භූගත පරීක්ෂණ සිදු කළ හැකි ගුවන් යානයක්
ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඊයේ (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙය දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට්‍රම් එයා ප්‍රොපටි ( spectrem air property) ගුවන් සමාගමට අයත් එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයක් බව අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.
මෙම ගුවන් යානය අඩි 10,000 ක් පමණ පහතට ගැනීමෙන් පසු , පියා සලන අතරතුරම , පොලව අභ්‍යන්තරයේ මීටර් 800 ක් ගැඹුරට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ හැකි වර්ගයේ ගුවන් යානයක් බව වාර්තා වේ.
මෙම ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති අතර , ඔවුන් මේ ආකාරයට විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්ෂාවන් සිදු කරන ආයතනයකි.
මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති අතර , ඔවුන් මේ වනවිට විවේක ගැනීම සදහා රට අභ්‍යන්තරය වෙත ගොස් ඇත.
මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගෙන හෙට (09) පිලිපීනයේ මැනිලා නුවර වෙත පිටත්ව යෑමට නියමිතව තිබේ.
මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා , ජපානයේ පැවති ජී.- 20 සමුළුවට සහභාගී වීමට යන අතරතුර දෙවරක්ම ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඊයේ (07) දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අදහස් දැක්වීය.
එහිදි ඔහු පැවසුවේ භූගත පරීක්ෂණ සිදුකරන සමාගමක් සතු ගුවන් යානාවක් කටුනායක ගුවන්තොටුපොළේ නවතා තබා ඇති බැවින් රටේ ඛනිජ සම්පත් විදෙස් රටවලට විකිණීමේ සූදානමක් ඇත්දැයි සැක මතු වන බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්. එම්. නිමල් ශ්‍රී මහතාගෙන් තමන් විමසූ බවත් එවිට ඔහු පැවසුවේ එම ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට මුම්බායි නුවර දක්වා ගමන් කරමින් තිබූ අතර තාක්ෂණික සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබැස්වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
source Adaderana.lk