භාවනාෙවන් ජාන සැකැස්ම වෙනස් වේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    භාවනාෙවන් ජාන සැකැස්ම වෙනස් වේ

    භාවනාව මගින් යහපත් සෞඛ්‍ය ප‍්‍රතිඵල අත් කරදෙන බවට වන විශ්වාසයන් මැද එය විසින් ශරීරයේ රසායනික ක‍්‍රියාකාරීත්වය වෙනස් කරන බව තහවුරු කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

    ඇමරිකාවේ විස්කොන්සින්හි, ස්පාඤ්ඤයේ සහ ප‍්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අනාවරණය කර ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුක්තව සිටින භාවනාවක් අභ්‍යාස කරන පුද්ගලයෙකුගේ ශරීරයේ ජාන සැකැස්ම වෙනස් වන බවයි.

    මෙම පර්යේෂණය සඳහා ඔවුන් පුහුණු භාවනානුයෝගීන් පිරිසක් දිනක කාලයක් තුළ භාවනාව අභ්‍යාස කිරීමට යොදවා ඇති අතර සාමාන්‍ය පිරිසක් නිහඬ සහ සන්සුන් කාර්යයන් සඳහා යොදවා තිබේ.

    ආරම්භක අවස්ථාවේදී දෙපිරිසේ ජාන සැකැස්මේ වෙනසක් නොතිබී ඇති නමුත් භාවනාව කරගෙන යාමේදී ජාන නියාමනය කරන රසායනිකන්ගේ වෙනසක් සිදුවී ඇති අතර කෝපාවිෂ්ඨ බවට බලපාන ජානයන් අඩුවී ඇතැයි වාර්තා වේ.

    මෙමගින් මානසික පීඩාකාරී තත්වයක සිට ඉක්මනින් යථා තත්වයට පත්වීමට අවකාශ සලසබ ව පර්යේෂකයින් පවසති. පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි රිචඞ් ජේ. ඬේවිඞ්සන් පවසා ඇත්තේ මෙය භාවනාව මලින් ශරීරයේ රසායනික සංයුතිය වෙනස් වන බව තහවුරු කළ පළමු පර්යේෂණය බවයි.

    මෙම පර්යේෂණ ප‍්‍රතිඵල ඉදිරි ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් සඳහා භාවිතා කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    mediate.png
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    meka wenna puluwan kiyala api hithuwoth, ehema wenne kohomada kiyala kaata hari pahadili karanna puluwanda? :)