"භවාංග සිත"
♠

♠
#සත්වයෙකුගේ අතීත භවයේ මරණාසන්න සිතට අරමුණු වන කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය යන තුනෙන් එකක් අරමුණු කොට භවයේ පහල වන පළමු සිත හෙවත් ප්‍රතිසන්ධි සිත ඇතිවෙයි. සිතේ ආයුෂය ඉතා කෙටි බැවින් එය සැනෙකින් බිඳී භවාංග සිත ඇතිවෙයි. "භවාංග සිත" යනු භවය දිගින් දිගට පවත්වා ගෙන යාමට ඉවහල්වන සිතය. භාහිර රෑපාදී අරමුණු ගන්නේ එයිනි. සිත් නූපදනා සෑම විටම භවාංග සිත පවතී. නිදන අවස්ථාව සත්වයන් තුල භවාංග සිත් පමණක් උපදනා අවස්ථාවකි. සිහින දැකීම වනුයේ භවාංගයේ අරමුණු ගැටීමෙනි.

#බුදුන් වහන්සේ "පභස්සරමිදං චිත්තං" යි සිත පැහැපත් දෙයැකැයි වදාලේ ද මෙි භවාංග සිත ගැනය. භවාංග සිතේ පැහැපත් බව ආලෝකමත් බව ඒ ඒ භවාංග සිත්වල සැටියට අඩු වැඩි කමි ඇත්තේය. භවාංග සිතේ පැහැපත් බව ආලෝකමත් බව යමි පමණෙකට වැඩිනමි ඒ ඒ භාවාංග සිත් වල සැටියට ගැඹුරැ වූ සියුමි වූ කරැණු සිතට අරමුණු වෙි. පැහැපත් බව අඩු නමි ගැඹුරැ වූ සියුමිවූ කරැණු අරමුණු කරන්නා වූ සිත් පහල වීම අඩුවෙි. සත්වයන් ගේ නුවණ පිළිබඳ අඩු වැඩිකමි වනුයේ භවාංග චිත්තයා ගේ ශුද්ධා-ශුද්ධත්වයේ ප්‍රමාණයන්ට අනුවය.

#සුපරිශුද්ධ වූ භවාංග සිත් ඇති පුද්ගලයන්ට සියුමි වූ ද ගැඹුරැ වූ කරැණු අරමුණු කරන්නාවූ සිත් පහල වෙි. ලෝකයේ ඉගනීමෙහි සමත්, සිතීමෙි විමසීමෙි කල්පණා කිරීමෙි සමත් නුවණැති අයයැයි කියනුයේ එම සුපරිශුද්ධ භවාංග සිත් ඇති අයටය. අපරිශුද්ධවූ භවාංග සිත් ඇතියන්ගේ සන්තානයන්හි සියුමි වූ ගැඹුරැ වූ කරැණු අරමුණු කරන්නාවූ සිත් නූපදී. ලෝකයේ අඤානයෝය, මෝඩයෝය, කල්පණා කිරීමෙි අසමත්හූ යැයි කියනුයේ එම පැහැපත් බව මඳවූ අපරිශුද්ධ භවාංග සිත් ඇතියවුන්ටය.

#භවාංග සිත ඇතිවන්නේ අතීත කර්ම හේතුවෙන් බැවින් එක් සත්වයෙකුට එක් ජාතියකදි ඇතිවන්නේ එකම වර්ගයේ භවාංග සිත්ය. උපතින්ම හිමිවූ මෝඩකම මහලු වුවත් එසේම පවතින්නේ එහෙයිනි. උපතින්ම අඳුරැ වූ දුබල වු භවාංග සිතක් ලැබූ මෝඩ පුද්ගලයෙකු පසු කලෙකදී යමි උපායකින් ආලෝකමත් භවාංග සන්තානයක් ඇතියෙකු කල නොහැකිය.

#භවාංග සිතේ මෙම නානත්වය සිදු කරනු ලබන්නේ කර්මයයි. අතීත කර්ම හේතුවෙන් උපදනා භවාංග චිත්තය කර්මයේ ස්වභාවය නොඉක්මවා එම කර්මයට අනුවම උපදී. එබැවින් කර්ම නානත්වයෙන් භවාංග චිත්තයේ නානත්වය සිදුවෙි. අකුසල කර්ම විපාක වශයෙන් පහල වන්නා වූ භවාංගය සියුමි ගැඹුරැ අරමුණු ගැනීමට අපොහොසත් අඳුරැ භවාංගයක් වෙයි. සතර අපායට අයත් සත්වයෝ අකුශල විපාක භවාංග සිත්
ඇත්තෝය.
#මිනිස්ලොව උපතින්ම අන්ධවූ ද ගොඵවූ ද බිහිරිවු ද නපුංසකවු ද, තවත් එබඳුවූ දුර්වල කමි ඇත්තාවූ ද පුද්ගලයින්ට ඇත්තේ හීන ඤානවිප්‍රයුක්ත කුසලයෙන් උපදවන අහේතුක භවාංගයන්ය. උත්කෘෂ්ඨ ඤානසමිප්‍රයුක්ත කුශලයෙන් උපදවන අතීශයින් පාරිශුද්ධවූ භවාංග (රාග ද්වෙිශ මෝහ බලවත් නොවූ ත්‍රිහේතුක භවාංග) ඇති සන්තානයන්හි අතීශය ගැඹුරැ වූ සියුමිවූ ධර්මයන් දැන ගන්නා වූ, ධ්‍යාන මාර්ග ඵල යන උත්තරීතර මණුෂ්‍ය ධර්මයන් අවබෝධ කිරීමෙහි සමත්හු වෙති.

#අපගේ සන්තානවල නිතර භවාංග සිත ඇතිවන නමුත් ඒ බව අපට නොදැනෙන්නේ එයම මනෝද්වාරය වන බැවිනි. එය ඇසට අනෙකක් පෙනෙනවා මිස ඒ ඇසම නොපෙනෙන්නාක් මෙනි. ඇති නැති බව දැන ගැනීමට පරම දුෂ්කර වූ මෙි "භවාංග චිත්තය" අති ගමිභීර ධර්මයකි.

මූලාශ්‍රය - අතිපූජනීය රේරැකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත අභිධර්මයේ මූලික කරැණු" ග්‍රන්ථයෙන්.

https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/7-1.html
තෙරුවන් සරණයි

දැහැමී ආරාමය

🪷

මල්කි ගජනායක