භාවනාව භාවිත කල යුත්තේ කුමකටද?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    භාවනාව භාවිත කල යුත්තේ කුමකටද?

    භාවනාව භාවිත කල යුත්තේ කුමකටද?

    කෙළෙස්වලින් සිත කිළිටි වී, මනස මොට්ට වී, තණ්හාවෙන් හා අවිද්‍යාවෙන් ක‍්‍රියා කරන පෘථග්ජන පුද්ගලයෙකුට තම සිත හා මනස ශුද්ධ පවිත‍්‍ර කර, පිරිසිදු කර ගන්නට මාර්ගයක් හෝ ක‍්‍රමවේදයක් හෝ නවීන තාක්ෂණයෙන් හෝ නවීන විද්‍යාව තුළින් හෝ සොයා දැන ගත නොහැකිය. එවැන්නක් මුදලකට මිල දී ගැනීමට ද නොහැකිය. බුද්ධ දේශණාවේ දේශණාකර වදාළ බුද්ධ ධර්ම මාර්ගයම නිවැරදිව අසා දැන ඒ මාර්ගය ම නිවැරදිව ම අනුගමනය කිරීමෙන් ම මිනිස් සිත හා මනස යන දෙකම පිරිසිදු කරගන්නට මිනිසෙකුව උපත ලත් හැම කෙනෙකුටම අවස්ථාවක් ද ලැබෙයි. බොහෝ මිනිස්සු මේ උතුම් අගනා අවස්ථාවෙන් නිසි ඵල ප‍්‍රයෝජන ගන්නට නොදනිති. උගත්කමෙන් හා බුද්ධිමත්කමෙන් මත් වූවන්ට ද මේ අවස්ථාව ලබා ගන්නට ඒ ඒ පුද්ගලයන්ගේම උගත්කම හා බුද්ධිමත්කම ම බාධාවක් ලෙසින් ද හේතු වෙයි.

    සිත හා මනස පිරිසිදු කරගෙන ප‍්‍රඥා විමුක්තියට පත් වන්නටත් අකුප්පා චේතෝ විමුක්තියට පත් වන්නටත් නම් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ සීල, සමාධි, පඤ්ඤා යන ධම්මානුධම්ම ප‍්‍රතිපදාවම අනුගමනය කළ යුතුය. ”භාවනා කළ යුතු වන්නේ සිල් රැකිය යුතු වන්නේ සිත දියුණු කර ගන්නටය” යන වැරදි මතයක්, වැරදි අදහසක් අද බොහෝ දෙනා තුළ ඇත. බෞද්ධයා තුළට ද මේ වැරදි මතයම කාවද්දා ඇත. බොහෝමයක් ගිහි පැවිදි බෞද්ධ උගතුන් හා සමාජයේ පිළිගත් දේශකයින්වහන්සේලා පවා මේ වැරදි මතයේම පිහිටා වැරදි මතයම ලෝකයාටත් දේශණා කරන බවද පෙනෙන්නට ඇත. මේ වැරදි මතය පළමුවෙන්ම නිවැරදි කර ගත යුතුය. භාවනා කළයුතු වන්නේ සිත දියුණු කරගන්නට හෝ සිත සංවර්ධනය කර ගන්නට හෝ නොව සිත තුල මුල් බැස ගෙන පවතින හා සිත තුළිින්ම මතු වී එන කෙළෙස් ගති, කිළිටි ගති ප‍්‍රහාණය කර දමා, ඒ කිළිටි ගති සහමුළින්ම උදුරා ඉවත් කර දමා, සිත හා මනස යන දෙකම පිරිසිදු කර ගැනීමටය. ධනාත්මක චින්තනය, සංවර්ධනය, දියුණුව යන සම්මත පද වලින් අදහස් කරන්නේ ලෞකික හා භෞතික අතින් යම් කිසි දැනුම් සම්භාරයක් උපාදානය කර ගැනීමකි. කෙළෙස් වලින් පිරී පවතින කිළිටි සිතක් ක‍්‍රියාත්මක වන ආකාරය නිවැරදිව දැක ගැනීමට ඒ ඒ පුද්ගලයාටම බාධකයක් වන්නේත් ඒ ඒ පුද්ගලයාගේම සිතින් උපාදානය කරගත් මේ ලෞකික දැනුම් සම්භාරය ම විය හැකිය.

    සිත කිළිටි වී, මනස මුවහ වී, මනස මොට්ට වී මෙවන් කෙළෙස් ගති තමා තුළ ම මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වන බව මහන්තත්වයෙන් මත් වූ, උද්ධච්චයෙන් විස්සෝප වූ පුද්ගලයෙකුට තේරුම් ගත නොහැකි වෙයි. මේ අනුව තමාගේම මනෝමය කය තුළම, කල්ප කාලාන්තරයක් පුරාවටම මුල්බැසගෙන ක‍්‍රියාත්මක වූ දැනටත් කි‍්‍රයාත්මකව පවතින ලෝභ, ද්වේෂ, මෝහ යන කෙළෙස් ගති තමන් තුළින්ම දැන දැක හඳුනා ගත යුතුය. මේ කෙළෙස් ගති පවතින තුරාවට යළි යළිත් පුන පුනාම ඒ කෙළෙස් ගතීන්ම සිතේ උපදින බවත් (පුනබ්බවෝති යායං තන්හා) අවබෝධ කරගෙන මේ කෙළෙස් ගති සහමුළින්ම තම චිත්තසංථානයෙන් උදුරා ඉවත්කර දමන්නටත් නැවත ඒ කෙළෙස් ගති නොඋපදින ලෙසින් අනුත්පාද නිරෝධයෙන්ම ප‍්‍රහාණය කරන්නටත් සිත හා මනස යන දෙතැනම ශුද්ධ පවිත‍්‍ර කර ගන්නටත් සීල, සමාධි, පඤ්ඤා යන තුන් ශික්ෂාවම සම්පුර්ණ කර ගන්නටත් භාවනාව යන භාවිතයම පුරුදු කරගත යුතුය. සමථ, විපස්සනා යන යුගනද්ධ භාවනාවම මේ සඳහා භාවිතා කළ යුතුය.

    මේ අනුව භාවනා කළයුතු වන්නේ සිත හා මනස යන දෙතැනම පිරිසිදු කර ගන්නටය. ගත, සිත දෙකම සැහැල්ලු කර ගන්නටය. කෙළෙස් බර බහා තබන්නටය. මෙතුවක් කලක් සසරට බැඳ තිබූ කෙළෙස් බැමි කපා දමා බැම්මෙන් මිදී නිබ්බාන තත්ත්වයට පත් වන්නටය. සිතේ මතු වන භය, කම්පනය, චලනය, වේදනාව, විස්සෝපවීම නැතිකර දමා සිත ඒකාග‍්‍රතාවයකට පත් කර ගන්නටත් සිතේ මතු වන මේ ඒකාග‍්‍රතාවය දිගින් දිගට ම සිත තුළ පවත්වා ගෙන යන්නටත් ඒ අනුව සිතේ මතු වන අරමුණු සියල්ලම පැහැදිළිව හා පිරිසිදුව දැක තේරුම් ගන්නටත් හැකි ශක්තියක් ලබා ගැනීමටත් භාවනාවෙන් හැකිවෙයි. මේ අනුව සිතේ මතු වූ අරමුණට අදාළ වූ චේතනාව පිරිසිදු යහපත් එකක්ද, අපිරිසිදු කෙළෙස් උපද්දවන එකක්දැයි නිගමනය කරන්නට ශක්තියක් එවැනි භාවිත සිතකට ලැබෙයි. ඒ එවන් සිතක් ක‍්‍රියා කරන්නේ යෝනිසෝ මනිසිකාරයෙන් යුතුවමය. භාවිතා කළයුතු යහපත් චේතනා සහිත අරමුණු භාවිතා කරන්නටත්, භාවිතා නොකළයුතු අපිරිසිදු චේතනා සහිත අරමුණු භාවිතයෙන් ඉවත් කර ප‍්‍රහාණය කර දමා සිත ශුද්ධ පවිත‍්‍ර කර ගන්නටත් එවන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව ක‍්‍රියා කරන්නා දක්ෂයෙකුද වෙයි. සක්කෝ, උජුච, සුජූච, සුවචෝචස්ස, මුදු අනිතිමානී යනාදී වශයෙන් කරණීයමත්ත සූත‍්‍රයේ පෙන්වූයේ මේ දක්ෂකමයි.

    මෙම පරීක්ෂණය, නිරීක්ෂණය හා නිගමනය නිරන්තරයෙන් ම භාවිතා කරන්නට සිත හා මනස යන දෙකම පුහුණු කර, පුරුදු කර සිත පදම්කර ගැනීම ආසේවිතාය භාවිතාය, බහුලීකතාය යනුවෙන් ද භාවනා යන අර්ථයෙන්ද විග‍්‍රහ කර දී ඇත. තමන්ගේ සිතට අරමුණු වන මෙවන් යම් වැරදි චේතනාවකට අනුව තමන් ක‍්‍රියා කළහොත් ඒ ක‍්‍රියාවේ, කථාවේ, සිතුවිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙසින් තමාටම හෝ බාහිර ලෝකයාට හෝ ස්වභාව ධර්මයට හෝ යම් අයහපතක්, අවැඩක්, අසාධාරණයක්, විනාශයක්, අතරමං වීමක් මෙන්ම සංසාර ගැටළුවක් නිර්මාණය වීමක් ද සිදු වන්නේ නම් හෝ නිවනට බාධක වූ නිවන ප‍්‍රමාද කරවන ආකාරයේ යම් ප‍්‍රතිඵලයක් උරුමකර දෙන්නේ නම් හෝ ඒ සිතුවිලි වෙනස් කරගෙන, ඒ ක‍්‍රියාව නවතා දමා ඊට ප‍්‍රතිපක්ෂ වූ අනතිවත්තන අරමුණක් කරා සිත මෙහෙය වන්නට දක්ෂයෙකු වීම භාවනා කිරීමයි. ඒ වාගේ ම තම සිතෙහි මතු වූ මෙම කෙළෙස් ගති සහිත වූ වැරදි චේතනාව තම සිතේ මතු වන්නට මුල් වූ ගතිය තමා තුළම මුල්බැසගෙන තම චිත්තසංථානයේ ම පවතින වැරදි ගතියක් බව දැන හඳුනාගෙන යථා පරිදි අවබෝධකර ගෙන මේ කෙළෙස් ගතිය තම චිත්තසංථානයෙන් සහමුළින්ම උපුටා උදුරා දමන්නට, සිත ඉන් නිදහස් කර ගන්නට, විපස්සනා අනුපස්සනා භාවනාවක් කරන්නටත් දැනුමක් හා අවබෝධයක් මෙන් ම පුරුද්දක් ද ඇති කර ගත යුතුය.

    කාම චිතක්ක විචාර, ව්‍යාපාද චිතක්ක විචාර, විහිංසා චිතක්ක විචාර තම චිත්ත සංථානය තුළම මතුවනු දැක ඒවා මතු වන අවස්ථාවේ දී ම හැකි පමණ ඉක්මණින් ම දැන හඳුනාගෙන, තම සිතින් ඒවා ඉවත්කර දමන්නටත්, ඒ සිතුවිලි දිගේ සිතින් රවුම් ගැසීම නවතා දමා, ඊට ප‍්‍රතිපක්ෂ වූ සවිතක්ක සවිචාර පවත්වන්නටත් පුරුදු විය යුතුය. ඒ සමඟ ම මෙවැනි කෙළෙස් ගති යළි යළිත් සිත තුළින්ම මතුවන්නේ නම් මේ ගති සිත තුළම මුල් බැසගෙන පවතින නිසා බව තේරුම් ගෙන කෙළෙස් ගති මුලින් ම උදුරා දමන්නට, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය භාවනා කරන්නටත් පුරුදු පුහුණු විය යුතුය. මේ ආකාර වූ ධම්මානුධම්ම ප‍්‍රතිපදාව ධ්‍යාන ලැබීම හෙවත් කෙළෙස් තාවකාලිකව දවා හැර යටපත් කරදමා ලබන ලෞකික ධ්‍යාන සුවයකට වඩා කෙළෙස් මුල් ගළවා දමා නිදහස් වීමක් බවද වෙන් කොට දැනගත යුතුය.

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බොහෝ මිනිස්සු මේ උතුම් අගනා අවස්ථාවෙන් නිසි ඵල ප‍්‍රයෝජන ගන්නට නොදනිති. උගත්කමෙන් හා බුද්ධිමත්කමෙන් මත් වූවන්ට ද මේ අවස්ථාව ලබා ගන්නට ඒ ඒ පුද්ගලයන්ගේම උගත්කම හා බුද්ධිමත්කම ම බාධාවක් ලෙසින් ද හේතු වෙයි.

    :)
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    ඉතාම අගනා ලිපියකි කල්‍යාන මිත්‍ර sgrdk1

    ඔබට නිවන් සුව ලැබීය යුතුයි
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සුවපත් වේවා ! ඔබටත් හැකි ඉක්මනින් නිබ්බන වීමට හැකිවේවා !

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    මාර්ග පල ලාබීන්හට නිවන කරා යන විදි කිහිපයක් ඇත.

    - තමන්ට මෙත්තා භාවනාව හොදට වැඩේ නම් එය අනුගමනය කල හැක.
    - තමන්ට සතර සති පට්ටානය හොදට වැඩේ නම් එය අනුගමනය කල හැක.
    - තමන්ට අසුභ භාවනාව හොදට වැඩේ නම් එය අනුගමනය කල හැක.

    -- මේ වගේ ක්‍රම කිහිපයක් ඇත. ත්‍රිපිටකයේ සදහන් වෙන්නේ මෙලෙසින්ය.

    &t=322

    මුල ඉදලා බලන්න මෙතනින්
     
    Last edited:

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    ඔබ කියපු වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුව. කෝ එක???

    කරුණාකර ඉක්මනින් දෙන්න.