භිෂණයේ අදුරු මතකය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    භිෂණයේ අදුරු මතකය

    03 August 2012
    අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින් (භිෂණයේ අදුරු මතකය)

    අසුනවයේ භිෂණය අදුරු මතකය. මෙය ලිවීමට මුලික උනේ ප්‍රහාරය බ්ලොග සුමිත්ගේ භිෂණය පිළිබද ලිපියයි.. සුමිත් නිරිඇල්ල ට තරම් අත්දැකීම් නැතත් අසුනවයේ වකවානුව ගැන මටත් ඇත්තේ අප්‍රසන්න මතකයකි.. යන්තම් හය හතර තේරෙන වයසේ සිටිමුත් භීෂණයේ භයංකරත්වයේ මුසල මතකය මගේ හිතේ හොදින්ම තැම්පත් වී ඇත..

    ඒවකට බස්නාහිර පළාතේ පුංචි ගමක ජීවත්වූ මා මුලින් මුලින් දුටුවේ.. හදිස්සියේ අවි අයුධ රැගෙන පැමිණෙන හමුදා බටයන් සහ පොලිස් නිලධාරින් නිතර නිතර ගම පුරා ඇවිදීමයි.. දහවල් කාලයට වඩා විශේෂයක් රාත්‍රී කාලයට තිබුනා.. එයට හේතුව රාත්‍රී කාලයේ ගම පුරහා සැරි සරුවේ හමුදා සෙබළුන්ම පමණක් නොවීම..

    රාත්‍රීයේ දී කණ්ඩායම දෙකම තමුන්ගේ බලපුළුවන්කාර කම් ප්‍රදර්ශනය කරන්න උනා.. දෙපැත්තෙන්ම බැට කන්න උනේ අහිංසක ගැමියන්ට.. ඒක පැත්තකින් රජ්‍ය නීතියට අවනත වීමට සිදුවූ අතර තව පැත්තකින් රාජ්‍ය විරෝධී කණ්ඩායම්වල තර්ජන වලට යටත් වීමට සිදු විය.. එයට විරුද්ධ වූ අහිංසක ජිවිත කියක්නම් මරණයට ගොදුරු වුනිද..

    බොහෝ දිනවල දහවල් කාලයේ නගරයේ කඩ සාප්පු වසා දැමීමට සිදුවී තිබුනී.. එයට හේතු වුයේ රාත්‍රි කාලයේ කණ්ඩායම් විසින් එල්ල කල තර්ජන වලට යටත් වීමට කඩ සාප්පු හිමි කරුවන් හට සිදුවීමයි ... “ නැවත දන්වන තුරු වසා දැමිය යුතුය”

    එහෙත් පසුදා උදැසන හමුදාව විසින් තර්ජනය කර සිටින්නේ “ සියලුම කඩ සාප්පු විවුර්ත කරන්න සාමාන්‍ය විදියට යන්න” නිතින් දෙකක් අතර අතරමංවූ මිනිසුන් කුමක් කලයුතුද? රටේ නීතියද නිදාගෙන සිටි එම යුගයේ රජ කලේ කෑලෑ නීතියම පමණි..

    බොහෝ දිනවල රාත්‍රියට විදුලිය විසන්ධි වීමක් සිදුවන අතර . කුප්පි ලාම්පු එලිත් එක්මනින් නිවා දමා අදුරට ගුලි වන්නේ නිදිමතටම නොව.. බොහෝ දිනවල රාත්‍රී කාලයේදී අසන්නට ලැබෙන පරුෂ වචනයෙන් කෑගසගෙන යන වාහන ශබ්ධය , ඉද හිට ඇසෙන අහසට වෙඩි තියන ශබ්ධය , විලාප. හඩවල් ඇසීමට ඇති අකමැත්ත නිසාමය..

    එහෙත් වැඩි කාලය යන්නට මත්තෙන් රාත්‍රියේ නිදාගෙන සිටින නිවෙස් වලටද පැමිණ නිවැසියන්ගේ හැදුනුම්පත් රැගෙන යාමට කණ්ඩායම පුරුදු විය.. එය කුමන අරමුණක් හේතු කරගෙන සිදුකලද මේ වනතුරුත් එම හැදුනුම් පත් නැවත කවදාවත් හිමි කරුවන්ට ලැබූනේනම් නැත..

    දිනෙන් දින තත්වය උත්සන්න විය.. ගම පුරා තැනින්තැන තරුණයන් එකා දෙන්නා අතුරු දහන් වන්නට විය.. එම අතුරු දහන් වීම් වල වගකීම ගන්නට කෙනෙක් සිටියේ නැත.. නිෂ්චිතව කළා යැයි වරදක් පෙන්වීමට කෙනෙක් නැත .. මේ දඩුවම් විදින්නේ කුමන වරදටද කියාවත් නොදන්නා වුන්ද දඩුවම් විද මරණයට පත්වී තිබුණි.. වදකාගාරයට ගිය කිසි කෙනෙක් නැවත නිරුප්පදිතව පැමිනුනේනම් නැත.. රුධිරයම ඉල්ලා වැටෙන භූමියක මනුස්ස කමට කිසිසේත් ඉඩක් නැත..

    අතුරු දහන්වූ දරුවන් සොයා ගිය දෙමාපියන්ට කිසිදාක ඔවුන්ගේ විස්තරයක් පොලිසියකින් හෝ හමුදා කාර්යාලයකින් ලබාගත හැකි වුනේ නැත.. යන්තමින් හෝ බලයක් තිබු පුද්ගලයන් එම බලය යොදාගෙන තම පුද්ගලික අරමුණු හෝ පෞද්ගලික එදිරිවාදී කම් වලට දඩුවම් කිරීමට යොදාගත්හ.. නමුත් එම ගිනුම්ද බැර වුයේ භිෂනයටමය ..

    වැඩි දිනක් යාමට මත්තෙන් තරුණයන් එකා දෙන්නා ගමේ කිහිප පොලක මරා ටයර් දමා පුළුස්සා තිබුණි.. එහෙත් ඒ සිටින්නේ අපගේ ග්‍රාමයේ තරුණයන්ම දැයි හරි හැටි වටහා ගැනීමට හැකියාවක් තිබුනේ නැත.. ඒ තරමටම ඒම සිරුරු පිලිස්සී විකුර්තිවී තිබුණි .. ඒම චිතකයන් දකින විට දරුවන් අතුරුදහන් වූ මව් වරුන් නගන අදෝනා හදවතක් ඇත්තෙක්ට අසා සිටිය නොහැක.

    බොහෝ විට ඒම ටයර් සැයවල් තිබුනේ ගමේ සිට ප්‍රධාන පාරට වැටෙන තුන්මං හන්දිය අසලය.. ඒ තුන්මං හංදිය වටේටම තිබුනේ කුබුරු යායකි.. නිවාස බොහෝ දුරින් තියෙන බැවින් .මිනිමරුවන්ගේ තෝරාගැනීම සාර්ථකය . කුමන හෙතුවකට හෝ ඒම යුගයේ කිසිම මිනිසෙක් රාත්‍රියේ මෙතනින් ගමන කලේ නැත. එතැන් රාත්‍රියේ භිෂණය රජ කරන්නන්ගේ තෝතැන්නක් වී තිබුණි.. උදැසන ඉද හිට මිනී පිච්චෙන ගද දැනෙන විට සියලුම මිනිසුන් මෙතනට රොක්වෙති..

    ඒ දවස ඉබාගාතේ ඇවිදින බල්ලන්ට බළලුන්ට කෑම හිගයක් තිබුනේද නැත.. ඇති තරමට පිළිස්සුනු මිනී මස් තිබුණි.. ටයර් සැයක් නිවෙන විට ඒ අවටට රොක්වන බල්ලන්ගේ පොරකෑම් හඩද සාමාන්‍ය දෙයක් බවට පත්විය.. ඉන්පසු නිවැසියන් හැකි තරම් බල්ලන්ව කොටුකර තැබීමට උත්සහ කලේ බල්ලන් රැගෙන ඇවිත් බුදින්නේ තම අසල්වැසියන්ගේම මාංශ නොවේදැයි සිතෙන නිසාය..

    ඉන් නොබෝ දිනකින්ම බිෂණයේ බයන්කරත්වය දෑසින්ම දැක ගැනීමට මටද ලැබුණි. ඒ අවදියේ මාගේ නැන්දනිය විවාහ ගිවිසගෙන සිටි තරුණයා රාත්‍රියේ ඇගේ නිවසට පැමිණ සිටියේය..

    ඒ පැමිණ සිටියේ කුමන කරුනකටදැයි මා දන සිටියේ නැත එහෙත් එදින ඔහුගේ මුහුණේ අමුත්තක් දුටිමි. එදින මාද සිටියේ ඒම නිවසේය.. රාත්‍රී නවය පමණ වන විට ජීප් රථ දෙකක් නිවස ඉදිරි පිට නවත්වා හමුදා නිල ඇදුම ඇදී පිරිසක්‌ නිවසේ දොරට තට්ටු කරමින් කථාකර තරුණයාව නිවසින් එලියට ගත්හ ..

    ඒ පිලිබදව විමසු නැන්දනියගේ පියාට ඔවුන් දුන් පිළිතුර වුයේ . කට උත්තරයක්‌ ගැනීමට රැගෙන යන බව සහ පසුවදා උදේම නැවත එවන බවය.. එහෙත් නැවත කවදාවත් ඔහු පැමිණුනේ නැත . අද වන තුර ආරංචියකුත් නැත..

    එදායින් පසු මගේ එක මාමා කෙනෙකු ජීවිතය බේරා ගැනීමට දරන උත්සාහය මම දුටිමි.. ඔහු නිවසට ආවේ ඉද හිටය.. බොහෝ රාත්‍රීන් ගතකර තිබුනේ ගස් උඩ.. පාරවල්වල බෝක්කු අස්සේ මඩ වගුරු වලය.. කුස ගින්න ඉවසගැනීමට බැරිම විටදී පමණක් ඔහු මධ්‍යම රාත්‍රියේ නිවෙසට පැමිණ කෑමට යමක් රැගෙන නැවත දුවයි.. කිහිප විටක් ඔහුව කොටු කර ගැනීමට සන්නද්ධ කණ්ඩායම් පැමිණුනත් ඔහු කොටු කරගැනීමට අපොහොසත් විය. ඔහුට ජීවත්වීමේ වාසනාව තිබුණි..

    මා සිටි නිවසට ඉදිරි පස නිවසේ සිටියේ පුංචි පවුලකි . කලක් හමුදා සේවයේ සිටි තරුණයෙක් ඔහුගේ බිරිද හා වසරක් වයසැති ගැහැණු දරුවා පමණි.. මේ අහිංසක ජිවිත වලටද භීෂණයේ අදුරු සෙවනැල්ල වැටී තිබුණි. ඔහුව රැගෙන යාමට ගෝනි බිල්ලෙකුත් සමග නිළදාරින් පැමිනෙන විට ඔහු හිද ඇත්තේ වසරක් වයසැති දියනියවද වඩාගෙනය . දියණියව බිරිදට දී පාරට ගිය ඔහුට අන ලැබුනේ ජීප් රියට නගින ලෙසය.

    . ඒ වන විට සරමකින් පමණක් සැරසී සිටි ඔහුට වෙන ඇදුමක් ඇදගෙන එමටවත් නැවත නිවාස තුලට යෑමට අවසර දී තිබුනේ නැත . ඔහුත් නැවත පැමිණුනේ නැත.. එදවසේ පටන් වසරක් වයසැති දියණියක් සමග තනිවූ මවක් කොයි තරම්නම් දුකක් වින්දදැයි දුටිමී. අදටත් ඔවුන් දුක් විදිති එහෙත් ඒවාට වගකිව යුත්තන්ට.. එය නොපෙනෙති.. ඔවුන් ඒවාට නිරයේ සිට දඩුවම් විදුනු ඇතැයි සිතමී..

    කාගේත් සිත් සසල කල දුක්බරම සිදුවීම සිදුවුයේ ගමේ වැදගත්ම පවුලටය ඒ වේද මහත්මයාගේ ගෙදරටය එය කාගේත් නෙත් කදුලින් තෙත් කිරීමට සමත්වූ ඛේදවාචකයකි .. වේද මහතාට සිටියේ එක පුතෙක් පමණි . ඔහු කා සමගත් සුහදව සිටි තරුණයෙකි . ඔහු දේශපාලන පක්‍ෂයකට සම්බන්දව වැඩ කල බවක්නම් කිසිවෙකු නොදනිති. ඔහුගේ ඝාතනය භිෂණය මුවාවෙන් සිදුකල පෞද්ගලික එදිරිවාදිකමක් පිරිමසා ගැනිමක් යැයි ද සිතේ..

    ඔහුව රැගෙන යාමට පැමිණි පිරිසේ සියල්ලම මුහුණු ආවරණය කරගෙන සිට තිබුණි .. අයුධ සන්නද්දව සිටි පිරිස කළහ කාරී ලෙස හැසිරෙමින් නිවස තුලදීම ඔහුට දෙමාපියන් ඉදිරි පිටදී තුවක්කු බදෙන් හිසට පහර කිහිපයක් ගසා තිබුණි .. දරුවෙක්ට මා පියන්ගේ දෑස් ඉදිරියේ අමානුෂික ලෙස දඩුවම් දීම කොයි තරම් නම් නින්දිතද .. දෙමා පියන්ගේ විලාප ඔවුන් ගනන් ගෙන තිබුනේ නැත.. අසල්වැසියන්ට ජනෙල් කවුළු තුලින් සිදුවීම බලාගෙන කම්පාවීම හැර වෙන කිරීමට යමක්ද නොමැත .

    අවසානයේ ඔවුන් පැමිණි ඩබල් කැබ් රථයේ ලණුවකින් ඒක කොනක් තරුණයාගේ සිරුරේ ගැට ගසා අනිත් කොන රථයේ පිටු පස බාර් එකේ ගැටගසා පාර දියේ රථය පැදගෙන ඔවුන් පිට විය.. පාර දිගේ මුනින් අතට ගල් මුල් වල වැදෙමින් ඇදී යන පුතා පස්සෙන් අවසිහියෙන් මෙන් ටික දුරක් දිවගිය වේද මහතා සිහිසුන් විය.
    පසුව බලන විට ඔහුත් ඒ මොහොතේම හෘර්ධාබාද යෙන් මිය ගොස් තිබුණි .. පසුදා උදැසන තරුණයාගේ සිරුර බෝක්කුවක් අසල ටයර් දමා ගිනිතබා තිබුණි.. ඒම පවුලම භීෂණයෙන් විනාශවිය..

    බොහෝ දෙමා පියන්ට දරුවන් අහිමි වෙද්දී , බිරින්දෑ වරුන්ට සැමියන් අහිමි වෙද්දී ළමුන්ට පියවරුන් අහිමි වෙද්දී .. මේ කූර පාලනයට විරුද්ධව දෙවියන්ගෙන් ශාප ඉල්ලනවා හැරෙන්න වෙන කරන්නට යමක් මිනිසුන්ට තිබුනේ නැත.

    . අවසානයේ දිට්ඨ ධම්මවේදය පල දුන්නේය.. භිෂණය පටන් ගත් අය සේම භිෂණය පැතිරු මුලිකයන්ගේ අවසානයන්ද ඒ අයුරින්ම සිදුවිය.. භිෂණය වැපිරූ පාලනයේ අවසානයේදී පක්‍ෂ බේදයකින් තොරව ගම පුරා රතිඤ්ඤා පත්තුවිය.. ගම්මුන් දෙවියන්ට පිං දුන්හ.. එහෙත් භීෂණ සමයේ විදි දඩුවම් වල විපාක විදින මිනිසුන් අදටත් සිටි.. අදටත් එහි සලකුණු ඉතිරිව ඇත..

    අලුත් සමාජ ක්‍රමයක් උදෙසා දිවි පිදු කණ්ඩායම සම්පුර්ණයෙන්ම විනාශ වුවා යයි මට සිතේ.. අද එහි ශේෂයක් ඉතිරි වී ඇතත් මෙහි ඇත්තේ එදා ජිවිත කැප කල තරුණයක් අපේක්ෂා කල දෙය නොව .. අද ඒ නමින් පෙනී සිටින්නේ වෙනත් අරමුණු සහිත පිරිසකි , එදා අලුත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් හඩනගා දළුලමින් තිබු වෘක්ෂය වියැකී හමාරය අද ඇත්තේ ඒ පෙනුම සහිත ආකෘතියක් පමණි . එහි ඇතුලත තිබු ගුණාංග ප්‍රතිපත්ති කිසිත් නැත ඇතුලතින් හිස්‌ අවකාශයක් සහිත භාහිරෙන් පෙන්වන මවා පෑමක් පමණි.. රෝ.වීජෙවිර සහෝදරයත් සමගම ඒම පක්ෂයද මිය ගොස් ඇත..

    භීෂණ අවධිය සිහිවෙන විට මෙම ගීතයද මට නිතැකින්ම සිහිවේ.. භීෂණයේ අතුරුදහන්වූ පුතෙක් ගැන මවක විසින් කියවෙන ගීතය.. පසු කලක මෙම ගීතය මාධ්‍ය ප්‍රචාරණය තහනම් කරද තිබුණි...

    යමින් බැද විලංගු ලා ... මගේ පුතා රැගෙන යයි
    ඉදිකටු ඇන ඇගිලි තුඩේ .. දෙතිස් වදය පමුණුවා..
    අළුත් ලොවක් ගැන සිතීම ... දඩුවම් දෙන වරද නම්..
    කුමට මෙරට අධිකරණය ..නිතිය සහ විනිසුරන් ....

    ප.ලි.
    කිසිදා ලිවීමට සිතු කථාවක් නොව . එහෙත් සුමිත් ගේ ලිපියෙන් මගේ පරන මතකයන් නැවතත් අලුත් විය. මෙහි ඇත්තේ භිෂණය සමයේ මුළු රටේම වාතාවරණය නොව මා සිටි ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිද්දීන් කිහිපයක් පමණි..
    මෙයින් පසු භිෂණය ගැන කිසිත් නොලියමි .

    උපුටා ගැනීම : http://chami4u.blogspot.com/2012/08/blog-post.html

    මේ කාලය ගැන 85න් පස්සේ ඉපදුන අයට හිතාගන්නවත් බැරි වෙයි
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අලුත් සමාජ ක්‍රමයක් උදෙසා දිවි පිදු කණ්ඩායම සම්පුර්ණයෙන්ම විනාශ වුවා යයි මට සිතේ.. අද එහි ශේෂයක් ඉතිරි වී ඇතත් මෙහි ඇත්තේ එදා ජිවිත කැප කල තරුණයක් අපේක්ෂා කල දෙය නොව .. අද ඒ නමින් පෙනී සිටින්නේ වෙනත් අරමුණු සහිත පිරිසකි , එදා අලුත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් හඩනගා දළුලමින් තිබු වෘක්ෂය වියැකී හමාරය අද ඇත්තේ ඒ පෙනුම සහිත ආකෘතියක් පමණි . එහි ඇතුලත තිබු ගුණාංග ප්‍රතිපත්ති කිසිත් නැත ඇතුලතින් හිස්‌ අවකාශයක් සහිත භාහිරෙන් පෙන්වන මවා පෑමක් පමණි.. රෝ.වීජෙවිර සහෝදරයත් සමගම ඒම පක්ෂයද මිය ගොස් ඇත..

    :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    මාත් 85 න් පස්සේ ඉපදුනු කෙනෙක්.එත් මගේ අම්මාත් මේ පොස්ට් එකේ තියෙන දේවල්වලට ගොඩක් සමාන දේවල් මාත් එක්ක කියල තියෙනවා. ඇත්තටම මට හිතාගන්න බෑ. jvp එකද government එකද වැරදි කියල. :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    තාත්ත ඔය කාලේ වැඩ කරලා තියෙන්නේ ගාල්ල පැත්තේ ටිකක් ලොකු හෝටලයක.ඒක සිමා වෙලා තියෙන්නේ ප්‍රදාන ගගකට. තාත්තා කියනවා ඒ කාලේ ඔය ගඟ දිගේ ඉවරයක් නැතුව කුණු වෙච්ච මිනී ගහගෙන එනවා කියල.ඒවා ඇවිල්ල අතු රිකිලි අස්සේ හිර වෙනවලු.අපේ තාත්තා electrical තමා කරලා තියෙන්නේ එහෙ.එත් තාත්තලට තමන්ගේ වැඩ අමතක කරලා මිනී ගගට ඇදල දාන්න උනාලු. ඒ තරම් මිනී එනවලු දවසට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    හැබැයි jvp එක පටන් ගත්ත යහපත් දේ දරුණු ත්‍රස්තවාදයක් කලේ රජයෙන්.ඒ වගේම අහිංසකයෝ වැඩි දෙනෙක් මැරුනෙත් හමුදාව අතින්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුන් තාම 89 ජිවත් වෙන්නේ. නාකි හුත්තලා :P තොපිලා එක්ක කොහෙද 2015 විදියට රට හදන්නේ,

    සිරාවටම 88/89 කාලේ හිටපු යූ.එන්.පී හැත්ත /ජේ.වි.පී හැත්ත එක්ක 2015 කොහොම මේ රට හදන්නද :(
    උන් ටික ඉවර කරලම අළුත් එවුන්ගෙන් මේ රට හදමු :love:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    සිරාවටම 88/89 කාලේ හිටපු යූ.එන්.පී හැත්ත /ජේ.වි.පී හැත්ත එක්ක 2015 කොහොම මේ රට හදන්නද :(
    උන් ටික ඉවර කරලම අළුත් එවුන්ගෙන් මේ රට හදමු :love:
    :love::love::love:
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    මුන් තාම 89 ජිවත් වෙන්නේ. නාකි හුත්තලා :P තොපිලා එක්ක කොහෙද 2015 විදියට රට හදන්නේ,

    "Those who cannot learn from history are doomed to repeat it."
    George Santayana

    තේරුන් නැති උන්ට

    ඉතිහාසයෙන් ඉගෙනගත නොහැකි උන් එය නැවත නැවත කිරීමට කරුමක්කාර වේ
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    "Those who cannot learn from history are doomed to repeat it."
    George Santayana

    තේරුන් නැති උන්ට

    ඉතිහාසයෙන් ඉගෙනගත නොහැකි උන් එය නැවත නැවත කිරීමට කරුමක්කාර වේ

    :yes:
     
    • Like
    Reactions: NewUser2014

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට තියෙන ප්‍රශ්නේ jvp එකට ඉතිහාසයේ වැඩිම හානියක් කරපු රනිල්ට වඩා මහින්දට ගහන්නේ මොකෝ කියලා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට තියෙන ප්‍රශ්නේ jvp එකට ඉතිහාසයේ වැඩිම හානියක් කරපු රනිල්ට වඩා මහින්දට ගහන්නේ මොකෝ කියලා

    ඒකනෙ කියන්නෙ අද තියෙන්නෙ ජේවීපී එක හැඩෙ ඩමියක් විතරයි
     
    • Like
    Reactions: Miami-Vice

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට තියෙන ප්‍රශ්නේ jvp එකට ඉතිහාසයේ වැඩිම හානියක් කරපු රනිල්ට වඩා මහින්දට ගහන්නේ මොකෝ කියලා

    හැබැයි jvp එක පටන් ගත්ත යහපත් දේ දරුණු ත්‍රස්තවාදයක් කලේ රජයෙන්.ඒ වගේම අහිංසකයෝ වැඩි දෙනෙක් මැරුනෙත් හමුදාව අතින්.

    එකඟයි. ජේවීපී කේස් එකයි, ත්‍රස්තවාදී කේස් එකයි ඔච්චර දුරදිග ගියෙ ජේ ආර් ගෙ අණුවන වැඩ නිසා.
     
    Dilwalee

    Banned
    Aug 8, 2015
    37
    8
    0
    "Those who cannot learn from history are doomed to repeat it."
    George Santayana

    තේරුන් නැති උන්ට

    ඉතිහාසයෙන් ඉගෙනගත නොහැකි උන් එය නැවත නැවත කිරීමට කරුමක්කාර වේ

    උබලා ඉතිහාසයෙන් ඉගෙන ගන්නවා නෙමෙයි ඉතිහාසයේ ජිවත් වෙන්නේ නාකි බල්ලෝ.
    අරුන් අරහේ වෙන ග්‍රහලෝක වලට යනවා. අපේ උන් මහින්දගේ බෙටි කන්න හැන්දක් හොයනවා

    සිරාවටම 88/89 කාලේ හිටපු යූ.එන්.පී හැත්ත /ජේ.වි.පී හැත්ත එක්ක 2015 කොහොම මේ රට හදන්නද :(
    උන් ටික ඉවර කරලම අළුත් එවුන්ගෙන් මේ රට හදමු :love:

    ගූගල් දෙන්න ගියාම අපේ data උස්සන්නලු. paypal දෙනකොට රටේ සල්ලි පිට යවනවලු. මුන්ට මොන තාක්ෂණයද ? මහින්ද මුන්ගේ මොලේ මෙව්වා කරලා තියෙන්නේ
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උබලා ඉතිහාසයෙන් ඉගෙන ගන්නවා නෙමෙයි ඉතිහාසයේ ජිවත් වෙන්නේ නාකි බල්ලෝ.
    අරුන් අරහේ වෙන ග්‍රහලෝක වලට යනවා. අපේ උන් මහින්දගේ බෙටි කන්න හැන්දක් හොයනවා

    ගූගල් දෙන්න ගියාම අපේ data උස්සන්නලු. paypal දෙනකොට රටේ සල්ලි පිට යවනවලු. මුන්ට මොන තාක්ෂණයද ? මහින්ද මුන්ගේ මොලේ මෙව්වා කරලා තියෙන්නේ

    හැඳි මදි සවලක්වත් ඕනෙ වෙයි.

    පෞද්ගලික දේවල් කාටත් තියෙනවනේ:P
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    උබලා ඉතිහාසයෙන් ඉගෙන ගන්නවා නෙමෙයි ඉතිහාසයේ ජිවත් වෙන්නේ නාකි බල්ලෝ.
    අරුන් අරහේ වෙන ග්‍රහලෝක වලට යනවා.අපේ උන් මහින්දගේ බෙටි කන්න හැන්දක් හොයනවා

    ගූගල් දෙන්න ගියාම අපේ data උස්සන්නලු. paypal දෙනකොට රටේ සල්ලි පිට යවනවලු. මුන්ට මොන තාක්ෂණයද ? මහින්ද මුන්ගේ මොලේ මෙව්වා කරලා තියෙන්නේ
    :lol::lol::lol::lol::lol::lol:

    සහතික ඇත්ත බං මුං 88 න් පස්සේ අව් 25 ක් ගිහිල්ලත් තාම 88 ක් අල්ලගෙන රෙන්න හදනවා
    තව අව් 25 ගියත් මුන්ට 88 ට එහා යන්න බෑ ..

    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    උබලා ඉතිහාසයෙන් ඉගෙන ගන්නවා නෙමෙයි ඉතිහාසයේ ජිවත් වෙන්නේ නාකි බල්ලෝ.
    අරුන් අරහේ වෙන ග්‍රහලෝක වලට යනවා. අපේ උන් මහින්දගේ බෙටි කන්න හැන්දක් හොයනවා

    ගූගල් දෙන්න ගියාම අපේ data උස්සන්නලු. paypal දෙනකොට රටේ සල්ලි පිට යවනවලු. මුන්ට මොන තාක්ෂණයද ? මහින්ද මුන්ගේ මොලේ මෙව්වා කරලා තියෙන්නේ

    :rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ගූගල් දෙන්න ගියාම අපේ data උස්සන්නලු. paypal දෙනකොට රටේ සල්ලි පිට යවනවලු. මුන්ට මොන තාක්ෂණයද ? මහින්ද මුන්ගේ මොලේ මෙව්වා කරලා තියෙන්නේ

    අනේද කියන්නේ :frown:මුන් දියුණු වෙන්න කැමති නැහැ..මතකයිනේ....බුලත් විට වෙනුවට චුයින්ගම් දෙන්නම් කිව්වා...අතේ කරේ මාල බ්‍රේස්ලට් දානාව කිව්වා..ඒත් මුන් පැරැද්දුවා...:growl:
    එදා දින්නා නම් අපි ඉන්නේ මෙහෙම නෙවෙයි :(