භාණ්ඩ_හිඟයක්_නෑ John Keels
මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා කෙටිකාලීනව තම වෙළෙඳසැල්වල භාණ්ඩ අලෙවි වී අවසන් වීම කිසිසේත් භාණ්ඩ හිඟයක් නොවන බව ජෝන් කීල්ස් සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා කියා සිටියේ, අනවශ්‍ය ලෙස බිය වී භාණ්ඩ මිල දී ගැනීමට යොමු නොවන ලෙසත්, මෙය වගකිවයුතු පුරවැසියන් සේ කටයුතු කළ යුතු අවස්ථාවක් බවත්ය.
මේ වන විට සිය වෙලෙඳසැල් හි හිඟ වී ඇති භාණ්ඩ ඉදිරි දින කිහිපය තුළ සපුරාලීමට කටයුතු කරනු ලබන බව පැවසූ ජෝන් කීල්ස් සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තම සමාගමේ සැපයුම්දාමයන් හි කිසිදු අවහිරතාවයක් සිදුව නැති බවයි.
“ඊයේ සහ අද දිනවලදී පාරිභෝගිකයින් විශාල වශයෙන් භාණ්ඩ මිල දී ගැනීමට යොමුවුණා. එය අනපේක්ෂිත ඉල්ලුමක්. එම නිසා වෙළෙඳසැල්වල රාක්ක කෙටි කාලයක දී හිස් වුණා. ඒවා නැවත සපුරාලන්න අපගේ සැපයුම් පද්ධතිය මේ වන විට සූදානමින් සිටිනවා. ඒ වගේම ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අතිරේක ඇණවුම් සහ බෙදාහැරීම් මේ වන විට සිදුකෙරමින් පවතිනවා“, යැයි චරිත සුබසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
Ada derana
භාණ්ඩ හිඟයක් නැහැ – ජෝන් කීල්ස් සිල්ලර වෙළෙඳ ප්‍රධානියා කියයි
ඡායාරූපයේ - ඊයේ (12) දිනයේ දී පාරිභෝගිකයෙකු සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ එක්රැස් කළ අයුරු

අමු කැ*යො ඉන්නෙ..රටේම උන් තමා රට අවුලවන්නෙ..අර රතු සහෝදරවරු ටික ඔක්කොටම හපන්..