බෞද්ධ_භික්ෂුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සාමනේර හිමිවරුන්ට පහරදීම; බෞද්ධ භික්ෂුව කෙරෙහි රට තුළ පැවැති ගෞරවය කෙළෙසු‌වේ කව්ද?



පානදුර සිට මාතර දක්වා දිවෙන මාර්ගයේ ගමන් කරන විට අපිට බහුල වශයෙන් දැකිය හැකි ලක්ෂණයක් වන්නේ විවිධ භික්ෂුන්වහන්සේලාගේ කලින්කල සෑදූ ප්‍රතිමා මාර්ගය දෙපස ස්ථාපිත කර ඇති ආකාරයකි. එම සුසිල්වත් භික්ෂුන්වහන්සේලා රට, දැය සමය කෙරෙහි සිදුකරන ලද ශාසනික සේවාව අතිමහත් නිසාම උන්වහන්සේලා කෙරෙහි වු මහත් භක්ත්‍යාදරයෙන් යුක්තව මහජනතාව විසින් ම උන්වහන්සේලාගේ ප්‍රතිමා නෙලා ඒවාට මල් පහන් පවා පුජා කළ හ.


විශේෂයෙන් අපේ රටේ මහ සඟ පරපුර දෙස බලන විට රටේ උන්නතිය උදෙසා කලාව, සාහිත්‍යය, ලේඛනය ආදි වු විවිධ අංශ තුළින් බෞද්ධ භික්ෂුන්වහන්සේලා ලබා දී ඇති සේවාව අමිල ය. එමෙන්ම කිසි දිනෙක ජාතිවාදය හෝ ආගම්වාදය මෙන්ම පක්ෂ දේශපාලනය කෙරෙහි පෙනී නොසිටි උන්වහන්සේලා ගේ පරම අභිලාශය වුයේ රට තුළ ශික්ෂාකාමී සඟ පරපුරක් නිර්මාණය කිරීමත්, එමගින් යහපත් පුරවැසියන් පිරිසක් රට තුළ බිහි කිරීමත්ය. එමනිසා එම භික්ෂුන්වහන්සේලා නිබඳව ම මහජනතාවගේ වැඳුම්පිදුම් මෙන්ම අතිශය ගෞරවාදරයට ද පත්වූහ.


සංවේගජනක දර්ශනය..

පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ‌හොරොව්පතානේ පදිංචි ගම්මැද්දේ චමින්ද ගල‌බොඩ ‌හෙවත් උටියා නමැත්තෙකු විසින් සාමනේර හිමිවරුන් දෙදෙනෙකුට දරුණු ලෙස පහර දෙන සංවේගජනක දර්ශනය ඔබ ද දකින්නට ඇත. (උටියා අත් අඩංගුවට ‌ගෙන තිබිණ) බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේ අන්දමට කෘර අයුරින් තඩිබාන්නට තරම් උන්වහන්සේලා කෙරෙහි පැවැති ගෞරවය කෙළෙසා දැම්මේ කවුරුන් විසින් ද යන්න විමසිය යුත්තකි.


බෞද්ධ භික්ෂුන්වහන්සේලා ආමන්ත්‍රණය කිරීමේ දී විවිධ ගෞරව නාම භාවිතා අතිතයේ සිටම කිරීම සුලභ කාරණයකි. 'ෂඩ්භාෂා පරමේශ්වර' වැනි උත්කෘෂ්ඨ නාමයක් කිසි කලෙක ගිහි පුද්ගලයින් සඳහා භාවිතා නොකල අතර බෞද්ධ භික්ෂූන් උදෙසාම එවැනි ගෞරව නාමයන් භාවිතා කරන ලදී. එහෙත් පසුගිය දශක දෙකහමාරක කාලය දෙස බලන විට හරියට ටියුෂන් ගුරුවරුන්ගේ නම් හඳුන්වන ආකාරයටම කිසිදු ගරුත්වයකින් තොරව බෞද්ධ භික්ෂුන්වහන්සේලා ආමන්ත්‍රණය කරන තරමට ම උන්වහන්සේලා සමාජය තුළ පරිහානියට පත්ව ඇති බව පෙනී යයි.


පන්සල් වෙහෙර විහාර ‌දේශපාලන ‌වේදිකා කර ගැනීම..

සැබවින්ම බෞද්ධ භික්ෂුත්වය කෙරෙහි ගෞරවය විනාශ කළෝ කවරහුද? “වෙනින් කවුරුවත් නොව ලෙනින් මොරයාස්” යැයි කියන තරමට එම නම ජනප්‍රියය. ඒ අන් කිසිවෙක් නොව මහින්ද රාජපක්ෂලාය. මහින්ද රාජපක්ෂලා තම අගතිගාමි පාලන ව්‍යුහය වසා ගැනීමට යොදා ගත්තේ බුද්ධ චීවරයයි. උදේ හිටන් රෑ වෙන තුරු හාමුදුරුවන් පස්සේ යමින්, මල් වට්ටි අත දරමින් කටයුතු කළ ඔහු ඉන් පසුව සමාජයේ සෙසු ව්‍යුහයන් තුළට මුදා හළ පීඩනය අතිශය බරපතලය. එය නැවත නැවත කිව යුත්තක් ද නොවේ.


2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වු පසුව ඔහු තම දේශපාලන වේදිකාවන් බවට පත් කර ගත්තේ පන්සල් හා වෙහෙර විහාරයන්ය. නාරාහේන්පිට අභයාරාමය මාධ්‍ය මධ්‍යස්ථානය බවට පත් කර ගත්තේය. තමන්ට හිතවත් පන්සලකට මල් පුදන්නට හෝ නිරීක්ෂණය කරන්නට යන මහින්ද කල් තියා මාධ්‍ය දැනුවත් කරයි. එමෙන්ම තමන් පන්සලට එන බව කියා මහජනතාව රැස් කරන්නට යැයි එම ප්‍රදේශයේ සංවිධායකවරුන්ට පවසයි.


අනතුරුව පන්සලට එන ඔහු මල් පුදා අවසානයේ මාධ්‍ය හමුවේ වොයිස් කට් දෙමින් පන්සල දේශපාලන වේදිකාවක් බවට පත් කර ගනී. භික්ෂුන්වහන්සේලාට දෙකට නැමී ආචාර කරන මහින්ද විසින් බෞද්ධ භික්ෂුත්වය කෙරෙහි ඇති ගෞරවය විනාශ කරන බව වටහා නොගන්නා හාමුදුරුවරු සිතන්නේ මහින්ද යනු මතු සිරිළක පහල වෙනවා යැයි මෝඩ ජනයා විශ්වාස කළ දියසේන කුමාරයා ලෙසයි.



එහෙත් මහින්දට අමු අමුවේ කඩේ යමින් ඔහුගේ හොර මැරකම්වලට උඩගෙඩි දෙන භික්ෂුන්වහන්සේලා කෙරෙහි මධ්‍යස්ථ ජනතාව තුළ ඇති ගෞරවය ඔවුන් විසින් ම කෙළෙසා ගෙන ඇති ආකාරය අපිට පහසුවෙන් වටහා ගත හැකිය. හොඳම නිදසුන වන්නේ සිල් රෙදි බෙදීම හරහා සිදු කරන ලද වංචාව ට සම්බන්ධව අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට අධිකරණය විසින් දඬුවම් කළ විට මහා සංඝරත්නය යැයි කියා ගන්නා මැදගොඩ අබේතිස්ස ප්‍රමුඛ පිරිසක් විසින් හවස් ජාමෙත් පිණ්ඩපාතයේ (සමාවෙන්න- මනි පින්ඩපාතයේ) යෙදුන ආකාරයයි.


බුද්ධ චීවරය මේ තරමට ම කෙළෙසු නායකයා..

අපේ රටේ කිසිදු දිනෙක මෙවැනි කඨොර එමෙන්ම බුද්ධ දර්ශනය දුශ්චරිතයේ යෙදවු අවස්ථාවක් දැකිය නොහැකිය. අපේ රටේ ජනතාව නිල ඇඳුමට බියක් හා ගෞරවයක් දක්වන අවස්ථා දෙකක් වෙයි. එකක් නම් ආරක්ෂක නිල ඇඳුමයි. ආරක්ෂක අංශවල නිල ඇඳුමට රටේ ජනතාව තුළ පවතින ගෞරවය එම නිලධාරින් කිසිදු ආකාරයකින් තවමත් බිඳ වට්ටවාගෙන නැත. අනෙක් කාරණය නම් භික්ෂුන් වහන්සේලා ගේ බුද්ධ චීවරයයි. එහෙත් බුද්ධ චීවරය ගණින්නාන්සේලා අතට පත්වීම හේතුවෙන් මේ වනවිට එහි බලය හා ගෞරවය ගණිකා වෘත්තිය තරමට ම පහත වට්ටවාගෙන ඇති ආකාරය දුක්ඛදායකය. එහෙත් එම භික්ෂුන්වහන්සේලා තවමත් වටහා ගෙන නොමැති එකම කාරණය නම් බුද්ධ චීවරය මේ තරමට ම කෙළෙසු නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි. ඔහුගේ පාලන කාලය තුළ දී ලැබෙන මුදල්, යානවාහන, පිටරට සංචාර හේතුවෙන් ඒවාට ලොල් ව බුද්ධ චීවරය පහතට ඇද දැමීමේ ඓතිහාසික මහා වරද නිසා අද සාමනේරයන් වහන්සේලා පවා මිනිසුන්ගෙන් කණේ පහර කන මට්ටමට පත් කර තිබේ.


මේ විනාශ කර තිබෙන්නේ බුද්ධ චීවරයේ ගෞරවය පමණක් නොවේ. බුද්ධ දර්ශනයේ ද ගෞරවයයි.
බුද්ධ ශාසනය හා බුද්ධ චීවරයේ ගෞරවය විනාශ කිරීම නිසා මහින්ද රාජපක්ෂලා හතර මහා අපායේ පමණක් නොව අවිචී මහා නාරකාදියේ ද දුක් විඳින්නට සිදුවනු ඇත. ඔහුට උඩගෙඩි දුන් ගණින්නාන්සේලා ට අත්වන ඉරණම ද අමුතුවෙන් කිව යුතු නැත.



අද සාමනේරයන්වහන්සේලාට එල්ල වන කණේ පහර මතු දිනෙක උපසම්පදාව ලත් භික්ෂුන්වහන්සේලාට ද වුවහොත් එහි වගකීම මැදගොඩ අබේතිස්ස ප්‍රමුඛ සංඝ ප්‍රජාවත්, මහින්ද රාජපක්ෂලාත් බාර ගත යුතු නොවේ දැයි සිතිය යුතුය.


'මහණෙනි. මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා'

අද අපට ඇවැසි වන්නේ බුද්ධ චීවරයේ හා බුද්ධ දර්ශනයේ ගෞරවය සුරකින මහා සංඝ පරපුරකි. රට රැකෙන්නේ බුදුසසුන් හා සඟ සසුන් රැකුනොත් පමණි. එහෙත් මළසුන මත මල් පුදා එම පුදසුන මත ම කුණු කෙළ වගුරණ ගණින්නාන්සේලා කරන විප්‍ර යොග දකින විට හදවතට දැනෙන්නේ දුකකි. ඒ අන් කිසිවක් නිසා නොව බුදුන්වහන්සේම වදාල පරිදි 'මහණෙනි. මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා' යැයි උන්වහන්සේ කළ ප්‍රකාශය සිහිපත් වන බැවිනි.
අනෙක් කාරණය නම් මවිසින් මිට පෙර පළ කරන ලද ලිපියකට ඇතැම් පුද්ගලයින් පළ කර තිබු ඇතැම් අදහස් සමග මම කිසි දිනෙක උරණ නොවෙමි. මම දේශපාලන ලිපි හෝ වෙනත් ලිපි ලියන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම සඳහා මිස වෙනත් කාරණයකට නොවේ.
මම කියන්නේ මගේ ලිපිවලින් මා නොදකින ලෙසයි. මක්නිසාද යත්, මගේ ලිපි වලින් කිසි දිනෙක ඔබට මා දැක ගත නොහැකි හෙයිනි. මහගම සේකරයන් විසින් ලියු කවියක මෙසේ සඳහන් කර තිබිනි.


“මගේ කවියෙන් මා නොදකින්න..
මගේ කවියෙන් ඔබ දකින්න”

සල්පිටියේ ධම්මදස්සි හිමි
 
Last edited:

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව අවුරුදු 5 ක් මුන් රට පාලනය කලොත් සිංහල අපේ මිනියක්වත් මෙි පොලවෙිි මිහිදන් කරන්න වෙන්නැ මුහුදට දාන්න වෙන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    70602669_529291930948540_684705455854845952_n.jpg
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    1993 ට කලින් දිනපතා ආර්‍යාව එක්ක පන්සල් ගිහින්, ඒ විස්තර විනාඩි 25ක් ප්‍රවෘත්ති වල පෙන්නන්න නියෝග කරපු රටේ සහ UNP එකේ නායකයෙක් හිටියා. 93ට පස්සෙ ඉපදුනාට කමක්නෑ, අඩුම තරමේ ලංකාවේ මෑත දේශපාලනය ගැනවත් දැනුවත් වෙලා ඉන්නවනම් තමයි හොඳ. (මොකද හරි UNP ආන්ඩුවක් ලංකාවේඅන්තිමට තිබුනේ 1994ට කලින්) :rolleyes:
    රජ කාලෙ ඉඳලම
    දේශපාලකයෝ පන්සල් ගියා. ප්‍රශ්නෙ ඉස්සර පන්සල, හාමුදුරුවරු හිටියේ දේශපාලනයට උඩින්. දැන් දේශපාලනිකව බෙදිලා විතරක් නෙමෙයි කෙලින්ම දේශපාලනය කරනවා. :no::(


    PS:
    තමන්ට විරුද්ධ දේශපාලකයින්, තරුනතරුනියෝ දාස් ගානක් මැරුව කියලා චෝදනා ආවත් ඔය කියපු නායකයා රටට යම් වැඩක් කරපු නායකයෙක්.:yes:

     
    Last edited:

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Hane hane 50KG ... ekath Mahinda account ekata dammada .... yakooo yaha palane tamai oka kale oya Ranil Mangala wage un tamai ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙමල සක්කිලියා ලජ්ජා නැතුව ඇවිත් ත්‍රෙඩ් දානවා. උබේ නපුන්සකයාගේ සහජිවනේ තව ටික දවසයි. එතකන් දගලපන් :angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පොනිල් ගේ වද පයිය උරනකොටද පොන්ස් මේවා කිව්වේ? තව මාස දෙකයි...එතකන් දගලපන්...මේ පාර පොන්නයට යන එනමං නැතුව පරදින්නේ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1993 ට කලින් දිනපතා ආර්‍යාව එක්ක පන්සල් ගිහින්, ඒ විස්තර විනාඩි 25ක් ප්‍රවෘත්ති වල පෙන්නන්න නියෝග කරපු රටේ සහ UNP එකේ නායකයෙක් හිටියා. 93ට පස්සෙ ඉපදුනාට කමක්නෑ, අඩුම තරමේ ලංකාවේ මෑත දේශපාලනය ගැනවත් දැනුවත් වෙලා ඉන්නවනම් තමයි හොඳ. (මොකද හරි UNP ආන්ඩුවක් ලංකාවේඅන්තිමට තිබුනේ 1994ට කලින්) :rolleyes:
    රජ කාලෙ ඉඳලම
    දේශපාලකයෝ පන්සල් ගියා. ප්‍රශ්නෙ ඉස්සර පන්සල, හාමුදුරුවරු හිටියේ දේශපාලනයට උඩින්. දැන් දේශපාලනිකව බෙදිලා විතරක් නෙමෙයි කෙලින්ම දේශපාලනය කරනවා. :no::(


    PS:
    තමන්ට විරුද්ධ දේශපාලකයින්, තරුනතරුනියෝ දාස් ගානක් මැරුව කියලා චෝදනා ආවත් ඔය කියපු නායකයා රටට යම් වැඩක් කරපු නායකයෙක්.:yes:



    Wrong, we had a GU NP government in 2001
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    Wrong, we had a GU NP government in 2001

    2001 ජනාධිපති චන්ද්‍රිකා(ආන්ඩුවේ / කැබිනට් එකෙ ප්‍රධානියා). දැන් UNP උනාට ඒ කාලේ පොදු පෙරමුනේ නායකතුමිය නේ. :shocked:
    ඒකයි කිව්වෙ
    "
    මොකද හරි UNP ආන්ඩුවක් ලංකාවේඅන්තිමට තිබුනේ 1994ට කලින්"
    කියලා.;)
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හැමදුරුවොන්ගේ සිල්වත් කම විනය නම් කතා කරලා වැඩක් නෑ බුද්ධාගම හදන්න නම් මහනායක හිමිවරු දේශපාලනේ අත ඇරල කොනක ඉඳන් සාසනේ හදන්න ගන්න ඕන.
    දේශපාලකයන්ට උඩින් එයාල ඉන්න තත්වෙට ගන්න ඕන. මුස්ලිම් කතෝලික ඔක්කොම එහෙමයි අපිත් එහෙම වෙන්න ඕන

    චිවරේට ගරු නොකරන්න මිනිස්සු පටන් ගත්තේ හක් ගෙඩියෙන් චන්දෙ ඉල්ලන්න පටන් ගත්ත කාලේ ඉඳන්
    දැන් හාමුදුරුවෝ දැක්කම මිනිස්සු හැන්ගෙනවා වඳින්න වෙන හින්ද බස් වලට නග්ගන්නේ නෑ නැග්ගම අනිත් මිනිස්සුන්ට හිටගන්න වෙන හින්ද
    කොටින්ම හාමුදුරුවෝ ඉන්න හෝල්ට් වල දුර ගමන් සේවා නවත්තන්නේ නෑ එකෙන් අනිත් මිනිස්සුන්ට නගින්නත් නෑ :lol:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හැමදුරුවොන්ගේ සිල්වත් කම විනය නම් කතා කරලා වැඩක් නෑ බුද්ධාගම හදන්න නම් මහනායක හිමිවරු දේශපාලනේ අත ඇරල කොනක ඉඳන් සාසනේ හදන්න ගන්න ඕන.
    දේශපාලකයන්ට උඩින් එයාල ඉන්න තත්වෙට ගන්න ඕන. මුස්ලිම් කතෝලික ඔක්කොම එහෙමයි අපිත් එහෙම වෙන්න ඕන

    චිවරේට ගරු නොකරන්න මිනිස්සු පටන් ගත්තේ හක් ගෙඩියෙන් චන්දෙ ඉල්ලන්න පටන් ගත්ත කාලේ ඉඳන්
    දැන් හාමුදුරුවෝ දැක්කම මිනිස්සු හැන්ගෙනවා වඳින්න වෙන හින්ද බස් වලට නග්ගන්නේ නෑ නැග්ගම අනිත් මිනිස්සුන්ට හිටගන්න වෙන හින්ද
    කොටින්ම හාමුදුරුවෝ ඉන්න හෝල්ට් වල දුර ගමන් සේවා නවත්තන්නේ නෑ එකෙන් අනිත් මිනිස්සුන්ට නගින්නත් නෑ :lol:




    :yes::yes: සහතික ඇත්ත