මංගල සාරිය තෝරා ගැනීම ,,,,,,

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මංගල සාරිය තෝරා ගැනීම ,,,,,,

    • මංගල සාරියක් තෝරා ගැනීමේදී සැළකලිමත් විය යුතු වැදගත්ම කරුණ නම් තමන්ට ඒ සඳහා වැය කල හැකි මුදල් ප්‍රමාණයයි.

    • ඉන්පසු සමේ වර්ණය, උස ප්‍රමාණය, මංගල උත්සවය පැවැත්වෙන්නේ උදේද, සවසද, රාත්‍රියේද යනවග, තමන්ගේ උස, මහත, එනම් ශරීරයේ ස්වභාවය ගැන සැලකිලිමත් විය යුතුය.

    • ඔබේ රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය සමඟ සාරිය තේරීමට යන්න.

    • ඇතැම් යුවතියන් මංගල සාරිය තේරීමට රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනියට අමතරව තම මව, මනාලයා, ඔහුගේ මව, ඔහුගේ සොයුරියන් වැනි කාණ්ඩයක්ම සමඟ යයි. මෙහිදී එක් එක් අයගේ රුචිකත්වයද බලපාන බැවින් නිදහසේ නිවැරදිව සාරියක් මිලදී ගැනීමට ඇති අවස්ථාව ගිලිහී යයි.


    • ඔබ සමඟින් රූපලාවන්‍ය ශිල්පියා, ඔබේ මව හා මනාලයා යෑම හොඳටම ප්‍රමාණවත්ය.


    • සිරු‍ර මහත අයෙකුට නම් නෙට් ඉටැලියන් සිල්ක් වැනි ඇඟට ස්වභාවයකින් යුත් සාරි ගැලපේ.


    • මෙ‍වන් අයෙකුට ලොකු බෝඩර සහිත සාරි,පිම්බෙන ආකාරයේ සාරි මෙන්ම ‍‍වඩාත් ඉස්මතු වන ආකාරයෙන් වැඩ දැමූ සාරිද නොගැලපේ.

    • වඩා උස් නැති කුඩා සිරුරක් ඇති අයෙකුට නම් උස පෙන්නුම් කරන ආකාරයෙන් බෝඩර් ඇති සාරි ගැලපේ.

    • සිහින් සිරුරැති අයට ඔගන්සා, බ්‍රොකේඩ්, මනිපූරි වැනි සාරි සුදුසුය.පැහැයෙන් අඩු අයට පීච් පාට අයිවරි කලර්, රන් පැහැය වැනි වර්ණ ගැලපේ.පැහැපත් සිරුරැති මනාලියට සුදු පැහැය වඩාත් සුදුසුය.

    • මංගල සාරියක වටිනාකම මනාව ඔප් නැංවෙන්නේ එය හැඩවැඩ කර ඇති අන්දම නොහොත් වර්ක් එක අනුවය.


    • සාමාන්‍යයෙන් සාරි වැඩදැමීමට ගන්නේ ස්ටෝන්, ත්‍රෙඩ්, සීකුවින්ස් හා මිරර් කැබලි යන ඒවාය. එහෙත් ඒවායේ ඇති වටිනාකම අනුව සාරියේ වටිනාකම ඉහල යයි.


    • ස්ටෝන් කියූ විට දියමන්තිද අයත් වේ. මේවායේ මිල ඉතාම අධිකය. සොරොස්කි, ස්ටෝන්, පර්ල් ස්ටෝන්ද වටිනාකමින් වැඩිය.

    • ඒවා යෙදූ විට සාරියේ පෙනුමද ඉහලය. එහෙත් සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ස්ටෝන් වලින් වැඩදැමූ සාරි වැඩි වශයෙන් දක්නට ලැබේ. මේවා වෙළඳපොලේ රු:11,000 සිට රු:25,000 දක්වා මිලකට ලබාගත හැකිවේ. සොරොස්කි ස්ටෝන් වලින් වැඩ දැමූ සාරි රු:27,000 සිට ඉහලට වර්තමාන වෙළඳපොලේ දැකගත හැකිය.


    • ඔබ නිර්මාණශීලී හැකියාවක් ඇති යුවතියක් නම් අඩු වටිනාකමක් ඇති සාරියකට වුවත් වැඩි වටිනාකමක් ගෙන දෙන්නට ඔබට හැකිවේවි.

    • සාරි පින්තාරු ක්‍රම දැන් බෙහෙවින් ජනප්‍රිය නිසා රන් පැහැයෙන්, රිදී පැහැයෙන් පින්තාරු ක්‍රමයට සාරිය වැඩ දමාගත හැක.


    • ඇතැම් විට වැඩි මිලක් ගෙව‍ා ලබාගන්නා සාරියකට වඩා ඔබේ දෑතින් නිර්මාණය වූ එවන් සාරියක් අලංකාරවත් බවින් ඉහල වටිනාකමක් පෙන්නුම් කරනු ඇත.


    • මංගල දිනයට හෝ දෙවෙනි ගමනට ඔබ ඔසරියක් අඳින්නට සිතුවේ නම්, එය මේඩ් අප් කිරීමටද සිතුවේ නම් ඒ ගැන දෙවරක් සිතන්න.

    • ‍ෙම්ඩ් අප් කල ඔසරියක් පහසුවෙන් ඇන්දවිය හැකි වුවත් ඉන්පසු ඉන් ඔසරියක්ම මිස සාරියක් නම් ඇඳීමට නොහැකි වේ.


    • හොඳ පිටට නෙරිය එන පරිදි ක්‍රමානුකූල අන්දමින් ඔසරියක් ඇන්දවීමට දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට හැකි නිසා සාරියක් මේඩ් අප් කල යුතු නැත. එමෙන්ම ඔවුන්ට එය සිරුරේ හැඩය මතුවන ලෙසින්ද ඇන්දවීමට පුළුවන.


    • සාමාන්‍යයෙන් අපේ රටට වැඩිපුරම සාරි ගෙන්වන්නේ ඉන්දියාවෙනි.

    • එහෙත් අපේ රටේ ඔසරි විලාසිතා සඳහාම රෝසිල්ක් යන රෙදි වර්ගය නිපදවයි.මේවා මිලෙන් තරමක් අඩුවුවද සුන්දරත්වයේ නම් අඩුවක් නැත.වසර කිහිපයකට පෙර ජිපියෝ ලේස්වලින් නිමකල සාරි වෙනුවට දැන් ඇත්තේ මෙම රෝසිල්ක් සාරිය. මේවා ඉන්දියාවේද නිපදවයි.

    • එහෙත් ලංකාවේ නිපදවන සාරිය හොඳින් ඇන්දවිය හැක.


    • වෙළඳපොලට ගොස් මංගල සාරියක් මිලදී ගන්නට සැරසෙන ඔබ එහි ඇති ප්‍රමිතීන් පිළිබඳවද දැනුවත් විය යුතුය.


    • සාමාන්‍යයෙන් ඕනෑම මංගල සාරියක සාරි හැට්ටය සඳහා රෙදි කැබැල්ල සාරියටම ඇතුලත් වේ.මෙවැනි සාරියක් යාර හතක් පමණ දිගය. මනාව ප්ලීට් තබා ක්‍රමානුකූලව ඇන්දවීමට නම් මේ ප්‍රමාණය තිබිය යුතුමය.

    • වෙළඳපොලට යන ඔබට අවශ්‍ය නම් ඔවුන්ගෙන් ටේප් එකක් ඉල්ලාගෙන සාරියේ දිග පළල මැන ගන්නට අවස්ථාව තිබිය යුතුය.


    • මංගල සාරිය තෝරා ගැනීම සඳහා යන ඔබ කිසිවිටෙකත් කලු වැනි පැහැයන්ගෙන් යුතු ඇඳුම් ඇඳ නොයන්න. එවිට සාරිය සිරුරට දමා බලද්දී නියම ලස්සනක් මතු නොවේ.


    • මංගල දිනයේදී බොහොමයක් මනාලියන්ට කොණ්ඩා මෝස්තර දමන නිසා සාරියක් තේරීමට යද්දී කොණ්ඩය ලිහා ගෙන නොයන්න.එසේ යන්නේ නම් අඩුම තරමින් වූල් බෑන්ඩ් එකක්වත් රැගෙන යන්න. මංගල උත්සවය අවසන් වූ පසු ඔබ ඇඳි මංගල සාරිය සුරැකිව තබා ගන්නට කටයුතු කල යුතුය.

    • පිළිගත් ආයතනයකට ගොස් සාරිය ඩයික්ලීන් කර හැඟර් එකක දමා ඉටි කවරයක බාහා එල්ලා තබන්න.


    • සාරිය තිබූ පෙට්ටියේම නම් බහාලීමෙන් වළකින්න. එමෙන්ම සිල්ක් සාරි හැරුනකොට අනෙක් සාරිවලට නම් කපුරුබෝල දැමීමෙන් වළකින්න.

    • සාමාන්‍ය‍ෙයන් සිහිවටන ලෙස මනිපූරි වැනි සාරි තැබූවත් නෙට් වැනි සාරි වසර පහක්, හයක් ගතවීමෙන් ස්වාභාවිකවම පුල්ලි පිපී සුන්දරත්වය කෙමෙන් කෙමෙන් වියැකී යයි.


    • මංගල සාරිය පසුකලකදී ඔබට මංගල උත්සවයකට හෝ එවැනි උත්සව අවස්ථාවකට අඳින්න සිතුවේ නම්, තිබූ පැහැයෙන්ම ඇඳීමට අකමැති නම් සාරියේ පැහැය ඩයි කිරීමෙන් වෙනස් කරගන්න. මෙය පිළිගත් ආයතනවල ප්‍රමිතියකට අනුව සිදු කෙරේ.


    source :
    http://blogkasun.blogspot.com
     
    • Like
    Reactions: gayendra9*9

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg