උබ ගෑනි/ අම්මා කවුරු හරි කියනවා. කඩේට ගිහින්, උබගෙ මතයට අනුව පැහිච්ච පොල්ගෙඩියක් තෝරලා ගේන්න කියලා. උබ ගිහින් පොල් ගෙඩිය බිඳින්නෙ නෑ. පැහිලා ඇති කියලා හිතන ගෙඩියක් තමයි උබට තෝරගෙන එන්නෙ. ගෙදර ඇවිල්ලා බිඳලා බලනකොට පැහිලා තියෙන්නත් පුළුවන් කලටි ගෙඩියක් වෙන්නත් පුළුවන්.
බේස් වෙලා තියෙන්න පුළුවන්. මේක හැදුවෙ ජේආර් මිසක් වෙස්ටර්න් එවුන් ඇවිත් නෙවේ. මේක හදන්න ඇමරිකාව වගේ රටවල් වල සිස්ටම් එකත් එකතු කරලා තියෙනවා. මේක අච්චාරුවක්. රට තනි අතකින් පාලනය කරන්න පුළුවන් තනතුරක්. මේක හදපු ජේආර් ලොක්කා ඇඟිල්ලක් දික්කරපු එකෙක්ව රොටියක් කරන්න පුළුවන් බලයක් දුන්නා මිසක් ඌට මැජොරිටිය කවදාවත් අදාල දෙයක් උනේ නෑ. ජේආර් ඉගෙන ගත්තු සිලබස් එකේ කවදාක්වත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙ තිබ්බෙත් නෑ. 19 වැනි උණ පුරුකෙ දැම්මත් විධායකය නැමති බලුවලිගෙ හැඩේ වෙනස් වෙලා නෑ.
කෙටියෙන් කියන්නම්, විධායක පට්ටම ශාපයක් ඒත් රට රැකපු තනතුරක් ඒවගේම බැරි එකාට දකින්න බැරි හීනයක්. ඌයියා උනානම් සොරි.