවා කෙතරම් අගනා සිතුවම් වනු ඇත් ද?

    ඔහු විහාර කර්මාන්තය අතැර පලා ගියේ ලොකු හිඳි පිළිමය පිටු පස තමන් නිර්මාණය කිරිමට සිටි අගනා සිතුවම වෙනුවට විදේශිකයකයකු ලවා අන්දවන ලද සිතුවමට විරෝධ පාමින්ය. නිර්මාණකරුවකුගේ කුසලතාවය හා අබිමානය පිලිබඳ එදත් ලක්වැසියා සිතුවේ නැත. අදත් සිතන්නේ නැත. එහෙයින් අප දේශයට දක්ෂ මිනිසුන් අහිමිව ගොස් තිබේ.

    මේ ඔබට පළමු වරට දැක ගන්නට ලැබෙන්නේ සොලියස් මෙන්දිස් කැලණි විහාරයේ ඇදි අවසන් සිතුවම් කිහිපයයි. ඒවායේහි නිර්මාණ කටයුතු අවසන් කර නැත. ඔහුගේ තෙලි තුඩින් ඇඳ වැඩ අවසන් නොකළ සිතුවම් හා ඔහු විසින් සිතුවම් කිරීමට බිත්ති සකසා ඇඳි කටු සිතුවම් දෙස විමර්ශනශිලීව බැලීමේ දී ඒ ඔහුගේ නිපුණතාව මනා කොට ප්‍රක‍ට වේ. එවිට අපේ හදවත රිදවන්නේ නිර්මාණශිලී දක්ෂයකුගේ හදවත එදා රිදුම් දුන් ලෙසින්මය.

    ස්තුතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේශන අංශයේ නිශාන්ති රණසිංහ හා ඡායාරූප අංශයේ අර්ජුන සමරවීර

    ටෙක්ලා පද්මිණී කාරියවසම්

    ඡායාරූප දුෂ්මන්ත මායාදුන්නේ

    silumina
     
    Last edited:

    Thanks saho :) dukayi :(