භික්කුනී ඛේමා මෙහෙනින් වහන්සේ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    භික්කුනී ඛේමා මෙහෙනින් වහන්සේ

    මහණදම් පිරූ සැමියාගේ මඟ යන්න හොඳම මිතුරියත් එක්ක සසුන් ගතවුණු මෙහෙනින් වහන්සේගේ ඔබ නොදත් ජීවිත කතාව
    බැඳීම් එක්ක ජීවිතේ ගත කරන්නනම් පැවදි වෙලා බෑනේ...
    මම ආස කළේ නිදහසේ ජීවත් වෙන්න... හැමදේම අතහැරලයි මෙහෙනින් වහන්සේ කෙනෙක් වුණේ...

    මේ ලෝකේ හැමදෙයක්ම නැතිවෙනවා වගේම වෙනස් වෙනවා. ඒක ලෝක ධර්මතාවය. රූපයට, බැඳීමට, ආදරයට වගේම සතුටට ලෙංගතු වෙන හැම කෙනාටම දුක, වේදනාව, දුරස්වීම අනිවාර්යෙන්ම අත්විදින්න වෙනවා. ඒක හැම කෙනාටම පොදු කාරණයක්.


    මේ සසර දුක තේරුම් ගෙන පැවදි දිවියට ඇතුලත් වුණු මෙහෙණින් වහන්සේ කෙනෙක් ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. ඒ නිසාම ඒ විදිහට ජීවිතේ හරි පාර හොයාගෙන ශාසනය බබලවන්නට සසුන්ගතවූ ඒ මෙහෙනින් වහන්සේ ගැන හොයලා බලන්න හිරු ගොසිප් අපි තීරණය කළා. මේ මෙහෙනින් වහන්සේගේ පැවදි නම ආශ්‍රමවාසී භික්කුනී ඛේමා.



    මීට මාස දෙකකට කළින් රූමත් තරුණියක් විදිහට ජීවිතේ ගෙන ගිය ඇය රේඛා සඳුනි අරන්ගල .
    පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුණු සඳුනි මීට අවුරුදු 3 කට විතර කළින් විවාහ ජීවිතයට ඇතුල් වෙලා.


    ඒත් ජීවිතේ අනිත්‍ය තේරුම් ගත්තු රේඛා සඳුනිගේ ස්වාමිපුරුෂයා ජීවිතේ හරි පාර තේරුම්ගනිමින් ශාසනය වෙනුවෙන් ජීවිතය කැපකරමින් පැවදි බිමට ඇතුල් වන්නේ සිරි සදහම් ආශ්‍රමයේදීම ධම්ම ඕග හිමියන් ලෙසින්.


    පුංචි කාලයේ සිට ශාසනය කෙරෙහි තිබූ නැඹුරු බවත් නිවැරදි බෞද්ධ දර්ශනයත් තේරුම් ගත් අවුරුදු 32 ක් වුණු සඳුනි පසුගිය මැයි පළමු වැනිදා තම ස්වාමියා ගමන් කළ නිවැරදි මාවතේ ගමන් අරඹන්නේ මෙහෙනින් වහන්සේ නමක් ලෙස ශාසනයට ඇතුලත් වෙමින්.
    ඒ දෙහිවල සිරි සදහම් ආශ්‍රමයේදී.


    එහි තවත් විශේෂත්වයක් වන්නේ පුංචි කාලයේ සිට තම හොඳම මිතුරිය වූ ශාමලී දීප්තිකාද ආශ්‍රමවාසී භික්කුනී සුසිලා මෙහෙනින් වහන්සේ නමින් පැවදි බිමට එක්වීම.
    ජීවිතය නිෂ්ඵල බවත් දුක හා අනිත්‍ය බවත් අවබෝධ කරගනිමින් ශාසනික මෙහෙවරක් ඉටුකරන්නේ සමාජය තුල සිතන්නට යමක් ඉතිරි කරමින්.


    ජීවිතේ අපි තියාගන්න බලාපොරොත්තු එක පාරටම කඩාවැටුණොත් ඒකට මුහුණ දෙන්න හුගක් වෙලාවට අමාරුයි. ඒ වගේම මිනිස්සුන්ට ඒ තරම් හයියක් ශක්තියක් නැහැ.
    ඒ නිසාමයි අද හුගක් අහන්න දකින්න ලැබෙන ජීවිත නැතිකරගැනීමේ සිද්ධි පවා වාර්තා වෙන්නේ. සමහරු පන්සල් ගිහින් හිතහදාගන්නවා.. තවත් සමහරු මත්පැනින් හිත හදාගන්නවා.. තවත් අය සියදිවි නසාගන්නවා. එක එක මිනිසුන් දුක්, ප්‍රශ්න, කරදර බාරගන්න විදිහ වෙනස්.


    මෙන්න මේ දේට පිළිතුරු සොයා යන මිනිසුන් අතරේ හරි තීරණයක් ගත්ත උතුම් කෙනෙක් විදිහට අපිට මේ මෙහෙනින් වහන්සේ දෙනම හදුන්වන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ.
    මෙහෙනින් වහන්සේ නමක් විදිහට ශාසනයට ඇතුල් වෙන්න හේතුව ගැන ඇහුවාම ආශ්‍රමවාසී භික්කුණී ඛේමා මෙහෙනින් වහන්සේ කිව්වේ මේ වගේ කතාවක්.


    " මගේ අම්මා ගුරුවරියක්.. පවුලේ ඉන්නේ අයියයි, අක්කයි, අම්මයි, තාත්තයි. පොඩි කාලේ ඉඳලම මම ආගමට ලොකු නැඹුරුවක් තිබ්බා.. නිවන් මග වඩනවා.. බැදීම් පසුපස හඹා යෑමක් නැහැ දැන්.. බැදීම් එක්ක ජීවිතේ ගත කරන්නනම් පැවදි වෙලා බෑනේ.. ඉතිං ඒ හැමදෙයක්ම දුරස් කරලා තමයි මෙහෙනින් වහන්සේ කෙනෙක් විදිහට පැවදි වුණේ. පැවදි වෙන්න කැමැත්තක් තිබ්බා.. මම ආසා කළේ නිදහසේ ජීවත් වෙන්න.. හිරවෙලා එකතැනකට කොටුවෙලා ඉන්න මම කැමති නැහැ. මම අවුරුදු 6 ක් දේශනා ඇහුවා.. මේ හැමදේම එක්ක මම පසුගිය මැයි පළවැනිදා මහණ වුණා. ඒ මගේ හොඳම යාළුවත් එක්ක. දැන් මම දෙහිවල සිරි සිරි සදහම් ආශ්‍රමයේ වැඩ වාසය කරනවා. "


    තරුණ හදවත් සැම සම්පත්, සතුට, මුදල්, බැදීම් පසුපස එළවද්දි මේ විදිහට තමන් විවාහ වුණු ස්වාමිපුරුෂයත්, හොඳම යෙහෙළියත් බුදුන් කියා දුන් මග යන්න ගත්ත තීරණය කරපු මේ මෙහෙනින් වහන්සේට මේ සසර දුක තේරුම් ගෙන නිවන් අවබෝධවන්නට හේතු වාසනා වේවා.

    meheniya1.jpg
    meheniya10.jpg
    meheniya11.jpg
    meheniya13.jpg
    meheniya14.jpg
    meheniya15.jpg
    meheniya16.jpg
    meheniya17.jpg
    meheniya18.jpg
    meheniya19.jpg
    meheniya2.jpg
    meheniya20.jpg
    meheniya21.jpg
    meheniya22.jpg
    meheniya4.jpg
    meheniya5.jpg
    meheniya6.jpg
    meheniya7.jpg
    meheniya8.jpg
    meheniya9.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රෙඩ් ඒක වේලෙනවා නේද..බම්ප් එකක් වත් නැහැ..
    අසහන ත්‍රෙඩ් වල ඔක්කොම උන් ටික වටවෙලා පන දාගෙන කමෙන්ට් කරනවා...
    ආගමික ත්‍රෙඩ් එකක් දැම්මම බලු බල්ලෙක් නැහැ...
    ඒ වුනාට රැකගන්න හදන්නේ සිංහල බෞද්ධකම..අනිත් ආගම් වල උන්ට කෑගහනවා උන් පල්ලි කෝවිල් යනකොට...
    මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කම පැත්ත පලාතක ඇවිත් රිප්ලයි එකක් දාන්නේ නැහැ බෞද්ධයෝ විදිහට...
    සිඞ්හළු නේ ඉතින්...:rofl:

    බම්ප් :yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :) :) :)
    B U M P
    :):):)
    ත්‍රෙඩ් ඒක වේලෙනවා නේද..බම්ප් එකක් වත් නැහැ..
    අසහන ත්‍රෙඩ් වල ඔක්කොම උන් ටික වටවෙලා පන දාගෙන කමෙන්ට් කරනවා...
    ආගමික ත්‍රෙඩ් එකක් දැම්මම බලු බල්ලෙක් නැහැ...
    ඒ වුනාට රැකගන්න හදන්නේ සිංහල බෞද්ධකම..අනිත් ආගම් වල උන්ට කෑගහනවා උන් පල්ලි කෝවිල් යනකොට...
    මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කම පැත්ත පලාතක ඇවිත් රිප්ලයි එකක් දාන්නේ නැහැ බෞද්ධයෝ විදිහට...
    සිඞ්හළු නේ ඉතින්...:rofl:

    බම්ප් :yes:

    ලෝකේ මිනිස්සු ආගමික වශයෙන් බෙදන මිම්ම දැන් ගොඩක් පරණයි පුතා .! ඉන්නේ මිනිස්සු කොටස් දෙකයි .එක කොටසක් හොද මිනිස්සු අනෙක් එවුන් නරක මිනිස්සු .! මම දැම්මේ හොදයි කියල කියන පිරිසට .! එතන ඉන්නේ බෞද්ධයද මුස්ලිම් මිනිහද කියන එක මට අදාල නැත
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :):):)


    ලෝකේ මිනිස්සු ආගමික වශයෙන් බෙදන මිම්ම දැන් ගොඩක් පරණයි පුතා .! ඉන්නේ මිනිස්සු කොටස් දෙකයි .එක කොටසක් හොද මිනිස්සු අනෙක් එවුන් නරක මිනිස්සු .! මම දැම්මේ හොදයි කියල කියන පිරිසට .! එතන ඉන්නේ බෞද්ධයද මුස්ලිම් මිනිහද කියන එක මට අදාල නැත

    :yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    ලෝකේ මිනිස්සු ආගමික වශයෙන් බෙදන මිම්ම දැන් ගොඩක් පරණයි පුතා .! ඉන්නේ මිනිස්සු කොටස් දෙකයි .එක කොටසක් හොද මිනිස්සු අනෙක් එවුන් නරක මිනිස්සු .! මම දැම්මේ හොදයි කියල කියන පිරිසට .! එතන ඉන්නේ බෞද්ධයද මුස්ලිම් මිනිහද කියන එක මට අදාල නැත

    :yes: :yes: :yes: