භික්ෂු ශාසනයේ පවතින කුලබේධය කරළියට!
ලාංකීය භික්ෂු ශාසනයේ පවතින කුලබේධය කරළියට!
බොදුබලසේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර විසින් තමන්ව තමන් වැඩ සිටි පංසලෙන් එලවා දැමුවේ කුල ප්‍රශ්නයක් මත බව මලවුවේ කළ්යානධම්ම හිමියෝ පැවසීම නිසා ලාංකීය බුද්ධ ශාසනයේ පවතින කුලබේධය ප්‍රසිද්ධ කරළියට පැමිණ තිබේ. මෙය මීට ඉහත මා විසින් එළිදරව් කරන විට බොහෝ අන්තවාදී බොදුනුවන් මා හට පරිභව කළේ මා බුදු දහමට අපහාස කරන බවයි. ඇත්තෙන්ම බුදු දහමට අපහාස කරන්නේ මා නොව දැනට ලාංකීය බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් ලෙස සිටින අයයි. බුදුන් වහන්සේ කුළ බේධය ප්‍රථික්ෂේප කළ ශාස්තෘ වරයෙකි. නමුත් ථෙරවාදී බුද්ධ ශාසනයේ මුදුන් මල්කඩ වන ලාංකීය බුද්ධ ශාසනය තුල කුලබේධය ඉහවහා ගොස් ඇත.
ලංකාවේ කතෝලික වරු බහුතරයක් සිටින්නේ මුහුදු බඩය. ඇත්තෙන්ම ඔවුන් අතීතයේ බොදුනුවන්ය. ඔවුන් කතෝලික වීම පිටුපස තිබෙන මුලික කාරණය කුමක්දැයි ඔබ දන්නවාද? එයට ප්‍රධානතම කාරණය අදටත් වඩා අතීතයේ මෙරට කුලබේධය දැඩිලෙස මුල්බැස තිබීම නිසාවෙනි. එකල මුහුදු බඩ සිටි කරාව සහ දුරාව කුලයේ ජනතාවට තමන්ගේ අවමගුලකදී පාංශකූලය දීමටවත් භික්ෂුන් නොවීය. මන්ද කුලබේධය එයට හරස් වීම නිසාවෙනි. එකල එම කුලවල ජනතාවට භික්ෂුත්වය ලැබීමට භික්ෂු නිකායක් නොවීය. නමුත් වර්තමාතමානයේ හීන කුලවල අයටද ශාසනයට ඇතුළු වීමට සංඝ පරපුරවල් ඇත. නමුත් ඒ පැමිණියේ වැලිවිට සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේගෙන් පසුවය. එහිමියන් කලින් ලාංකීය භික්ෂු ශාසනයේ භික්ෂුත්වය නොලැබීම නිසා ගණින්නාන්සේ කෙනෙකු සිට පසුව පිටරට ගොස් උපසම්පදාව ලැබ මෙරට හීන කුලවල අයටද උපසම්පදාව විවෘත කිරීමට හැකිවිය.
නමුත් තවමත් මෙරට භික්ෂු ශාසනයේ ඉහලම තනතුරු දැරීමට ගොවිගම කුලයෙන් පිටත අයට අවස්ථාව නැත. විශේෂයෙන් බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන දලදා මාලිගාවේ තනතුරු වලට හීන කුලවල භික්ෂුන් වහන්සේලාට කිසිදු අවස්ථාවක් නැත. ගොවිගම කුලයේ වුවද උඩරට / පහත රට සහ විවිධ පාර්ශව බේධ ඇත. දැනට පවතින සංඛ්‍යාලේඛන අනුව ලාංකීය සිංහල සමාජයේ 48% සිටින්නේ ගොවිගම කුලයේ ජනතාවයි. මෙනයින් බලන කල සිංහල සමාජයේ බහුතරය හීන කුල අයවළුන්ය. වත්මන් ලාංකීය භික්ෂු ශාසනයේ සිටින මහනාහිමිවරුන් කුලය මත පදනම්ව තනතුරු ලැබු අයයි.
මලවුවේ කළ්යානධම්ම හිමියන්ගේ ප්‍රකාශය මෙතැනින් අසන්න.

... 