භාරත, දුමින්ද ගැටුම

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
භාරත, දුමින්ද ගැටුම

භාරත - දුමින්ද ගැටුමට මුල 'කුඩු' ප්‍රශ්නයක්!

Barath--atteck-2.gif



කොළඹ දිස්‌ත්රි‍ක්‌ පාර්ලිමේන්තු මන්ත්රීි දුමින්ද සිල්වා මහතා සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්ය‍ක්‍ෂ ජනරාල්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී් භාරත ලක්ෂ්නමන් ප්රේතමචන්ද්‍ර මහතා අතර ගැටුමට මුල මත්කුඩු ජාවාරම් පිළිබද අර්බුදයක් බව වාර්තාවේ.
කොලොන්නාව ප්රතදේශයේ ශීඝ්‍ර ලෙස ව්යා ප්ත වෙමින් තිබූ මත්කුඩු ජාවාරමට එරෙහිව භාරත ලක්ෂ්ේමන් මහතා විශාල හඬක්‌ නැගු බවත්, ප්රකදේශයේ තරුණයන් මත්කුඩු උවදුරෙන් බේරා ගැනීමට ඒ මහතා විශාල උත්සාහයක ද නිරතව සිටි බවත් එම වාර්තා සදහන් කරයි.
මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්‌විය යුතුබව මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්ෂ්ුමන් මහතා දැඩි ආවේගයකින් යුතුව ප්රනකාශ කර තිබේ.
මෙහිදී මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්ෂ්ණමන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද අවධාරණය කර ඇත.
මැතිවරණය පැවැත්වීමට පෙර දින (07) රාත්රිය කොටිකාවත්ත ප්රෂදේශයේදී පාතාල අපරාධකරුවකු ඝාතනයට ලක්‌වූ ඇත. එම පුද්ගලයා දුමින්ද සිල්වා මහතාට සහාය පළකරමින් මැතිවරණ ප්රුචාරක කටයුතුවල නිරත වූවකු බව පසුව හෙළිවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින රාත්රි්යේදීම පුද්ගලයන් සිව්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සතුව තිබූ බව කියන ගිනි අවියක්‌ද පොලිස්‌ භාරයට ගන්නා ලදී.
එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාම භාරත මහතාගේ ආධාරකරුවෝ වූහ. එම පුද්ගලයන් මෙම ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නොවූ පුද්ගලයන් බවත් ඔවුන් අත්අඩංගුවට ගත්තේ දුමින්ද සිල්වාගේ උපදෙස් මත බවත් භාරත මහතා කියා තිබිණි.
මෙම සිද්ධිය නිසා දෙදෙනා අතර දැඩි විරසක බවක්‌ ඇතිවී තිබු බව මාධ්‍ය වාර්තා කර තිබේ.
මැතිවරණය පැවැති දින උදේ වරුවේ සිට දුමින්ද සිල්වා සිය සන්නද්ධ ගෝල බාලයන් ද සමඟ අති සුඛෝපභෝගී ජීප් රථ දහයක නැගී වැල්ලම්පිටිය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්රෝදේශවල සැරිසරමින් ජනතාව භීතියට පත්කරමින් සිටි බව එම ප්රගදේශවල ජනතාව පවසයි.
තවද, අධික ලෙස බීමත්ව සිටි මෙම සන්නද්ධ පිරිස්‌ පාලනය කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිම පොලිස්‌ නිලධාරියකු ඉදිරිපත් නොවූ බව ද මුල්ලේරියාව ප්ර්දේශයේ ජනතාව කියා සිටියි.
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
භාරතගේ ඉරණම වෙනස් කරන්න ජනපතිට බැරිවෙලා !

භාරතගේ ඉරණම වෙනස් කරන්න ජනපතිට බැරිවෙලා !

mahinda-07.gif


කොලොන්නාවේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූ භාරත ලක්ෂ්මන් පේරොන්මචන්ද්‍ර මහතා කොළඹ මහනගර සභාවේ සන්ධාන පුරපති අපේක්ෂක ලෙස නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම ඔහුගෙන් කැමැත්ත විමසා තිබු බව 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තාකරයි. එම යෝජනාවට විරුද්ධ වී ඇති භාරත මහතා, පාර්ලිමේන්තු මන්තරීජප න් වන දුමින්ද සිල්වා සහ තිලංග සුමතිපාල මහත්වරුන්ගෙන් කෙනකු සුදුසු යැයි තමා සිතන බව ඔහු ජනපතිට යෝජනා කර ඇත.
ඔවුන් දෙදෙනාද ඊට අකමැති වූ නිසා මිලින්ද මොරගොඩ මහතාගේ නම ජනාධිපතිවරයා විසින් නම් කර ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි.
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
භාරතගේ රියදුරුගෙන් පොලිසියට කටඋත්තරයක්

භාරතගේ රියදුරුගෙන් පොලිසියට කටඋත්තරයක්

Mulleriya--3.gif


පාර්ලිමේන්තු මන්ත්රීර දුමින්ද සිල්වා මහතා, භාරත මහතාට පහරදුන්බවත්, එම අවස්ථාවේ දුමින්ද ළග හිටපු අයෙකු භාරතගේ කකුලටවෙඩි තැබූ බවත් අනතුරු තවත් අයෙකු භාරතට ඔලුවට වෙඩි පහරකිහිපයක් තැබූ බවත් ඝාතනයට ලක්‌ වූ භාරත ලක්ෂ්තමන් ප්රේඔමචන්ද්‍රමහතාගේ රියෑදුරු පොලිසියට කටඋත්තරයක් ලබාදෙමින් ප්රනකාශ කරතිබේ.
"මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්දසිල්වා මහත්තයා, භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තයබිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝකෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා.
එතන හිටපු දුමින්දසිල්වගේ කට්‌ටියෙ කෙනෙක්‌ භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩිප්රෑහාර එල්ල කළා" යෑයි ඔහු තම ත්රාවසජනක අත්දැකීම විස්‌තරකරමින් 'දිවයින ' පුවත්පතට සදහන් කර තිබේ.
මුල්ලේරියාව වල්පොල හන්දියේදී පෙරේදා (08 ) සවස 3.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ජනාධිපති වෘත්තීය සමිති අධ්ය ක්‍ෂජනරාල් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීෑ භාරත ලක්ෂ්ාමන් ප්රේතමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්‌විය. වෙඩි ප්රිහාරයෙන් ඒ මහතාගේ ආරක්ෂාකනිලධාරීන් දෙදෙනකු ද මරුමුවට පත් වූ අතර තවත් අයෙක්‌ බරපතළ තුවාල ලැබීය.
මෙම වෙඩි තැබීමෙන් කොළඹ දිස්‌ත්රිදක්‌ පාර්ලිමේන්තු මන්ත්රීු දුමින්ද සිල්වා මහතා ද බරපතළ තුවාල ලැබූ අතර ඔහුගේ අනුගාමිකයෝකීපදෙනකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබිණි.
මෙම සිද්ධිය වන අවස්‌ථාවේ භාරත ලක්ෂ්ිමන් මහතා ගමන් ගත් රථයේ රියෑදුරු අනූනවයෙන් දිවි ගලවා ගත් අතර ඔහු ඒ පිළිබඳව මෙසේද කියා සිටියි.
"අපි වල්පොල හන්දියට එනකොට හවස 3.30 ට විතර ඇති. ඡන්දය අවසන් වෙන්න පොඩි වෙලාවක්‌ තිබුණේ. මුල්ලේරියාව පැත්තෙඡන්ද මධ්ය ස්‌ථාන කීපයක්‌ පරීක්ෂාද කරන්න භාරත මහත්තයට යන්න ඕනෙ කිව්වා.වල්පොල හන්දියෙදි දුමින්ද සිල්වා ප්රා ඩෝ ජීප්තුනකින් ආවා. ඒ අය අපි ගිය වාහනේට මඟ හරස්‌ කරල නතර කළා.
දුමින්ද සිල්වා පිස්‌තෝලෙකුත් අරගෙන ජීප් එකෙන් බැහැල කුණුහරුපයෙන් බැණගෙන ඉස්‌සරහට ආවා. භාරත මහත්තයත් ඒ වෙලාවෙවාහනයෙන් බැස්‌සා.
දෙන්නම බැනගත්තා. එක පාරටම දුමින්ද සිල්වා භාරත මහත්තයගේ කම්මුලට වේගයෙන් පහරක්‌ ගැහුවා. මහත්තයා ඒ පාරට බිමඇදගෙන වැටුණා.
එතකොටම දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ ටී 56 ආයුධයකින් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. භාරත මහත්තය කකුලඅල්ලගෙන දඟලන්න පටන්ගත්තා. එතකොට කව්දෝ කිව්වා ඕකගෙ ඔළුවටම තියලා ඉවරයක්‌ කරලා දාපන් කියලා.
ඒත් එක්‌කම දුමින්ද සිල්වා ළඟ හිටපු අය පිට පිට භාරත මහත්තයගෙ ඔලුවටයි පපුව දිහාවටයි වෙඩි තියන්න ගත්තා.
භාරත මහත්තය ළඟ හිටපු ආරක්ෂපක නිලධාරියො දෙන්න මහත්තයව උස්‌සගෙන ජීප් එක පිටුපසට යන්න හැදුවා. එතකොටම දුමින්දසිල්වාගෙ කට්‌ටිය ඒ දෙන්නටත් වෙඩි තිබ්බා" යෑයි භාරත ලක්ෂ්ුමන් මහතාගේ රියෑදුරු වැඩිදුරටත් කියා සිටියි.
පොලිස්‌ පරීක්ෂ්ණවලින් හෙළිවී ඇති අන්දමට දුමින්ද සිල්වාගේ ආරක්ෂසකයන් භාරත ලක්ෂ්ිමන් මහතාට වෙඩි තබන අවස්‌ථාවේ ඒමහතාගේ ආරක්ෂාකයන් ද පෙරළා වෙඩි තබා තිබේ
දුමින්ද සිල්වා වෙඩි ප්රිහාරයට ලක්‌ව ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂඩණ පවත්වන විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම භාරත ලක්ෂ්ිමන් මහතාගේ රියෑදුරුගෙන් ද ප්රනකාශයක්‌ සටහන්කරගෙන තිබිණි. සිද්ධිය වන අවස්‌ථාවේ භාරත ලක්ෂ්ුමන් මහතා සමඟ සිටි පිරිසගෙන් දිවි ගලවාගෙන ඇත්තේ රියෑදුරු පමණි.
දුමින්ද සිල්වාගේ පිරිස පන්න පන්නා වෙඩි තබද්දී රියෑදුරු එම ස්‌ථානයෙන් පැනගොස්‌ දිවි ගලවාගෙන තිබිණි.
මෙම ප්රාහාරයට පැමිණි දුමින්ද සිල්වාගේ පිරිස සතුව ටී 56 ගිනි අවි 7 ක්‌ තිබී ඇති බව ද පරීක්ෂටණවලදී අනාවරණය විය. මෙම පිරිසභාරත මහතාගේ ආරක්ෂරකයාට ද වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ නීත්යිනුකූල ටී 56 ගිනි අවිය ද පැහැරගෙන ගොස්‌ ඇති බවටතොරතුරු ලැබී ඇත.
මෙම ප්රිහාරයෙන් භාරත ලක්ෂ්රමන් ප්රේදමචන්ද්‍ර මහතා සිද්ධිය වූ ස්‌ථානයේම මියගියේය. ඒ මහතාගේ හිසට වෙඩි ප්ර්හාර කීපයක්‌ම එල්ල වීතිබිණි. ප්රිහාරයෙන් භාරත ලක්ෂ්නමන් මහතාගේ ආරක්ෂීක නිලධාරියා සහ ඛනිජ තෙල් සංස්‌ථාවේ ආරක්ෂීක නිලධාරියෙක්‌ බරපතළතුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගියහ.
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
භාරතගේ අවසන් කටයුතු බදාදා

භාරතගේ අවසන් කටයුතු බදාදා

Baratha-2.gif


මුල්ලේරියාවේදි වෙඩි තබා ඝාතනය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදි සිදුකිරිමට නියමිතය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේහය කොලොන්නාවේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ දහවල් රැගෙන ගියේය.
දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා දේශපාලඥයින් ඇතුළු අතිවිශාල ජනකායක් කොළොන්නාවේ පිහිටි නිවසට පැමිණෙමින් සිටිති.
මෙම තත්ත්වය යටතේ කොළොන්නාව මැතිවරණ කොට්ඨාශයේ ආරක්‍ෂාව තව දුරටත් තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි මැක්සි ප්‍රොක්ටර් මහතා පවසයි. පොලිසියට අමතරව විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව ද ආරක්‍ෂාවට යොදවා ඇති බවද ඔහු කියා සිටියි.
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
භාරත ඝාතනය ගැන සාක්‍ෂි කැඳවීම 20 දා

භාරත ඝාතනය ගැන සාක්‍ෂි කැඳවීම 20 දා

hemmer-04.gif


වැල්ලම්පිටියේදී ගිනි අවිවලින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම, වෙඩිතබා තුවාල සිදුකර මිනී මැරීමට උත්සාහ කිරීම සම්බ්නධයෙන් වැල්ලම්පිටියෙන් ලැබුනු තොරතුරකට අනුව පොලිස් පරීක්‍ෂණ නාලක ගුණසේකර මහතා කරන ලද පරීක්‍ෂණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම අද (10) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී සිදු කෙරුණි.
එම සිද්ධියේදී හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍ර හා ජනාධිපති වෘත්තීයසමිති අධ්‍යක්‍ෂක ජනරාල් භාරත ලක්‍ෂන් පේ්‍්‍රමචන්‍ද්‍ර, ඛනිජතෙල් සංවර්ධන ඒකකයේ නිලධාරී ජයතිලක සමරනායක හා එම සිද්ධියවූ අවස්ථාවේ ඒ අසලින් ගමන් කළ ජෙලඞීන් මොහොමඞ් හසීම් යන තිදෙනා ජීවිතක්‍ෂයට පත්වූ බව ද මෙහිදී හෙලි විය.
සිද්ධියට අදාල සැකකරුවන්ට දණ්ඩනීති සංග‍්‍රහයේ 296 වගන්තිය හා 1996 අංක 22 තුවක්කු සංශෝධන පනතේ 44 (අ) (ඈ) චෝදනාවලට අනු නඩු පැවරීමට නියමිතය.
පේ්‍්‍රමචන්‍ද්‍ර මහතාගේ මරණය බහුවිවිධ අවිවලින් සිදු කෙරුණු තුවාලවලින් සිදුවූවක් බව වණවාරහික පීඨයේ වෛi රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් සාක්‍ෂි කැඳවීම ලබන 20 වැනිදාට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
දුමින්ද කෘතීම උපකරණ නොමැතිව හුස්ම ගනී

දුමින්ද කෘතීම උපකරණ නොමැතිව හුස්ම ගනී

DUminda_11-10-08.gif


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා කෘතීම ස්වසනය සැපයු වෙන්ටිලේටර් සහාය නොමැතිව අද උදේ සිට හුස්ම ගැනීම ආරම්භ කල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු හෙමින් හෙමින් සුවය ලබමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මන්ත්‍රීවරයාගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය යහපත් බව ද වෛද්‍යවරුන් පවසයි.
කෙසේ වුවද, මේ වනවිට රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, එස්.කේ ගම‍ගේ පවසයි.
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
දුමින්ද කෘතීම උපකරණ නොමැතිව හුස්ම ගනී

DUminda_11-10-08.gif


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා කෘතීම ස්වසනය සැපයු වෙන්ටිලේටර් සහාය නොමැතිව අද උදේ සිට හුස්ම ගැනීම ආරම්භ කල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු හෙමින් හෙමින් සුවය ලබමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මන්ත්‍රීවරයාගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය යහපත් බව ද වෛද්‍යවරුන් පවසයි.
කෙසේ වුවද, මේ වනවිට රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, එස්.කේ ගම‍ගේ පවසයි.

නොදකින් හාල් පාරුවා
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
දුමින්දට යළි ශ්වසන ආධාරක සවිකරයි

දුමින්දට යළි ශ්වසන ආධාරක සවිකරයි

DUminda_11-10-08.gif


ශල්‍යර්මයකට භාජනය වී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට යළිත් වරක් ශ්වසන ආධාරක උපකරණ සවිකල බව ජයවර්ධපුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අද දිනයේ උදයවරුවේ ඔහු එම උපකරණවලින් තොරව තැබුවද යළිත් ඔහුගේ ශරීරය කරන ලද ප‍්‍රතිකාරවලට දක්වන ප‍්‍රතිචාරය ප‍්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් මන්ත‍්‍රිවරයාගේ තත්ත්වය අවදානම් නොවන අතර සිහිය ලබා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් නොදරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
දැනට ඔහුට තවත් සැත්කමක් නොකරන බවද සඳහන්වේ.
ඔහුගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බැවින් ඉදිරි දිනවලදී ඒ මහතාගේ ශරීරයේ ඇතැම් අවයව ක්‍රියාකිරීමට සවි කර ඇති යන්ත්‍ර ඉවත් කිරීම කෙරෙහි සොයා බලමින් සිටින බවද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සචේන්ද්‍ර ගමගේ මහතා පවසයි.
මේවන විට ඒ මහතාගේ මොළයේ ක්‍රියාකාරීත්වය යන්ත්‍රයක් මගින් සිදුවන බැවින් එම යන්ත්‍රය ඉවත් කර මොළයේ ක්‍රියාකාරීත්වය ස්වභාවිකව සිදුවීමට ඉඩහැරීමට පරීක්‍ෂණ සිදු කරමින් පවතී.
කෙසේ නමුත් මේ වනතුරුත් දුමින්ද සිල්වා මහතා සිහිමූර්ජාවෙන් පසුවන බැවින් නිවැරදි නිගමනයකට රෝගියා සම්බන්ධයෙන් එළැඹිය නොහැකි බව වෛද්‍ය සචේන්ද්‍ර ගමගේ මහතා කියා සිටියි.
හෘදයේ ක්‍රියාකාරීත්වය, රුධිර පීඩනය සහ මුත්‍රා පිටවීම සාමාන්‍ය පරිදි සිදුවන බව ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

Similar threads