බෞද්ධ හෙදියන්ට ළමාසාරියෙන් සැරසීමට අවසර ලබාදිය යුතුයි

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    https://www.divaina.lk/main-news/38078

    මුස්ලිම් ආගමික හෙදියන්ට හිජාබය පැළඳ රාජකාරියට වාර්තා කිරීමට හැකි නම් බෞද්ධාගමික හෙදියන්ගේ අනන්‍යතාවය පෙන්වීම් සඳහා ඔවුන්ට ළමාසාරියෙන් සැරසී හෙද සේවයේ නිරතවීමට අවසර ලබාදිය යුතුව ඇතැයි අමරපුර සිරි සද්ධම්ම වංශ නිකායේ අනුනායක කැලණිය පට්ටිය හංදියේ පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානයේ විහාරාධිකාරී දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් ජාතික සංවිධාන එකමුතුවේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසූහ.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 25දා කොළඹදී මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකදී මුස්ලිම් ජාතික හෙදියන්ට ඔවුන්ගේ අනන්‍යතාවය නියෝජනය වන පරිදි හිජාබය පැළඳ සේවය කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් එවැනි බාධාවක් කවරෙකු විසින් හෝ සිදුකළොත් ඒ පිළිබඳව ඔවුන්ට දැනුම් දෙන ලෙසත් කළ ප්‍රකාශය පිළිකුල් සහගතව හෙළා දකින බවත් පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

    රටේ ජනතාවගේ ඡන්දයෙන් වසර පහකට බලයට පැමිණ වසර ගණනක් පැරණි රටේ ඉතිහාසය, සංස්කෘතිය, රෝහල් පද්ධතිය, නිලඇඳුම, අධ්‍යාපනය ඇතුළු සියල්ල වෙනස් කිරීමට වත්මන් රජයේ ඇමැතිවරුන් විසින් සිදුකරන සාකච්ඡා මෙන්ම ඔවුන්ගේ යෝජනා සහ කෙටුම්පත්ද සාකච්ඡාද මේවන විට ජනතාවට විහිළු සැපයීමට හේතුවක් වෙලා.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමැතිවරයෙකු සිටියදී විදේශ කටයුතු ඇමැතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කිරීමට යෑම කණගාටුවට කරුණක්. මොකද නීතියෙන් හෝ රටේ බහුතර ජනතාවගෙන් හෝ මෙවැනි අමනෝ‍ඥ වැඩවලට ඉඩක් ලැබෙන්නේ නැහැ. විෂයභාර ඇමැතිවරුන් පත්කරන්නේ ඒ නිසයි. මේක නිකන් බල්ලගෙ වැඩේ කරන්න ගිය බූරුවාගේ කතාව වගෙයි.

    බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ පැහැදිලිවම දේශනා කළා ලැජ්ජා බය නැතුව ලෝකයක් පාලනය කළ නොහැකි වන අතර එසේ කරන්නේ නම් ඕනෑම බරපතළ වරදක් ලැජ්ජාව බය නොමැතිව සිදුකළ හැකි බව. ඒ බුදු වදන අද සත්‍යක් බව අපිට පේනවා.

    ලංකා හෙද සංගමයේ ලේකම් මුරුත්තෙට්ටුවෙ ආනන්ද නාහිමිපාණන් වහන්සේ විජිත හේරත් ඇමැතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ඝෘජුවම උන්වහන්සේගේ අදහස මාධ්‍යට ප්‍රකාශකර තිබුණා. ඇත්තෙන්ම රජයට විසඳන්න වෙනත් ප්‍රශ්න අද වෙන කොට මේ රටේ නැද්ද? අද රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වැටිලා. තමන්ගෙ රාජකාරි නිළ කාමරයේදී මහ දවල් මිනිස් ඝාතනයක් සිදු වුණා. මේ රට අද කුලියට මිනී මරන්නන්ගේ රාජ්‍යක් බවට පත්වෙලා. මේ සා මහත් විපතක් ඉදිරියේ තබාගෙන ඇමැතිලා කරන මේ ප්‍රකාශ හරියට රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වැයූ උපමාවට සමානයි. ජනතාවට විහිළු සපයමින් ජාතීන් අතර බේද බින්න ඇති කරන මෙවැනි කතා සම්පූර්ණයෙන් මකා දැමිය යුතුයි. ඇමති විජිත හේරත් මහතා වහා මේ ප්‍රකාශය ඉල්ලා අස් කර ගත යුතුයි.ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අවධානය මෙම බලවත් අදූරදර්ශී ප්‍රකාශය වෙත යොමු කර එය නිවැරදි කළ යුතුයි.

    පහනේ ආර්යාව ලෙසින් විරුදාවලි ලද නයිටිංගේල් ශාන්තුවරිය රෝගීන්ට ඉටු කළ සේවය ඇගයීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන මෙම හෙද සංකල්පයට එරෙහිව යෑමට වසර පහකට බලයට පත්වෙන කිසිම දේශපාලඥයෙකුට බලයක් නැහැ.


    1761713890938.png


    1761713909430.png

    1761713957296.png



    @2osama ලේ ඥාතියොද බං?