භික්‍ෂුවක් තමන්ම චිතකයක් සාදා ගිනි තබාගෙන අපවත් වෙති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නවගමුව පත්තිනිවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ භික්ෂූන් වහන්සේ නමක් තමන් වහන්සේ සඳහා ගත් චිතකයක් මත ගිනි තබාගෙන අපවත් වී තිබේ.

    කඩුවෙල පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අපවත් වී ඇත්තේ කෝට්ටේ ධම්මානන්ද නැමැති අසූ එක් හැවිරිදි හිමිනමක් බවයි.

    උන්වහන්සේ වසර දහ නවයක් තිස්සේ මෙම ස්ථානයේ වැඩවාසය කළ බවත් පොලීසිය කියා සිටියි.

    මින් පෙර ද උන්වහන්සේ එම අසපුවේ චිතකයක් සාදා ගෙන සිට ඇති බවත් පසුගිය ජනවාරි මාසයේදී ආවාස ගෙය අසලම චිතකයක් ඉදිකරගෙන තිබී ඇතැයි ද ගිනි තබාගෙන ඇත්තේ එම චිතකය මත බවද පරීක්ෂණවලදී හෙළිව තිබේ.

    තමන් වහන්සේ ඊයේ දින අපවත් වන බවට දිනපොතක සටහනක් තබා ඇතැයි පොලිසිය කියා සිටී.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    සියදිවි නසා ගැනිමක් ලෙස නිවරදි විය යුතුයි. බුදුන් වහන්සේගේ දෙශානා මෙවා නෙවේයි බන්.
    Ayu sansakara ivara wenawa kiyala dekala wate ayata karadarayak wen nethi wenna gini tiyagattada danne nane
     
    • Like
    Reactions: lasankandy and NRTG

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    954
    1,792
    93
    මට මේ සිද්දිය හරියට මතක නෑ.කාට හරි පුළුවන් නම් මටත් මේ සිද්දිය මතක් කරල දෙන්න,අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන.බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔහොම සිදුවීම් ගණනාවක් වෙලා තියෙනවා.එතකොට ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරල තියෙනවා මේ දේ වෙන එක නවත්තන්න කියලා.අවබෝද ලබලමයි උන්වහන්සේලා ඒ දේ කරගෙන තිබුනේ.එතකොට තමයි ඉහ ආත්ම සුක විහරණය සමබන්දව දේශනා කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Ow rahat unata passe bella kapa gena ayu sanskara ivarakaragatta rahat wahansela idala tiyenawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Ayu sansakara ivara wenawa kiyala dekala wate ayata karadarayak wen nethi wenna gini tiyagattada danne nane
    ඊට වඩා ලෙසිනෙ බන් පන ගිහින් මලා නම් BBQ වෙන්න ඔන ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මට මේ සිද්දිය හරියට මතක නෑ.කාට හරි පුළුවන් නම් මටත් මේ සිද්දිය මතක් කරල දෙන්න,අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන.බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔහොම සිදුවීම් ගණනාවක් වෙලා තියෙනවා.එතකොට ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරල තියෙනවා මේ දේ වෙන එක නවත්තන්න කියලා.අවබෝද ලබලමයි උන්වහන්සේලා ඒ දේ කරගෙන තිබුනේ.එතකොට තමයි ඉහ ආත්ම සුක විහරණය සමබන්දව දේශනා කරලා තියෙන්නේ.
    @greenthunder ගෙන් අහලා බලමු.
     
    • Like
    • Love
    Reactions: NRTG and niroshanab

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    @greenthunder ගෙන් අහලා බලමු.

    ගෝධික සූත්‍රය. හැබැයි රහත් වුනාට පස්සේ නෙමෙයි. ධ්‍යානයන්ගෙන් පිරිහීම නිසා ඇතිවුන කළකිරීමෙන් පසුවයි සියදිවි නසාගන්න උපක්‍රමය යොදවන්නේ. ඒ උපක්‍රමය යොදවන මොහොතේදි ගෝධික ස්වාමීන්වහන්සේ ගෝධික රහතන් වහන්සේ බවට පත්වුනා කියලා තමා සඳහන් වෙන්නේ.

    edited

    ඕපී එකයි රිප්ලයි එකයි පැටලුනා. මේ අහන්නේ වෙන කතාවක්.

    edited

    සූත්‍රයක් හමුවුනා. මේ කියන කතාවට ලඟ සිදුවීමක් සඳහන් වෙන්නේ අසුභ සූත්‍රයේ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ඊට වඩා ලෙසිනෙ බන් පන ගිහින් මලා නම් BBQ වෙන්න ඔන ද
    Nane rahatekta ayu sansakara ivara wena time eka tappareta kiyanna puluwan.ewelmea gini tiyagattada danne nane
     
    • Haha
    Reactions: c2r

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    Can’t a monk take their own life? What does Buddhism has to do with it? And why are we so quick to denounce the concept of suicide. As far as I know Buddha never assessed the question of suicide and never settled the matter categorically.

    Nyanaponika did commit suicide due to his ailments and he had wisdom and sound judgement more than all of ours combined.

    As long as it doesn’t develop into a case of mass hysteria or doesn’t have economic origins, who cares.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Gunther

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113

    දිවි නසා ගැනීම​

    “න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”

    “මහණෙනි, ආත්මය පර්වතාදියෙන් නො හෙළිය යුතුය, ජීවිතය නො නසා ගත යුතුය, යමෙක් එසේ කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි අදහස ය. අනුන්ගේ ජීවිතය නැසීමෙන් පාරාජිකා වන්නාක් මෙන් ප්‍ර‍පාතවලට පැනීම් ආදියෙන් සිය දිවි නසා ගැනීමෙන් පාරාජිකාපත්ති නො වේ. උඩ සිට බිමට පැනිම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වස කෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නො ගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ. දීර්ඝ කාලයක් පවත්නා වූ යම් දරුණු රෝගයක් ඇති භික්ෂුවක් නිසා උපස්ථායකයන්ට බොහෝ වෙහෙසෙන්්නට සිදු වේ නම් උපස්ථායකයෝ රෝගියා පිළිකුල් කෙරෙත් නම් මේ කරදරය කවදා කෙළවර වේ දැයි සිතත් නම් ප්‍ර‍තිකාර කළ ද මේ ආත්මය නො පවත්නේය, මා නිසා උපස්ථායකයෝ ද වෙහෙසෙත්ය යි සිතා ආහාර ප්‍ර‍තික්ෂේප කොට සිටීමෙන් ඇවැත් නො වන බව අටුවාවෙහ දැක් වේ. සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍ර‍තික්ෂේප කිරීම සුදුසු බව ද අටුවාවෙහි දක්වා ඇත.

    මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින් ය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ඡන්න භික්‍ෂුව විසින් නැවත ඉපදීමක් නැති ආයුධයකින් දිවි තොර කරගැනීම කරන ලද්දේයයි, ශාරීපුත්‍රය, මෙය මෙසේ දරවයි, වදාළ සේක.
     
    • Like
    Reactions: NRTG

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    954
    1,792
    93
    ගෝධික සූත්‍රය. හැබැයි රහත් වුනාට පස්සේ නෙමෙයි. ධ්‍යානයන්ගෙන් පිරිහීම නිසා ඇතිවුන කළකිරීමෙන් පසුවයි සියදිවි නසාගන්න උපක්‍රමය යොදවන්නේ. ඒ උපක්‍රමය යොදවන මොහොතේදි ගෝධික ස්වාමීන්වහන්සේ ගෝධික රහතන් වහන්සේ බවට පත්වුනා කියලා තමා සඳහන් වෙන්නේ.

    edited

    ඕපී එකයි රිප්ලයි එකයි පැටලුනා. මේ අහන්නේ වෙන කතාවක්.

    edited

    සූත්‍රයක් හමුවුනා. මේ කියන කතාවට ලඟ සිදුවීමක් සඳහන් වෙන්නේ අසුභ සූත්‍රයේ.
    මේ සිදුවීම තමයි.බොහොම පින්
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Ow rahat unata passe bella kapa gena ayu sanskara ivarakaragatta rahat wahansela idala tiyenawa.
    රහත් උනාට පස්සෙ නෙමෙ බන්, දරුනු ලෙඩක් හැදිලා උහුලන්න බෑරි.. බෙල්ල කපා ගත්තාම ඒ වේදනාව විදර්ශනා කරල රහත් වෙලා.
     
    • Like
    Reactions: NRTG