භයානක සිහිනයෙහි ප්‍රතිපල ( මේක නේද දැන් වෙ#
ස්වාමිනි බුදු රජාණන් වහන්ස, තද කළු පාටින් යුත් ජව සම්පන්න හොදට වැඩුණු ගොන් හතර දෙනෙක් හතර පැත්තෙන් රජ මිදුලට පැමිණ ඇන ගන්නට සුදානම් වුහ.මහත් සේ තප්පුලමින් සතර පයින් පොලව හාර හාරා පස් විසුරවමින් ඇන ගන්නට එහා මෙහා පැන්නාහුය.දැන් දැන් මොවුන් එකිනෙකා ඇන ගෙන මරා ගනීවි යයි සිතෙන තරමට මහා බිහිසුණු තත්වයක් පහල විය.මොවුන්ගේ නපුරු පෙනුමත් භයානක හඬත් දැකීමෙන් සහ ඇසීමෙන් මහ මඟ යන එන සෙනගද වහා රාජන්ගනයට දුව ආහ.මේ ගව පොරය උසි ගන්වමින් මිනිස්සු විවිද අයුරින් හඬ නැගුහ.රජ මාලිගය හා අවට ප්‍රදේශයම දෙදුරුම් කෑහ.මෙසේ ඝර්ජනා කොට මරා ගැනීමට සුදානම් වී අවසානයේ දී සියල්ලෝම සිනා ගස්වමින් කිසිදු ඇන ගැනීමකින් තොරව ගොනුන් හතර දෙනා ආ ආ පැති වලට දිව ගියෝය.මේ පළමු වැනි සිහිනයයි.භාග්‍යවතුන් වහන්ස, මේ සිහිනයේ ප්‍රතිපලය කුමක්ද??
මහා රජතුමනි, මේ සිහිනය ඔබට හෝ ඔබේ රාජ්‍යයට හෝ රට වැසියාට හෝ බලපාන්නක් නොවේ.අනාගත කාලයේදී සමහර රජවරු රාජ්‍ය පාලකයෝ අධර්මිෂ්ඨ වන්නාහ.පාපකාරී ක්‍රියාවල නිරත වන්නාහ.රජකුට - රාජ්‍ය පාලකයකුට නොහොබිනා ක්‍රියා වල නිරත වන්නාහ.පාපකාරී ක්‍රියාවන් නිර්භීත ක්‍රියාවන් සේ රාජ්‍ය පලකයොත් රටවසියොත් ඉස්මතු කොට සලකන්නාහ.යහපත් ගති පැවතුම් ඇති ගුණවත් අයට පසු බසින්නට - අප්‍රකටව සිටීමට සිදුවෙයි. රාජ රාජ මහා අමාත්‍ය වරුන්ගේත් රට වැසියන්ගේ අකටයුතුකම් -අධර්මිෂ්ඨ ගති පැවතුම් වැඩි වීම නිසා ධර්මයට - යුතුකමට - ගුණයට තැනක් නැති වන්නේය.මෙසේ පාපකාරී බලවේග වැඩිවීම නිසා ආරක්ෂක දෙවි දෙවතාවරු ඉෂ්ට දේවතාවරු කලකිරීමට පත්වෙති.යක්ෂ ප්‍රේත භූත බලවේග ඉස්මතු වන්නේය.ඒ නිසාම යුධ කෝලහාල මිනිමරගැනීම් සහ සාහසික අපරාධ වැඩි වන්නේය.
මහේශාක්‍ය ඉෂ්ඨ දෙවි දේවතාවරුන්ගේ බැල්මක්- ආරක්ෂාවක් රටට රට වැසියාට නොලැබෙන විට ඍතු ගුණ, දේශ ගුණ වෙනස් වෙයි.සතර දෙසින් වර්ෂාව වසින්නට සේ තද වැහි කළු ඇති වී - ගොරව ගොරව - විදුලි කොටා වැහි බින්දුවක්වත් වසින්නේ නැතුව ඒ ඝන වැහි වලාකුළු මහ සුළං හමා සතර දෙසට විසිරි යයි.රට වැසියෝ ගොවිතැන් නිසි කලට කර කියා ගනිමුයි සතුටින් ඉපිල සිටියද, ඔවුන්ගේ අදහස් මුදුන්පත් කරගත් නොහැකි වන්නාහුය.ඒ නිසා රට වැසියෝ මානසික වශයෙන් ඇද වැටෙත්.මහරජ මෙම පළමු වන සිහිනයෙහි ප්‍රතිවිපාක මෙයයි. එබැවින් ඔබ විය යුතු නොවේ. තථාගත බුදු රජාණන් වහන්ස, ඉතා පැහැදිලි ඔබ වහන්සේ තේරුම් කල මේ භයානක සිහිනයෙහි ප්‍රතිපල ඇසීමෙන් බෙහෙවින්ම සැහීමකට පත් වූනෙමි. (කෝසල රජ සිහින..)