~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~
ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කල 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා
කොළඹ සරසවියේ වෛද්‍ය පීඨය
පේරාදෙණිය සහ කොළඹ වෛද්‍ය පීඨයන්හි සිසුන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස පත්වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) සහාය නොමැතිව වෛද්‍ය සිසුන් හුදකලා වූහ. පසුව අන්තරේ සමඟ එක්වී අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ස්ථාපිතකර අන්තරේ සමඟ එක්වී වැඩ කිරීමට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරියෝ කටයුතු කළේය. කොළඹ වෙද සිසුන් වන වෙනුර එදිරිසිංහ ඇතුළු 9ක්ද, පේරාදෙණිය වෙද සිසුන් වන උපාලි ජයසේකර ඇතුළු 23 දෙනෙක්ද ආණ්ඩුවේ ඝාතක කණ්ඩායම් මගින් පසු කාලයේ ඝාතනය කරන ලදී.කොළඹ වෛද්‍ය පීඨයේ ඝාතනයට ලක්වූ සිසුන් 09 දෙනා පමණක් නොව බොහෝ වෙද සිසුන් ලියුම්කරු සමීපව ඇසුරු කර ඇත. කේරි විද්‍යාලයට යාබද කොළඹ වෛද්‍ය පීඨයේ බ්ලොම් නේවාසිකාගාරය අන්තරේ ක්‍රියාකාරිකයින් ගේ තාවකාලික නවාතැනක් සහ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් හැදින්වූවාට වරදක් නැත. එහි පළමු මහලේ වෙනුර, හේමන්ත, ත්රීමා ඇතුළු කිහිපදෙනෙක්ම සිටි අතර එහි කාමර තුන හතරක අන්තරේ සහ ජවිපෙ ඕනෑම අයෙකුට විවෘත විය. බ්ලොම්හි බහුතර ශිෂ්‍යයන්ද ආගන්තුකයින්ට හැකි අයුරින් සැලකූහ. හදිසි අවස්ථාවකදී හමුවූ එවැනි තවත් ස්ථානයක් වූයේ මානව හිමිකම් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ නිති ශිෂ්‍ය ගැමුණු යසස් සෙනෙවිරත්න සිටි රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව ඉදිරිපිට වුට් ඉන් නීති ශිෂ්‍ය නේවාසිකාගාරයයි.
වෛද්‍ය සිසුවෙකු ප්‍රථම වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පද්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිසුන් 11 දෙනෙකු පේරාදෙණිය සරසවියේ පොලිසිය ඉදිරිපිටින් ගමන් කරන විට ලයනල් අලහකෝන් ශිෂ්‍යයාගේ අත පොලිස් ජනේලයක වැදීමේ සිද්දියකි පසුව එය ගාලගෝටිටියක් බවට පත්විය. රාත්‍රී 10.10ට තැබූ වෙඩි තැබීමක ප්‍රතිඵලයක් වශයෙන් පද්මසිරි ඝාතනයට ලක්විය.
කොළඹ වෛද්‍ය පීඨයේ ඝාතනයට ලක්වූ සිසුන් 09 දෙනා පමණක් නොව බොහෝ වෙද සිසුන් ලියුම්කරු සමීපව ඇසුරු කර ඇත. සමරනායක, ජයසේකර, මුණසිංහ, අබේසේකර ඇතුළු කිහිප දෙනෙක්ම ඒ අතර විය. අත්අඩංගුවට පත්වූ වෙද සිසුන් කිහිප දෙනෙක්ම පසුව නිදහස් විය.වෙද සිසු හඬ පුවත්පත 1987 සැප්තැම්බර් මස ඇරඹූ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනමතයක් රටතුල ගොඩනැගීම එහි අරමුණ විය. වෙද සිසු හඬ පුවත්පත සකස් කිරීමට දායක වූ වෙද සිසුන් හතකට පමණ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ ඉල්ලීම අනුව ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහ සහ ලියුම්කරු එක්වී මාධ්‍ය පුහුණුවක් ලබාදීමටද කටයුතු කළේය. පුවත්පත කලක් මුද්‍රණය කළේ බංගලා හන්දියේ සහ පාගොඩ මුද්රණාලයකදීය.
පෞද්ගලික වෙද විදුහලට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් සිසු කම්කරු ඒකාබද්ධ විරෝධතා රැස්වීම් කළුතර සහ මීගමුව පුරහල, මහනුවර බේක්හවුස් සහ කොළඹ නව නගර ශාලාව ඇතුළු ස්ථාන 13කදී පැවැත්වූ අතර ඉන් ගණනාවකට ලියුම්කරු මාධ්‍යවේදියෙකු ලෙස සහභාගි විය. ගම්පහ වයි.එම්.බී.ඒ. ශාලාවේදී රැස්වීම අවසානයේ අස්ගිරියේ නිවසකට රැස්වී රාත්‍රී පැවැත්වූ සුහද හමුව තවමත් මතකයෙන් බැහැර නොවේ. වෙනුර, කොල්ලුරේ, වසන්ත, අතුල, සුගත් සමඟ අසල්වැසියෙකුවු ඉරිදා දිවයින විශේෂාංග කර්තෘ කරුණාදාස සූරියආරච්චිද එයට එක්වී සිටියේය.වෙද සිසු සටනට ආධාර ලබා ගැනීමට සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍යය වෛද්‍ය පීඨ ශාලාවේදී වේදිකාගත කළේද එකලය. එමගින් ලක්ෂ 5ක පමණ ලාභයක් ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවට ලබාගත හැකි විය. නාට්‍යය අවසානයේදී එලිවෙන තෙක් පැවති සාදයේදී සුගත් අයියා සමඟ මරාසාද් දෙබස් ඛණ්ඩ වෙද සිසූහු ප්රතිරාවය කරමින් සතුටු වූහ. සුගත් අයියා සමඟ බිරිද ශිලා අක්කා එහි බොහෝ වේලාවක් රැදී සිටියේ ඔවුන් දිරිමත් කිරිමට මෙනි.
අන්තරේ කැඳවුම්කරු වූ නිමල් බාලසූරිය 1988 මැයි 08වැනිදා බෝම්බයක් රැගෙන යන්නෙකුට අදාල ඉලක්කය පෙන්වීමට යාමේදී වැල්ලවත්ත කුරේ මාවතේදී බෝම්බය සිය අතේ පිපිරී ජීවිතක්ෂයට පත්විය. බාලසූරියගේ අවමගුල කුරුණෑගලදී තිබීමට තීරණය කලද පසුව එය සිදුකලේ මැයි 10වැනිදා බොරැල්ල සුසාන භූමියේදීය. එහි සිටියේ චම්පික රණවක සහ ලියුම්කරු ඇතුළු සුළු පිරිසකි. වෙනුර සිය වේදනාව එහිදී හඬමින් පල කළේය. සතියකට පසුව ඔහු අන්තරේ කැදවුම්කරු ලෙස පත් විය.ත්රීමා විතාරණගේ දේහය කොළඹ සරසවියේ තිබූ කාලය තුළ ලක්ෂයකට අධික පිරිසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. එවිට වෛද්‍ය පීඨය දිස් වූයේ සටන් බිමක් ලෙසය. නීතිඥ චරිත ලංකාපුර 1989 ජුලි 07 වැනිදා ඝාතනය වූ අවස්ථාවේදී ඔහුගේ දේහයද අවසන් ගෞරවය සඳහා වෛද්‍ය විද්‍යාලයට ගෙන ආවද පසුදා පස්වරු 2.10ට ආරක්ෂක හමුදා මෙහෙයුමකින් දේහය යළි පවුලේ ඥාතින්ට භාර දෙන ලදී.
ඝාතනයට ලක්වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් 09 දෙනා පිළිබඳ විස්තර මෙසේය;
වෙනුර වර්ධිත එදිරිසිංහ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල මදුරන්කුලියේ පදිංචිකරුවෙකි. උපන්නේ 1966 සැප්තැම්බර් 08වැනිදාය. තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල සොහොයුරෙක් සහ සොහොයුරියකි. පියා වූ දොම්පෙ තිලකරත්න එදිරිසිංහ ආයුර්වේද වෛද්‍යවරයෙකි. මව ඥානවතීය.මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මීගමුවේදී මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූ කණ්ඩායමෙන් ඉහළම ලකුණු ලබාගත්තේද උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේ පළමුවැනි වූයේද වෙනුරය. රාජකීය විද්‍යාලයේ 1984 වසරේදී ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම ශිෂ්‍යයා ලෙසින් අනුස්මරණ ත්‍යාගයන් 05ක් දිනා ගත්තේද ඔහුය.නීති-වෛද්‍ය ශිෂ්‍ය සංවිධාන කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් ප්‍රථම වසරේදීම පත් විය. ක්‍රීඩකයෙකි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නායකයාය. අන්තරේ කැදවුම්කරු වශයෙන් 1988 මැයි සිට 1989 මැයි දක්වා කටයුතු කරන ලදී. 1989 මැයි සිට මිය යන තෙක්ම ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කැදවුම්කරු වශයෙන් කටයුතු කළේය. කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් ද සොයියාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසට ගොස් පිටතට පැමිණෙමින් සිටියදී බම්බලපිටියේදී පැහැර ගෙන ගොස් 1989 සැප්තැම්බර් 21වැනි දින ඝාතනය ලක් විය.
කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ ශිෂ්‍යයෙකුවූ අතුල සේනාරත්න පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 5 ශිෂ්‍යත්වය සමත්වී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.සාලිය නමින්ද හැදින්විය. වසර 1962 මාර්තු 18වැනිදා උපන් අතුලගේ මව වන විමලා සේනාරත්න කොළඹ ගෝතමී විද්‍යාලයේ ගුරුවරියක්වූ අතර සොහොයුරින් 2 සහ සොහොයුරන් 2ක් ඔහුට සිටියේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) කැඳවුම්කරු වශයෙන් 1990 ජනවාරි සිට 1990 මාර්තු දක්වාද 1990 මැයි සිට 1990 අගෝස්තු දක්වාද ඔහු කටයුතු කළේය. වෙද සිසුහඬ පුවත්පතේ සංස්කාරකවරයෙකි. වසර 1990 මාර්තු මස අතුල අත්අඩංගුවට පත්වූවද 1990 අප්‍රේල් මස යළිත් පලා ඒමට සමත් විය. මේඝය නැමති ඡායා පිටපත් කරන ලද ප්රකාශනය මගින් බිදී තිබූ බොහෝ සබඳතා අළුත් කිරීමට අතුල සේනාරත්න සමත් විය. කහ උණ සෑදී සිටියදී පවා සම්බන්ධීකරණ රැස්වීමක් සඳහා පැමිණි විට පාවාදීමක් මත අතුල යළිත් බොරැල්ලේදී 1990 අගෝස්තු 12 අත්අඩංගුවට පත්වීය. දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිසුවියෙකු වූ ඔහුගේ පෙම්වතිය එහිදී පලායෑමට සමත්විය.
අත්අඩංගුවට ගත් අතුල සේනාරත්න ගම්පහ පොලිසියේ තනිකඩ නිළධාරින්ගේ පොලිස් බැරැක්කයක පිහිටි වධකාගාරයට ගෙනආ අතර එයට පෙර ඔහු පැන යාමට සමත්වූයේද මෙම වධකාගාරයෙනි. දෑතට සහ දෙපයට මාංචු දමා එම වධකාගාරයේ සිටි පිරිස 9 දෙනෙකි. ඒ අතර කොළඹ වෛද්‍ය පීඨයේ 4 වසරේ විභාගයටද පෙනී සිටි සිසුවෙකුවන අතුල සේනාරත්න, කොලොන්නාවේ විතානගේ, පොලොන්නරුවේ සී.පී ධනපාල සිල්වා සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ප්‍රථම වසර(ජේෂ්ඨ) දඹුල්ලේ පොඩිබණ්ඩාද විය. සැකකරුවන්ට දරුණු ලෙස වධ බන්ධනවලට මුහුණදීමට සිදුවිය.අවසානයේ ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුන්වූ අතුල සේනාරත්න සහ පොඩිබණ්ඩාද ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙක් ගම්පහදී 1990 සැප්තැම්බර් 17 එකම ටයර් සෑයක අවසන් ගමන් ගොස් තිබිණි. ඒ පිළිබඳව ආරක්ෂක අංශවල 11 දෙනෙකුට පසුව චෝදනා එල්ලවිය.
සුගත් අශෝක ද සිල්වා කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ ජේෂ්ඨ ශිෂ්‍යයෙකි. ප්‍රියන්ත නමින්ද හැදින්විය. අන්තරේ මාතර දිසා ලේකම් විය. අත්අඩංගුවට ගෙන සිටියදී පලායෑමට උත්සාහ ගැනීමේදී යළිත් අත්අඩංගුවට ගෙන 1989 ඔක්තෝබර් මසදී මාතර වැලිගමදී ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර ගඟේ පාවෙමින් තිබියදී හමුවිය. ගඟ පහලදී පක්ෂයේ භූගත සඟයන් පිරිසක් විසින් ගොඩගෙන විවෘතකර අවසන් ගෞරව දක්වා නාඳුනන සොහොනක මිහිදන් කළේය. ඔවුහු ඡායාරූපද ලබාගත් බව කියති.
පද්මසිරි ත්රීමාවිතාරණ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකි. අංකුර කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ත්රීමා උපන්නේ අම්බන්ගොඩ කහව ගල්දූව ගමේදී 1964 පෙබරවාරි 29වැනිදාය. රොන්නදුව කණිටු විදුහලෙන්ද, වේරෙගොඩ විජයබා විද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය ලැබීය. උසස් පෙළ සමත්වූයේ ගාල්ල මහින්ද විදුහලෙනි. ඔහුගේ පියා ගාල්ල උසාවියේ සේවය කළේය. මල්ලිලා තිදෙනෙකු සහ එක් නැගනියකට වැඩිමල් සොහොයුරා වූයේ ඔහුය. ත්රීමාවිතාන වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වූ බැවින් මව ඇසලින් මාතාවට ලෙබනන් රැකියාවකට යෑමටද සිදුවූවාය.
රත්නපුර දිස්ත්‍රික්කයේ අන්තරේ ලේකම් වශයෙන්ද සබරගමු පළාතේ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ලේකම් මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරමින් සිටියදී 1988 ඔක්තෝබර් 22වැනිදා රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලය අසලදී තවත් දෙදෙනෙකු සමඟින් පැහැරගෙන යන ලදී. පසුව ඔක්තෝබර් 23වැනිදා වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ එල්.ආර්.සී ඉඩමක තිදෙනාගේම පුළුස්සා මරාදමා තිබූ සිරුරු හමුවිය. එය රත්නපුර ප්‍රාදේශීය ජේෂ්ඨ මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනාරච්චි විසින් හෙළි කරන ලදී. ත්රිමාගේ දේහය කොළඹට ගෙන වෛද්‍ය විද්‍යාලයේ අවසාන ගෞරවය සඳහා තිබූ අතර 1988 ඔක්තෝබර් 31වැනිදා ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කනත්තේදී අවසන් කටයුතු සිදු විය.
සරත් කොල්ලුරේ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකි. නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චතුර කථිකයෙකි. දක්ෂ සංවිධායකයෙකි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවට පත් වූයේ නිලවරණයෙන් සියයට 85ක් ඡන්ද ලබාගනිමිනි. අන්තරේ මාතලේ දිසා ලේකම් වශයෙන් සිටියදී 1989 නොවැම්බර් 03 මාතලේදී ඝාතනය කරන ලදී. සරත්ගේ පෙම්වතිය වූයේ රිචඩ් සහ අනුලා විජේසිරිගේ දියණියකි. ඇයගේ එක් සොහොයුරෙකු වූයේ යුධ හමුදා මේජර්වරයකි.
සිසිර කීර්ති ජයවර්ධන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකි. පන්නිපිටියේ පදිංචිකරුවෙකු වූ ඔහුට සොයුරු සොහොයුරියන් තිදෙනෙකි. වසර 1984දී මුළු දිවයිනේ සිව්වැනි ස්ථානයේ වැඩිම ලකුණු ලබා වෛද්‍ය පීඨයට තේරිණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. වෙද සිසුහඬ පුවත්පතේ සංස්කාරකවරයෙකි. භීෂණයෙන් පසු විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි ඒකරාශී කිරීමට කටයුතු කළේය. අන්තරේ කැදවුම්කරු වශයෙන් 1990 නොවැම්බර් 2 සිට දෙසැම්බර් 17 අත්අඩංගුවට ගන්නා තෙක් කටයුතු කළේය. වසර 1989 දෙසැම්බර් 17වැනිදා පස්වරු 4.00ට කොළඹ මහජන පුස්තකාලය අසලදී එල්. 200 සුදු වෑන් රථයකින් පැහැරගෙන යන ලදී. පසුව හැව්ලොක් පෙදෙසේ හෙන්රි පේදිරිස් ක්‍රීඩා මණ්ඩප වධකාගාරයේ සහ තිඹිරිගස්යායේ යටෝරෝ වධකාගාරයේ සතියක කාලයක් රඳවා ගැනීමෙන් අනතුරුව 1989 දෙසැම්බර් 28වැනිදා ඝාතනයට ලක්විය.
කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ කනිෂ්ඨ ශිෂ්‍යයෙකුවූ නිශාන්ත සම්පත් එදිරිවික්රම 1966 ඔක්තෝබර් 5වැනිදා උපන්නේය. තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිළධාරියෙකු වූ ෆැන්සිස් සහ ඩොරින් යන දෙමාපියන්ගේ දෙවන දරුවා වූ නිශාන්තගේ සොහොයුරිය චමිලා වූ අතර සොහොයුරා නිලන්ත විය. ප්‍රාථමික අධ්‍යාපනය මහානාම විදුහලෙන් ලැබූ අතර පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.වසර 1986 අපොස උසස් පෙළට පෙනී සිට කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වූ නිශාන්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනේදී එහි ප්‍රකාශන අංශය සම්බන්ධ කළේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නොවූවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයෙක් විය. විශේෂ කාර්ය බලකායේ පිරිසක් 1989 දෙසැම්බර් 31වැනිදා පෙරවරු 9.20 මහරගම බෝකුන්දර පාරේ ඇරැව්වල පිහිටි ඔහුගේ නිවසට කඩාවැදුනු අතර එහි සිටි නිශාන්ත සහ ඔහුගේ ඥාතියෙකු වන පරණමාන අත්අඩංගුවට ගෙන නිවස ඉදිරිපිට දණගස්සවා නිවසේ මිදුලේ නතරකර තිබූ කහ පැහැති නවීන පන්නයේ ලාන්සර් රථයද ආරක්ෂක අංශ භාරයට ගන්නා ලදී. මේ අතරතුර ඥාති සොහොයුරා වූ බිම දණගස්සවා සිටි පරණමාන අත්අඩංගුවෙන් මිදී පලායෑමට සමත්විය.
නිශාන්ත එදිරිවික්රමගේ නිවසේදී ආරක්ෂක අංශ භාරයට ගත් කහ පැහැති එම මෝටර් රථය සිව්දිනකට පෙර පේරාදෙණිය පශු වෛද්‍ය ශිෂ්‍ය ජනක සෙනෙවිරත්න විසින් ආරක්ෂාව සඳහා එම නිවසේ තබාගිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ඝාතනය කිරීමට බෝම්බ සවිකල මෝටර් රථය වේ. නිශාන්ත හෝ නිවසේ කිසිවෙකු මේ බව දැන නොසිටි අතර රථයේ බැටරිය නිරතුරුවම අක්‍රීය වන බැවින් එය දෙදිනක් තෙක් නතර කොට යන බව ජනක විසින් නිශාන්තට පවසා තිබිණි. රථය සමගින් අත්අඩංගුවට ගත් නිශාන්ත තිඹිරිගස්යායේ මෙහෙයුම් මධ්‍යස්ථානයටද පසුව හෙන්ද්‍රි ප්‍රේදිරිස් උද්‍යානයේ පිහිටි වධ කඳවුරටද ගෙන යන ලදී. සතියකට පසු මත්තේගොඩ වධ කඳවුරට ගෙන ගිය නිශාන්ත 1990 පෙබරවාරි 16වැනිදා ඝාතනයට ලක්විය.
වෛද්‍ය පීඨයේ පළමු වසරේ ලීල් සමරනායක 1989 අගෝස්තු 17වැනිදා ඝාතනයට ලක්විය.
වසන්ත කුමාර කුලතුංග කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ශිෂ්‍යයෙකි. වෛද්‍ය පීඨයට සරමක් ඇඳ ගෙන පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවාය. එසේම රබර් සෙරෙප්පු දෙකක් පැළඳ සායන පන්තිවලට ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවාද ඔහුය. පෞද්ගලික වෙද විදුහලට විරුද්ධව සිසු කම්කරු ඒකාබද්ධ රැස්වීම් මාලාව සම්බන්ධීකරණය කළේය. දෙහිවල කටුචිකිස්සා නේවාසිකාගාරයේදී පැහැරගෙන 1989 දෙසැම්බර් 11වැනිදා ඝාතනයට ලක්විය.තමාගේ පලමු පෙම්වතා වූ වසන්ත කුලතුංග තිරශ්චීන ලෙස ඝාතනයට ලක්වූ බව ජගත් සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී 2005 දෙසැම්බර් 04වැනිදා ඉරුදින පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. ඇයගේ පියා එජාප කෘත්‍යාධිකාරි සභිකයෙකු සහ ජාතික සේවක සංගමයේ නිර්මාතෘ තිදෙනාගෙන් එක් අයෙක් වූ නීතිඥ ටියුඩර් කීර්තිනන්දය. කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කරමින් ජවිපෙ සැකකරුවන් නිදහස් කර ගැනීමේදී ඉන් එක් කණ්ඩායමකට රැකවරණය සැලසීමටද ඔහු උදව් කළේය. වසර 1988 ඔක්තෝබර් 24වැනිදා නීතිඥ කීර්තිනන්ද ඝාතනයට ලක්විය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස ඉල්ලා කල සටන අවසානයේ නිමාවූයේ එය කැලණි සරසවියේ වෛද්‍ය පීඨය බවට පත්වෙමිනි. සොක්රටීස් සම්භාව්‍ය ග්‍රීක දාර්ශනිකයෙකි. බටහිර දර්ශනයේ නිර්මාතෘවරයෙකි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හිපොක්රටිස් සම්භාවනාවට පාත්‍ර වේ. දක්ෂ වෛද්‍යවරයෙකු ලෙස සැලකෙන හිපොක්රටිස් ආවරණය කල තොරතුරු අදටත් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන අතර ඒවා වැඩිදියුණු කිරීම ඉකුත් දශක 50ක කාලය තුල භෞතවේදීන්ගේ ප්‍රධාන කාර්ය භාරයක් විය. හිපොක්‍රටීස්ගේ පරපුරට එක්වීමට සිටි මෙම වෛද්‍ය සිසුහු සොක්රටීස්ගේ මාවතේ පිය නැගූ අතර අවසානයේදී ආණ්ඩුවේ ධවල භීෂණයේ ගොදුරු බවට පත්වී ඝාතනය විය.