භවතු සබ්බ මංගලං ගාථාව ‍රැප් කර කාමුක දර්ශ&#350

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    භවතු සබ්බ මංගලං ගාථාව ‍රැප් කර කාමුක දර්ශ&#350

    “භවතු සබ්බ මංගලං…” ගාථාව ‍රැප් කර කාමුක දර්ශනයක යෙදීම ගැන – බැලුම්ගල



    මුස්ලීම් තොප්පිය දාපු නිසා සහ ඉස්ලාමික යාඥාවක් භාවිතා කරපු නිසා සිත්තිමනීලා ගීතය තහනම් වුනා – ඉරාජ් වීරරත්න කතා කරයි.
    “සිංදුවේ තියෙන්නේ බඳින වෙලාවේ මනමාලයාට හැ‍ඟෙන දේ , මධුසමයක් නෑ” – ගයාන් පෙරේරා කතා කරයි (එතකොට භවතු සබ්බ මංගලං ගාථාව කියදී පෝරුව උඩ යුවළ එකිනෙකා ඉඹගන්න සිරිතක් තියෙනවද? ඒ වෙලාවේ ඩ්‍රම් ගස ගසා නටනවද?)
    ටිකෙන් ටික ගීතය පිළිපඳව ගන්නා පියවර අසන නිවේදිකාවට, ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැෂියෙන් හේරත් මහතා ඉතාමත් අසෝබන ලෙස තමාගේ කාර්යාලට එන්න කියයි.
    “ඩැඩී සංගීත කණ්ඩායමේ වැඩිපුරම සිටින පිරිස ක්‍රිස්තියානි භක්තිකයන්. ඔවුන්ට චෝදනා කිරීම බෞද්ධයින්ට සුදුසු නෑ.” – මනුරංග විජේසේකර පවසයි. (එතකොට මහත්තයෝ ක්‍රිස්තියානි ආගමේ අයට ඕනැ ඕනැ විධියට බෞද්ධ ගාථා ‍රැප් කරන්නයි එසේ කිරීම වරදක් නෑ කියන්නයි පුළුවන්ද?)
    “විශ්වාසකයින්ට යම් ආකාරයක අපහසුවක් එහෙමත් නැත්නම් ඒ තුළින් යම් වැරදි හැඟීම් ඇති වෙන ආකාරයට ඒ ගීත වල වචන යොදාගෙන තිබෙනවානම්, නිර්මාණශීලී බව නිර්මාණාත්මක බව ගැන අපි කොතෙක් කතා කළත් අර කාරණය ගැන අපි සුපරික්ෂාකාරීව සිටිය යුතු බව කාදිනල් උන්නාන්සේ කියල තියෙනවා. ගීත නිර්මාණයේදී උපදෙස් දෙන කමි‍ටුවකුත් සිටිනවා. ආගමට එරෙහිව යන ටෙටි නාට්‍ය නවතා දැමීම සහ අදාල කොටස් ලොප් කර දැමීමත් කර තිබෙනවා” – බෙනඩික් ජෝෂප් පියතුමා
    මීට පෙරද ක‍තෝලික අන්තවාදී කණ්ඩායමක් විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාව විකෘති කරමින් එහි අගට “සදා ශුද්ධාත්ම භාවේන…” ආදී කොටස් එකතු කර විකෘති කරලා. (එතකොට ක‍තෝලික අන්තවාදීන්ටත් විකෘති කරන්න බැරි වූ ඒ ආශීර්වාද ගාථාව බෞද්ධයින් ලව්වාම විකෘති කර ගායනා කරවීමට නේද මේ උත්සාහ කර තිබෙන්නේ?)
    එඩිතරකම, මානුෂිකතවය, ආගමිකත්වය ගැන මහා උජාරුවෙන් ගී කියන ප්‍රවීන ගායක ගායිකාවන්ගෙන් “ටිකෙන් ටික” ගීතය ගැන ඇසුවද ඔවුන් පිළිතුරු දීමට බයයි. (ඔවුන් එතරම් බය වුනේ බෞද්ධයින්ට එරෙහිව සංවිධානය වී ඇති යම් අදිසි බලවේගයක් නිසාද?)
    තවත් බොහෝ දේ විස්තරාතමාකව මෙම බැලුම්ගල වීඩියෝවේ දැක්වේ. ඔබත් ශ්‍රවණය කරන්න.





    ජීවිත තර්ජන මැද්දේ පවා මේවා හෙළි කරන බැලුම්ගල කණ්ඩායමේ නිලූප සහ චරිත් මහත්වරු ඇතුළු නෙත් එෆ් එම් කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවපූර්ව ස්තුතිය මෙයින් පළ කරමු.
    එසේම මේ ගීතයට දැන් ඕනැවටත් වඩා වැඩි ප්‍රසිද්ධියක් ලැබී ඇති බැවින් (මේ ගැන ප්‍රසිද්ධියේ කතා නොකර කැෂියෙන් හේරත් එක්ක ලිපි ගණුදෙනුවක් කිරීමෙන් විසඳා ගැනීමට නොහැකි බව ඔහුගේ කතාවෙන්ම ඔබට වැටහෙන්නට ඇති) නිකම්ම තහනම් කිරීමක් කරනවා වෙනුවට දළදා මාළිගාව කාන්තා කමිස වල මුද්‍රණය කර විකුණූ ඔඩෙල් අධිපති ඔටාරාට රුපියල් මිලියන විස්සක් දඩ ගසා දඬුවම් කළාක් මෙන් රටේ නීති ප්‍රකාරව ගරු අධිකරණය හරහා අධිකරණයමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සියලුම ජාතිහිතෛශී සිංහල සංවිධාන වලට මෙහිදී සිහිපත් කරමු. නැත්නම් ඉදිරියේදීත් ඔවුන් ඉතිපිසෝ ගාථාව ‍රැප් කළත් අපිට උඩ බලාගෙන සිටින්නට වේවි…, බුදුරදුන් විලසින් නොමනා ලෙස රඟපාමින් තුන් සූත්‍රයම බයිලා කර ගීත හැදුවත්, ඔබ ඊට විරුද්ධ වෙද්දී, “ආ උඹල නඩු දාන්නද හදන්නේ, ඉවසපල්ලා ඉවසපල්ලා, ඒක තමයි බෞද්ධකම…” ආදී වැදි බණ ගීත රචකයාගෙන් ඇසේවි,,