බෞධයන් සඳහා පමණයි

[D]ark Hacker

Member
Jan 5, 2011
158
37
0
බෞධයන් සඳහා පමණයි

e0b783e0b79de0b6b8e0b78fe0b780e0b6ade0b793.jpg

බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කෙරුණ සෝමාවතී චෛත්‍ය රාජයා වැඩ වසන සෝමාවති පුදබිම හෙළ බෞද්ධයාට සුවිශේෂී සිද්ධස්ථානයක් . ඉතා රසවත් සෝමාවතියේ ඉතිහාස කතාව අපේ සමහර ඉතිහාසඥයන් පවා පටලව ගත්තු තැනක්.ඒ වළගම්ම්බා රජුගේ සෝමාදේවි නම් බිසව හා සෝමාවතිය ඈදන්න යාමෙන්. අන්තර්ජාලයේ පුවත්පත් පිරික්සන කොට මේ සතියේ සිළුමිණ පුන්කලසේ තිබී මට හමු වූ මේ ලිපිය රසවත් වගේම ඉතිහාස කරුණු බොහෝදුරට යථාරූපිව විග්‍රහ කෙරුනක් නිසා බොහෝ සෙයින් වැදගත් වෙයි…



සෝමාවතිය ගොඩනඟන්නේ ක්‍රි.පූ. 2 වැනි සියවසේ කාවන්තිස්ස රජුගේ කාලයේ යි. ඒ කාවන්තිස්ට රජුගේ නැගණියගේ ඉල්ලීම පරිදි ඇගේ ස්වාමියා වූ ගිරිඅභය යි. කාවන්තිස්ස රජුට පුතුන් දෙදෙනෙක් සිටියා දුටුගැමුණු හා සද්ධාතිස්ස කියලා. සද්ධාතිස්සට පුතුන් හත්දෙනෙක් සිටියා. ථුල්ලතිස්ස, ලජ්ජිතිස්ස, ලලාටනාග සහ වළගම්බා කියලා. හත්වැනි පුතා තමයි වළගම්බා. සෝමාවතිය ඉදි කරලා වසර 130 කුත් ඉක්ම ගියායින් පසුවයි වළගම්බා ඉපදෙන්නේත්.

ඒ වගේ ම ධාතුවංශයේත් ජිනකාලමාලියේත් සෝමාවතිය ඉදිකරන කතාව සමඟ සම්බන්ධ වන්නේ ගැමුණු කුමරු පමණයි. සද්ධාතිස්ස ගැන සඳහනක්වත් නෑ. මට සැකයක් තියනවා මේ කාලය වනවිට සද්ධාතිස්ස ඉපදී සිටිය ද කියලත්. ඉපදී සිටියා නම් ඔහු ඉතා ළාබාල වියේ පසුවෙන්න ඇති. ඒ කියන්නේ වළගම්බා රජුගේ පියාගේ ළදරු කාලයේ හෝ ඉපදෙන්න පෙර කාලයේ තමයි බුදුන්වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර සෝමාවතී චෛත්‍යය ඉදිවෙන්නේ.

සෝමාවතී චෛත්‍යයේ ඉදිවීම හා සම්බන්ධ ඓතිහාසික පසුබිම ගොඩනැඟෙන්නේ කෙසේද?

මේක ආකස්මික සිදුවීමක් නෙවෙයි. මේ කාලය වනවිට ලංකාවේ දේශපාලනික එක්සේසත් භාවයක් තිබුණේ නැහැ. උතුරින් මහවැලි ගඟෙන් එහා එළාරගේ පාලනයක් තිබුණේ. මේ අතරතුර සෝම නුවර, සේරු නුවර, ගිරි නුවර, කැලණිය වැනි ප්‍රාදේශීය රාජ්‍ය කීපයක් රට පුරා තිබුණා. එවකට කැලණියේ සිටි ශිව රජතුමාගේ බෑණා වන අභය සමඟ කාවන්තිස්ස රජුගේ නැගණිය විවාහ වී ගිරි ප්‍රදේශයට යනවා. මේ විවාහය රට එකමුතු කිරීම සඳහා කාවන්තිස්ස රජු විසින් ගත් දූරදර්ශී පියවරක් විදියටත් නම්කරන්න පුළුවන්. ඔවුන් වාසයට යන ගිරි නගරය ටොලමි විසින් හඳුන්වන ලද මලයිය රට්ඨ කියන කඳුකරය කියලයි පිළිගන්නේ.

පසුකාලීන ව කාවන්තිස්ස විසින් ආවා කියන ඇමතියාත් සමඟ ගැමුණු කුමාරයා ගිරි ප්‍රදේශයට පිටත්කර හරින බව ධාතුවංශයේ සහ ජිනකාල මාලියේ සඳහන් වෙනවා. ඇතැම්විට ගිරි නගරයේ රුහුණට පටහැනි යමක් සිදුවේදෝ බියක් කාවන්තිස්ස තුළ තිබෙන්නට ඇති. කෙසේ වෙතත් මහාවංශය හා දීපවංශය මෙය සඳහන් කරන්නේ ගැමුණු කුමාරයා පියාට ස්ත්*රී වස්ත්*රාභරණ තෑගි දී පලා ගිය බවයි. පසුකාලීන ව ගිරි අභය කියන තමන්ගේ මාමාත් සමඟ ගැමුණු කුමාරයා ගැටුමක් ඇති කර ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගිරි අභය සහ සෝමාදේවිය සේරුනුවර වාසය කළ ශිව කියන මිත්*ර පාලකයා වෙත ගොස් සේරු නුවරට නැඟෙනහිරින් සෝම කියන නුවර ඉදිකරගෙන ජීවත්වෙනවා.

සෝමා දේවියගේ ඉල්ලීම පිට සෝමාවතී ස්තූපය ඉදිවෙන්නේ මේ සෝම නුවර යි. වංශ කතාවල සඳහන් වන පරිදි වරාහන සන්ධි නම් විල කෙළවර තමයි සෝම නුවර ඉදිවන්නේ. එය සේරු නුවරට කි.මී. 30 හෝ කි.මී. 40 පමණ දුරින් පිහිටා තිබෙන්නේ. සෝමාදේවිය තමන්ට වන්දනා කිරීම සඳහා ස්තූපයක් ඉදිකරවා දෙන ලෙස ගිරි අභයගෙන් ඉල්ලීමක් කරනවා. මේ කාලයේ මිහිඳු මාහිමි ළඟ මුල්වරට පැවිදි වූ ලාංකික භික්ෂුව වන අරිට්ඨ හාමුදුරුවන්ගේ පරපුරේ මහින්ද කියලා හිමි නමක් මේ ප්‍රදේශයේ බණ භාවනා කරමින් ඉඳලා තියනවා.

උන්වහන්සේ වන්දනාමාන කිරීම සඳහා තබාගෙන තිබූ දකුණු දළදා වහන්සේ තමයි සෝමාවතී ස්තූපයේ තැන්පත් කර තිබෙන්නේ. මේ දළදා වහන්සේ ලංකාවට වැඩම කළ කාල වකාවනුවක් පිළිබඳ ව සඳහන් වෙන්නේ නෑ. මෙය අශෝක අධිරාජයාගේ රාජතාන්ත්‍රික මිත්‍රත්වය මත ලංකාවට ලැබෙන්න ඇති බවට අනුමාන කළ හැකියි. ජනප්‍රවාදයන්ට අනුව මේ දළදාව නාගලෝකයේ නාරජු විසින් පූජා පැවැත්වූ දළදාව යි.



Add Some RepZ


 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    - rep dipu hema ballektama Uge as deka Idiriyema Unge gedara Ayage Jivitha Vinasha dakinna lebewa..

    You have given out too much Reputation in the last 24 hours, try again later.

     
    • Like
    Reactions: killershan

    Mozilla

    Well-known member
  • - rep dipu hema ballektama Uge as deka Idiriyema Unge gedara Ayage Jivitha Vinasha dakinna lebewa..

    You have given out too much Reputation in the last 24 hours, try again later.


    ඔච්චර දරුණු වෙලා උබ නිකන් පව් පුරවා ගන්න එපා බං.උන කර ගත්ත දේවල් උන්ම විදවීයි.අපිට තියෙන්නේ උන්ව හොද පැත්තට ගන්න උත්හ කරන එක.මේක කිවව කියල අමත් එක්ක තරහ වෙන්න එපා. බුදුසරණයි