භූත වනය

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ghost-girl-on-jungle-road-600-450.jpg


    එදා සිකුරාදා පාසල් ඇරිලා ගෙදර ආවේ සුමතිපාල හදල දුන්නු නයා වාට්ටුව සරුංගලේ නුල් කාල් දෙකම ඉවර වෙනකන් උඩ යවන්න.නුල් කාලක් උඩ යැවුවත් උඩු හුළගට අහුවන නිසා කරදරයක් නැතුව ඒ දිහා බලන් ඉන්න පුළුවන් කියල අංජන කිවුවා.එත් නූල් කාල් දෙකම දුන්නොත් හවස බාන්න ඕනේ නැහැ.ඊලග දවසේ හවස නැත්නම් ඉරිදා හවස බාන්න පුළුවන් කියල මට වඩා සරුංගල් ගැන දන්නා අංජන මාත් එක්ක කිවුවේ පොල් බිඳෙන කන්ද පාමුල බයිසිකලේ තල්ලු කරන ගමන්.

    හරියටම තව පැයකින් ගමේ එහා කොනේ තියෙන වෙල් යායට මගේ සරුන්ගලෙත් අරන් එන පොරොන්දුවෙන් අපි දෙන්න වෙන් වුනා.එදත් සුපුරුදු පරිදි සරුංගලේ අතට ගද්දි අම්මා බැන්නේ කිසිම වැඩක් නැතුව හැම වෙලේම සරුන්ගලෙත් එක්ක ඉන්න නිසා.එත් අම්මට තේරෙන්නේ නැද්ද හැම දාම සරුංගල් යවන්නේ නැහැ එක කාලයක විතරයි නේ ඇයි එකවත් තේරුම් ගන්න අම්මට බැරි කියල කියන්නත් හදල කිවුවේ නැත්තේ එකට ඒක කතා කලොත් කොහොමත්ම යන්න දෙන්නේ නැති නිසා.රෑ වෙන්න කලින් ගෙදර එන පොරොන්දුව මත අඩි 7 ක් විතර දිග වරලත් එක්ක සරුංගලේ ඉම්පනවා වෙල් යායට අරගෙන යන්න පිටත් වෙද්දී බයිසිකලේ හැඩල් එකේ වැදිලා සරුංගලේ ඉරුනා.ඉරුණු සරුංගලේ පොඩි සවරන් කැල්ලක් මුට්ටු කරලා වෙල් යායට යද්දී අංජන එතනට ඇවිල්ලා.

    අම්මා මේ වෙල් යායට එන්න දෙන්නේ නෑ. මෙතන පාළු තැනක් නිසාත් වෙළෙන් එහා තියෙන මහා කැලේ බයානක සත්තු ඉන්න නිසාත් ගම කොනට වෙන්න තියෙන හින්ද ගමේ ගොඩ දෙනෙක්ගේ ඇසට අසු වෙන්නේ නැති මායිමේ පිහිට ඇති නිසා.හරිම පාළුයි හවස පහෙන් පස්සේ කැලේ පැත්තෙන් එන ඒක ඒක බය හිතෙන සද්ද නිසාත් ගමේ වැඩිහිටියෝ ගොඩ දෙනෙක් ඒ කලේ හඳුනුවේ "අවතාර වනේ " ලෙසයි.අපිට ඒ ගැන එච්චර හිතන්න වෙලාවක් දැනීමක් තිබුනේ නැහැ අඩි 7 ක් විතර දිග වලිගයක් තියෙන දිග සරුංගලයක් නූල් කාල් දෙකක් උඩ යවන්නම් ලොකු වෙල් යායක් තියෙන ඕනේ.ගමේ කොල්ලන්ගෙන් වැඩ කාර කොල්ල වෙන්න නං ලොකුම සරුංගලේ වැඩිම දුරක් යවන්න වෙනවා.දැනට අපේ ගමේ තියෙන ලොකුම සරුංගලේ සුමතිපාල මට හදල දුන්නු නයා වාට්ටුව සරුංගලේ.

    අන්ජනලගේ තාත්තගේ නැතිවුනේ හරක් හොයන්න මේ කැලෙට වැදිලා.මාස දෙකකට විතර පස්සේ භාගෙට දිය වෙච්ච ගුණසෙන මාමගේ මිනිය හම්මුනේ කැලේ හොරෙන් දර කපන වෙනත් පිරිසකට.ඒ කාලේ අංජන හිටපු විදිය මාට හොඳට මතකයි අපිත් එක්ක කතා කරන්නේ නැහැ.අහන දෙයට උත්තරයක් දීල උගේ පාඩුවේ හිටියේ.ගුණසේන මාමගේ මිනිය පොලිසියෙන් වට කරගෙන ඉටිකොලෙක ඔතල ගමට ගෙනාපු දවසේ අන්ජනගේ අම්මයි අක්කලා දෙන්න අඬපු විදියට කාකි ඇඳුම ඇඳන් හිටපු පොලිස් ලොකු මහත්තරුන්ටත් ඇස් රතු වෙලා තිබුනා.ගොඩක් දෙනෙක් කිවුවේ වලහෙක් එක්ක පොර බැදලා කියල.තව කිහිප දෙනෙක් කිවුවේ දිවියෙක් එක්ක සටන් කරලා කියල.ඒ කොහොම වුනත් ගුණසේන මාමගේ ඉනේ නිතරම තියෙන කිතුල් මල් මදින මල් පිහිය කෑලි ගැලවෙච්ච මස් දිය වුනු ඒ මිනිය තිබුණු අහලකවත් තිබිල නැහැ.

    ඒ කැලේ අක්කර එකසිය ගානක් විතර විශාලයිලු.කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ වෙනත් දිස්ත්‍රික්කයක්.මෙහා පැත්තේ තියෙන්නේ අපේ දිස්ත්‍රික්කේ.දිස්ත්‍රික්ක වෙන් කරන්නේ ඒ කැලේ තියෙන විශාලත්වය නිසා කියලා අපේ ගමේ දහම් පසෙලේදී උදේ රැස්වීමේදී ලොකු හාමුදුරුවෝ කිවුවා මතකයි.ඒ කැලේ භයානකම සත්තු 3 දෙනාම ඉන්නවා.ඒ වගේම සඳුන්,හොර,කළුවර වගේ සුර්ලබ වටිනා ගස් ඇතිවෙන්න තියෙන කැලයක්.නීතිවිරෝදී වැඩ ඕන තරම් වෙනවා. කැලේ එහා පැත්ත වෙනත් පොලිසියකට මෙහා පැත්ත තවත් පොලිසියකට.මොන වැරදි වැඩ කලත් නීතියෙන් පැනල යන්න ඒ හොරු හොදට දන්නවා.

    71.jpg


    අපේ සරුංගලේ දිහා තව කීප දෙනෙක්ම බලාගෙන ඉන්නේ ඒ සරුංගලේ තියෙන විශාලත්වය නිසා.විනාඩි 15 ක් උත්සහයකින් යන්තම් සරුංගලේ උඩට නැග්ගුවා.නායා වාට්ටුව සරුංගලේ උඩයන දිහා අනිත් පොඩි උන් බලන් ඉන්නේ ඉරිසියාවෙන්.ගිය සැරේ ලොකුම සරුංගලේ හැදුවේ මිලින්ද එයා මට වඩා ගොඩක් ලොකු පන්තියක හිටියේ.මේ සැරේ මගේ එක තමා ලොකුම එක.එත් මට වඩා එකේ අගේ තියෙන්න අංජනට.පව් ගුණසේන මාමා හිටියනම් මටයි අංජනටයි සරුංගල් හදල දෙන්නේ ඒ මාමා.එත් දැන් කාටවත් කියල සරුංගල් හදවන්නේ නැහැ.අම්මටවත් කරදර කරන්නේ නැ සවරන් කොළ ඉල්ලා.ඒ අතින් අංජන මං වගේ නෙවෙයි ජීවිතය ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ.

    වෙනද නුල් කාලක් ඉවර වෙන්න යවද්දීත් උඩු හුළගට අහුවෙලා වලාකුල් වහල.එත් අද වෙනදට වඩා වෙනස් කියල අංජන කිවුවේ අහස දිහා බලන ගමන්.සරුංගලේ මුදුන් කරන්න හැදුවත් මුදුන් වෙන්නේ නැහැ දුර යන්නේ.අල්ලන් හිටපු නුල එක සැරේම සැහැල්ලුවක් වගේ දැනුනා.ඒ එක්කම අංජන කෑ ගැහුවේ "සරුංගලේ කඩාගෙන යනෝ" කියලා.එක දැකපු වටේ බලන් හිටපු හැමෝම අපිට හිනා වුනා. අංජන සරුංගලේ වැටෙන පැත්තට දිවුවා මාත් ඒ පස්සෙන් දිවුවා.

    අපි කැලේ ඇතුලටම ගියේ සරුංගලේ කොහොම හරි හොයාගෙන ඊලග දවසේ අරුන්ට පේන්න උඩ යවන්න.

    අද හුලන් අඩුයි නේද ඒක නිසා උඩ ගියේ නැහැ නේ

    අංජන හේතු කියනවා.එත් මං දැක්කා හවස එද්දී ඉරුණු තැනට අලවපු සවරන් කැල්ල ගැලවිල වගේ මං කිවුවා.එත් සරුංගලේ කඩාගෙන ගියේ කූරිය ගහද්දි දිග වරලයි නුලයි ඔක්කොම එකට පැටලුන නිසා.මේ මහා කැලේ අපි තනියෙම ටිකක් ඇතුලට ඇවිල්ල.සරුංගලේ වැටෙනු තැන හිතින් අනුමාන කරගෙන ඒ තැනට අපි ආවත් ගහක පටලිච්ච නුලක්වත් පෙන්න නැහැ.තියෙන හැම ගහක්ම මහා රූස්ස ගස්.

    "මං මේ ගහට නැගල බලන්නම්" අංජන උනන්දුවෙන් කිවුවා.

    එතන තිබුන කඳ හීනි හොර ගහට බඩ ගෑවේ ලේනෙක් ගස් නගින විදියට.තාත්තගේ හැකියාව පුතාටත් ඒ විදියටම පිහිටලා නේ කියලා මටත් නොදනිම කියා වුනා. ටික වෙලාවකින් හින් හිනාවක් එක්ක ගහෙන් බැස්ස අංජන ඈත ගහක වරලක් පෙන්න තියෙනවා කියලා සතුටින් කිවුවේ.අපි මේ කැලේට මෙච්චර අතුලට ආවේ අදමයි එත් අපිට කිසි බයක් දැනුනේ නැහැ.පැයකට කිට්ටු කාලයක් අපි කැලේ ඇතුලට ඇවිද්දා.ලොකු ගස් අස්සෙන් නයි හුඹස් පහු කරගෙන පුස් වැල්වල එල්ලිලිය හරි විනෝදෙන් සරුංගලේ තියෙන ගහ ලහට කිට්ටු වුනා.මගේ සරුංගලේ වුනාට මට වඩා වුනන්දුව තියෙන්නේ අංජනට.එත් දැන් ඒක මගේ නෙවෙයි ඒක අපේ.

    අංජන තවත් ඒ වගේම ලොකු ගහකට බඩ ගාන ගමන් මට ඒ දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ.හවුලේ සරුංගල් යැවුවට හවුලේ ගස් නගින්න බැහැ නේ.හරි ලස්සන කැලයක් කැලේ ඇතුල සීතලයි වාහන වල සද්ද, "ආතර්" මාමගේ ගල් මොලේ සද්ද වගේ සද්ද මොනවත් නැ.හැම දාම මෙහෙට වෙලා ඉන්න තිබුනානම් කොච්චර ශෝක් ද කියලා මට හිතුනා.ටික වෙලාවකින් සරුන්ගලෙත් එක්ක අංජන ගහෙන් බැස්ස.එත් සරුංගලේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉරිලා.එත් කමක් නැහැ සරුංගලේ ලැබුනානේ අන්ජනට දැන් මට වඩා සන්තෝසයි.ගස් දෙකක්ම බඩ ගාල හොඳටම මහන්සි වෙලා හිටපු අංජන ගහක් මුලින් වාඩි වුනේ වතුර ටිකක් ඉල්ලගෙන."මං කොහෙන්ද බං වතුර දෙන්නේ මටත් තිබහයි".මේ කැලේ වතුර හොයන්න එච්චර අමාරු වෙන එකක් නැහැ.එත් දැන් වටින් ගොඩින් කරුවල වෙන්නත් ඇවිත්.අදනම් අම්මගෙන් ගුටි කන්න තමයි වෙන්නේ මං අංජන අතින් ඇදල නැගිට්ටවන ගමන් කිවුවා.

    වතුර වැටෙන සද්දයක් වත් ඇහෙන්නේ නැහැ.කිරලේක්ගේ,ඇටි කුකුලේක්ගේ, කෑ ගහන සද්ද සහ හුළගට ගස් වල අතු හෙළවෙන "හෝ" "හෝ" සද්දේ විතරයි ඇහෙන්නේ.ඒ සද්ද වලට මං වගේම අංජනත් ටිකක් බයවෙලා හිටියේ.ඉරුණු සරුන්ගලයත් අතින් අරගෙන අපි දෙන්න අඩිය ඉක්මන් කරලා කැලෙන් එලියට යන්න පිටත් වුනා.ටිකක් දුර යද්දී අපි දැක්ක කබරංක ගහක්.හොඳට ඉදිලා ගෙඩි හැම තැනම වතුර තිබහට නියමයි.එත් බිම තිබුණු හැම ගෙඩියක්ම සත්තු බාගෙට කාල දාපුවා.මොනවා කරන්නද මහන්සිය නොබලා තිබහ වැඩි කමට අංජන ආයෙත් ගහට නැග්ගා.වතුර තිබහට කාබරංකා ගෙඩියක් කැවහම වතුර තිබහට ෆැන්ට බෝතලයක් බිවුවට වඩා සනීපයි.

    දැන් හොඳටම රෑ වෙලා.අපේ ගමට රෑ වෙන්න කලින් මේ කැලේට රෑ වෙන්නේ තියෙන ඝන කලේ නිසා ඉර එලිය වැටෙන්නෙත් ටිකක් අඩුවෙන් ගෙදරට වඩා ඒ කැලේ සීතලයි.අපි දෙන්නටම අමුතු බයක් දැනුනා අම්මල දැන් හොඳටම බය වෙලා ඇති.මේ හැම දෙයක්ම උනේ මම නිසානේ.එත් අංජන මට මොනවත් කිවුවේ නැහැ මහා ගස් තුකටම බඩ ගාලා ඒ හැම දෙයක්ම අපි දෙන්නම එකට විඳුමු කියන්න තරම් අංජන හොඳ යාලුවෙක් වුනා. ගුණසෙන මම වගේම මූත් හරි හිත හොඳ එකා.අපේ කැලෙන් එලියට යන්න ගියත් අපි ආපු පාර හොයාගන්න බැරි වුනා.කටු ගස් වල පඳුරු වල පැටලී පැටලී සරුංගලේ අරන් යද්දී තවත් ඒක ඉරිලා ගිය.


    මේක වැඩි දුර අරන් ගියොත් වට්ටුවවත් ඉතුරු වෙන්නේ නැහැ ඒ නිසා අපි මේක ගහක් ලඟින් තියෙල හෙට ඇවිත් අරන් යමු අංජන කිව්වේ තරහෙන් වගේ.


    මෙච්චර අමාරුවෙන් ගස් නැගල හොයා ගත්තු සරුංගලේ මේ මහා කැලේ මැද තියල යන්න කොහොමටත් බෑ.ටික දුරක් යද්දී මට තේරුණා මේක අරන් ගියොත් අංජන කියපු දේ වෙන බව.ලොකු ගහක් හොයල ඒ ගහේ අපේ අත උසින් ගැට ගහල එල්ලුවේ බිම තිබුනොත් සත්තු පාගල කඩා දාවි කියන බයට.අපි දෙන්න ඒක ලගින් නිතරම හිටියා.මං කොහොමත් කරුවලට බයයි අන්ජනත් මේ කැලේ ඇතුලෙන් එන අමුතු අමුතු සද්දවලට බය වෙලා හිටියේ.අපිට නොදනිම අපේ පාර වලහිලා. තව තවත් කැලේ ඇතුලටම ඇවිත්.අන්ජනගේ තාත්තට වුනා වගේ අපි දෙන්නටත් මේ සත්තුන්ට බිලි වෙන්න වෙයිද.රැහයියෝන්ගේ සද්ද මදුරුවෝ කොඳුරන සද්දේ එක්කම බඩගින්නත් අපේ ගමන තවත් එපා කලා.ගෙදර ඉද්දි මේ වෙලාවට කාල නිදාගන වෙලාව.එත් අද මහා කැලයක් මැද්දේ අපි දෙන්න විතරක්.ඒක සැරේම කැලේ කිසිම සද්දයක් නැතිව ගියා.කකුලට පෑගෙන වියලි දර කැල්ලක සද්දයක් විතරක් ඇහුනේ.අයෙත් අමුතු සද්ද එන්න පටන් ගත්ත.අංජන මගේ අතින් හයියෙන් අල්ලගතා.ගමේ ලොකු මිනිස්සු මේකට බූත කැලේ කියන්නේ මේ එන සද්ද නිසා වෙන්න ඇති.



    මේ කැලේ වලස්සු ඉන්නවද දන්නේ නැහැ. දිවියා,සර්පයෝ,දළ තියෙන වල් ඌරා වගේ ධරුනු සත්තු ඉන්නවා.හිටපු ගමන් පායන කාලෙට වතුර හොයාගෙන ගමට එන මේ සත්තු කීප දෙනෙක්ම ආයේ යන්නේ නැ.බඳින තුවක්කුවකට හරි මොකක් හරි උගුලක හිර වෙලා පරලොවම යනවා.ඉතින් උන්ගේ සන්වරේ එකෙක් අපේ ඉස්සරහට අවොත් අපිට වෙන්නෙත් ගුණසේන මාමාට වුනු ඉරණමයි.උන් සත්තු උනත් අපිත් එක්ක කේන්තියෙන් ඇත්තේ.ලොකු මිනිස්සු කරන වැඩ නිසා පොඩි අපි නිකන් මැරුම් කන්න වෙන්නේ.


    ටික වෙලාවකින් අංජන අල්ලන්හිටපු මගේ අත ඇත්තරියා.ඒක සැරේම ආයෙත් ගහකට බඩ ගානවා.මට මොනවත් හිත ගන්න බැහැ.



    "මොකක්ද බං කරන්නේ.ආයේ ගස් නගිනකන් බලන් ඉන්න බැහැ යමු ඉක්මනට". මං පහල තනියෙන් ඉන්නේ බයේ කෑ ගැහුවා.එත් මං කීයටවත් කියන්නේ නැහැ මට බයයි කියල කොච්චර බයේ හිටියත් නම්බුව ගැන හිතන්න එපයි.මට වඩා හිතන්න පුළුවන් අංජන කෙලින් තියෙන උස ගහකට නැග්ගා.ඒක සැරේම හයියෙන් කෑ අහගෙන ගහෙන් බැස්සා.


    මොකද බං සතෙක්ද ගහ උඩ?.මොකද කෑ ගහන්නේ.මොකක්ද උනේ?.


    අපි කරුවලේ වුනත් හරි පැත්තට ඇවිල්ල තියෙන්නේ මං දැක්ක ගහ උඩදී ලාම්පු එළියක්. ඒ අපේ ගමේ පැටි මාමගේ ගෙදර ලාම්පු එළිය වෙන්න ඕනේ.පැටි මාමනේ වෙළ කිට්ටුවම ඉන්නේ.අම්මෝ...!! ඇති යන්තන් ගෙදර යන්න පුළුවන්..!!

    අංජන අත දික් කරලා පෙන්නපු දිහාට අපි අත් අල්ලාගෙන කටුපඳුරු උඩින් දොළක් හරහා නයි හුබසක් වටෙන් ගිහින් පැටි මාමගේ ඉඩමේ කොනට වෙන්න ලං වුනා.අපි මිට කලින් පැටි මාමගේ ඉස්සරහ මිදුලට ගිහින් තිබුනට කුස්සිය පැත්තෙන් ගිහින් තිබුනේ නැහැ.ඉතින් අපිට ඒ පැත්ත දැනුනේ නිකන් අර කැලේම කැල්ලක් විදියට.

    ඉරුණු සරුංගල් අලවන්න පාප්ප ටිකක් හදාගන්න උණු වතුර ටිකක්,ඇමරිකන් පිටි ටිකක් ඉල්ලගන්න අපි දුවන්නෙම පැටි මාමගේ ගෙදරට.කවදාවත් බැහැ නොකියා අපිට ඒ දේවල් දුන්නේ පැටි මාමාට දරුවෝ නැති නිසා. අපේ වයසේ හැමෝටම එකම විදියට ආදරෙයි .සරුංගල් කාලෙට ගමේ සමුපකාරෙන් ගුල්ලෝ ගහපු පන් පිටි ගෙනල්ල තියාගෙන ඉන්නේ අපිට පාප්ප හදන්නමලු. මහන්සි වෙලා තිබහ හැදුනහම ඒ දුවන්නෙත් පැටි මාමගේ ලිඳ ලගට.ඉතින් අපිට මේ ගෙදර හරි හුරු පුරුදු තැනක්. අපි පොඩි කාලෙමලු පැටි නැන්දා මොකක්ද සතෙක් ගහාල නැති වෙලා තියෙන්නේ.ගමේ හැමෝම වගේ දර ඇහිදින්න යන්නේ මේ "අවතාර වනෙට".එහෙම ගියපු දවසක දර මිටියත් එක්ක හිටපු කර වැලක් ද කුණ කටුවෙක්ද කොහෙද දෂ්ඨ කරලා තියෙන්නේ බෙල්ලටමලු.ඒ වේදනාවෙන් දවසකට පස්සේ පැටි නැන්දා මාමාව දාලා යන්නම ගියා.

    වැට මායිමට යද්දී අංජන ඉස්සර වුනා.එක සැරේම මට දැනුන මගේ බෙල්ල පිටි පස්සෙන් හිර වෙන වගේ.මං දැගලුවත් බේරෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.කලුවරේම අංජන නොපෙනී ගියා.කොන්ඩේ භූ ගාපු රැවුල වැවිච්ච යකඩ දන්වලක් බෙල්ලේ තියෙන අයෝමා පුරෂයෙක් වගේ කෙනෙක් මාව අල්ලාගෙන.හන්දියේ ඩෙක් පීස් තියෙන කඩේ බිත්තිවල අලවල තියෙන පින්තුර වල ඉන්න කෙනෙක් වගේ.අම්මෝ එයාගේ අතක විශාල.මගේ මුළු ඇඟම විතර ලොකුයි.හවස ඉඳල මත් එක්ක හිටපු අංජනට මොකද වුනේ.අන්ජනලගේ තාත්තට වුනු දේ අංජනටත් වෙයිද එහෙම වුනොත් ඒ දේ මටත් වෙනවා නේ.අනේ මටනම් බැහැ දැම්ම මැරෙන්න.මට අපේ අම්මා මතක් වුනා අක්කවත් මතක් වුනා.මට මොනවා හරි වුනොත් තාත්තගේ නෑදෑයෝ හැමෝම බනේන්නි අම්මට.එපා කියද්දී ආපු එකේ වැරැද්ද.ගෙයින් එලියට බහිද්දී සරුංගලේ ඉරුනේ විනාසයක පෙර නිමිත්තක් විදියට.මේ හැම දෙයක්ම වුනේ මගේ වැරැද්දෙන් මං කෑ ගහන්න හැදුවත් යකඩයක් වගේ අතකින් මගේ කට වහල උස්සගෙන් යන්නේ අපි පැටි මාමලාගේ ගේ කියල හිතපු පැත්තට.

    මේ පැටි මාමලාගේ ගෙදර නොවන විත්තිය මට දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.එතනට යද්දී අන්ජනත් තව ලොකු මිනිස්සු 3 දෙනෙක් වට කරගෙන.මිට කලින් මං වැඩියෙන්ම බය වෙලා තිබුනේ ප්‍රින්සිපල් සර්ට වැරද්දක් කරලා අහුවුණු දවසක.එත් අද ඊටත් වඩා බයක් දැනුනා.අංජන අඬන්න ඔන්න මෙන්න වගේ.මං එතනට අරන් එද්දී ඔක්කම විස්තරේ අංජන කියල.එත් අපි කියපු දේ එච්චර විස්වාස කරන්න බැ කියල සරුංගලේ හංගපු තැනට අපිව එක්ක යන්න හැදුවා.එත් මේ රැ කරුවල අයෙත් ඒ ගහ හොයා ගන්න එක අමාරුයි කියන එක ඒ ලොකු ඇඟවල් තියෙන යෝද පැටවුන්ට තේරුනේ නැහැ.ඈතින් ඇහෙන සත්තුන්ගේ ගෙරවුම් සද්ද, විලාප,බස්සක් ගේ බකමුනගේ මුසිල කෑගහිල්ලත් එක්ක අපිව වට කරගෙන ඉන්න ලොකු අයියලා ළඟ තියෙන කොකු පිහිය හා ගිනි කඳ බටය දිග තුවක්කුව නිසා මට කෙල ගිලෙන්නේ නැතිව ගියා . අමාරුවෙන් වචන එකතු කරලා වතුර එකක් ඉලුවත්.ඉඳා මේක පිපන් කියල කොප්පක දාලා දෙද්දී වටේ ඉන්න පිරිසට අමුතු හිනාවක් එක්ක මං දිහා බැලුවා.ගෙදරින් එද්දී දවල් කෑම කාල බිවුවට පස්සේ වතුර එකක් දැක්කෙම නැහැ කබරංක කෑවට වතුර බිවුව වගේ සනීපයක් නැහැ. බොන්න කට ලගට ලං කරද්දී "අම්මෝ මේකේ ගඳ" මට කිය වුනේ හිතල නෙවෙයි . මුන් රෑට බොන්න ගෙනාපු අගල් පැන්ට මට දුන්නේ. එතන හිටපු නායකයා වගේ කෙනා වතුර එකක් දෙන්න කියල තව කෙනෙක්ට අණ කලා.කළු පැල්ලම් තියෙන කඩ තොළු වෙච්ච කටක් තියෙන අපිරිසිදු කෝප්පයක මට ඇත්තම වතුර දුන්නා.පොල් කටුවක උනත් බොන්න පුළුවන් තිබහක මං ඒ වෙලාවේ හිටියේ.අම්මෝ මෙහෙම රසයක් මට ඒ වතුර ටිකට බිවුවහම දැනුනා..එත් එක්කම අන්ජනටත් වතුර කෝප්පයක් දික් කලා.සරුංගලේ හොයන්න යන වැඩේ එහෙම්මම අමතක වෙලා ගියා.

    ghost_forest_by_silverwing_sparrow-d66d68e.jpg


    හොරෙන් ගස් කපන වැඩ සහ නීති විරෝදී වගාවක් මේ කැලේ ඇතුලේ කරනවා කියල මටයි අන්ජනටයි තේරුනේ අගල් පැන්ටා වල විස උන්ගේ ලේ වලට එකතු වෙලා එකේ බලෙන් සිහි විකාරෙන් දොඩවද්දී.ඒ කියපු දේ ඇත්තනම් මේවා මේ කාලෙන් එලියට අරන් යන විදියක් තියෙන්න ඕනේ.ගස් කපනවනම් වහනයක් මේ කැලේ ඇතුලට එන්නම වෙනවා.එත් හවස කිසිම ගහක් කපන සද්දයක්වත් ඇහුනේ නැහැ.අපි කැලේ අතක් පතක් නැතුව ඇවිදිද්දී කලින් කපපු එක ගහක මුලක්වත් දැක්කේ නැහැ.ඉතින් මේවා කොහෙද තියෙන්නේ.අපි හෙට වෙනකන් හිටියොත් අපෙනුත් වැඩ ගනීවි.ස්කොලේ මිස් නම් කියල දුන්න පුත්තලම් පැත්තට මෙහෙම ළමයි හොරෙන් අරන් ගිහිල්ල කරවල වාඩි වලට දාලා වැඩ ගන්නවා කියල.අපිටත් ඒ දේ වුනොත්.අපි පුත්තලම් අරන් යන්නනම් ගොඩාක් දුර යන්න වෙනවා. එත කොට කොහොමත් අපිව හොයාගන්න පුළුවන්.එත් මේ කැලේ ඇතුලේ තියෙන වගාවේ වැඩ වලට අපි ගත්තොත් ආයේ කවදාවත් එලියට යන්න වෙන්නේ නැහැ.මේ රැ කොහොම හරි කැලෙන් පැනල යන්න විදියක් ගැන කල්පනා කලා.කිසි දෙයක් අන්ජනත් එක්ක කතා කරන්න බැහැ.අපි දෙන්න ඉන්නේ ආරක්ෂකයෝ තුන් දෙනෙක් මැදින්.මොනවා කතා කරනත් උන්ට ඇහෙනවා .

    අපි දෙන්නටම රොටියක් දුන්නා. එත් රොටි 3 ක් වත් කන්න පුළුවන් බඩ ගින්නක හිටියේ.තියෙන දේ සම සමව අපි දෙන්නා කෑවේ නිකම්ම රොටි භාගේ විතරයි.හවස ඉඳල වුනු හැම කරදරයක්ම අපි දෙන්නට සම සමව ලැබුනා.අඩුවෙන් කාල වැඩියෙන් වතුර බොන්න අපි දෙන්නට සිද්ද වුනා.දැන් මුළු ගමම දන්නවා අපි මේ කාලෙට ගියා කියල.කීදෙනෙක් නම් බලන් හිටියද.එත් ඇයි අපිව හොයාගෙන කිසිම කෙනෙක් ආවේ නැත්තේ.ගමේ හැදී දැඩි පිරිමින්වත් හවස් කාලෙට මේ කාලෙට ඇතුල් වෙන්නේ නැති කොට මේ මහා රැ කොහොමත් එන එකක් නැහැ.එත් මොනවා වුනත් අපේ අම්මා හොයාගෙන එවි කියල මට හිතුනා.අනේ එහෙම ආවොත් අපේ අම්මත් මේ මිනිස්සුන්ව අල්ල ගනීවි නේ.මට අයෙත් මං ගැන නැතුව අම්මා ගැන බය හිතුනා.ගමේ මිනිස්සු,අපේ අම්මා හැමෝම බනිනවා ඇත්තේ අන්ජනට.පව් අසරණයාගේ අම්මා අක්කා බැනුම් අහනව ඇති.මොනවා කරන්නද අපේ වැරැද්ද.මහා පලු කැලේ ඇතුලේ මට එක එක විකාර දේවල් හිතෙන්න ගත්තා.හිටපු හැමෝගෙම කතාවල් අඩු වුනා එකින් එක හිටපු තැන් වලම නිදි අපිත් නිදි වගේ ටිකක් වෙලා හිටිය.අන්ජනට හොඳටම නින්ද ගිහෙන්.මොනවා හරි දෙයක් කරනවානම් දැන් තමයි හොඳම වෙලාව.එත් දැන් අංජන ඇහැ ඇරවන්න ගියොත් අනිත් හැමෝම අවදි වෙනවා.මං අංජන නැතත් තනියෙන්ම කැලෙන් පැනල යන්න හිතා ගත්තා.එහෙම ගමට ගිහිල්ල පොලිසියත් එක්ක ආයේ කාලෙට ඇවිල්ල අන්ජනව බේරා ගන්න.මං හිටි තැනින් නැගිට්ටේ කොටු කෑල්ලක්වත් පැගෙන්නේ නැති වෙන්න. පොළොවට බර නොවී අඩි තිබ්බේ හරියට රොඩු ගොඩක කොරවක්කෙක් ඇවිදින විදියට.එත් එක්කම අන්ජනත් ගෙමින් නැගිට්ට.නිදි කියල හිතන් හිටියට ඌත් මං වගේ පැනල යන විදියක් ගැන හිතන් ඉඳල තියෙන්නේ.නිවෙන්න කිට්ටු වෙච්ච කුප්පි ලාම්පු එළියෙන් පළාතේම චයාවන් යන්තම් පේනවා.එතන වුන් සියලු දෙනා අයෙත් නිදන් හිටියේ අයෙත් එළි වෙනකන් නැගිටින්න නැති තද නින්දක.කොටයක් උඩ තිබුණු පිහිය අංජන අතට ගත්තේ මගේ හිතේ තිබුනේ දේ හරියට තේරුම් ගත්තා වගේ.

    පොළොවට බර නොදී කොටු කෑල්ලක්වත් නොකඩේන විදියට ඔවුන්ගේ වාඩිය සිට ටික දුරක් ඇවිත් අපිට පුළුවන් උපරිම වේගෙන් දිවුවේ හොර බඩු කැලෙන් එලියට ගෙනියන පාර හොයාගෙන.ඒ කැලි කැපෙන කළුවරේ පාරක් හොයා ගන්නවා කිය හිතන්නවත් බැහැ.මේ යන ගමනේ සතෙක් හිටියොත් මැරෙන්න වෙනවා..අර වාඩියේ හියොත් නොමරා මැරෙන්න වෙයි.ඉතින් මේ ගත්තු තිරණය ගැන අපි දෙන්නම මොනවත් හිතුවේ නැහැ.අපි මේ යන්නේ කලින් වගේම කැලේ තවත් අතුලටද නැත්නම් කැලෙන් එලියටද කියාද විස්වාසයක් නැහැ.අපි අයෙත් මොනවගේ තැනකට වැටෙයිද කියල හිතන්න බැහැ.ඉතින් අපි අද රැ ගහක් උඩ නිදාගමුද අංජන ගස් දිහා බලන ගමන් ඇහුව.මටත් ගොඩක් මහන්සි.කකුල් වලින් ලේ එනවා කටු වලට හිරිලා මුල් වල වැදිලා.ඒ හැම වේදනාවක් එක්කම මං කැමති වුනා.එත් මට ගස් නගින්න බැහැ නේ.එත් අංජන අතු තියෙන ගහක් හොයාගෙන මාව ඒ ගහට ඉස්සෙල්ල නැග්ගුව.අපි දෙන්නම ලොකු අත්තක කරු දෙකක් උඩ නිදාගත්තා.

    මට දැනුනා මගේ මුණ ලග කවුරු හරි ඉන්නවා වගේ.ටික වෙලාවකින් සීතලත් එක්ක බලද්දී ලොකු සතතෙක් මං හිටපු අත්ත උඩ.මට පහලින් හිටපු අන්ජනට මොකද වුනේ.නැගිටලා උඩ ඇත්තට යද්දීම උගේ ඉස්සරහ කකුලෙන් මුනට පාරක් වැදුනා.එත් එක්කම මගේ දකුණ කම්මුල පැත්තෙන් වේදනාවක් දැනුනා.උගේ නියපොතු පාරට මුණ හිරිලා ලේ මගේ උරහිස දිහේ බිමට වෙනවා වගේ දැනුනා.අඩ අඳුරේ ඒ ඉන්නේ දිවියෙක් බව මං දැක්කා.මගේ කකුලේ කැල්ලක් උගේ දිග දත්වලින් හපලා කැල්ලක් කඩද්දි ඇති වුනු වේදනාවෙන් මං කෑගැහුවා.මගේ කට තද වෙනවා වගේ දැනෙද්දී ඇස් ඇර බලද්දී අංජන මගේ කට වහගෙන.හිතේ තිබුණු බයට මං හීනයක් දැකල.ඊට පස්සේ එළි වෙනකන් මට හරියට නින්ද ගියේ නැහැ.ඇස් පිය වෙද්දී අයෙත් කොටිය මතක් වෙන නිසා.

    එලිය වැටිලා ගහෙන් බහිද්දී මට තේරුනේ අපි රැ ඉඳල තියෙන්නේ ගොඩක් උස ගහක් උඩ නේ කියල.මටම හිතාගන් බැහැ කොහොමද ඒ ගහට නගපු විදිය.අමාරුවෙන් ගහෙන් බැහැල යද්දී අතේ තිබුණු පිහ දිහා අංජන ගොඩක් වෙලා බලන් හිටියා.මේ අපේ තාත්තගේ පිහිය වගේ පිහියක්.ඒ කියන්නේ ගුණසේන මම මැරිලා තියෙන්නේ සතෙක් එක්ක පොර බලා නොවෙයි.ගුණසෙන මාමගේ මිනි මැරුවොත් එක්කද අපි රෑ හිටියේ.අන්ජනගේ ඇස් වල මං දැක්කේ ඒ කේන්තිය දුක.අපි මේ කැලෙන් එලියට ගිහින් මුන්ට හොඳ පාඩමක් උගන්වමු.මං අන්ජනගේ හිත ගන්න හිතාගෙන එහෙම කිවුවේ.ඉර එලිය දකුණු කන පැත්තට වැටෙන විදියට අපි එකම දිශාවකට ඇවිද්ද පැය ගානක්.ටික වෙලාවක් යද්දී ඉර අපේ පිට පත්ත්ටා වැටෙද්දී අපි යන දිශා වෙනස් වුනා.කටු කටු තියෙන මගේ රබර් සෙරෙප්පු දෙක ගෙවෙනකන්ම දැන් ඇවිද්ද.කිසිම මනුස්ස වසෙක සද්දයක්වත් නැහැ.අංජන අතේ ඇති පිහිය දිහා සරින් සැරේ බලන ගමන් කිසි කතාවක් නැතුව ඇවිද්දේ හිතේ තෙයෙන දුකටත් කේන්තියත් නිසා.

    ghost-forest.jpg


    එක සැරේම මිනිස් රුප 4 ක් මතු වුනා.සාමන්‍ය කමිස හා පොලිස් කලිසමට සමාන කලිසමක් ඇඳන් හිටපු ඒ හතර දෙන දිහාවට අපි දුවල ගියේ ඔවුන්ට අපිව මග හැරෙයි කියල බයට.අපි අපි ගැන කියල අපිට වුනු කරදරේ සියලු විස්තරේ කියල දැම්මා.අපි ඉස්සරෙවෙලා කිසිම බයක් නැතුව ඊයේ රැ හිටපු වැඩිය පැත්තට ගියේ ගුණසෙන මාමගේ මිනි මරුවන්ගේ පොලිසියට අල්ලලා දෙන වීරයෝ වගේ.

    "මේ තියෙන්නේ මෙතන තමයි උන් හිටියේ"

    අංජන අත දික් කරලා පෙන්නද්දී ඇතුලෙ ඉඳන් නායකයා වගේ හිටපු කෙනා එලියට ආවා. "ඕකුන්ව අල්ල ගනින් ඊයේ රෑ මුන් පැනල ගියේ" ඒ විධානෙන් එක්ක අපි දෙන්නා අයෙත් කොටු වුනා.පොලිස් වගේ හිටියේ මේ හොරුනේ වෙනත් කණ්ඩායමක්.වෙන්න යන දේ හිතාගන් බැරුව අපි දෙන්නා මුණෙන් මුණ බලාගත්ත.අපේ අත් පිටි පස්සට වෙන්න ගැට ගහල පුටුවක වැඩි කලේ පැනල ගියොත් මරනවා කියල තර්ජනයෙකුත් එක්කමයි.වටින් ගොඩින් කරුවල වැටෙද්දී හොර පොලිස් හතර දෙන යන්න පිටත් උනේ අන්ජවත් අරගෙන..

     
    • Like
    Reactions: ishan1653