භික්ෂුවට දේශපාලනය තහනම්
භික්ෂුවට දේශපාලනය තහනම්. අමරපුර නිකායක් තීරණය කරයි.
"අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකායේ කිසිදු භික්ෂුවක් නිකායේ අවසරයකින් තොරව සක්‍රීය මැතිවරණ කටයුතුවල යෙදීම හා ශ්‍රමණ විරෝධී ක්‍රියාවක යෙදීම තහනම් කිරීමට අද (24) සවස පැවැත් වූ එම නිකායේ සුධර්මාකාරක සංඝ සභාව තීරණය කළේය.
අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී අමරපුර සිරි සද්ධර්මවංශික නිකායේ මහා නා හිමියන්ගේ මූලිකත්වයෙන් බළපිටිය වැලිතර මහා කප්පින සීමාමාලකයට රැස් වූ සංඝ සභාව එම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් කථිකාචාර්ය බළපිටියේ සිරි සීවලි නාහිමියෝ ප්‍රකාශ කළහ.
මේ අනුව එම නිකායේ භික්ෂුවක් ශ්‍රමණ සාරුප්ප්‍යයට නොගැලපෙන උද්ඝෝෂණ, රැස්වීම්, පොලිසිය සමග ගැටීම් සහ සක්‍රීය මැතිවරණ කටයුතු වලට නිකායේ අවසරයකින් තොරව සහාභාගී වීම තහනම් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ."
පුවත: ලංකාදීප පුවත්පත 2014.02.24
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මාර්ගඵල මහානිසංස ලැබෙන්න ඕනේ මේ ගත්ත තීරණයට. මොකද අපේ සාසනය රැක ගන්න නම් නායක ස්වාමින්වහන්සේලා හැටියට ඔබ වහන්සේලා දේශපාලඥයින්ට යට නොවී කොන්ද කෙලින් තියාගෙන, මහා සංඝයා වහන්සේලාම එක මතයක් සහිතව ඉන්න ඕනේ. අද සමාජයේ සංඝයාවහන්සේලාට තියන ගරුත්වය අඩුවෙන්න එක හේතුවක් ඔය පක්ෂ දේශපාලනය. පෙර රජ දවස මෙන් දේශපාලඥයින්ට අනුශාසනාවෙන් පමණක් දායක වේවා! අනෙකුත් නිකායන්හි ස්වාමීන් වහන්සේලාද මෙය ආදර්ශයක් කර ගනිත්වා.
බුකියෙන් ගත්තේ.
ඔන්න කාලෙකින් බෞද්ධ අපිට බුද්ධ ශාසනයේ අනාගත උන්නතිය ගැන සුභවාදී ආරංචියක් . මේ තීරණ ගන්න ඉදිරිපත් උන සියලුම ස්වාමීන්වහන්සේලාට දීර්ඝායු ලැබේවා. නිර්මල බුදු දහම අනාගතයට ගෙනියන්න ශක්තිය දහිරිය දේවාශිර්වාදය ලැබේවා...