භූමිකම්පා අවදානමක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    භූමිකම්පා අවදානමක්

    භූමිකම්පා අවදානමක් : හදිස්සි සාකච්ඡාවක්
    දිනය: 2012-05-29 02:00:00

    295035_394748820577207_100001262764719_81368495_901791831_n.jpg


    ඉදිරියේ ඇතිවිය හැකි මහා පරිමානයේ භූමිකම්පාවකට රට මුහුණ දියුතු ආකාරය පිළිබඳව කරුණු විමසා බැලීමට ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

    කාලගුණ විද්‍යා, භූ විද්‍යා පර්යේෂණ, විදුලිබල හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ගේ ද ඇතැම් දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ගේ ද සහභාගීත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා මේ සාකච්ඡාව පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ සතියක් තුල භූ චලන දෙකක් සිදුවීමත් සමග අනාගතයේදී මහා පරිමාන භූමිකම්පාවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් සැලසුම් සහගතව ක්‍රියාත්මක වියයුතු ආකාරය ගැන මෙහිදී සාකච්ඡා කරන බව ඇමති අමරවීර මහතා පැවසීය.

    ශ්‍රී ලංකාව තුල සුළු භූචලන සිදුවීමේ ප්‍රවන්බතාව වැඩි නිසා ඒ සම්බන්ධයෙන් භූ විද්‍යාඥයින් මීට වඩා ගැඹුරින් සොයා බැලිය යුතු බව මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සී.බී.දිසානායක මහතා පවසයි.

    ඔහු පවසන්නේ එවැනි භූ චලන ඉදිරියටත් සිදු විය හැකි බවත් ශ්‍රී ලංකාව භූතල මායිම්වලින් ඈත තිබීම නිසා භූමිකම්පා පිළිබඳව වැඩි ප්‍රශ්නයක් නැති කියන මතය වෙනස් කල යුතු බවත්ය.

    පසුගිය දින හය තුල කොළඹ ඇතුළු පිටස්තර ප්‍රදේශ කීපයකට බලපෑ සුළු භූචලන දෙක සම්බන්ධයෙන් අදහස් දැක්වූ පතල් කැනීම් භූ විද්‍යා කාර්යාංශයේ සභාපති එන.කේ.විජයානන්ෆා මහතා සඳහන් කලේ එම භූකම්පන සම්බන්ධයෙන් පිහිටුවා ඇති භූකම්පන මාපක මධ්‍යස්ථානවල සරහන්වූ දත්ත පිළිබඳව භූ විද්‍යා විශේෂඥයින් දෙදෙනෙකු පරීක්ෂණ ආරම්භ කල බවයි.
     
    • Like
    Reactions: randitha chathumal