භුමිතෙල් වලින් බස් දුවමු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගොවි සහ ධීවර ප්‍රජාව වාසය නොකරන ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීම සීමා සහිතව සිදු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.​

    ගෑස් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ආහාර පිසීමට ජනතාව පෙළඹී සිටින බවත් ඒ නිසා භූමිතෙල් සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් ඔහු පවසයි.​

    එමෙන්ම මේ දිනවල බස් රථ පවා භූමිතෙල් වලින් ධාවනය කිරීමට පටන් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.​

    ජනතාවද දැවැන්ත පීඩනයක සිටින නිසා රජය විශාල පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය.​

    නමුත් මෙම අයවැය මාසයේදී ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමාට භාර කාර්යයක් බවත් ඔහු කියා සිටියේය.​

    බලශක්තිය අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.​



    @nicjosh83 :confused::confused:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රජය විශාල පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය.
    සල්ලි දීලා ඉන්ධන ගනිල්ලා. නිකං පිනට ඉන්ධන ගහගන්න එපා. රජය ට අමාරුයි යකෝ

    දැං බලපංකො අපරාදේ නෙවුත්ත පාඩු වෙලානෙ
     
    • Love
    Reactions: pathumputha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113

    ගෑස් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ආහාර පිසීමට ජනතාව පෙළඹී සිටින බවත් ඒ නිසා භූමිතෙල් සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් ඔහු පවසයි.​


    ඒකනිසා බුමිතෙලුත් දෙන එක නවත්තන්න ඕන...
    ඕකුන්ට දුවන්න අතක් නැති වෙන්නම කොටු කරලා අරින්න ඕන..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    භූමිතෙල් වලින් දුවන්න තහනම්, බස් 2ක් 3ක් ඇල්ලුවනම් ඉවරනේ.. බොරු බයිලා.
    අනික ගිය සතියෙ මිනිසු භූමිතෙල් ගත්තෙ දවස් 2ක් කරන්ට් කපනව කිවුවට, අනික පොඩි මිනිහා ගෑස් නවත්තලා භූමිතෙල් වලට බැහලා.
    මිල කොහොමත් මේ ප**යි වැඩිකරනවා, බොරු තරක් නැතුව ඇත්තකිවුවනම් ඉවරනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,333
    113
    භූමිතෙල් වලින් දුවන්න තහනම්, බස් 2ක් 3ක් ඇල්ලුවනම් ඉවරනේ.. බොරු බයිලා.
    අනික ගිය සතියෙ මිනිසු භූමිතෙල් ගත්තෙ දවස් 2ක් කරන්ට් කපනව කිවුවට, අනික පොඩි මිනිහා ගෑස් නවත්තලා භූමිතෙල් වලට බැහලා.
    මිල කොහොමත් මේ ප**යි වැඩිකරනවා, බොරු තරක් නැතුව ඇත්තකිවුවනම් ඉවරනේ
    ඇයි මචන් තහනම්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඇයි මචන් තහනම්
    ලංකාවේ භූමිතෙල් දෙන්නේ අඩු මිලට.ඒ දුප්පත් අය ගොඩක් පාවිච්චි කරන නිසා.
    ඒත් දුර දුවන බස්,ටෙන් වීල් ලොරි භූමිතෙල් ගහලා දුවනවා ලාභ නිසා.
    ඕක ලඟකදි උන දෙයක් නෙමේ,කාලෙක ඉඳන් වෙන දේවල්

    මේ CPC එකෙන් එහෙම චෙක් කරන එකක්

     
    Last edited: