භාවනාව_මගින්_සිරුරේ_උණුසුම_පාළණය_කිරීම

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
භාවනාව_මගින්_සිරුරේ_උණුසුම_පාළණය_කිරීම

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි...!


meditation.jpg

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.

ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත.

10-tumo2-450.jpg


ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අතර ඔවුන් බොහෝ විට සිය භාවනාක්‍රම රහසේ ප්‍රගුණකරන බව පැවසේ.

සිංගප්පූරු පර්යේශකයින් හට මේම ලාමා භික්ශූන් වහන්සේලා පර්යේශණයට භාජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ තිබ්බතයේ හිමාල කඳුකරයේ පිහිටි එක් ලාමා ආරණයක පැවැත්වුනු ලාමා බෞද්ධ භික්ශූන්ගේ සාම්ප්‍රදායික පිරිත් සජ්ජායනයකදීය.

මෙම පර්යේශණ පැවැත්වූ දිනකිහිපයේ එප ප්‍රදේශයේ උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -25 තරම් පහල බැස තිබුණත් ධාන්‍යයට සමවැදුනු භික්ශූන් වහන්සේලාට සිය සිරුරේ ඔතා තිබූ තෙත රෙදි වියලී යන තරමට සිය සිරුරේ උශ්ණත්වය වර්ධනය කරගත හැකිවූබව පර්යේශකයින් සිය පර්යේෂණ වාර්තාවේ සටහන් කොට ඇත.

සිංගප්පූරු විශ්වවිද්‍යාල පර්යේශකයින් අතේ ගෙනයා හැකි EEG උපකරණ මගින් මෙම භාවනා යෝගී ලාමාවරුන්ගේ මොළයේ EEG සටහන් පවා ලබාගෙන ඇති අතර ඒ අනුව මෙම උණුසුම පාළණය භාවනායෝගීව ධාන්‍යයට සමවැදී ලබාගත් බවට සැකයකින් තොරව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට හැකිවී ඇත.

මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ.



විස්තර ටික ගත්තේ "විද්‍යා ගවේෂණ "එකෙන්.
 

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    "මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ."

    ඕක තමා බුද්ධ දර්මයත් විද්‍යාවත් අතර තියෙනෙ වෙනස.... පරමාර්තය වෙනස්....
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    "මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ."

    ඕක තමා බුද්ධ දර්මයත් විද්‍යාවත් අතර තියෙනෙ වෙනස.... පරමාර්තය වෙනස්....

    Mokadda a wenasa?