භික්ෂු පනතට මල්වතු මහානාහිමිගේ ප‍්‍රසාද&
භික්‍ෂු නිකායික කතිකාවත කාලෝචිත පනතක් - මල්වතු පාර්ශ්වයේ මහානායක
හිමිගෙන් බුද්ධ ශාසන ඇමැතිට ලිපියක්
සිරිල් විමලසුරේන්ද්‍ර
ථෙරවාදී භික්ෂු නිකායික කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනතට විරෝධය පළකිරීම නොව අවශ්‍ය සංශෝධන තිබේ නම් ඒවා ඉදිරිපත් කර මෙම කාලෝචිත පනත සම්මත වීමට ඉඩ හැරිය යුතු යෑයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පවසති.
මෙවන් පනතක් අවශ්‍ය බව පෙන්වා දෙන අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වත්මන් රජය ඉටුකිරීමට පියවර ගෙන තිබෙන්නේ කලක් තිස්‌සේ එවකට පැවති රජය මගින් ක්‍රියාත්මක කර ගැනීමට අපොහොසත් වූ අත්‍යාවශ්‍ය කාර්යයක් ඉටුකර ගැනීම බව ද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියක සඳහන් වෙයි.
- http://www.divaina.com/2016/01/25/news38.html
භික්ෂු පනතට මල්වතු මහානාහිමිගේ ප‍්‍රසාදය
ලක්දිව සඟ සසුන ඇතිවූ තැන් පටන් ශ්‍රද්ධාවන්ත රාජ-රාජ මහාමාත්‍යාදීන්ගේ සහභාගිත්වයෙන් සංරක්ෂණය කළ ලංකා භික්ෂු ශාසනයේ චිර පැවැත්ම සඳහා කිසියම් ශාසනික වැඩපිළිවෙළක් මෙකල වුවමනාවී ඇති බව විචාරවත්ව, බුද්ධිමත්ව කල්පනා කරතොත් කාට වුවද වැටහෙනු නියත යැයි මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ථෙරවාදී භික්ෂු නිකායික කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
මහනාහිමියෝ නිකුත් කළ නිවේදනයෙහි මෙසේද සඳහන් වෙයි
දැනට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාවේ පවතින සියලුම ථෙරවාදී භික්ෂු නිකායන් වෙනුවෙන් කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා සහ ඊට සම්බන්ධ වන්නාවූද ආනුෂංගික වන්නා වූ ද කරුණු සඳහා විධිවිධාන පනවන පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රකාශ කරමින් සිටින බව ජනමාධ්‍ය මඟින් අනාවරණය වෙමින් පවතී.
ලංකා ඉතිහාසය දෙස බලන විට අපේ රජදරුවන් වරින් වර ධර්මධර විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් සම්මුතියට පැමිණ කතිකාවත් ඇතිකොට භික්ෂු ශාසනය ශෝධනය කළ බව මැනැවින් පෙනී යයි. පොළොන්නරු මහා පරාක්‍රමබාහු කතිකාවත, නිශ්ශංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත, හයවැනි පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත යනාදී කතිකාවත් තුළින් භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂා කළ රජදරුවෝ කතිකාවත් සම්පාදනයට මෙන්ම ඒවායින් ඇතිකරගන්නා ලද සම්මත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කරවීමට අදාළ වන රාජ බලය ලබාදී සසුන පිරිසුදු කළ අයුරු මනාව පැහැදිලි වන්නේය. අපේ රජදරුවන් එකී කතිකාවත් තුළින් අපේක්ෂා කළේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනයයි. භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂාවෙන් පසු කලෙක ශාසනාභිවෘද්ධිවර්ධන කතිකාවත, පරම ධම්ම කතිකාවත, මල්වතු මහාවිහාර පාර්ශ්වීය අභිනව කතිකාවත, ශාසනාරක්ෂක කතිකාවත, අමරපුර හා රාමඤ්ඤ නිකායික කතිකාවත් යනාදී වශයෙන් ඒ ඒ පාර්ශ්ව හා නිකායික කතිකාවත් ඇති කරගත් නමුත් ඒවාට නෛතික බලයක් නොමැති වූයෙන් අපේක්ෂා කළ අරමුණු සාධනය කරගැනීම දුෂ්කර විය.
එනයින් බලන විට ධර්මධර විනයධර මහතෙරුන්ගේ සම්මුතියෙන් ඇති කරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ බලය හෙවත් නෛතික බලය ලබාගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇතිවූවක් නොවන බව පැහැදිලිය. මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ එවකට පැවැති රජයට කරුණු ඉදිරිපත් කරන ලදී. ඊට අදාළ වන සම්මුතීන්ද ඉදිරිපත් කරනු ලැබ ඇත. එහෙත් එවකට පැවැති රජය අත්‍යවශ්‍යව පැවැති ඒ ශාසනික කටයුත්තට හුදෙක් දේශපාලනික අරමුණු නිසා මූලික තැනක් දුන් බවක් නොපෙනේ. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ද බැඳී සිටිනා හෙයින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා පෝෂණය පිණිස ඉවහල් වන පරිදි පිහිටුවා තිබූ බුද්ධශාසන අමාත්‍යාංශය අහෝසි කළ අවස්ථාවේ එය යළි ස්ථාපනය කරවා දෙන ලෙස තෛ්‍රනිකායික මහනායක මාහිමිපාණන්වරුන්ට රජයෙන් ඉල්ලා සිටීමට පවා සිදුවී තිබීමෙන් ඇතිවෙමින් පැවැති තත්ත්වය වටහා ගත හැකිය. මෙසේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මඟහැර යෑම නිසාත්, යම් යම් දේශපාලනික අරමුණු අරබයා නොසලකා හැරීම නිසාත් අද වන විට ඒවා තවදුරටත් විස¼දා ගත නොහැකි ගැටලු සහගත තත්ත්වයට පත්වෙමින් තිබෙනු දක්නා ලැබේ.
වර්තමාන රජය විසින් ආරම්භ කොට ඇත්තේ පසුගිය රජය විසින් නොසලකා හැර තිබූ එකී ශාසනික කටයුත්තයි. මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳ හා ඇතැම් භික්ෂුන්ගේ ශාසනික විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්‍රශ්නය ගිහිපැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ල කරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යෑම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන්ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදුවිය.
ශිෂ්ට ලෝක ශාසන සංග්‍රහය දීර්ඝ කාලයක් නොනැසී පවත්වනු සඳහා අදාළ වන කෘත්‍ය සම්පාදනයෙහි ප්‍රමුඛව, අනලස්ව නියුක්ත වීම වර්තමාන භික්ෂුන් වහන්සේ වෙත පැවරී ඇති ප්‍රතික්ෂේප කළ නොහැකි කාර්යභාරයක් බව කා විසිනුත් අවබෝධ කරගත යුතුව ඇත. මෙබඳු ශාසනික කටයුත්තකදී දේශපාලන පක්ෂවලට බෙදී හැම කාරණයකටම විරුද්ධ වීමේ ප්‍රතිපදාව නොව සෙදාස් තැන් තිබේ නම් නිෙදාස් කොටගෙන මෙකල ශාසනාරක්ෂාව සඳහා කරනු ලබන ඒ ඒ පාර්ශ්වීය වශයෙන් හෝ ඒ ඒ නිකායන් වශයෙන් හෝ අදාළ වන පරිදි ධර්ම ව්‍යවස්ථාවන් ඇති කරගෙන ශාසන ශෝධනයකට ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව ගිහි පැවිදි කාගේත් සිත් යොමු කරවීමට කටයුතු කළ යුතුව ඇත.
ශීල පාරිශුද්ධිය ගරුකොට නොසැලකීමත්, නොයෙක් අකටයුතුකම්වල යෙදෙන ශ්‍රමණ වේශධාරී දුසිල්වතුන් බහුල වීමත්, දුසිල්වත් භික්ෂුන්ගෙන් තම පාර්ශ්වයට හෝ නිකායට සිදුවන අගතිය වළක්වා ගැනීමට, පාලනය කරගැනීමට මහනායක හිමිවරුන් ප්‍රමුඛ සංඝ සභාවලට ඇති පාලන බලයක් නොමැති වීමත් නිසා ශාසනික පරිහානිය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.
එබැවින් ඒ ඒ පාර්ශව විසින් හෝ නිකායන් විසින් ස්වකීය මහනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවන්ගේ සම්මුතියෙන් ඇතිකරගනු ලබන කතිකාවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කොට ලියාපදිංචි කොට රාජ්‍ය නෛතික බලයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම පනත් කෙටුම්පත පිළිබඳ දේශපාලන පක්ෂ හා වෙනත් පටු පරමාර්ථයන්හි නොපිහිටා කටයුතු කිරීම වඩාත් වැදගත් වන්නේය. එය වර්ෂ 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ අංක 41.1 වගන්තියෙන් ක්‍රියාත්මක වන සාමණේර හා උපසම්පන්න භික්ෂුන් නිවැරැදි ලෙස ලියාපදිංචි කිරීම වැනි ක්‍රියාදාමයකි. එමඟින් අපගේ අපේක්ෂාව වන්නේ ඒ ඒ පාර්ශ්ව හෝ නිකායන්ගේ සම්මුතියෙන් ඇති කරගනු ලබන ශාසනික කතිකාවත් සඳහා නෛතික බලය ලබාගෙන පාර්ශ්වීය හෝ නිකායික භික්ෂු සංඝයාගේ ශාසනික පාරිශුද්ධිය ඇති කර සම්බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනය ඇතිකර ගැනීමයි.
- http://mawbima.lk/86-103990-news-detail.html
භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරිමේ පනත වසර 30 ක් තිස්සේ ශාසන භාරධාරී නායක මහානායක හිමිවරු රජයෙන් ඉල්ලා සිටි දෙයක් - ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි
මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරිමේ පනත යනු වසර 30 ක පමණ කාලයක තිස්සේ ශාසන භාරධාරී නායක මහානායක හිමිවරු තම තම නිකායන්හි විනය පවත්වාගෙන යාම සඳහා තමන්ගේ නිකායේ කතිකාවත් අනුව ගන්නා තින්දු තීරණවලට අධිකරණ බලයක් ලබා දෙන්නැයි රජයෙන් කරන ලද ඉල්ලීමක් යයි ද මේ සම්බන්ධයෙන් අප සළකා බැලිය යුත්තේ පටු දේශපාලන ස්ථාවරයන්හි පිහිටා නොව පොදු සංඝ ශාසනයේ යහපත හෝ අයහපත පැත්තෙන් සළකා යයි ද බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් දිණමින පුවත් පතට ප්‍රකාශ කර තිබේ.
සෝභිත නාහිමියන් මෙසේ ප්‍රකාශ කර ඇත්තේ භික්ෂු කතිකාවත් පනත සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කළ විමසීමකදී ය.
මේ අනුව බලන විට පෙනී යන පැහැදිළි කරුණක් නම් දැනට සීග්‍රයෙන් පිරිහී යන භික්ෂු සමාජයේ ආරක්ෂාව හා උන්තතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත භික්ෂු ව්‍යවස්ථා මාලාවක් අත්‍යවශ්‍ය යැයිද සෝභිත නාහිමියන් ප්‍රකාශ කර තිබේ.
වැඩි දුරටත් අදහස් දක්වන සෝභිත හිමියෝ මෙසේ පවසති.
අද රටේ පැනනගින සෑම ප්‍රශ්නයක් ම ඒ ඒ අය විග්‍රහ කරනු ලබන්නේ තම තමන්ගේ දේශපාලන අරමුණ ඉටු කරගන්නට හා දේශපාලන වෛරය පිරිමසාගන්නටයි. මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් හෝ මෛත්‍රීපාල සිරිසේනගේ පැත්තෙන් සිටගෙන සිටින අය ඉදිරිපත් කරන අදහස් සතර අගතියෙන් යුතුවන බැවින් ඒවා නියම මධ්‍යස්ථ බුද්ධ ගෝචර ශාසනානුලෝමික අදහස් ලෙස ගන්නට බැහැ. මේ පනත ගැන බැලිය යුත්තේ සුපේෂල ශික්ෂාකාමී ගුණගරුක සංඝ පරපුරක් බිහි කිරීම වෙනුවෙන් මේ පනතේ වගන්ති කෙතෙක් දුරට උපයෝගී වනවාද යන ප්‍රශ්නය මත සිටගෙනයි.
ඒ අනුව පෙනි යන්නේ දැනට වසර 30 ක පමණ කාලයක සිට ශාසන භාරධාරී නායක මහානායක හිමිවරු තම තම නිකායන්හි විනය පවත්වාගෙන යාමට රාජ්‍ය අනුග්‍රහය ඉල්ලා සිටි බවයි. රාජ්‍ය අනුග්‍රහය යනු වෙන කිසිවක් නොව තම තමන්ගේ නිකායේ කතිකාවත් අනුව ගන්නා තින්දු තීරණවලට අධිකරණ බලයක් ලබා ගැනීමයි.
මේ පනත මගින් සිදුකරන සරළ ක්‍රියාකාරිත්වය නම් ඒ ඒ සංඝ සභාවලය නෛතික බලයේක යුක්ත අධිකරණ පද්ධතියක් ලැබිමයි. යම් යම් අඩුපාඩු ඇත්නම් එය සකස් කරගෙන මේ පනතින් ගත හැකි ප්‍රයෝජනය ලබා ගැනීමටයි අප ක්‍රියාකළ යුත්තේ.
බුදු සසුන රැක ගැනීම සඳහා රජයක් මගින් කළ යුත්තේ ගොඩනැගිලි සඳහා ආධාර දිම, පෙරහැර පැවැත්වීම්, උපහාර උත්සව පැවැත්වීම් හෝ නායක අක්ත පත්‍ර දීම ආදී බාහිර ක්‍රියාවන් නොව බුදු සසුනේ පැවැත්ම සඳහා වන පියවරයන් ගැනීමයි. එහිදී මෙබඳු පනත් මගින් භික්ෂු සාසනය ආරක්ෂා වන බැවින් මෙවන් ක්‍රියාවන් රජය අනුගමනය කළ යුතු බව ද සෝභිත නාහිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
(ඇඹිලිපිටියේ ඩබ්ලිව්.විදානපතිරණ දිණමිනට කරන ලද වාර්තාවක් ඇසුරිනි)

Last edited:
උඹටත් ඉඳල ඉඳල නිවුස් එකක් දාන්න එකක් අහුඋනා නේ