අද සමාජයේ බොහො පිරිසක් තම සිත එක්තැන් කීරගැනීමට භාවණා පුහුණු කරීමට උත්සහ කරයි. මේ අතරින් යටත් පිරිසෙන් සියයට අනූවක පිරිසකගේ හෝ අධිෂ්ඨානය ප්‍රාර්ථනාව වනුයේ ඒ අමාමැනී බුදුපියාණන් දැක ඒ ශාන්ත වූ ප්‍රනීත වූ සදාකලික වූ නිර්වාණ දාතුව සාක්ෂාත් කිරීමයි.
යම් පුද්ගලයෙක් තම ජීවිත කලය පුරාවටත් පෙර ආත්මවලදීත් රාග සිත් ද්වේශ සිත් අවිද්‍යාවෙන් බරිත සිත් වඩා යම් දිනක ප්‍රඥාව පහල වී තම ක්‍රියාවේ අනර්තය දැක තම බවුන් වඩමියි සිතා භාවනාවට හිදගන්නේද ? පෙර බොහො වැඩූ පින් සහ පාරමී ශක්තියක් නැත්තේ වීනම් සිත එකග කරගැනීම එතරම් පහසු නොවේ. බොහෝ විට ආධුනිකයා විඩාවටත් පසුබට කිරීමටත් සිත විසිරීම හේතුවේ.
යම් කිසි දෙයක් ලොව සිදුවීනම් එය සිදු වන්නේ හේතු එල ධර්මයකට අනුවය. අප සම්මා සම්බුදු බුදුරජාණන් අහන්සේත් මෙතෙක් පහල වූ සියලු රහතන්වහන්සේලාත් මරණය පරාජය කලේ හේතුව සක් සුදක් සේ දැක එය ප්‍රහානය කිරීමෙන් බව දත යුතුය. බවුන් වඩන ආධුනිකයාට මෙම උදාහරණය ගෙනහැර පැවේ අන් කවරක් නිසා නොව තම විසිරෙන හිතටත් හේතුවක් ඇතිය යන්න පසක්කර දීමටය
කෙනෙක් අධික ද්වේශ සිත් ඇතිව සිත එක් තැන් කිරීමට ගොස් සිත විසීරී යාම දැක තම සිත සමගද උරණ වේ. ද්වේශ සිත් ඇතිකර ගනී.
තවෙකෙක් අධික රාග සිතැතිව සිත එක්තැන් කිරීමට ගොස් සිත විසිරී යාම දැක මෙය මා වන් අයෙකුට කල නොහැකීයයි හීන සිත් පහල කරගනී.
තවෙකෙක් අවිද්‍යා මනසිකාරීව අධි මාන සිත් සහිතිව සිත එක් තැන් කිරිමට ගොස් සිතෙහි විසිරීම දැක තම සිත් කෙරෙහි තවත් අවිද්‍යා බරැති සිතුවිලිම ඇති කරගෙන අනර්ථයක් සිදු කරගනී.
ශිලයක් නොරකින පුද්ගලයෙක් ගේ සිත නිතරම නොසන්සුන්ය. විසීරී පවතී . මෙවනි පුද්ගලයෙක් මම සිත කෙසේ හො සිත සන්සුන් කරගන්නවා කියා තම සීලයට ප්‍රතිකර්ම නොයොදා සිත සන්සුන් කිරීමට තැත් කිරීම ගඟට ඉනි කැපීමකි. ඔහුගේ කාලයත් ශ්‍රමයත් ඔහු අපතේ හරී. විසිරුන සිත තව තවත් විසිරේ.
හිසේ ඇති වූ හිස ඇම්මට පයට බෙහෙත් ලබාදීම තමා ගේ කාලයත් ධනයත් වැය විමට හේතුවේ. තමා විඩාවට පත් කරවීමට හේතුවේ . පෙර නොතිබූ නොසන්සුන් කාරී මනසක් ඇති කිරිමට එය හේතුවේ.
භාවනා කිරීමට පෙර ආධුනික ඔබ මෙම අභයාසය කරන්න. පෑනක් පොතක් අතට ගන්න .
ඔබ ගේ සිත කෙතරම් ද්වේශ අධිකද යන්න ඔබම ස්වයං නීර්ණයක් කරන්න. 0 සිට 10 ට සාපේක්ෂව ඔබ ඔබව ලගුකොට දක්වන්න.
ඔබ ගේ සිත කෙතරම් රාග අධිකද යන්න ඔබම ස්වයං නීර්ණයක් කරන්න. 0 සිට 10 ට සාපේක්ෂව ඔබ ඔබව ලගුකොට දක්වන්න
ඔබ ගේ ශිලය ගැන ඔබම ස්වයං නිරීක්ෂණයක් කරන්න. අඩු තරමින් පන්සිල් පද පහ රකිනවද යන්න බලා එක් එක් සිල් පදය තමාට සාපෙක්ෂව ලඝු කොට දක්වන්න. 0 සිට 10 ට සාපේක්ෂව ඔබ ඔබව ලගුකොට දක්වන්න.
ඔබේ සිතේ වැඩියෙන් ම පවතින්නේ රාගයද ද්වේශයද මාන්නයද යන්න ඔබ යෙදු සටහන ඔබට කියාදෙනු ඇත. ඔබ ඔබ ගැනම දැන් ස්වයං නිර්ණායකට එන්න
තමාගේ සැනසීම ඇත්තේ තමා තුලය. තම නිවීම ඇත්තේ ද තමා තුලය. මේ ඉතා සංකීර්ණ වූ මානව සමාජය තුල ඔබ තවෙකෙක් අනුකරණය නොකරන්න. ඔබ ඔබ තුලින් ඔබව දකින්න. ඔබට වඩාත් ගැලපෙන භාවනා ක්‍රමය ඔබ මුලදි තොරාගන්න.
ඔබ රාග අධික චරිතයක් නම් තම ප්‍රධාන භාවනාව ලෙස අසුබය වඩන්න. ඒ ගැන වැඩිපුර කියවන්න. දේශනා වලට සවන් දෙන්න. භාවිතා කරන්න. බුහුලී කරණය කරන්න . හිසේ ඇම්මට හිසට ප්‍රතිකාර කරන්න.
ඔබ ද්වේශ අධික චරිතයක් නම් තම ප්‍ධාන භාවනාව ලෙස මෙත්තාව වඩන්න. ඒ ගැන වැඩිපුර කියවන්න. දේශනා වලට සවන් දෙන්න. භාවිතා කරන්න බුහුලී කරණය කරන්න . හිසේ ඇම්මට හිසට ප්‍රතිකාර කරන්න
ඔබ භය අධික චරිතයක් නම් තම ප්‍රධාන භාවනාව ලෙස බුදුගුණ භාවනාව වඩන්න. ඒ ගැන වැඩිපුර කියවන්න. දේශනා වලට සවන් දෙන්න. භාවිතා කරන්න. බුහුලී කරණය කරන්න . හිසේ ඇම්මට හිසට ප්‍රතිකාර කරන්න
ඔබ ශීලය හීන චරිතයක් නම් සීලයක් සමාදන් වෙන්න. දවස ගානේ ශිලය පිරික්සන්න .ශිලය කැඩුනු තැන දැඩි අදිශ්ඨානයකින් නැවත එය සකස් කරගන්න . නැවත සිල් කැඩීමට සිත් සකස්වෙද්දී ඒවා දැක එවැනි අවස්ථා මග අරින්න . අසුභ භාවනාව වඩන්න. ඒ ගැන වැඩිපුර කියවන්න. දේශනා වලට සවන් දෙන්න. භාවිතා කරන්න. බුහුලී කරණය කරන්න . හිසේ ඇම්මට හිසට ප්‍රතිකාර කරන්න
ඔබ දැඩි ලෝබ ඇත්තෙක් වී නම් තම ප්‍රධාන භාවනාව ලෙස මරණානුස්සතිය භාවනාව වඩන්න. ඒ ගැන වැඩිපුර කියවන්න. දේශනා වලට සවන් දෙන්න. භාවිතා කරන්න. බුහුලී කරණය කරන්න . හිසේ ඇම්මට හිසට ප්‍රතිකාර කරන්න.
එකවර මහ සයුර මැද පිහිනන්න තැත් නොකරන්න . තම සිත එක් තැන් වනවානම් පමණක් අනිත් භාවනාවන්ට හිත යොමු කරන්න .
අප අමා මැණී බුදුරජානණ් වහන්සේ ගේ කතා වස්තූන්ට අනුව අවුරුදු තිහකටත් වඩා කාලයක් සිත් එක් තැන් කිරීමට බැරිව ලත වූ භික්වෂුවක් එක් මොහොතින් සමාධි සිත් ඇති කොට නොබො කලකින් එ ශාන්ත වු ප්‍රනීත වූ නිර්වාණය සාක්ශාත් කළෝඋඅ . එවැනි කතා වස්තූන් ද නැත්තාම නොවේ.මේ සියලු දේ කර ඔබට සිත එකග කරගැනීමට නොහැකි නම් දක්ෂ කර්මස්ථානාචාර්යවරයෙක් මුනගැසී සාකච්ඡා කරන්න.