හෙළයෙක්;20989253 said:මෙන්න මෙහෙම මත කිහිපයක තියෙනව ඔය වකුගඩු ප්‍රශ්නය ගැන
1. කාලිංග මාඝ ආක්‍රමණයත් එක්ක එම ප්‍රදේශ නැවත භාවිතා කල නොහැකි ආකාරයේ වසක් විසක් පස්වලට එකතු කරල තියෙනව.
2. බොන ජලයේ තියෙන කිවුල් ගතිය
3. කෑමට ගන්න ජලයෙන්
4. ජානමය රෝගී තත්වයක් නිසා.
තිබෙන සංඛ්‍යාලේකනවලට අනුව ගොඩක් වෙලාවට මේ රෝගී තත්වයට ගොදුරු වෙලා තියෙන්නෙ වැඩිපුර දවල්ට දාඩිය දාන වැඩ කරන පිරිස ඒ කියන්නෙ ගොවිමහතුන්.
කොහොම උනත් දැන් මෙහෙම රෝගී තත්වයක් රජරට ව්‍යාප්ත වෙනකොට වැඩි දෙනෙක්ට නොතේරෙන්න රටේ අනික් ප්‍රදේශවල පැතිරෙමින් තියෙන තව රෝගී තතවයක් තියෙනව ඒ තමා පිලිකාව.
මම ඔය කිව්වෙ මේ වර්තමානය වෙනකොට රජරට සහ සමස්ත ලංකාවෙම තිබෙන තත්වය ඔය වකුගඩු ලෙඩේ සම්බන්ධව.
පොහොර නිසා සිද්ද වෙනව කියල එක් පිරිසක් මත පලකරන කොට තවත් පිරිසක් කියනව නෑ ජලයේ තියෙන කිවුල නිසා තමා මේක වෙන්නෙ. කියල.
දෙවනි මතයට උදව් වෙන කරුණු කාරනා කිහිපයක් තියෙනව සිංහල ගොවිතැන සහ වැව් තාක්ෂණය ගැන අවධානය යොමු කරනකොට
1. ගොවිතැනේ භාවිත වෙන දෙයක් තමා කිවුල කපනව කියන එක.
2. ගල් සොරොව්ව / මැටි සොරොව්ව.
http://vidathanet.blogspot.com/2016/03/blog-post_18.html
පළවෙනි දේ ගැන නන් මම වැඩි දෙයක් දන්නෙ නෑ නමේ තියෙන අර්ථයට අනුව නන් කිවුල් වතුර භාවිතාවෙන් ඉවත් කිරීමක් සිද්ද වෙලා තියෙනව ඒ කාලෙ ඉදලම.
දෙවනි කාරණාව නන් කියන්නෙ මෙහෙම දෙයක්. වර්තමානයේ භාවිතා වෙන සොරොව්ව උඩින් ඇනේ කැරකුවම යටින් වතුර යන එකක්නෙ. අතීතයේ තිබිල තියෙන්නෙ එහෙම උපක්‍රමයක් නෙවෙයි. වැවේ ජලය භාවිතා කරල තියෙන්නෙ සලාක විදියට. සොරොව්ව සකස් කරල තියෙන්නෙ උඩම තියෙන ගල හෝ මැටි කට්ටය අයින් කරාම වැවේ උඩම තියෙන ජල කොටස වැවෙන් ඉවත්වෙලා පරිභෝජනයට ඇල මාර්ග දිගේ ගමන් කරනව. මෙහෙම වැවේ උඩම කොටස භාවිතා කරද්දි බැර ලෝහ වර්ග පෙරීමකට ලක් වෙනව වගේම ඒ තියෙන ජල කොටස් හිරු එලිය සමග එකතු වී යම් පිරිපහදුවකට ලක් වී තියෙනව. එතකොට තව කාරණාවක් ලොකු ලිදක් තියෙනව හැම සොරොව්වක් ආසන්නයේම වැවේ වතුර නැති වෙනකොට භාවිතා කරන්න පුලුවන් විදියට. එතකොට වතුර හැම තැනකින්ම වැවේ බොන්න ගන්නෙත් නෑ ඒකටත් නියමිත කොටස් තියෙනව බැලු බැල්මට හැම තැනම එක උනාට වැවේ කොටස් වල තියෙන ජලගුණය තැනින් තැනට වෙනස්. වැව ගැන ඉතිහාසයේ මෙහෙම දෙයක් තියෙනකොට හිතෙන දෙයක් තම මේ කියන වකුගඩු ප්‍රශ්නය ඒ කාලෙත් තිබ්බිල ඒකට යොදපු පිළියම්ද මේ වගේ උපක්‍රම කියන එක.
ඉතුරු ටික ඊගාවට.
කෝ ඉතින් අහපු දේට උත්තර දීල නැහැනේ? මම ඇහුවේ ඔයා කිව්වනේ චන්න ජයසුමන තමන්ගේ ආසනික් සහ පොහොර තියරිය බටහිර විද්‍යාවෙන් ඔප්පු කරයි කියල? ඒකයි මම ඇහුවේ ඔය කියන රිසර්ච් පල උනේ කොහෙද කියල.......දැන් එහෙම පලවෙච්ච තැනක් නෑනේ? ඒ කියන්නේ ඔයා පිළිගන්නවද එයා ඕක බටහිර විද්‍යාවෙන් ඔප්පු කරේ නෑ කියල කියන එකනේ.
බයිදවේ මොකෝ මගේ පොස්ට් එක මකල කෝට් කරන්නේ?
බයිදවේ මොකෝ මගේ පොස්ට් එක මකල කෝට් කරන්නේ?



