භූමිතෙල් හිගයක්.. ලබා දීම සීමා කරයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හැටන් නගරය තුල පවතින භුමි තෙල් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

    මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ ප්‍රදේශය තුල පවතින භුමි තෙල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

    ප්‍රදේශයේ සමහර ඉන්දන හල්වල මෙසේ භුමි තෙල් හිගය පවතින විට සමහර වෙලදසැල් හිමියන් භුමි තෙල් බෝතලයක් රුපියල් සියයක් වැනි මිලකට විකිනිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන්ට වැඩි මුදලක් ලබාදි භුමි තෙල් ලබා ගැනිමට සිදුව ඇති බවද එම පිරිස් තව දුරටත් පවසති.

    මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ඉන්දන හල් සේවකයන් පවසනුයේ තමන්ට ලැබෙන භුමි තෙල් තොග කඩිනමින් නිම වන බවත් එම තත්වයන් මත භුමි තෙල් ලබා දිම එක් අයකුට ලීටර් පහකට සිමා කර ඇති බවත්ය.