භාෂණයට ඇති අයිතිය සහ විරෝධය පෑමට ඇති අයිතිය

torakitha

Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    භාෂණයට ඇති අයිතිය සහ විරෝධය පෑමට ඇති අයිතිය
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978
    ව්‍යවස්ථාවේ 4(ඈ) මූලික අයිතිවාසිකම් පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ:
    "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    10. සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.
    12. (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
    13. (1) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය.
    13 (2) සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 37 අනුව අත්අඩංගුවට ගන්නා සෑම කෙනෙකුම පැය 24ක් ඇතුලත විනිසුරුවරයෙකු ඉදිරියට පැමිණවිය යුතුයි.
    14. (1) සෑම පුරවැසියකුට ම -
    (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට;
    (ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට;
    හිමිකම ඇත්තේ ය.
    17. මේ පරිච්ජේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තකුට හිමිවන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ
    තැනැත්තාට හිමිකම් ඇත්තේ ය.
    ගුණවර්ධන සහ වෙනත් අයෙකු එදිරිව පතිරණ (ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති) (1997) 1 SLR 265
    "යම් පුද්ගලයෙක් විසින් රජය වර්ණනා නොකිරීම හේතුවෙන් ඔහුව හිතුමතේ අත්අඩංගුවට ගැනීමටත්, ඒ සඳහා දඩුවම් ලබාදීමටත් පොලීසියට හැකි වන්නේ නම් පුද්ගලයන් වෙත සහතික කොට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හුදු මායාවක් බවට පත්වෙයි. බලයේ සිටින දේශපාලන පක්ෂයකට බලයේ රැඳී සිටීමට ඇති අවදානම රාජ්‍යයේ ස්වාධීනත්වය හා ආරක්ෂාවට ඇති අවදානම් රාජ්‍යයේ ස්වාධිපත්‍යයට සහ ආරක්ෂාවට ඇති තර්ජනයන් ලෙස සමාන කර සලකිය නොහැක. රජයට විරුද්ධව සිදු කෙරෙන සෑම විවේචනයක්ම රජය පෙරළා දැමීමට සිදු කෙරෙන උත්සාහයක් සේ සැලකීමට පෙළඹෙන බයාදු තත්ත්වයකට පොලිසිය පත් නොවිය යුතුය"
    තවත් නඩු තීන්දු ගණනාවකින් පුරවැසි දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ආරක්‍ෂිත වී ඇත.
    ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට, ඉතා පැහැදිලිව රජයකට විරුද්ධව මත ප්‍රකාශ කල හැකි අතර, ඒ මත විරෝධතා ලෙස ප්‍රදර්ශනය කල හැක. අන්‍යන්ගේ අයිතීන්ට බාධා නොවන්නේ නම්, සාමකාමී ලෙස එය කල හැකිනම්, පොලිසියට හෝ කිසිදු බලදරයකුට එම අයිතියට පිටු නොපා හැක.
    යම් ලෙසකින් පුරවැසියකුගේ ඉහත කී අයිතිවාසිකම්, කිනම් හෝ පොලිස් නිලධාරියකු හෝ තැනැත්තකු විසින් උල්ලංඝනය වුහොත්, එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට, එම අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දුවක් ප්‍රකාශ කොට ගෙන, එය කඩ කල තැනැත්තන්ගෙන් පෞද්ගලිකව වන්දි මුදල් අයකරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත හැක.
    aaa.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුලින්ම ඔය ලබ්බේ ව්‍යවස්ථාව නුතන සිංහලෙන් ලියන්න ඕනේ බලන එකෙක්ට තේරෙන විදිහට..
     
    Sen-lu

    Well-known member
  • හදිසි නීතිය Gazette එකෙන් ඕව ඔක්කොම රිවස්. හිතපං මූලික අයිතිවාසිකම් නැති කරන්න ජනාධිපති කෙනෙක්ට පුළුවන් කියන්නෙ ඒ වියවස්තාව ගැන තව කවර කතාද?.

    බහුතර ඡන්ද දායකයො ඒකාධිපතියෙක් ඕන කීවනෙ ඔන්න දැන් එහෙම එකෙක් ඉන්නව. ලෝක ඉතිහාසයේ කොහේවත් නෑ ලේ හැලීම්වලින් තොරව ඒකාධිපතියො එලවපු රටක්. ලංකාවෙත් ඒකාධිපතිය එලවන්න අනිව ලේ හැරීම් වෙනව. ඒක තමයි මෝඩ කමට අපිට ගෙවන්න වෙන වන්දිය.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හදිසි නීතිය Gazette එකෙන් ඕව ඔක්කොම රිවස්. හිතපං මූලික අයිතිවාසිකම් නැති කරන්න ජනාධිපති කෙනෙක්ට පුළුවන් කියන්නෙ ඒ වියවස්තාව ගැන තව කවර කතාද?.

    මහජනතාවට සාමකාමි ලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය. එමෙන්ම උද්ඝෝෂකයින් ද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම නොකළ යුතු අතර එසේම මහජන දේපළ විනාශ කිරීම ද නොකළ යුතුය.
    ව්‍යවස්ථාව‍ේ කිසිම වැරැද්දක් නෑ . මූලික මිනිස් අයිතිවාසිකම් තිය‍ෙන්න‍ේ අනිත් එවුන්ග‍ේ අයිතිවාසිකම් නැතිකරන්න න‍ෙව‍ෙයි . ල‍ෝක‍ේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහල මට්ටමක තිය‍ෙන රටක උනත් මානව හිමිකම් කියලා අනිත් එවු්නට හිරිහැර ව‍ෙන්න ඉඩ තියන්නෑ .

    බහුතරයක හ‍ෝ සුලුතරයක ආරක්ෂාව ඇති කරන්න තමයි හදිසි නීතිය , හමුදා කැදවීම‍ේ බලය , ඇදිරිනීතිය දැමීම‍ේ බලය ව්‍යවස්ථාව‍ෙන් ජනාධිපතිට හ‍ෝ පාර්ලිම‍ේන්තුවකට පවරන්න‍ේ ..
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,573
    1,647
    113
    MEkata monawath karana barida? ballo wage dora mullata wela innawada un kiyanakan?
     
    Sen-lu

    Well-known member
  • මහජනතාවට සාමකාමි ලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය. එමෙන්ම උද්ඝෝෂකයින් ද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම නොකළ යුතු අතර එසේම මහජන දේපළ විනාශ කිරීම ද නොකළ යුතුය.
    ව්‍යවස්ථාව‍ේ කිසිම වැරැද්දක් නෑ . මූලික මිනිස් අයිතිවාසිකම් තිය‍ෙන්න‍ේ අනිත් එවුන්ග‍ේ අයිතිවාසිකම් නැතිකරන්න න‍ෙව‍ෙයි . ල‍ෝක‍ේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහල මට්ටමක තිය‍ෙන රටක උනත් මානව හිමිකම් කියලා අනිත් එවු්නට හිරිහැර ව‍ෙන්න ඉඩ තියන්නෑ .

    බහුතරයක හ‍ෝ සුලුතරයක ආරක්ෂාව ඇති කරන්න තමයි හදිසි නීතිය , හමුදා කැදවීම‍ේ බලය , ඇදිරිනීතිය දැමීම‍ේ බලය ව්‍යවස්ථාව‍ෙන් ජනාධිපතිට හ‍ෝ පාර්ලිම‍ේන්තුවකට පවරන්න‍ේ ..
    මෝඩ කතා කියන්න එපා මහජන සාමය රකින්න ඕන තරම් නිති තියෙනව. මේ මොහොතේ හදිස්සි නිතිය දැම්මේ මහජනයා ආරක්ෂා කරන්න කියල කියනව නම් එකට ignorance ඇර වෙන කියන්න දෙයක් නැ.

    ඉස්සෙල්ල පනත කියවන්න පස්සේ කතා කරමු
     
    • Like
    Reactions: senal neveyi

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මෝඩ කතා කියන්න එපා මහජන සාමය රකින්න ඕන තරම් නිති තියෙනව. මේ මොහොතේ හදිස්සි නිතිය දැම්මේ මහජනයා ආරක්ෂා කරන්න කියල කියනව නම් එකට ignorance ඇර වෙන කියන්න දෙයක් නැ.
    මහජන සාමය රකින්න තිය‍ෙන නීති ම‍ොනවද ? හදිසිනීතිය හා ඇදිරි නීතිය දැමීම කියන්න‍ේ නීති විර‍ෝධී කටයුත්තක්ද ? මූලික මිනිස් අයිතිවාසිකම් කියලා අන‍ෙක් ක‍ෙනාට හිරිහැරයක් , ජීවිත හා ද‍ේපල හානියක් කරන්න පුලුවන්ද ? 500ක් 1000ක පිරිසක් කලහකාරීල‍ෙස හැසිර‍ෙනවානම් ගන්න තිය‍ෙන නීති ම‍ොනවාද ? සාමූහික පිරිසකට ඕවා වැඩකරයිද ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හදිසි නීතිය Gazette එකෙන් ඕව ඔක්කොම රිවස්. හිතපං මූලික අයිතිවාසිකම් නැති කරන්න ජනාධිපති කෙනෙක්ට පුළුවන් කියන්නෙ ඒ වියවස්තාව ගැන තව කවර කතාද?.

    බහුතර ඡන්ද දායකයො ඒකාධිපතියෙක් ඕන කීවනෙ ඔන්න දැන් එහෙම එකෙක් ඉන්නව. ලෝක ඉතිහාසයේ කොහේවත් නෑ ලේ හැලීම්වලින් තොරව ඒකාධිපතියො එලවපු රටක්. ලංකාවෙත් ඒකාධිපතිය එලවන්න අනිව ලේ හැරීම් වෙනව. ඒක තමයි මෝඩ කමට අපිට ගෙවන්න වෙන වන්දිය.

    thanks to 69 lks
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    මූලික අයිතිවාසිකම්වලට වූ සීමා -​

    මූලික අයිතිවාසිකම් භුක්ති විදීමේදී ඊට වූ සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව හරහා දක්වනු ලැබේ.ඒ අනුව රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් නියමකරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්ව එනම්

    • ජාතීන් හා විවිධ ආගමිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරිම
    • ජාතික ආර්ථිකය ආරක්‍ෂා කිරීම
    • මහජන සෞඛ්‍යය හා සදාචාරය
    • මහජනයා ආරක්ෂා කිරීම
    • අනන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරුකරන බවට වග බලා ගැනීම පිණිසත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය පිණිසත්
    • සන්නද්ධ හමුදාවන්හි හා පොලීසියේ සාමාජිකයන්ට අදාල වීමේදි ඔවුන්ගේ කාර්යයන් යථා පරිදි පවත්වාගෙන යාමට හා ඔවුන් අතර විනය පවත්වා ගැනීම පිණිස හා පාර්ලිමේන්තු වරප්‍රසාද,අධිකරණයට අපහාස කිරීම,අපහාසය හෝ වරදකට පෙළඔවීම වැනි කරුණුවලදී නීතියෙන් නියම කරනු ලබන සීමා වලට යටත්ව මෙකී මූලික අයිතීන් සීමාවන්ට යටත්ව භුක්ති විදිය යුතු වේ.
     
    Sen-lu

    Well-known member
  • මහජන සාමය රකින්න තිය‍ෙන නීති ම‍ොනවද ?
    Do I really need to answer this.:lol:
    හදිසිනීතිය හා ඇදිරි නීතිය දැමීම කියන්න‍ේ නීති විර‍ෝධී කටයුත්තක්ද ?
    නීති විරෝධී නෑ ඒවා ගානට සම්මත කරගෙන නේ තියෙන්නේ .එක තමයි මුල් comment එකේම කිව්වේ. ඒ තරම් බලයක් තනි කෙනෙක් අතට යන එක වැරදි කියල
    මූලික මිනිස් අයිතිවාසිකම් කියලා අන‍ෙක් ක‍ෙනාට හිරිහැරයක් , ජීවිත හා ද‍ේපල හානියක් කරන්න පුලුවන්ද ? 500ක් 1000ක පිරිසක් කලහකාරීල‍ෙස හැසිර‍ෙනවානම් ගන්න තිය‍ෙන නීති ම‍ොනවාද ?
    කාටද හිරිහැර කරේ,කාගේද ජිවිත හානි උනේ.කීදෙනෙක් පැමිණිලි කරල තියෙනවද ප්රෝටෙස්ට් වලට ගිය අය තමන්ට කරදර කරා කියල. නිකන් එක එකාගේ හෙළුව වහන්න උබේ රෙද්ද කඩාගන්න එපා බන්. උබ හිතුවද බාවනා කරනවා වගේ ප්රෝටෙස්ට් වෙනවා කියල ලෝකේ කොහෙවත්. එහෙම උනා කියල එක ටෙරරිස්ට් මූමන්ට් එකක් වෙන්නේ නෑ බං .එහෙම වැරදි කරන උන්ට දඩුවම් කරන්න දණ්ඩනිති සංග්‍රහය හොදටම ප්‍රමාණවත් .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Do I really need to answer this.:lol:

    නීති විරෝධී නෑ ඒවා ගානට සම්මත කරගෙන නේ තියෙන්නේ .එක තමයි මුල් comment එකේම කිව්වේ. ඒ තරම් බලයක් තනි කෙනෙක් අතට යන එක වැරදි කියල

    කාටද හිරිහැර කරේ,කාගේද ජිවිත හානි උනේ.කීදෙනෙක් පැමිණිලි කරල තියෙනවද ප්රෝටෙස්ට් වලට ගිය අය තමන්ට කරදර කරා කියල. නිකන් එක එකාගේ හෙළුව වහන්න උබේ රෙද්ද කඩාගන්න එපා බන්. උබ හිතුවද බාවනා කරනවා වගේ ප්රෝටෙස්ට් වෙනවා කියල ලෝකේ කොහෙවත්. එහෙම උනා කියල එක ටෙරරිස්ට් මූමන්ට් එකක් වෙන්නේ නෑ බං .එහෙම වැරදි කරන උන්ට දඩුවම් කරන්න දණ්ඩනිති සංග්‍රහය හොදටම ප්‍රමාණවත් .
    නීති විර‍ෝධී නැත්නම් ගැටලුවක් නෑන‍ේ .. ඒවා සම්මත ක‍ෙරුව‍ේ කඩපිල‍ේ න‍ෙව‍ෙයි පාර්ලිම‍ේන්තුව‍ේ ... උද්ඝ‍ෝෂනවලට ගියා කියලා අනිත් එවුන් තමන්ට කරදයි කියලා උසාවි යන්නෑ . ම‍ොකද ඒක කියන්න ගියත් තමන්ටමයි කරදර .. කාග‍ෙවත් හ‍ෙලුවවහන්න අවශ්‍ය නෑ . හැබැයි දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව වග‍ේම නීති පද්ධතිය රකින්න ඕන‍ේ . එහමෙ නැති උන‍ොත් ම‍ොකා බලයට ආවත් ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන්න බැරිව‍ෙයි ... වාහනවලට ගිනිතියපු එක , රජය‍ේ ද‍ේපල විනාශකරපු එකට නඩුදාලා තිය‍ෙන්න‍ේ දණ්ඩනීති සංග්‍රහය යටත‍ේ තමයි ... ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට නඩුදාලා නෑ . දැන් එහ‍ෙම නඩුදාපු එකත් වැරදියි කියලන‍ේ කියන්න‍ේ ....
     
    Sen-lu

    Well-known member
  • නීති විර‍ෝධී නැත්නම් ගැටලුවක් නෑන‍ේ .. ඒවා සම්මත ක‍ෙරුව‍ේ කඩපිල‍ේ න‍ෙව‍ෙයි පාර්ලිම‍ේන්තුව‍ේ ... උද්ඝ‍ෝෂනවලට ගියා කියලා අනිත් එවුන් තමන්ට කරදයි කියලා උසාවි යන්නෑ . ම‍ොකද ඒක කියන්න ගියත් තමන්ටමයි කරදර .. කාග‍ෙවත් හ‍ෙලුවවහන්න අවශ්‍ය නෑ . හැබැයි දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව වග‍ේම නීති පද්ධතිය රකින්න ඕන‍ේ . එහමෙ නැති උන‍ොත් ම‍ොකා බලයට ආවත් ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන්න බැරිව‍ෙයි ... වාහනවලට ගිනිතියපු එක , රජය‍ේ ද‍ේපල විනාශකරපු එකට නඩුදාලා තිය‍ෙන්න‍ේ දණ්ඩනීති සංග්‍රහය යටත‍ේ තමයි ... ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට නඩුදාලා නෑ . දැන් එහ‍ෙම නඩුදාපු එකත් වැරදියි කියලන‍ේ කියන්න‍ේ ....
    එක තමයි බං මමත් උබ කෝට් කරපු පලවෙනි කොමෙන්ට් එකේ කියල තියෙන්නේ .නිතිය නිතිය බව හරි නමුත් එහෙම උනා කියල නිතිය නිවැරදි වෙන්නේ නැ .ඇමරිකාවේ කල්ලොන්ව වහල්ලු විදිහට තියාගත්තා ඒක තමය් නිතිය ඒකාලේ ඒක නිතිය උනාට එක නිවැරදි ද ? දැන් කරන්නෙත් ඒ වගේ දෙයක් බලය අවබවිත කරලා තමන්ට විරුද්ද මතය යටපත් කරන්න හදන එක නෙවෙය්ද දැන් කරන්නේ ? උබ එක අනේ මේ මහජන අරක්ෂාවට තමයි එහෙම කරේ කියල ලගු කරන්න යන එකට මම තදින්ම විරුද්දයි.එක නීතියද ? ඔව් එක නිතිය එතන අවුලක් නැ.ජනාධිපතිට ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන්ද? ඔව් පුළුවන් මේවගේ වෙලාවක එහෙම දෙයක් ක්‍රියාත්මක කරලා හැංගිලා මිනිස්සු ආරක්ෂක අංශ කොටවලා මිනිස්සුන්ගේ ආරක්ෂාව තමන්ගේ සුබසිද්ධියට නැති කරන එක හරිද ? එහෙම බලයක් තනි කෙනෙක්ගේ අතට යන්න දීපු එක හරිද ?
     
    උඹ කියන ටික ඇත්තයි කියලා හිතමුක‍ෝ . නීති හැද‍ෙන්න‍ෙ පවතින තත්වය අනුවන‍ේ . පවතින නීතිය ආරක්ෂා කරන්නන‍ේ හැම එක‍ෙක්ම බලයට එන්න‍ේ . ඒ නීති වැරදිනම් ව‍ෙනස් කරන රක ව‍ෙනම ද‍ෙයක් . ප්‍රජාතන්ත්‍රවාදී රටක හැම එකාම පවතින නීතියට අවනත විය යුතුයි .. දැන් මිනිස්සුන්ට පවතින ගැටලුවලට උද්ඝ‍ෝෂන කරනවා .. ඒවායින් කලහකාරී තත්වයකට ගිහින් මහජන ද‍ේපලවලට හානි කරනවා .. උද්ඝ‍ෝෂන කිරීම සාධාරනයි කියලා ඒවාට ඉඩදියුතුද ? ඔය ම‍ොන පැත්තට නැතුවත් ඉන්න පිරිසකග‍ේ අයිතිය සුරක්ෂිත ව‍ෙන්න අවශ්‍ය නැද්ද ? එහ‍ෙම නැත්නම් ඒවාග‍ේ අපරාධකරන එවුන්ට බය‍ේ ඉන්නද ආණ්ඩුවක් අවශ්‍ය ? ම‍ොනවා උනත් දැන් පවතින්න‍ේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනයක් ලබපු ජනාධිපතිවරය‍ෙක් හා ආණ්ඩුවක් . අපි කැමති අකමැති උනත් ඕකයි ඇත්ත .. එතක‍ොට රජය බැදිලා නැද්ද මහජන ද‍ේපල ජීවිත ආරක්ෂා කරන්න .. ඔවැනිම තත්වයක් මුන් නැතුව ව‍ෙනත් පාලනයක් (සජබ , ජෙවීපි ,....) තුල ඇති උන‍ොත් ඒවා මර්ධනය කරන්න අවශ්‍ය නැද්ද ? මම කියන්න‍ේ ම‍ොකාග‍ේ පාලනයක් තිබ්බත් රට‍ේ නීතිය සිවිල් මිනිසුන් අතට ගැනීම භයානකයි . සිවිල් මිනිසුන් බලය අතට ගත්තාම කව්රු බලයට ආවත් පාලනය කරගන්න බැරිතත්වයක් ඉදිරිය‍ේදී ඇති ව‍ෙනවා .. ඒදාට අපි අද හ‍ොදයි කියලා හිතන පාලකයන්ට ගන්න ව‍ෙන්න‍ෙත් ඔය පියවරම තමයි ...
     
    Sen-lu

    Well-known member
  • උඹ කියන ටික ඇත්තයි කියලා හිතමුක‍ෝ . නීති හැද‍ෙන්න‍ෙ පවතින තත්වය අනුවන‍ේ . පවතින නීතිය ආරක්ෂා කරන්නන‍ේ හැම එක‍ෙක්ම බලයට එන්න‍ේ . ඒ නීති වැරදිනම් ව‍ෙනස් කරන රක ව‍ෙනම ද‍ෙයක් . ප්‍රජාතන්ත්‍රවාදී රටක හැම එකාම පවතින නීතියට අවනත විය යුතුයි .. දැන් මිනිස්සුන්ට පවතින ගැටලුවලට උද්ඝ‍ෝෂන කරනවා .. ඒවායින් කලහකාරී තත්වයකට ගිහින් මහජන ද‍ේපලවලට හානි කරනවා .. උද්ඝ‍ෝෂන කිරීම සාධාරනයි කියලා ඒවාට ඉඩදියුතුද ? ඔය ම‍ොන පැත්තට නැතුවත් ඉන්න පිරිසකග‍ේ අයිතිය සුරක්ෂිත ව‍ෙන්න අවශ්‍ය නැද්ද ? එහ‍ෙම නැත්නම් ඒවාග‍ේ අපරාධකරන එවුන්ට බය‍ේ ඉන්නද ආණ්ඩුවක් අවශ්‍ය ? ම‍ොනවා උනත් දැන් පවතින්න‍ේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනයක් ලබපු ජනාධිපතිවරය‍ෙක් හා ආණ්ඩුවක් . අපි කැමති අකමැති උනත් ඕකයි ඇත්ත .. එතක‍ොට රජය බැදිලා නැද්ද මහජන ද‍ේපල ජීවිත ආරක්ෂා කරන්න .. ඔවැනිම තත්වයක් මුන් නැතුව ව‍ෙනත් පාලනයක් (සජබ , ජෙවීපි ,....) තුල ඇති උන‍ොත් ඒවා මර්ධනය කරන්න අවශ්‍ය නැද්ද ? මම කියන්න‍ේ ම‍ොකාග‍ේ පාලනයක් තිබ්බත් රට‍ේ නීතිය සිවිල් මිනිසුන් අතට ගැනීම භයානකයි . සිවිල් මිනිසුන් බලය අතට ගත්තාම කව්රු බලයට ආවත් පාලනය කරගන්න බැරිතත්වයක් ඉදිරිය‍ේදී ඇති ව‍ෙනවා .. ඒදාට අපි අද හ‍ොදයි කියලා හිතන පාලකයන්ට ගන්න ව‍ෙන්න‍ෙත් ඔය පියවරම තමයි ...
    මම කියල තියෙන්නෙ මේ වගේ නීති සාධනීය නැ. ඒවා අවභාවිත කරන නායකයෝ ඉන්නකොට තත්වය තවත් භයානකයි ලේ හැලීම් වලින් තමයි නවතින්නෙ කියල. ඒවගේ නීති ගේනකම් අන්ධයෝ වගේ හිටපු එකට ලේ වලින් ජීවිත වලින් වන්දිගෙවන්න වෙයි කියන එක මම කියල තියෙන්නෙ. නැත්නම් ගිහින් නීති කඩපං මරාගනින් කියල මම කොතනකවත් කියල නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබල ඔය පනත් දැම්මට ඕව පිලිපදිනවද නැනෙ නැනෙ..පේනවනෙ මේ ටිකේ කිරියෙ මගෙ කට වහන්ඩ දගලන දැගලිම, 🤭🤭

    මේක දේශපාලකයො නැනෙ ඉන්න සාමන්ය උන්, සාමන්ය උන් මෙහෙම නම් ඔය භාෂනයේ අයිතිකතා තනිකර බොරුවක්..