භාර්යාවන් හතර දෙනෙක්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    භාර්යාවන් හතර දෙනෙක්

    පෙර දවසක ධනයෙන් හා බලයෙන් අග තැන්පත් රජ කෙනෙක් සිටියා.ඔහුට භාර්යාවන් හතර දෙනෙකු සිටියා.

    ඔහුගේ සිව් වැනි භාර්යාවට අසීමිත ආදරයක් දැක්වුවා.වටිනා ඇදුම්,පැළදුම් සපයා රන් අභරණ වලින් සරසා තබන්නත් අමතක කලේ නැහැ.ඇයට තරම් වෙන කිසිවෙකුටත් ඔහු සැලකුවේ නැහැ.

    ඔහුගේ තෙවැනි භාර්යාව කෙරෙහි දක්වුයේද ඉමහත් ආදරයක්,අවට රාජධානි වලට යනකොට ඇය කටුව යන්න අමතක කලේ නැහැ.අයටද නොයෙක් අන්දමින් සැලකුවත් ,කවදා හෝ ඇය තමා අත්හැර දම වෙන කෙනෙකු සමග ය හැකි බව සැකයක් ඔහුට තිබුන.

    ඔහු තම දෙවැනි භාර්යාවටද ආදරය කලා.ඇය කෙරෙහි ඔහුට විශ්වාසය තිබුණා,යද ඔහුට සැම විට කාරුණික වුවා.ඉවසීමෙන් යුතුව ඔහුව රැක බලා ගත්තා.යම් ප්‍රශ්නයක් මතු වූ විට එය විසදිමෙහි ඇය උදව් වුණා.දුක සැප දෙකෙහිම ඇය සැමියා වශයෙන් ඔහුට පිහිට වුවා.

    ඔහුගේ පළමු භාර්යාව ඔහු වෙත පැමිණ ජිවිතයේ සැබෑ කොටස් කාරියක් වුවා.ඔහුගේ රාජධානිය හා සම්පත් රැක බලා ගැනීමෙහි ඇය හැකි සැම අන්දමකින්ම සහය දුන්න.ඔහු දෛර්යයෙන් වඩා කටයුතු කිරීමටත්, පාලනය ගෙන යාමටත්, ඇය රුකුල් වුවා.එහෙත් ඔහු ඇයට ආදරය කලේ නැහැ.ඇය ඔහුට අවංකව,අසීමිතව ආදරය දැක්වුවත් ඔහු ඇය කෙරෙහි කිසිදු බැදීමකින් තොරව කාලය ගත කලා.

    දවසක් දා,රජ තෙමේ හිටි හැටියේ රෝගාතුර වෙලා,මරණය ලං වූ බව වැටහුනා.ඔහු තමාගේ සුඛෝපබෝගී ජීවිතය ගැන මදක් සිතුවා.

    “මේ රාජධානිය,මේ සම්පත් සියල්ල ම මැරුණු විට මට අහිමි වෙනවා.මට භාර්යාවන සිව් දෙනෙකු හිටියත් ම මරුනේ නම් මින් ඉදිරියට ගමන තනිවම නේද,නැහැ රජ වූ මං කාත් කව්රුත් නැති අනාථයෙක් “

    ඊට එහා සිතිමට තරම් මානසික ශක්තියක් ඔහුට තිබුනේ නැහැ.දස කදුලින් පිරි දෙනෙතින් ඔහු සිව් වැනි භාර්යාව අමතා “මම ඔබට අසීමිත ආදරය දැක වුවා.රන් අභරණ, ඇදුම් පැළදුම් ,සිමාවෙන් තොරව ලබා දුන්න.නිසි ආරක්ෂාවක් ලබා දුන්න.දැන් මම මිය යන තත්වයක පත් වී සිටිමි,ඔබ ම සමග ඉන්නවද? ම සමග දුක සැප බෙදාගෙන ගමන් ගන්නවද?”

    “නැහැ ” යනුවෙන් පිළිතුරු දුන් ඇය තවත් වචනයක් නොදොඩා නික්ම ගිය.අගේ පිළිතුර උල් පිහියක්කින් අනුන සේ වුණා.

    දුකට පත් රජු තෙවැනි භාර්යාව අමතා දුක කියා බැගපත් වුණා ඇය ඔහු වෙත රවා බලා
    “මම ඔබ සමග නොයෙමි,ජීවිතය වාසනාවන්ත වුවක්,ඔබ මැරුනොත් මම තවත් කෙනෙකු සමග යමි.” මෙසේ පැවසු විට ඔහුගේ සිතා සුනු විසුනු වුණා.

    රජ තෙමේ දෙවැනි භාර්යාව අමතා බැගපත් ව බැල්ම හෙළුව “මට උදව් උපකාර කිරීමේදී ඔබ නොපසුබටව කටයුතු කලා,මට ප්‍රශ්න ඇති වූ සැම අවස්ථාවකම ඒවා විසදීමට නොමසුරුව සහය දැක්වුවා.දැන් මම මරණය ට ලං වී සිටිමි,ඔබ මා සමග එනවද?මට පිහිට වෙනවද?” ඔහු අඩ අඩ ඇසුවා.

    ඇයගේ පිළිතුර ඔහුට සැනසිල්ලක් වෙයි කියා සිතුවා .ඇයගේ සිත ගලක් මෙන් තද වී තිබෙන බව දැනගෙන හිටියේ නැහැ.

    ඇය “මට සමාවෙන්න ,දැන් ඔබට කිසිදු උදව්වක් මට කරන්න බැහැ.වැඩිම වුනොත් මට කලා හැක්කේ ඔබගේ අවසන් කටයුතු නිසි පරිදි ඉටු කිරීමයි.” යනුවෙන් ඇය පැවසුවා.ඔහුට අපා දුක දැනුනා.

    එවිට “මම ඔබ සමග එමි.ඔබ යන කොතැනක වුවත් මම එමි.” යන ශබ්දය ඇසිනි,රජතුමා එදෙස බලු විට තම පළමු භාර්යාව සිටිනු දුටුවා.ඔහු ඇයට නොසැලකීමේ හේතුවෙන් ඇය රෝගාතුර වී දුර්වල වී සිටියා.


    බොහෝ සේ දුක් වූ රජු “මම හොදින් සිටි අවදියේ ඔබව හොද හැටි ආදරයෙන් රැක බලා ගන්න තිබුණා,එසේ නොකිරීම මගේ වරදක්.” යනුවෙන් කියා හඩ වැලපුනා.දැන් කිසිවක් කල නොහැකියි.කාලය විනාඩියෙන් විනාඩිය ගෙවෙයි මරණය ලං වෙයි.



    ඔහු ගෙවී ගිය කාලය ගැන සිතයි.සිංහාසනයේ සිටින විට මට කි දෙනෙක් ගරු කලාද? නින්දට යන විට, අහර ගන්නා විට, බලපුලුවන්කාරකම් පෙන්වන විට, මැති ඇමති වරුන්ට බැණ වදින විට,සේවක සේවිකාවන්ට රවා බලන විට … දැන් ඒ ඔක්කොම ඉවරයි.



    අවසන් ගමන අත ලග….!




    • සිව් වැනි භාර්යාව- ශරීරයයි.මෙය කෙතරම් ලස්සනට තබා සිටියද,ආහාර පාන ආදිය, ඇදුම් පැළදුම් ලබා දී සැපසේ තබා සැලකුවද,අප මිය යන දා අපෙන් ඇත් වෙයි.
    • තෙවැනි භාර්යාව – මුදල් හදල, නම්බු නාම යනාදියයි.මේ සියල්ල අපි මිය යාමත් සමග අනෙක් ඇය අතට පත් වෙයි.
    • දෙවැනි භාර්යාව- අපේ පවුල හා නෑදෑ හිත මිතුරන්.
    මොවුහු කෙතරම් අප සමග ලං වී සිටියත් පණ මෙන් ආදරය කලත්, අප මිය ගිය පසු අපව මිනි වල දක්වා ගෙනවුත් එහි තැන්පත් කරනවා.ඒ දක්වාම ආඩා වැලපෙමින් පැමිණෙනවා.එපමණයි. ඉන්පසු සදහටම අපෙන් ඇත් වෙනවා.ඇතැම් විට අපේ සිතුම් පැතුම් ,යමක් තුබුණේ නම් ඒවා ඉටු කරනවා.කලක් යනවිට මොවුන්ගේ වාර්ෂික සැමරීම් වලට පමණක් අප ගැන මතකය සිමා වෙනවා.නැතිනම්, අපගේ මුදල් හදල් බෙදා තම තමන්ට වෙන් කර ගන්නා රැඳු සරුවල් ඇති කරගෙන උසාවි වල කාලය ගෙවෙනවා.




    • පළමු භාර්යාව -අපේ ආත්මයයි.
    මෙය අපේ මුදල,බලය,සතුට වැනි ලෞකික සම්පත් හේතු කොට ගෙන අමතක කරනවා.එහෙත් අපේ ජිවිත ගමනේ අවසානය දක්වාම අප සමගම ගමන් ගන්නා එකම එකක් වන්නේ මෙම ආත්මයයි.



    අපේ ජිවිත ගමන කෙලවර වන්නේ මරණයෙන් නොවේ,මරණය එක සන්ධිස්ථානයක් පමණි.ඉන් එහද ජිවන ගමන නොනවතෙයි.මෙලොව කල හොද නොහොද විනිශ්චය කොට අල්ලාහ්තලා ගන්නා තීරණය අනුව ස්වර්ගය හෝ නිරය දක්වාම මෙම ගමන නොනවතියි.


    එබැවින් ඒ අන්තිම අවස්ථාව දක්වාම අප සමග සිටින ආත්මය පවිත්‍රව තබා ගත යුතු වෙනවා.සිතුවිලි , චේතනා ,ප්‍රතිපත්ති,අපේක්ෂා සහ අරමුණු සියල්ල දේව විශ්වාසය පදනම් කොට තබාගත යුතුයි.ජිවිතයේ නියම ඵල නෙලා ගත හැක්කේ එවිටයි.


    මුහම්මද්(සල්) තුමා මෙසේ පවසා තිබෙනවා.

    “මිනිසෙකු මරණයට පත් වන විට,ඔහුගේ ක්‍රියාව නිමාවට පත්වෙනවා.එහෙත් තුන් වර්ගයක ක්‍රියාවන් පමණක් ඔහු මිය ගිය පසුවද පින් ලබා දෙනවා.(යහපත් ප්‍රතිපල) ඒවා නම් :

    1. නොකඩවා ප්රෝයෝජනයක් ගෙන දෙන කුමක් හෝ යහපත් දෙයක් ඉටුකොට යැම.
    2. ජනයට ප්‍රොයෝජන ගෙන දෙන අධ්‍යාපනය(දැනුම) ලබා දී යැම.
    3. (මිය ගිය) කෙනෙකු වෙනුවෙන් සැම විට ප්‍රර්ථනා කරන ඔහුගේ දරුවෙක් (තබා යැම)
    මුලාශ්‍ර : මිස්කත්
    මේවා සිතා බලා ජීවිතය සකස් කර ගනිමු…




    • ෆේස්බූක් තුලත්,ට්විටර් තුලත් බෙදා ගන්න/අනිත් අයටත් කියන්න. :
    • Share

     
    http://www.elakiri.com/forum/showthread.php?t=1063249

    Repost :)
    සමහරක් ඕක වැරදි කියලත් කිව්වා නොවැ .


    අල් බයික් :rofl::rofl: කබල් බයික් .අල්ලා කිව්වනම් හරි. නැත්නම් වැරදි.අන්ධ භක්ති ය :rolleyes:

    (01) හතරවන බිරිද කියන්නේ අපේ ශරීරය. අපි කොච්චරවත් ඉන්නකම් සැලකුවත් අපි මලාම අපේ ශරීරය දාලා යන්න වෙනවා.
    (02) තුන්වෙනි බිරිද කියලා කියන්නේ අපි ජීවිත කාලය තුලදී රැස්කරගන්න ධනය හා තත්වයයි. අපි මැරෙද්දි ඒක අපිව දාලා වෙනෙ කෙනෙක් ලගට යනවා.
    (03) දෙවෙනි බිරිද කියන්නේ අපේ නෑදෑයන්, සහෝදර සහෝදරියන්. අපි මැරුනම මිනිවල ලගටම වෙනකන් එනවා.
    (04) පළමුවෙනි බිරිද කියලා කියන්නේ අපේ හිත.අපි නිවන් අවබෝධ කරගන්න තාක් අපිත් එක්කම ඉන්නවා