භූ තාපයෙන් විදුලිය

isuru5

Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    භූ තාපයෙන් විදුලිය

    geowells.jpeg

    අපේ මහ පොළොවේ උණුදිය උල්පත් සැඟවී පවතී. ඒ දිය උල්පත් ඔස්සේ අනාගතයේ දී භූ තාපයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් අප වෙත ඇති බව අපට විශ්වාස කළ හැකිය. මේ ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

    පෘථිවිය වසර බිලියන හතර හමාරක් පමණ පැරැුණිණ ය වෙද්දී පෘථිවියෙහි දැඩි උෂ්ණත්වයක් තිබුණි. දැඩි උණුසුම් බවක් ගත් මහපොළොව වසර බිලියන ගණනක් ඇවෑමෙන් ක‍්‍රමයෙන් මිනිසාට ජීවත් විය හැකි ජලය හා ජීවය රැඳුණු තත්ත්වයකට පත්විය.

    එහෙත් පොළොව අභ්‍යන්තරයේ තවමත් දැඩි උෂ්ණත්වයක් රැඳී පවතී. විකිරණශීලී මුලද්‍රව්‍ය ක්‍ෂයවීමේ ද පිටවන ශක්තිය සියයට අසූවක් පමණක් පොළොව මුලින්ම ඇතිවූ අවධියේ සිට ඉතිරිවී ඇති තාපයෙන් සියයට විස්සකුත් වශයෙන් භූ තාපය ඇතිවීමට දායකත්වය සපයයි.

    පෘථිවි අභ්‍යන්තරයේ ඇති දැඩි උෂ්ණත්වය නිසා පාෂණ ද්‍රව වී මැග්මා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දියර විශේෂය (සාමාන්‍ය ව්‍යවහාරයේ දී ලෝදිය වශයෙන් අප එය හඳුන්වමු) ඇතිවෙයි. පොළොව මතුපිට සීතල වුවත් ගැඹුරට යද්දී එහි උෂ්ණත්වය ද්‍රව බවට පත්වී තිබේ.

    නේපාලය, පිලිපීනය, හවායි දුපත්, ජපානය වැනි රටවල ගිනි කඳු පවතින්නේත් ලාවා පොළොව මතුපිටට විදාරණය වන්නේත් පෘථිවි කබලේ ගනකම අඩුවීම හා දුර්වල ස්ථාන පැවතීම හේතුවෙනි. පෘථිවි කබලේ ඇතැම් තැනෙක ගණකම ස්වභාවයෙන්ම අඩුය. එසේ ගණකම අඩු එමෙන්ම දුර්වල කලාප ලෙස පවතින ප‍්‍රදේශවලින් මැග්මා පිටතට ගලා එයි.

    අප රටේද ඒ ආකාරයේ තරමක් දුර්වල කලාප පැවතිය හැක. ඇතැම් අවස්ථාවක මැග්මා පොළොව මතුපිටට නොපැමිණ පොළොව ආසන්නයටම පැමිණ තිබෙන්නටද පුළුවන් අතර එය කුටීරයක් ලෙස රැුඳී තිබෙන්නටද පුළුවන.

    පොළොවේ භූ තාප අනුක‍්‍රමණය කිලෝමීටරයට සෙල්සියන් අංශක 22-30ත් අතර සංඛ්‍යාවක් ගනී. එය සාමානය සංඛ්‍යාව වුවත් ඇතැම් තැනක භූ තාප අනුක‍්‍රමණය ඊට වඩා විශාල වශයෙන් වැඩිවිය හැකිය. එසේ වීමට එක් හේතුවක් වන්නේ මැග්මා කුටීරයක් පොළොව මතුපිටට ආසන්නයේ තිබීම හෝ පෘථිවි පෘෂ්ඨිය අභ්‍යන්තරයේ තාපධාරාවන් නිරන්තරයෙන් පිටතට ගලා ඒමය.

    මහාද්වීප ප‍්‍රදේශවල පොළොව මතුපිටට භූ තාපය ගලාඑන වේගය වර්ග මීටරයට මිලිවොට් 65ක් පමණ වෙයි. සාගර ජලය සහිත ප‍්‍රදේශවල එම වේගය වර්ග මීටරයට මිලිවොට් 101 කි. අප රටේ කතා කළේ සැකෙවින් භූ තාපය පිළිබඳවය. හන්තාන මූලික අධ්‍යයන ආයතනය අපේ පොළොවේ උණුසුම් දියවැල් ඇති ප‍්‍රදේශ හඳුනා ගනිමින් භූ තාපයෙන් විදුලිය නිපදවන්නට හැකි අවස්ථා පිළිබඳව අධ්‍යනයක් කළේය.

    2007 වසරේ දී කළ අධ්‍යයනයකින් පැහැදිලි වූයේ ලෝකය භූ තාපයෙන් පමණක් ගිගා වෝට් දහයකට වැඩි විදුලි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි. එමෙන්ම තාපය ලෙස ගිගාවොට් 28ක් පමණ භාවිත කරනු ලබන බව මෙම අධ්‍යයනයෙන් පැහැදිලි විය.

    සීතල රටවල නිවෙස් උණුසුම් කිරීමට වායුසමනය සඳහා මෙන්ම උණුවතුර, නාන තාටක සඳහාද භූ තාපය භාවිත කරයි.

    අපේ පර්යේෂණවල අරමුණ උණුවතුර උල්පත් හඳුනාගෙන විදුලිය නිපදවන්නට ඇති අවස්ථා සහ වෙනත් සංවර්ධන කටයුතු සඳහා එය ප‍්‍රයෝජනයට ගත හැකි අවස්ථා අනාවරණය කර දැක්වීමය.

    එම පර්යේෂණ ඔස්සේ අපි අපේ පොළොවේ උණුදිය උල්පත් ඇති ස්ථාන දහයකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.

    1. සූරියවැව ප‍්‍රදේශයේ මාපැලැස්ස (උෂ්ණත්වය සෙල්සියස් අංශක 46)

    2. ජයන්ති වැව (එතරම් දැඩි උෂ්ණත්වයක් නැත)

    3. මහ ඔය (උෂ්ණත්වය සෙල්සියස් අංශක 54)

    4. මරංගල වහව හා පදියතලාව අතර ප‍්‍රදේශ කීපයක් (උෂ්ණත්වය සෙල්සියස් අංශක 50-52ත් අතර පවතී.)

    5. කපුරැල්ල ටැම්පිටිය ගම (උෂ්ණත්වය සෙල්සියස් අංශක 58-60ත් අතර)

    6. උතුරට යද්දී නෙළුම් වැව (උෂ්ණත්වය වැඩිම දිය උල්පත් ඇති ප‍්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත. උෂ්ණත්වය සෙල්සියස් අංශක 62)

    7. කින්යා උෂ්ණත්වය (සෙල්සියස් අංශක 42)

    8. රංගිරි උල්පත (උෂ්ණත්වය සෙල්සියස් අංශක 39)

    මේ හැරුණු විට මෑතකාලීනවද ලංකාවේ තවත් උණුදිය උල්පත් ඇති ස්ථාන කීපයක් හඳුනා ගෙන තිබේ.

    උණුසුම් දිය උල්පත්වල දියෙහි උෂ්ණත්වය පොළොව අභ්‍යන්තරයේ දී ඉහළ අගයක් ගත්තත් පස්, වැලි, අස්සෙන් ඒවා පොළොව මතුපිටට එද්දී එම දියෙහි උෂ්ණත්වය අඩුවෙයි. එහෙත් මතුපිටට එන දියෙහිද සැලකිය යුතු උෂ්ණත්වයක් තිබීමෙන් පැහැදිලි වන්නේ පොළොව අභ්‍යන්තරයේ දී එහි දැඩි උෂ්ණත්වයක් පවතින බවයි.

    උණුදිය උල්පත් ඇතිවන සාධක පිළිබඳව අප ඊළඟට කතා කරමු.

    1. උෂ්ණත්වය වඩා ඉහළ අගයක් පැවතීම.

    2. ජලය, පොළොව අභ්‍යන්තරයට යාමට කුස්තර පද්ධතියක් තිබීම.

    3. රත් වූ ජලයට උඩට ඒමට කුස්තර පද්ධතියක් තිබීම.

    4. භූගත ජලය තිබීම.

    උණුදිය උල්පත් ඇතිවීමට මේ සාධක අවශ්‍යය. උණුදිය උල්පත් නැතිනම් පොළොව අභ්‍යන්තරයේ රත් වූ පාෂාණ ඇති බව සාමාන්‍යයෙන් දැනගන්නට ක‍්‍රමයක් නැත. රත් වූ පාෂාණ ඇති එවැනි ස්ථානවල ජලය පොම්පකර අනතුරුව වාෂ්ප ටර්බයින් භාවිතකර ජල වාෂ්ප ලෙස පොළොව අභ්‍යන්තරයේ ඇති උණුදිය ලබාගත හැකිය. එමෙන්ම ජලය වාෂ්ප වෙන තරමේ උෂ්ණත්වයක් නැත්නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක සියයට වඩා අඩු නම් ජලය වෙනුවට වෙනත් විකල්ප ද්‍රව්‍යයක් ද භාවිතා කළ හැක. වෙනත් ද්‍රව්‍ය භාවිත කිරීමේ දී ඒ ද්‍රව්‍ය මෙන්ම අවශ්‍යනම් ජලය වුණත් ප‍්‍රතිචකී‍්‍රයකරණයට ලක්කළ හැක. භූ තාපයෙන් විදුලිය නිපදවද්දී දරන්නට වන මූලික පිරිවැය විශාල වුවත් දිගුකාලීනව එකී විදුලි උත්පාදන කාර්ය සඳහා දරන්නට වන වියදම අඩුවෙයි. සාමාන්‍යයෙන් විදුලි බලාගාරයක ටර්බයින් සඳහා විශාල මුදලක් දරයි. භූ තාපයෙන් විදුලිය ලබා ගනිද්දි විශාල පිරිවැයක් යන්නේ පොළොව විදින්නටය.

    එමෙන්ම භූ තාප බලාගාරයක් ඕනෑම පරිසර පදධතියකට ගැලපෙයි. එයින් සිදුවන පරිසරය හානිය ඉතා අවමය. විදුලි උත්පාදනයේ දී මුදා හැරෙන්නේ ජල වාෂ්ප පමණි.

    ලංකාවේ භූ තාප බලාගාර නැත. එහෙත් එහි වාසිදායක පැත්ත කල්පනා කරද්දී එය ඉතා යෝග්‍ය විදුලි උත්පාදක ක‍්‍රමයක් බව පැහැදිලිය.

    ජල විදුලිය කාලගුණය මත මූලිකවම රඳා පවතී.

    හුළං බලයෙන් විදුලි උත්පාදනය සුළඟ මත රඳා පවතී. සූර්ය තාපයෙන් විදුලිය නිපදවෙද්දී එය සූර්යා ලෝකය මත රඳා පවතී. එහෙත් භූ තාපයෙන් විදුලිය නිපදවීමේ දී මේ කාලගුණ සාධක වැදගත් නොවෙයි.

    උණුදිය උල්පත් ඇසුරෙන් පැය විසි හතරේම වසර මුළුල්ලේම විදුලිය උත්පාදනය කළ හැකිය.

    සංවේදී පරිසර පද්ධතිවල වැසි වනාන්තරවල ගමක, නගරයක, කුඹුරු ආශි‍්‍රතව මේ ආදී ඕනෑම තැනක භූ තාප බලාගාර පිහිටුවිය හැක්කේ එය පරිසරයට අහිතකර නොවන හෙයිනි.

    මහාචාර්ය සී.බී. දිසානායක, ආචාර්ය ජී.එම්. ෆොන්සේකා, මහාචාර්ය බෲස් හෝබිස් වැනි විද්වතුන්ගේත් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සහාය උණුසුම් දියවැල් හඳුනා ගනිමින් කළ මේ අධ්‍යයනයේ දී ලැබුණි.

    මේ අධ්‍යයනයෙන් හෙළිදරව් වූ වැදගත්ම කරුණු කිහිපයකි.

    අපේ පොළොවේ උණුදිය උල්පත් ඇතිබවත් අනාගතයේ දී භූ තාප බලාගාර ඉදිකිරීම කාලීන හා යෝග්‍ය බවත් පැහැදිලිය. මූලික පරීක්‍ෂණවල ප‍්‍රතිඵල අනුව භූ තාපයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් අපට ඇති බව පෙන්නුම් කර තිබේ.

    More @ http://www.lankadeepa.lk/index.php/articles/16900


    උණුදිය උල්පත්වලින් හැදූ තාප බලාගාර

    උණුදිය උල්පත් පිළිබඳව අප අසා ඇත්තෙමු. රත් වූ ජලය උල්පත් තුළින් ගලායාම බොහෝ දෙනෙකුට මවිතය දනවන සංසිද්ධියකි. මේ නිසා දෝ උණු දිය උල්පත් ජලයේ රෝග නිවාරක හැකියාව සහ රූප සොභාව වැඩිදියුණු කිරීමේ බලයක් ඇතැයි යන මිත්‍යා විශ්වාසයක්් පවතී. පොළොව අභ්‍යන්තරයට යත් ම උෂ්ණත්වය වැඩි වේ. පොළොවේ කිලෝ මීටර් 5 පමණ ගැඹුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 200 කටත් ඉහළ තාපයක්් පවතී.

    hp_egs_basics.jpg


    පොළොව අභ්‍යන්තර තාපය මගින් උණුසුම් වූ භූ ගත ජලය මතුපිටට ගලා ඒම උණුදිය උල්පත් ලෙස හැඳින් වේ. ඉතා ඉහළ උෂ්ණත්වයක් සහිත උණු දිය උල්පත් මගින් භූ තාප විදුලි බලාගාර ඉදිකර ඇති රටවල් ද පවතී.පොළොව අභ්‍යන්තරයේ ඇති තාපය ප‍්‍රයෝජනයට ගනිමින් භූ තාප විදුලිබලාගාර ඉදිකිරීමේ තාක්ෂණයෙන් ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින රට ප‍්‍රංශයයි.භූ තාප බලාගාරයක් පිළිබඳව පූර්වාදර්ශයක් ලෙස ඉදිකර ඇති බලාගාරයක පොළොවේ කිලෝමීටර් 5 පමණ අභ්‍යන්තරයට ගමන්්කළ සිදුරු 3 ක් පවතී.

    මෙම බලාගාරයේ ඉලක්ක සාර්ථක වවුහොත් ලොව පුරා භූ තාප බලාගාර ඉදිවෙනු ඇතැයි බලාපොරොත්තු වේ. ප‍්‍රංශයේ ඉදිවෙන භූ තාපබාලාගාරයේ වැඩ අවසන් වීමට ගතවන කාලය දෙවසරකි. පොළොව අභ්‍යන්තරයට විද ඇති එක් සිදුරකින් සිසිල් ජලය පොම්ප කරන අතර පොළොව අභ්‍යන්තර තාපයෙන් සෙල්සියස් අංශක 200 ට රත්වන ජලය වෙනත් සිදුරු 2 ක් ඔස්සේ පොළොව මතුපිටට පැමිණේ. අධික උෂ්ණත්වයකට රත්වූ ජලය මගින් වාෂ්ප නිපදවන අතර මෙම වාෂ්ප මගින් විදුලි උත්පාදන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කර විදුලිය නිපදවීම සිදුකරයි."පොළොවේ වඩ වඩාත් ගැඹුරට ජලය පොම්ප කරන විට ඒවා වඩ වඩාත් උණුසුම් වේ.

    මෙම උණුසුම් ජලය මගින් විදුලි බලය නිපදවිය හැක" මෙසෙ කියන්නේ භූ තාප විදුලිය නිපදවීම පිළිබඳව විශේෂඥයෙකි. "මෙය ලෝකයට හානියක් නොකරන බලශක්ති ප‍්‍රභවයක්" ඔහු වැඩිදුරටත් කියනවා.මෙම භූ තාප බලාගාරය පවත්වාගෙන යන්නේ ට්ඥධබඩඥපථඪජ ඵධභඪබ නම් සමාගම මගිනි. මෙවැනි එක් බලාගාරයකින් මෙගාවොට් 25 ක විදුලි බලයක් නිපදවිය හැක. මෙම විදුලි ධාරිතාවය මිනිසුන් 10,000 ක ජනගහනයක් සහිත නගරයකට ප‍්‍රමාණවත් ය.සිදුරුවල පහළ කෙළවරේ ඇත්තේ සෙල්සියස් අංශක 200 පමණ උෂ්ණත්වයෙන් යුත් පාෂාණ ගලයි. සිදුර ඔස්සේ පහළට යන ජලය මෙම පාෂාණය හරහා කාන්දු වේ. පාෂාණ ගල මතට පොම්ප කරන ජලයේ පීඩනය වායු ගෝලීය පීඩනය මෙන් 150 වාරයකි.ජලය ගමන් කිරීම සඳහා ඇති සිදුරවල විශ්කම්භය සෙන්ටිමීටර 60 කි. මෙම සිදුර තුළින් තත්පරයට ජලය ලීටර් 100 ගමන් කරයි.


    iceland-geothermal-power-plant.jpg


    දෙපසින් අති ඉතිරි සිදුරු ඔස්සේ රත් වූ ජලය ඉහළට ගමන් කරයි. පොළොව මතුපිටට පැමිණි අධික රත් වූ ජලය තාප හුවාමරුවෙන ස්ථානයට ගමන් ගනී. මෙහිදී වාෂ්ප නිපදවීමසිදු වේ. වාෂ්ප මගින් විදුලි උත්පාදක යන්ත‍්‍රක කි‍්‍රයාත්මක කරවයි. නිෂ්පාදිත විදුලියෙන් 20% පමණ ජලය පොම්ප කිරීම සඳහා වැය වේ.අත්හදා බැලීමක්්ලෙස කිලෝ මීටර් 3 දිග සිදුරු සහිත භූ තාප බලාගාර පළමුවෙන ඉදිකළ අතර මේවා ඉතා සාර්ථකව විදුලිය නිපදවීමේ කි‍්‍රයාවලියට දායක කරගත හැකි බව තහවුරු වී ඇත. යුරෝපය තුළ මෙවැනි බලාගාර ඉදිකර ගැනීමෙන් ප‍්‍රංශයේ පරිභෝජනය කරන මුලු විදුලියට සමාන ප‍්‍රමාණයක් නිපදවාගත හැකි වේ යැයි විශේෂඥයන් පෙන්වා දී ඇත.භූතාප බලාගාරයක් තුළ පොසිල ඉන්ධන දහනය වීමක් සිදු නොවේ.

    මේ නිසා කාබන්ඩයොක්සයිඩ් හෝ වෙනත් දූෂණ කාරක පරිසරයට මුදාහැරීමක් සිදු නොවේ. මෙහි පවතින ප‍්‍රබල දුර්වලතාවය නම් භාවිතා කරන ශක්ති ප‍්‍රභවය (භූතාපය) නැවත පුනර්ජනනය නොවීමයි. මෙහි සැලසුම් කරුවන් පෙන්වා දී ඇති ආකාරයට වසර 20 ක දී පාෂාණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 කින් පහත බසී. මෙවිට මතුපිටට පැමිණෙන ජලය මගින් සාර්ථක විදුලිය නිපදවීමක් සිදුකළ නොහැක. මෙවිට භූතාප විදුලි බලාගරය වසා දැමීමට සිදු වේ. නැවත උෂ්ණත්වය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා පෘතුවි අභ්‍යන්තරයට වසර 10 ක් පමණ වැය වේ.

    More @ http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=17727
     
    Last edited: