බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

NoGod

Member
Feb 7, 2011
134
33
0
:shocked: එතුමාගෙන් උපුටා ගත් ලිපියක් නොවෙයි මිත්‍රයා.
උපුටා ගැනීමක් නම් ඒ බව සඳහන් නොකරන වර්ගයේ කෙනෙක් නෙමෙයි මම.

මේ ලිපියේ අදහස් එතුමාගේ අදහස් වලට පටහැනි වෙන්නත් පුළුවන්.
මගේ බ්ලොග් අඩවියේ තවත් මම ලියූ ලිපි තියනවා
මනසයි, විඥානයයි අතර වෙනස මොකක්ද බං?
:confused::confused:
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    බටහිර විද්‍යාව කියන වචනේ නලීන්ගේ තමයි. විද්‍යාව බටහිර වෙන්නේ කොහොමද?
    එතකොට ජපානය, චීනය, රුසියාව බටහිරද?:lol::lol:

    මේ තර්කය පදනම් විරහිතයි නෙ මිත්‍රයා... එහෙනම් ඉතින් ඔය විදියටම ලංකාවත් බටහිර ද කියල අහන්න තිබුන නෙ. ලංකාවෙත් පාසල් අධ්‍යාපනයෙදිත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙදිත් උගන්නන්නෙ බටහිර චින්තනයෙන් උපන් විද්‍යාව තමයි. ඒක අද මුලු ලෝකෙම වසාගෙන පැතිරිලා තියන එක වෙනම කාරනයක්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මනසයි, විඥානයයි අතර වෙනස මොකක්ද බං?
    :confused::confused:

    උඹ බුදු දහම නොදැන කතා කරන බව මම දන්නවා මිත්‍රයා. මනස, සිත්, විඥඥානය කියන තුන එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් :lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අවකාශය කියන්නේ සීමාවක් නොමැති, ත්‍රිමාණ පැතිරීමක්.මෙහි ද්‍රව්‍යමය දේවල් වගේම සිද්ධින් සිදුවෙමින් පවතී. බුදු දහමත් පහල වුනේ මේ අවකාශයේ තමයි.

    අවකාශයක් නැතුව "පැතිරීමක්" තියන්නෙ කොහොමද මිත්‍රයා? අවකාශය කියන්නෙ මොකක් ද කියල විද්‍යාවෙදි අර්ථ දක්වලා නැහැ. විද්‍යාව ඇත්තටම හැදෑරුව කෙනෙක් නම් අහල තියන්න ඕනෙ "space is an intuition"

    භෞතික විද්‍යාවෙදි අවකාශයේ එක එක දේවල් පහල වෙන්නෙ නැහැ.

    අවකාශයේ ද්‍රව්‍යමය කිසිවක් ඇත්තෙත් නැහැ. විද්‍යාවට අවකාශය කියන්නෙ abstract entity එකක් විතරයි මිත්‍රයා.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔබ දැඩි හෙළ බෞද්ධයෙක්ද?:rolleyes:

    උඹ දකින විදියට මගේ ලිපියේ යම් වැරද්දක් තියනවා නම් හෝ ඒ ගැන උඹට වෙනස් අදහසක් තියනවා නම් ඒ ගැන විවෘතව කතා කරමු. වෙනත් වල් පල් වලින් වැඩක් නැහැ නේද මිත්‍රයා?
     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    සහෝදරයා හැමෝම මතු කරපු ප්‍රශ්නයක් මමත් පෙන්නන්නේ!
    ඔයා විද්‍යා පීඨ ශිෂ්‍යයෙක්(?කොළඹ/?කැලණිය) නිසා ඔය භාවිතා කරලා තියන වාද, නියම, මූලධර්ම, සහ ඔය විෂය ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන විශේෂ වචන තේරුණාට ඔය
    ක්ෂේත්‍රය නොදන්නා අයට ඕක කිසිම තේරුමක් නැහැ. සමහරවිට වැරදියට තේරුම් ගන්නත් ඉඩ තියනවා! ඒනිසා පුළුවන් කමක් තියනවානම් O/L දැනුමින් පැහැදිලි කරගන්න පුළුවන් මට්ටමට දාන්න. ඔය ලිපිය බෞද්ධ දර්ශනය සහ බටහිර විද්‍යාව සසඳන බව ඇත්ත! නමුත් අපිට ඕක ලංකාවේ බොහෝදෙනෙක් ඉගෙනගන්න O/L විද්‍යාව මට්ටමෙන් පැහැදිලි කරලා දුන්නොත් කලා කරපු අයට සහ A/L නොකරපු අයට උනත් ගොඩාක් වැදගත් වෙයි.:yes:
    බුදුහාමුදුරුවෝ පවා සරළ උපමා හැකි හැමවිටම යොදා ගෙන තියෙන්නේ වැඩි දෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නයි!
    මේක ඔයාගේ ලිපිය අගය කිරීමක් මිසක් වැරදි විවේචනයක් නෙවෙයි!!!:D
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    අවකාශයක් නැතුව "පැතිරීමක්" තියන්නෙ කොහොමද මිත්‍රයා? අවකාශය කියන්නෙ මොකක් ද කියල විද්‍යාවෙදි අර්ථ දක්වලා නැහැ. විද්‍යාව ඇත්තටම හැදෑරුව කෙනෙක් නම් අහල තියන්න ඕනෙ "space is an intuition"

    භෞතික විද්‍යාවෙදි අවකාශයේ එක එක දේවල් පහල වෙන්නෙ නැහැ.

    අවකාශයේ ද්‍රව්‍යමය කිසිවක් ඇත්තෙත් නැහැ. විද්‍යාවට අවකාශය කියන්නෙ abstract entity එකක් විතරයි මිත්‍රයා.
    මම අවකාශය කියලා අදහස් කරේ අභ්‍යවකාශය.space කියන එකේ සිංහල තේරුම අභ්‍යවකාශයනේ. මේකේ තියෙන ග්‍රහලෝක, තාරකා, ඇස්ටරොයිඩ්ස් ද්‍රව්‍යමය දේවල් නේ.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මේ තර්කය පදනම් විරහිතයි නෙ මිත්‍රයා... එහෙනම් ඉතින් ඔය විදියටම ලංකාවත් බටහිර ද කියල අහන්න තිබුන නෙ. ලංකාවෙත් පාසල් අධ්‍යාපනයෙදිත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙදිත් උගන්නන්නෙ බටහිර චින්තනයෙන් උපන් විද්‍යාව තමයි. ඒක අද මුලු ලෝකෙම වසාගෙන පැතිරිලා තියන එක වෙනම කාරනයක්.
    මේක බටහිරෙන් ඉපදුනා වෙන්න පුලුවන්.මමනම් හරියටම දන්නේ නෑ කවදා කොහෙන් ඉපදුනාද කියලා.නමුත් මේක ප්‍රයොජනවත් නිසානේ මුලු ලොකේම ව්‍යාප්ත වෙලා තියෙන්නේ.මුලු ලෝකයම පාවිච්චි කරන්නේ.ආගමක් එහෙම ව්‍යාප්ත වෙන්නේ නෑ. මොකද ඒකට සමහරුන්ට විකල්ප තියෙනවා. සමහරවිට ලොකු ප්‍රයෝජනයක් ඇත්තෙත් නෑ.
    පාසල් වල බටහිර විද්‍යාව ඉගෙන ගන්නේ නැතිව ආගම් ඉගෙන ගන්නද කියන්නේ. ඔයා භෞතික විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ වැඩක් තියෙන නිසානේ.භෞතික විද්‍යාව ලංකාවේ ඉපදුන එකක් නෙවෙයි.ඉංදියාවේ ඉපදුන එකකුත් නෙවෙයි.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම අවකාශය කියලා අදහස් කරේ අභ්‍යවකාශය.space කියන එකේ සිංහල තේරුම අභ්‍යවකාශයනේ. මේකේ තියෙන ග්‍රහලෝක, තාරකා, ඇස්ටරොයිඩ්ස් ද්‍රව්‍යමය දේවල් නේ.

    මම මෙතැනදි අවකාශය කියල සඳහන් කරන්නෙ භෞතික විද්‍යාවෙදි space කියන දේ. සාහිත්‍යයෙදි අභ්‍යවකාශයටත් space කියල කිව්වට භෞතික විද්‍යාවෙදි අභ්‍යවකාශය ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ වුණාම භාවිතා කරන්නෙ outer space කියන වචනය.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේක බටහිරෙන් ඉපදුනා වෙන්න පුලුවන්.මමනම් හරියටම දන්නේ නෑ කවදා කොහෙන් ඉපදුනාද කියලා.නමුත් මේක ප්‍රයොජනවත් නිසානේ මුලු ලොකේම ව්‍යාප්ත වෙලා තියෙන්නේ.මුලු ලෝකයම පාවිච්චි කරන්නේ.ආගමක් එහෙම ව්‍යාප්ත වෙන්නේ නෑ. මොකද ඒකට සමහරුන්ට විකල්ප තියෙනවා. සමහරවිට ලොකු ප්‍රයෝජනයක් ඇත්තෙත් නෑ.
    පාසල් වල බටහිර විද්‍යාව ඉගෙන ගන්නේ නැතිව ආගම් ඉගෙන ගන්නද කියන්නේ. ඔයා භෞතික විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ වැඩක් තියෙන නිසානේ.භෞතික විද්‍යාව ලංකාවේ ඉපදුන එකක් නෙවෙයි.ඉංදියාවේ ඉපදුන එකකුත් නෙවෙයි.

    භෞතික විද්‍යාව වැඩක් නැහැ කියල කියන්නෙ කවුද? :lol:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    සහෝදරයා හැමෝම මතු කරපු ප්‍රශ්නයක් මමත් පෙන්නන්නේ!
    ඔයා විද්‍යා පීඨ ශිෂ්‍යයෙක්(?කොළඹ/?කැලණිය) නිසා ඔය භාවිතා කරලා තියන වාද, නියම, මූලධර්ම, සහ ඔය විෂය ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන විශේෂ වචන තේරුණාට ඔය ක්ෂේත්‍රය නොදන්නා අයට ඕක කිසිම තේරුමක් නැහැ. සමහරවිට වැරදියට තේරුම් ගන්නත් ඉඩ තියනවා! ඒනිසා පුළුවන් කමක් තියනවානම් O/L දැනුමින් පැහැදිලි කරගන්න පුළුවන් මට්ටමට දාන්න. ඔය ලිපිය බෞද්ධ දර්ශනය සහ බටහිර විද්‍යාව සසඳන බව ඇත්ත! නමුත් අපිට ඕක ලංකාවේ බොහෝදෙනෙක් ඉගෙනගන්න O/L විද්‍යාව මට්ටමෙන් පැහැදිලි කරලා දුන්නොත් කලා කරපු අයට සහ A/L නොකරපු අයට උනත් ගොඩාක් වැදගත් වෙයි.:yes:
    බුදුහාමුදුරුවෝ පවා සරළ උපමා හැකි හැමවිටම යොදා ගෙන තියෙන්නේ වැඩි දෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නයි!
    මේක ඔයාගේ ලිපිය අගය කිරීමක් මිසක් වැරදි විවේචනයක් නෙවෙයි!!!:D
    මටත් කැම්පස් දෙකක ඉගෙන ගෙනත් මෙලොහසරක් තේරෙන්නේ නෑ.උසස්පෙලට මැත්ස් කරන එකෙක්ද කොහෙද?
    බුදු දහම අවබෝධ කරගත්තේ මැත්ස්, ‍ෆිසික්ස් ඉගෙන ගත්ත එවුන් නෙවෙයි නේ. අනිත් එක සෝපාකලා කානූ හෝදා හෝදා හිටපු කෙනෙක් නේද?
    මේ වගේ අයත් අවබෝධ කරගත්තලුනේ. ඒක නිසා මේක බුදු දහමට අදාල දෙයක්නම් වෙන්න බෑ.මම දන්නව විදිහට බුදු හාමුදුරුවෝ පැහැදිලි කලේ සරල සත්‍යය.ඒකට මිත්‍යාව පුරවගෙන ඒවා වහගන්න බොරු හොයනකොට මේ වගේ කුනුහබ්බත් පටලා ගන්නවා.

    :lol::lol::lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සහෝදරයා හැමෝම මතු කරපු ප්‍රශ්නයක් මමත් පෙන්නන්නේ!
    ඔයා විද්‍යා පීඨ ශිෂ්‍යයෙක්(?කොළඹ/?කැලණිය) නිසා ඔය භාවිතා කරලා තියන වාද, නියම, මූලධර්ම, සහ ඔය විෂය ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන විශේෂ වචන තේරුණාට ඔය
    ක්ෂේත්‍රය නොදන්නා අයට ඕක කිසිම තේරුමක් නැහැ. සමහරවිට වැරදියට තේරුම් ගන්නත් ඉඩ තියනවා! ඒනිසා පුළුවන් කමක් තියනවානම් O/L දැනුමින් පැහැදිලි කරගන්න පුළුවන් මට්ටමට දාන්න. ඔය ලිපිය බෞද්ධ දර්ශනය සහ බටහිර විද්‍යාව සසඳන බව ඇත්ත! නමුත් අපිට ඕක ලංකාවේ බොහෝදෙනෙක් ඉගෙනගන්න O/L විද්‍යාව මට්ටමෙන් පැහැදිලි කරලා දුන්නොත් කලා කරපු අයට සහ A/L නොකරපු අයට උනත් ගොඩාක් වැදගත් වෙයි.:yes:
    බුදුහාමුදුරුවෝ පවා සරළ උපමා හැකි හැමවිටම යොදා ගෙන තියෙන්නේ වැඩි දෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නයි!
    මේක ඔයාගේ ලිපිය අගය කිරීමක් මිසක් වැරදි විවේචනයක් නෙවෙයි!!!:D

    ඒක මම පිළි ගන්නවා. මම මේ ලිපිය ලිව්වෙ එළකිරියටම දාන්න නෙමෙයි මිත්‍රයා. මේක වෙන පිරිසක් ඉලක්ක කරගෙන වෙනත් වෙබ් පිටුවකට ලියූ ලිපියක්. මේකෙ මීට වඩා සරල සංක්ෂේපයකුත් ඉංග්‍රීසි පරිවර්තනයකුත් ඉදිරියෙදි එළකිරියෙ දාන්නම්. කමෙන්ටුවට ස්තූතියි :yes:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    භෞතික විද්‍යාව වැඩක් නැහැ කියල කියන්නෙ කවුද? :lol:
    නමුත් ඔබ දැඩි සිංහල බෞද්ධ, දේශීය චින්තනයට බර වුන පුද්ගලයෙක් නිසා නේද මේ වගේ බටහිර විද්‍යාව, බටහිර චින්තනය වගේ වචන පාවිච්චි කරන්නේ.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මටත් කැම්පස් දෙකක ඉගෙන ගෙනත් මෙලොහසරක් තේරෙන්නේ නෑ.උසස්පෙලට මැත්ස් කරන එකෙක්ද කොහෙද?
    බුදු දහම අවබෝධ කරගත්තේ මැත්ස්, ‍ෆිසික්ස් ඉගෙන ගත්ත එවුන් නෙවෙයි නේ. අනිත් එක සෝපාකලා කානූ හෝදා හෝදා හිටපු කෙනෙක් නේද?
    මේ වගේ අයත් අවබෝධ කරගත්තලුනේ. ඒක නිසා මේක බුදු දහමට අදාල දෙයක්නම් වෙන්න බෑ.මම දන්නව විදිහට බුදු හාමුදුරුවෝ පැහැදිලි කලේ සරල සත්‍යය.ඒකට මිත්‍යාව පුරවගෙන ඒවා වහගන්න බොරු හොයනකොට මේ වගේ කුනුහබ්බත් පටලා ගන්නවා.

    :lol::lol::lol:

    උඹට මේ වගේ ලිපියක් කුනුහබ්බයක් බව මම දන්නේ අද ඊයෙක නොවෙයි මිත්‍රයා. සෝපාක වැනි අය විතර ද බුදු දහම අවබෝධ කළේ?

    මේ ලිපිය බුදු දහම ගැන නොවෙයි තමයි. මේක බෞද්ධ චින්තනය ගැනයි මිත්‍රයා. යාන්තමින් ඒක නම් තේරිලා :lol: :lol:

    අඩු තරමෙ මනසයි විඥ්ඥානයෙයි වෙනස දන්නෙ නැති කෙනෙක් නෙ මිත්‍රයා උඹ. කැම්පස් දෙකක ඉගන ගෙනත් මෙලෝ දෙයක් නොතේරුනා නම් ඇයි මේ වාද කරන්නෙ? කැම්පස් වල ඉගන ගත්තට මෙලෝ දෙයක තේරුමක් නැති අය ඕනෙ තරම් ඉන්නවා මිත්‍රයා. ඒ ගැන තමාට වෛර කරන්න එපා.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නමුත් ඔබ දැඩි සිංහල බෞද්ධ, දේශීය චින්තනයට බර වුන පුද්ගලයෙක් නිසා නේද මේ වගේ බටහිර විද්‍යාව, බටහිර චින්තනය වගේ වචන පාවිච්චි කරන්නේ.

    නැහැ, බෞද්ධ දර්ශනයත් බටහිර දර්ශනයත් යන දෙකම මගේ ලිපියෙදි විස්තර කරන නිසා සහ බුදු දහමේ කියවෙන විද්‍යාව සහ අවිද්‍යාවත් බටහිර දර්ශනයෙන් උපන් විද්‍යාව සහ ඔවුන්ට අනුව අවිද්‍යාවත් යන කරුණු මේකෙන් කියවෙන නිසා. ඒවට වෙන වෙනම නම් ඕනෙ නෙ මිත්‍රයා. නැත්නම් "දර්ශනය" කියල විතරක් හෝ "විද්‍යාව" කියල විතරක් කිව්ව නම් මගෙ අදහස ලිපියෙන් කියවෙන්නෙ නැහැ.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    අඩු තරමෙ මනසයි විඥ්ඥානයෙයි වෙනස දන්නෙ නැති කෙනෙක් නෙ මිත්‍රයා
    ඒකනේ මම ඇහුවේ මොකක්ද කියලා.
    :D:D
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    ලක්ෂීය නිරීක්ෂකයෙක්
    වියුක්ත සංකල්පයක්
    නිව්ටෝනිය භෞතිකය
    වියුක්ත භූතාර්තයකි.

    ලග්රාන්ජියානු හෝ හැමිල්ටෝනීය විධි වාදයන්
    සමමිතීන් වූ සමජාතිත්වය සහ සමසාර්වදිශාතාවය
    රේඛීය සහ කෝණික ගම්යතා සංස්ථිතික විය යුතු බව
    උක්ත සමමිතීන්
    ගම්‍යතාවය සංස්ථිතික දැයි පරීක්ෂා කළ විට
    යුක්ලිඩියානු හෝ හිල්බර්ට් අවකාශයක්
    ඇරිස්ටෝටලියානු තාර්කණයෙන්
    කාලයෙහි උත්තාරණ සමමිතිය
    මේ වචන මේ වගේ තැන්වල භාවිතා කරලා තියෙන්නේ ඔබ යම් විෂයක් දන්නවා කියලා පෙන්වන්න නේද?
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    ලක්ෂීය නිරීක්ෂකයෙක්
    වියුක්ත සංකල්පයක්

    නිව්ටෝනිය භෞතිකය
    වියුක්ත භූතාර්තයකි.

    ලග්රාන්ජියානු හෝ හැමිල්ටෝනීය විධි වාදයන්
    සමමිතීන් වූ සමජාතිත්වය සහ සමසාර්වදිශාතාවය
    රේඛීය සහ කෝණික ගම්යතා සංස්ථිතික විය යුතු බව
    උක්ත සමමිතීන්
    ගම්‍යතාවය සංස්ථිතික දැයි පරීක්ෂා කළ විට
    යුක්ලිඩියානු හෝ හිල්බර්ට් අවකාශයක්
    ඇරිස්ටෝටලියානු තාර්කණයෙන්
    කාලයෙහි උත්තාරණ සමමිතිය
    නමුත් මේ වචන තේරුම් ගන්න බැරි අය මේවා පැහැදිලි කරන්න කීවොත් ඔබේ පිලිතුර කුමක්ද?