භූ කම්පන

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    භූ කම්පන විශාල ප්‍රමාණයක් පසුගිය පැය 72 තුළ සිදුවුනා....එයින් එකක් නිසා ජපානයට සුනාමි අනතුරු ඇඟවීමකුත් කළා.....පසුගිය සතියේ නවසීලන්තයටත් ඒ වගේ අනතුරු ඇඟවීමක් කෙරුණා.....මහාද්වීපික තැටි අතර පළුඳු කඩතොළු කළාප මෙලෙස අතිශය සක්‍රීයව පවතිද්දී ඒ ගැන යමක් ලියන්න හිතුවා.....

    භූ කම්පන ඒවා සිදුවන ගැඹුර අනුව, ඒ කියන්නේ භූ කම්පනයේ තටක තීරු විතැන් වීම සිදුවීම වන්නේ පොළව මට්ටමෙන්, එහෙමත් නැන්නම් පතුළේ සිට කොපමණ ගැඹුරකින්ද කියන කරුණ මත භූ කම්පා වර්ග තුනකට බෙදෙනවා....

    1. නොගැඹුරු භූ කම්පන - මේවා සිදුවන්නේ සාමාන්‍යයෙන් මුහුදු පතුළේ සිට කිලෝමීටර් 70 ක් හෝ ඊට අඩුවෙන්....
    2. මධ්‍ය භූ කම්පන - සාමාන්‍යයෙන් මුහුදු පතුළේ සිට කිලෝමීටර් 70 - 300 පමණ අතර සිදුවන භූ කම්පන
    3. ගැඹුරු කම්පන - සාමාන්‍යයෙන් මුහුදු පතුළේ සිට කිලෝමීටර් 300 + සිදුවන භූ කම්පන....


    සාමාන්‍යයෙන් මෙයින් කිලෝමීටර් 70 ට වඩා ගැඹුරක සිදුවන භූ කම්පන, ශිලා ගෝලයේ ( Lithosphere ) මතුපිට ස්ථරය දෙසට ශක්තිය මුදා හරින නිසා, ඒවා එම කම්පන හට ගන්න කළාපයන්ට පමණයි බලපෑම ඇත් කරන්නෙ...

    lithosphere.gif


    භු කම්පන වල Magnitude එක, එහෙමත් නැත්නම් මුදා හරිනු ලබන ශක්තියේ සංඛ්‍යාත්මක විශාලත්වය, තීව්‍රතාවය ගණනය කරන ක්‍රමවේදයන් දෙකක් තියෙනවා....එයින් භූ කම්පනයක් සිය ශක්තිය මුදා හැරිය වහාම අදාළ කළාපීය තොරතුරු ලබාගෙන කරන පළමු විශාලත්ව ගණනයට අපි කියනවා "රික්ටර් මාපකයේ අගය" ගණනය කිරීම කියලා.....මේකට මේ නම වැටුණෙ 1935 වසරෙදි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ චාර්ල්ස් රික්ටර් මහතා විසින් භූ කම්පන වල ශක්ති පරිමාවන් සහ විශාලත්වය මනින මේ සංසන්දනාත්මක ක්‍රමවේදයේ පළමු පියවරයන් මෙලොවට හඳුන්වා දීම නිසා ඔහුට කරන ගෞරවයක් හැටියට.....

    richterSeismograph.jpg


    සාමාන්‍යයෙන් මිනිසා විසින් මෙලොව කරන ලද විශාලතම පාලිත පිපිරීම් තමයි 20 වැනි සියවස පුරා සිදුකළ න්‍යෂ්ඨික පරීක්ෂණ......මේ වගේ විශාල පිපිරීම් සහ ඝට්ටන නිසා සුවිශාල ශක්තියක් නිකුත් කෙරෙන විට, අප එයින් මුදා හැරෙන ශක්තිය මනින්නේ වෙනත් සන්සන්දනාත්මක පදනමක් සමග සසඳා බලලා......මේ සංසන්දනාත්මක පදනම තමයි ට්‍රයිනයිට්‍රොතොලුයින් හෙවත් සුප්‍රකට TNT නම් කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, සහ ඔක්සිජන් මූළ ද්‍රව්‍ය එකතුවෙන් සැකසුණු පුපුරන ද්‍රව්‍ය සංයෝජනයේ එක් එක් පරිමාවන් පුපුරුවා හරින ලද විට පිපුරුම් ස්ඵෝටනයේ ඵලය.....ඒ අනුව,

    ( ටී.එන්.ටී කිලෝ 1 ක් පුපුරා ගොස් මුදා හරින ශක්තිය = ජූල් 4,184,400 ) :shocked:
    රික්ටර් 0 - 1 අතර පරාසයක භූ කම්පනයක් මුදා හරිනු ලබන ශක්තිය ටී.එන්.ටී කිලෝ 20 ක පිපුරුමක් හා සමානයි.....
    රික්ටර් 2 ක පමණ භූ කම්පනයක් නම් ටී.එන්.ටී කිලෝ 600 ක් පුපුරුවා හරින විට ජනනය වන ශක්තිය තරම් ශක්තියක් මුදා හරිනවා....
    රික්ටර් 3 ක භූ කම්පාවක් ටී.එන්.ටී කිලෝ 20,000 ක තරම් ශක්තියක්ද,
    රික්ටර් 4 ක භූ කම්පනයක් කිලෝ 60,000 ක් තරම් ශක්තියක්ද,
    රික්ටර් 5 - ටී.එන්.ටී කිලෝ මිලියන 20 ක තරම් ශක්තියක්ද
    රික්ටර් 6 - ටී.එන්.ටී කිලෝ මිලියන 60 ක් තරම් ශක්තියක්ද
    රික්ටර් 7 - ටී.එන්.ටී කිලෝ බිලියන 20 ක තරම් ශක්තියක්ද



    Richter_scale.jpg


    ( ඇමරිකා එක්සත් ජනපදය 1954 වසරේ සිදු කළ සුප්‍රකට බිකිණි ඇටොල් හි "කාස්ල් බ්‍රාවෝ" වියළි හයිඩ්‍රජන් ඉන්ධන න්‍යෂ්ඨික පිපිරවීමේ ශක්තිය ටී.එන්.ටී කිලෝ බිලියන 15 ක් පමණ වූ අතර, රුසියාව විසින් 1961 වසරේදී සිදු කළ මානව සංහතියේ විශාලතම පාලිත කෘත්‍රිම පිපිරවීම වන, හයිඩ්‍රජන් වියළි ඉන්ධන සහ ලිතියම් විලයන "සාර් බෝම්බය" මුදා හළ ශක්තිය ටී.එන්.ටී කිලෝ බිලියන 50 ක ශක්තියට සමපාත විය...... )
    ඉන් එහා රික්ටර්අගයන් සහිත භූ කම්පන ටී.එන්.ටී කිලෝ ට්‍රිලියන් 3 කට එහා ශක්තියක් ද මුදා හරිනු ලබනවා....

    N9kTAGJ.jpg




    COMPARE TSAR WITH HIROSHIMA


    - ආසියානු සුනාමිය - 2004 -


    2004 වසරේ ලොව සෙළවූ ආසියානු සුනාමියට ශක්තිය දුන් රික්ටර් 9.0 ක භූ කම්පනය ටී.එන්.ටී කිලෝ බිලියන 475 කට පිපිරීමට සමපාත ශක්තියක් මුදා හළේය.......ආසියානු සුනාමිය බිහි කළ මහා භූ කම්පනය සිදුවුනේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඉන්දුනීසියාවේ වේලාවෙන් පෙරවරු 07.58 ට, බණ්ඩා-අචේ සිට කිලෝමීටර් 250 ක් නිරිත දිගින්, මුහුදු පතුළට කිලෝමීටර් 30 ක් යටත.....
    ඉන්දියානු භූ තැටිය වසරකට සෙන්ටිමීටර් 6 ක වේගයෙන් මියන්මාර ( බුරුම ) භූ තැටිය යටට තෙරපුමක් ඇති කරනවා.....


    මෙම තෙරපුම් අවස්ථාවෙදි
    Overriding Plate එක වන්නේ බුරුම භූ තැටිය ...
    Subducting Plate එක වන්නේ ඉන්දීය භූ තැටිය.....

    6373310_orig.jpg


    0e1cf2824bc938696e2b6bf95526d3db01b6db6f.png


    මෙවැනි ස්ථාන වල Inter-Plate Thrust Fault එකක් ඇති වෙන්න පුළුවන්......එක් තැටියක් අනෙක් තැටිය සමග යටිකුරු තෙරපුම් පීඩනයක් ඇති කරන විට, එසේ යටවන තැටිය පිටුපසට පොළා පැනීම හෝ උඩින් පවතින තැටියේ ඉදිරි පොළා පැනීමක් සිදුවිය හැකියි......
    බුරුම තැටිය සහ ඉන්දීය තැටිය අතර තෙරපුමෙන් කිලෝමීටර් 1,200 ක් දිගු බුරුම භූ තැටිය උපරිමස්ථානයේ මීටර් 20 ක සහ දළ වශයෙන් මීටර් 5 ක පොළා පැනීමක් සිදු කළා.....

    iodecoupled.gif


    එයින් ජනිත වූ ප්‍රධාන ශක්ති තරංගයේ ශීර්ෂය මුල් අවස්ථාවේ සෙන්ටිමීටර් 50 ක්......වේගය පැයට කිලෝමීටර් 800 ක්. :baffled:....එම උද්දාම ශක්ති තරංගය ඉන්දුනීසියාව ආසන්නයේ පැ‍යට කිලෝමීටර් 672 ක වේගයක්ද, ශ්‍රී ලංකාව ආසන්නයේ උපරිම වාර්ථාගත වේගය පැයට කිලෝමීටර් 440 ක් ද, උස මීටර් 4 - 7 ක් පමණද උනා.....

    භූමි කම්පාවක රිච්ටර් අගය ගණනය කරන්නේ කොහොමද?

    භූ කම්පනයක් සිදුවූ මොහොතේ විද්‍යාඥයන් පළමුවෙන්ම ගණනය කරන්නෙ Seismic Moment හෙවත් M 0 කියන අගය

    M0 = µ x S x d

    කියන සමීකරණය ඒ සඳහා යොදා ගන්නවා.....මෙහිදී

    • µ ( Rigidity )- යනු අදාළ පැල්ම සිදුවූ ස්ථානයේ ඇති භූ තැටි පාෂාණයේ ශක්තිය සහ ඝණකම යොදා එහි ස්වභාවය නිර්ණය කරන අගයක්... ඉන්දු - බුරුම පැල්ම සඳහා මේ අගය 3 x 10 ^10 කියලා සළකනවා.....
    • d - යනු සිදුවූ පොළා පැනීමේ දළ අගය
    • S - යනු එසේ පොළා පැන්න ප්‍රදේශයේ විශාලත්වය....

    Seismic Moment මේ තුනේ ව්‍යුත්පන්නයක් ලෙස අදාළ අගය සළකනු ලබනවා.....එම අගය ගන්නෙ නිව්ටන් මීටර් වලින්.....
    ( නිව්ටන් මීටර් එකේ ශක්තිමය කියවීම තමයි ජූල් කියන ඒකකයෙන් දෙන්නෙ ප්‍රමාණයක්.....ජූල් එකක් කියන්නෙ නිව්ටන් එකක බලයක් යම් වස්තුවක් මත මීටර් 1 ක දුරකට එහි චලිතයේ දිශානතියට ක්‍රියාත්මක වෙද්දි, එයට සම්ප්‍රේෂණය වන ශක්ති ප්‍රමාණය )
    උදාහරණයක් ගත්තොත් ආසියානු සුනාමිය බිහි කළ භූමිකම්පාව සඳහා මෙම අගය
    ( උපකල්පන - 9.0 මහා භූමිකම්පාවේ පොළා පැනීම සිදු කළ බුරුම තටකයේ අදාළ බලපෑමට ලක්වූ පළුද්ද කොටසේ දිග ( Fault Length) කිලෝමීටර් 1,300 ක්, එහි බලපෑම ලක්වූ භූ තැටි දෙක අතර පළුද්දේ පළල, හෙවත් භූ තැටි දෙක අතර රේඛීය දුර (Fault Width) කිලෝමීටර් 240 ක් පමණ....ඒ අනුව එම ප්‍රදේශය අගය 240 x 1300 = වර්ග කිලෝමීටර් 312,000 පමණ යැයි සළකනු ලබනවා )
    - 3 x 10 ^10 x 3.12 x 10 ^11 x 5 = 4.680 x 10^22 කියන අගය නිවට්න් මීටර් වලින් එනවා....


    දැන් පළමු පියවර හරි.....

    මේ ආපු අගය හෙවත් අගය අපි ආදේශ කරනවා පහත සමීකරණයට.....එයින් තමා අපි ව්‍යවහාරික රික්ටර් මාපක අගය ලබාගන්නෙ.....ඒකට අපි කියන්නෙ කම්පනය සිදුවූ පළමු අවස්ථාවේ භූ කම්පනයේ විශාලත්වය හෙවත් Moment Magnitude ( Mw ) කියලා....

    MomentMagnitudeChartCropped.jpg


    Mw = 2/3 log ( M0 ) - Distance Correction Factor
    මෙතන Distance Correction Factor කියන්නෙ මොකක්ද?
    භූ තැටි දෙකක් එකිනෙක ආනතව පවතින විට, අදාළ භූ කම්පනය බිහිකළ පැල්මේ පළල හෙවත් භූ තැටි අතර දුර ගැන අපට කරන්න පුළුවන් තිරස් ( රේඛීය ගණනය ) කිසි විටකත් නිවැරදි නැහැ.....ඒ වගේම ගැඹුරෙදි භූ තැටි දෙක එකිනෙක ගැටී තිබෙන ප්‍රදේශය සහ මේ දුර අරගෙන බැලුවොත් ත්‍රිකෝණමිතිය භාවිතයෙන් මේ සඳහා නිවැරදි අගය ගණනය කරන්න පුලුවන් කමකුත් නැහැ......මෙතනදි කරන්න පුළුවන් ආනති කෝණයක් උපකල්පනය කරගෙන, ඒ ඔස්සේ නිවැරදි දුර නිරවද්‍ය කරන නිරවද්‍ය කාරකයක්


    Ch = s (1- cos θ)
    θ - ආනති කෝණය
    s - ආනති දුර​

    වැනි සමීකරණයක් ( සමීකරණය සහ සංකීර්ණ ගණිත අභ්‍යාසය ආනති කෝණය අනුව වෙනස් වෙනවා ) භාවිතයෙන් මේ Distance Correction Factor එක හොයාගන්න එක....භූ විද්‍යාඥයන් එසේ ලොව පුරා භූ තැටි පැල්ම වලට අදාළ Distance Correction Factor අගයන් සොයාගෙන වගු ගත කරලා තබාගෙන සිටිනවා....

    මේ අවස්ථාව, හෙවත් අපේ උදාහරණ‍ය සඳහා ඉන්දු - බුරුම භූ පළුද්දට එම අගය 6.05
    දැන් නැවත ගණනට ආවොත්,

    Mw = 2/3 x log ( 4.68 x 10 ^22) - 6.05
    = 2/3 x 22.67 - 6.05
    = 15.11 - 6.05
    = 9.06

    ඔන්න ඕක තමයි ආසියානු සුනාමිය බිහි කළ මහා භූ කම්පනයේ රික්ටර් අගය......9.0 :rofl: කියලා අපි ආසන්නයට වටයන අගය ( මගේ මේ ගණනය කිරීම අති ප්‍රශස්ථ නැති දළ ගණනය කිරීමක්....විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් මීට වඩා ප්‍රශස්ථයි.... ) :nerd::nerd:


    දැන් භූ කම්පනයක ශක්තිය මනින්නෙ කොහොමද?

    ආචාර්ය රික්ටර් සහ ආචාර්ය බෙනෝ ගුයෙන්බර්ග් මේ සඳහා සමීකරණයක් නිර්මාණය කළා.....
    Energy = log 10 ( 11.8+1.5 x Magnitude )
    මෙම සමීකරණයට ආදේශ කළ විට විමෝචනය වූ ශක්තිය ජූල් 1.869 x 10 ^18 අගයක් ....
    ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය (USGS) කියන පරිදි,
    රික්ටර් මාපකය 2.5 හෝ ඊට අඩු භූ කම්පන 900,000 ( නම ලක්ෂයක් පමණ ) වාර්ථා වෙනවා.....
    රික්ටර් 2.5 - 5.4 අතර භූ කම්පන 30,000 ක් පමණ වාර්ථා වෙනවා....
    රික්ටර් 5.5 -6.0 අතර භූ කම්පන 500 ක් පමණ දළ වශයෙන් වාර්ථා වෙනවා...
    රික්ටර් 6.1 - 6.9 අතර භූ කම්පන 100 ක් පමණද,
    රික්ටර් 7.0 - 7.9 අතර භූ කම්පන 20 ක් පමණද,
    රික්ටර් 7.9+ "මහා භූ කම්පන" 10 ක් පමණද
    වර්ෂයකට ලොව පුරා වාර්ථා වෙනවා.....



    වර්ථමානයේදී භූ කම්පනයක ශක්තිය සහ විශාලත්වය මනින එකම ක්‍රමය රික්ටර් අගය ගණනය සහ එමගින් ශක්තිය ගණනය නොවේ.....භූ කම්පනයකදි පොළව මතුපිට සෙළවීම, සෙළවීමේ තීව්‍රතාවය, සහ එහි බලපෑමේ අගය යනාදි කරුණු කාරණා රාශියක් පිළිබඳව පශ්චාත් භූ කම්පන අවදියේදි විද්‍යාඥයන් තොරතුරු රැස් කරගෙන කරන ගණනය කිරීමකින් ව්‍යුත්පන්න කරගන්නා අගයක් තිබෙනවා....මෙම අගය අයත් පරිමාණයට අපි කියනවා Mercalli Scale of Earthquake intensity කියලා.....



    mercalli_scale.png


    WATCH THIS VIDEO : https://www.facebook.com/scienceonasphere/videos/10157877630135083/
     
    Last edited: