භූමිකම්පා කල්තබා හඳුනාගැනීම .

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    භූමිකම්පා කල්තබා හඳුනාගැනීම .

    සාමාන්යෙන් ස්වභාවික විපත් ඒ කියන්නේ සුළි සුලන්, නාය යම් , ගං වතුර වගේ දේවල් කල් තබා හඳුනාගෙන ජනතාව දැනුවත් කරන හැටි අපි කව්රුත් දන්නවා. නමුත් භූමිකම්පා කියන්නේ ඒ වගේ ලහෙසියෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජපානය කියන්නේ භූමිකම්පාවලින් නිතරම බැට කන රටක්. ඒගොල්ලෝ නිතරම පර්යේෂණ කරනවා "භූමිකම්පා කල්තබා හඳුනාගැනීම" ගැන. දැනට ලෝකයේ සාර්ථකව ක්‍රියාත්මක වෙන එකම ඒ විදියේ පුර්ව අනතුරු ඇගවීමේ පද්තතිය තියෙන්නෙත් ජපානයේ මයි. වාර්ෂිකව වෙන විශාල භූමිකම්පා රැසකින් ජීවිත දහස් ගණනක් බේරාගන්නට මීට හැකිවී තිබේනෙව. අපි සරලව බලමු මේ පුර්ව අනතුරු ඇගවීමේ පද්තතිය කොහොමද වැඩ කරන්නේ කියල.

    ඊට කලින් භූමිකම්පාවක හැසිරීම ටිකක් විද්‍යාත්මකව පැහැදිලි කරන්න වෙනෙවා. ඇත්තටම බොහොම සරලව ගත්තොත් භූමිකම්පාවකදී වෙන්නේ විශේෂ කම්පන තරංග භූමිය තුලින් ගමන් කිරීමයි. ප්‍රධාන තරංග වර්ග 2k තියෙනෙව.
    1. s තරංග
    2. p තරංග

    භූමිකම්පාවකදී මුලින්ම ඇතිවෙන්නේ p තරංග හෙවත් primary waves . මේවා ගමන් කරන්නේ පොලොව මතුපිටින්. ඒ නිසා සාපේක්ෂව සිදුවෙන හානිය අඩුයි. s තරංග උනත් භූමිකම්පාවක ඇතිවෙලා බොහොම සුළු මොහොතකින් ගමන් කරන්න පටන් ගන්නවා. නමුත් p තරංග වලට වඩා ගමන් කරන වේගය අඩුයි. s තරංග පොලොව ඇතුලතින් යන නිසා සිදුවන හානිය ගොඩක් විශාල වෙන්න පුළුවන්.

    මන් කලින් කියපු ජපාන පුර්ව අනතුරු ඇගවීමේ පද්තතිය මේ තරංග දෙක ගමන් කරන වේග දෙකේ වෙනස අරගෙන තමා භූමිකම්පාවක් ඇතිවෙන බව කලින් දැනගන්නේ. (p තරංග ඇතිඋනාට එක මිනිස්සුන්ට එච්චර දැනෙන්නේ නැ. භූමිකම්පාවක් වෙනෙවා කියල තේරෙන්නේ s තරංග ගමන් කරනකොට ) මේ සඳහා ජපානයේ හතර දිග්බාගයකම 1KM න් 1KM ට සංවේදක (censor) සවි කර තිබේනෙව. (මේකට අති විශාල පිරිවැයක් දරන්න ඕනේ. අපි වගේ රටකට නම් හිතාගන්නත් බැ ). මේ පද්තතිය ප්‍රයෝනජවත් වෙන්නේ භූමිකම්පාව ඇතිවෙච්ච්ච ප්‍රදේශයෙන් ඈතට වෙන්න තමා. මොකද ගොඩක් ළඟ නම් උනේ තරංග වර්ග දෙක අතර ලොකු වේග පරතරයක් නෑ. අනතුරු අන්ගවන්නත් කලින් ම භූමිකම්පාව සිදු වෙනෙවා. නමුත් Tokyo වගේ ලොකු නගර වලට සිදුවන්නට යන විනාශය තත්පර 30 - 60 අතර කාලයකට කලින් කියන්න පුළුවන් භූමිකම්පාව ඊට 100 KM වඩා ඈතින් නම් අති උනේ.
    මේ කියන තත්පර කීපය තමා බොහෝ දෙනෙකුගේ ජීවිත බෙරන්නේ.

    පහුගිය අව්රුද්දෙ මාර්තු 11 ජපානයේ සිදු වුනු භූමිකම්පාව යාළුවන්ට මතක අති. මේක richter පරිමාණයේ එකක 9.0 වාර්තා කරපු භූමිකම්පාවක්. 15000 කට වැඩි පිරිසක් මැරුණත් ඒ වැඩිම ගානක් මරුනේ භූමිකම්පාව නිසා නෙවෙයි, සුනාමිය නිසා. භූමිකම්පාවෙන් ඍජුවම මැරුණු ගාන 100 කටත් අඩු බව තමා වාර්තා වෙන්නේ. මරණ ගාන ඔය මට්ටමෙන් හරි අඩු උනේ පුර්ව අනතුරු ඇගවීමේ පද්තතිය හොඳින් ක්‍රියාත්මක උණු නිසා. මේක වැඩ කරන්න ගන්නකොට ජපානයේ සියලුම ජංගම දුරකථන වලට SMS එකක් යනවා. එක priority signal එකක්. ඒ කිව්වේ ඔය SMS එක එනකොට කව්රු හරි ඇමතුමක් ගනිමින් හිටියොත් ඒ ඇමතුම විසංදි වෙලා SMS එක එනවා. NHK වගේ සියලුම රුපවාහිනී / ගුවන්විදුලි මධ්‍යස්ථාන වලින් විකාශනය අතරතුර ස්වයන්ක්‍රීයවම message එකක් display වෙනෙවා.

    පහත තියන video එකේ තියෙන්නේ මේ පද්තතිය මාර්තු 11 වෙනිදා ක්‍රියාත්මක උන හැටි.



    http://www.youtube.com/embed/24KfBwkMw_M



    ඉතින් යාලුවනේ මේක මන් දැම්මේ rep බලාගෙන නෙවෙයි. අපි හැමෝගෙම දැනගැනීම පිණිසයි. :yes:

    video eka load wenne naththam link eka click karanna.
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    thanks ! man iframe ekath ekkama copy karala.

    14.gif
    good thread....
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,342
    3,136
    113
    6°54′N 79°54′E
    වටිනා ලිපියක්.ලංකාවේ අපිට තියෙන්නේ USGS/gdacs වගේ දෙයක් තමය්.කලගුනයෝ නිදි හින්දා.
     
    Last edited: