භාවිතයට නොගන්නා “Night Time Data” සඳහා සාධාරණයක් ඉටුකරනවාලු

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    11142545gossiplanka.png

    රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය අවධානය යොමුකර තිබෙනවා.

    ඒ දිගින් දිගටම ලැබෙන පැමිණිල සලකා බැලීමෙන් අනතුරුවයි.


    සියළු පාරිභෝගිකයින් වෙත සාධාරණය ඉටුවන පරිදි නව ක්‍රමවේදයක් හදුන්වාදීමට පියවර ගැනීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අපේක්‍ෂාවයි.

    රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වෙනුවෙන් වැඩිපුර මුදලක් ගෙවීමට පාරිභෝගිකයින්ට සිදුව ඇති බවත්, එය වංචාවක් බව පාරිභෝගිකයින්ගේ විශ්වාසය වී ඇති බවත් රජය පවසනවා.


    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මේ කාරණයට විධිමත් විසදුමක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසුවේ දහවල් කාලයේ අන්තර්ජාලයේ පවතින තදබදය අවම කර ගැනීම සදහා පාරිභෝගිකයා පෙළඹවීමට මෙලෙස රාත්‍රී කාලයේ සහ දහවලට අදාලවන පරිදි වෙන වෙනම ඩේටා ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි.

    කෙසේ වුව ද බොහෝ දෙනෙකු විසින් භාවිතයට නොගන්නා රාත්‍රී ඩේටා වලට සාධාරණයක් ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවදානය යොමු කර ඇති බවද ඇමැතිවරයා පැවැසුවා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :baffled: :lol: මූගෙ අම්මට උකන්න:

    උදය ගම්මන්පිලයා පැවැසුවේ දහවල් කාලයේ අන්තර්ජාලයේ පවතින තදබදය අවම කර ගැනීම සදහා පාරිභෝගිකයා පෙළඹවීමට මෙලෙස රාත්‍රී කාලයේ සහ දහවලට අදාලවන පරිදි වෙන වෙනම ඩේටා ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    TRC ලොක්කාගේ කතාවක් lagadi බැලුවා
    පොර night time data ගැන explain කෙර ඒව නිකන් දෙන data bill value එකට ඒවා ඇඩ් වෙන්නේ නෑ ඒක නිසා ගැන හිතන්න ඕනි නෑ වගේ කතාවක්. කොටින්ම කිව්වොත් trc ලොක්කා කතා කළේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි telecom company වෙනුවෙන්.

    ඉතින් මං හිතන්නෙ නෑ කවදාවත් trc එකෙන් මිනිස්සුන්ට සහනයක් දෙයි කියලා.
    ගේනවා වත් මිනිස්සුන්ට හිතාගන්න බැරි සංකීර්ණ අපිව අන්දන company තවත් ලාභ වෙන මොකක් හරි මගඩියක් ලොකු පබ්ලිසිටි එකක් දීලා කොරයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    නයිට් ටයිම් ඩේට, එනිටයිම් ඩේට නං කරන එකක් නැහැ කීයටවත්
    මොකද ඔය සේරම පැකේජ් වල නයිට් ටයිම් ඩේට ගැන ඇඩ්වටයිස් කරන්නෙ නැහැ, ෆ්‍රී නයිට් ටයිම් බෝනස් ඩේටා කියලා දෙන්නෙ
    ඒ කියන්නෙ ඩයලොග් නං 35GB පැකේජ් එකට තව 35GB නයිට් ටයිම් බෝනස් එකක් ෆ්‍රී දෙනවා වගේ කතාවක්නේ, එතකොට ඒ රෑට දෙන ඩේට වලට සල්ලි ගන්නෙ නැහැ කියලානේ උන් කියන්නෙ
    ඔය සීන් එක නිසා ලීගල් කේස් එකක් වත් යන්න බැරි වෙයි බන්. ඩයලොග් නං ඉස්සර ඉඳන්ම ඔය විදියට ඇඩ්වටයිස් කරේ, නයිට් ටයිම් ඩේට වලට කිවුවෙ නයිට් ටයිමේ බෝනස් ඩේට හරි ඕෆ් පීක් බෝනස් ඩේට හරි කියල එකක්.
    මේ බලපන්
    Screenshot 2020-09-12 at 13.01.01.png
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ගිය ආණ්ඩුවත් free wifi අනං මනං දාහක් කතන්දර කියාගෙන ඇවිත් අන්තිමට අපිට කෙලලා ගියා
    බලමු මේ පාරවත් මොකද වෙන්නේ කියලා
    කොහොමත් ඉස්සරහට මේ ඩේටා ප්‍රශ්නයට හරි විසඳුමක් දෙන්න බැරි වුනොත් මිනිස්සුන්ගෙ අප්‍රසාදය එන්න එන්න වැඩි වෙනවා.
    කොහොමත් සාධාරණ ගානකට ගිගාබයිට් තුන්සියයක් 400 වගේ නැති පැකේජ් එකක් දෙන විදියට company වලට උපදෙස් දෙන්න ආණ්ඩුවට කොන්දක් තියෙන්න ඕන

    ඉන්දියාවේ මෙම
    වනකොට unlimited package තියෙනවා පයිබර් ලයින් වලටත් . රුපියල්ක් දෙදහස් පන්සියය තුන්දාහක් වගේ ගහන ක ට ගිගා බයිට් 400ක් විතර ඉන්දියාවේ ගන්ඩ පුළුවන් අපි ලංකාවේ ඒ ගාන ගන්න පහලොස් දාහක් විතර ගෙවන්න ඕන

    ඉතින් තේරෙනවා නේද අපි ටී ආර් සී එකේ කොන්ද කොච්චර ශක්තිමත්ද කියලා.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    TRC සිරි ලංකා : භාවිතයට නොගන්නා “Night Time Data” සඳහා සාධාරණයක් ඉටු කරනව.
    සිංහලීස්: පට්ටයි........... දැන්වත් තේරුන එක හොදයි.
    TRC සිරි ලංකා : නොට් ෆො යූ නිගාස්, ටෙලිකොම් එකට සාධාරණයක්
    ඉටුකරනව කියලයි කිව්වෙ.