මංගල සෑරුත් විකුණනවට සපෝර්ට්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි..


    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    ඒ බව සදහන් කරමින් සමරවීර මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන මම සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට සතුටු වෙනවා – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

    පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයින් මේ රටේ සංවර්ධනයට එකතු කරගැනීම රට පාවා දීමක්, රට විකිණීමක්, දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට පුන පුනා කියපු දේශපාලන නායකයින්, අද එදා මිනිස්සුන්ව රවට්ටන්නට ඔවුන් කියූ බොරැවලින්ම බැට කමින් සිටිනවා.

    ඒ බොරැ සහ රැවටීම පාරාවලල්ලක් වෙලා දැන් ඔවුන් හොඳ වැඩක් කරන්න හැදුවත් ඔවුන්වම විනාශ කරන තත්වයට පත්වෙලා තියෙනවා.

    ඒක මම කලින් දැනං හිටියත්, අපි ඒ ගැන කලින් කිව්වත්, ඒක වෙනවා දැක දැක මට සතුටු වෙන්න බෑ. ඒකට හේතුව, අද මේ රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම අත්‍යාවශ්‍ය වීමයි.

    එදා, විදුලි සංදේශ ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් දෙපාර්තමේන්තුව සමාගමක් බවට පත් කරමින්, ලෝකයේ විශාලතම සන්නිවේදන තාක්ෂණ සමාගම ආයෝජනයට හවුල් කරගැනීම නිසා මේ රටේ සිදුවූ දැවැන්ත විප්ලවය ගැන අලුතෙන් මතක් කළ යුතු නැත.

    ආරම්භයේ සිටම වගේ පාඩු පිට දුවපු ශ්‍රී ලංකන් ගුවන් ආයතනයද මුලු ඉතිහාසයේ ලාභ ලබාගත්තේ විදේශීය ආයෝජකයින් සමග හවුල් වූ වසර කීපය තුළ පමණි .

    අද මේ රටේ ආර්ථික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියටද මෙම නව ආයෝජනය තුළින් නව යුගයක් උදාවන බව මං විශ්වාස කරනවා.

    ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි.

    විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණි.

    ඒ ආයතන දියුණු කරන්න, පවත්වාගන්න, ලාභ ලබන්න, විසඳුමක් විකල්පයක් යෝජනාවක් ඔවුන් ළඟ නෑ.

    අද වියට්නාමය, කාම්බෝජය වැනි සමාජවාදී රටවල් පවා රටක් දියුණු කිරීමට විදේශ ආයෝජකයින්ගේ ඇති වැදගත්කම
    තේරැම් ගිනිමින් විදේශ ආයෝජකයින්ට වරප්‍රසාද විශාල වශෙන් ලබා දෙනවා.

    එපමණක් නොව විදේශ ආයෝජකයින්ද තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේදී එම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මානව අයිතීන් ගරැකරන නීතියේ ආධිපත්‍ය රජ කරන විනිවිද භාවයෙන් යුතු වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් බලාපොරොත්තු වෙනවා.

    එවැනි ආර්ථික රාමුවකට 2015 අප රජය විසින් ඇති කළ ආරම්භය නිසා, වැඩිම විදේශ ආයෝජකයින් 2018 සහ 2019 දී ලබා ගන්නට අපට හැකියාවක් ලැබුණා.

    පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද්දේද එදා ජනතාව නොමග යවමින් සෙල්ලම් ටයර් ෆැක්ටරියක් ලෙස හඳුනවාදුන් විදේශ ආයෝජනයකි.

    විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට හැකිවුයේ ආයෝජනයට හිතකර පරිසරය දර්ශකයේ වර්ධනයක් පෙන්වූ නිසාය. තව තවත් පහසුකම් ලබාදීමට නව නීති රීති පවා ඇති කිරීමට අප සූදානම් කර තිබුණි.

    ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජනයක් ගෙන්වාගැනීම, රට විකිණීමක් රට පාවාදීමක් හැටියට තම පක්ෂය විසින් පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බවට පිළි අරගෙන යහපාලන රජය විසින් ආරම්භකරන ලද එම ආර්ථික පිළිවෙත රටේ අනාගත පරම්පරාවන් ගැන සිතා යළි ඉදිරියට ගෙනයන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටිනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගෙන්න්වා ගැනීම නෙමෙයි .ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය තමයි වැරදි
    කලින් ආන්ඩුවෙත් වර්තමාන ආන්ඩුවෙත් . ඊට කලින් ඒවගෙත් .
    ඕක විනිවිදව ඕනෙම විදේශීය ( කන්ඩිශන් වලට ගැලපෙන ) ආයෝජකයෙක්ට
    ඇවිත් ඉන්වෙස්ට් කරන්න පුලුවන්නම් පිලිගන්න තිබුනා .
    නැට්තිව මේ අය මේ සමාගමක් හොයාගෙන ඒකටම ඩීම වැරදියි .
     
    • Like
    Reactions: starcred007

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1610933727104.png
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    එතකොට ඉන්දියාව සේද සමුද්‍ර ම ව්‍යාපෘති නාවත් වන වාද ටොයියෝ 🤣🤣🤣

    උබ ඉස්සර පශ්චාත් භාගේ දීපු එකාගෙන්ම අහගනින්කෝ.. ඇයි මේ ත්‍රෙඩ් දදා ඉන්නේ..

    මේකේ බයියෝ බලන්ගියාම පොහොට්ටුවට දීලා නෑ චන්දේ, උන්ට මංගල මෙහෙම කීවාම කාටවත් නැති සතුටක්නේ..
     
    • Haha
    Reactions: pavanruka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    උබ ඉස්සර පශ්චාත් භාගේ දීපු එකාගෙන්ම අහගනින්කෝ.. ඇයි මේ ත්‍රෙඩ් දදා ඉන්නේ..

    මේකේ බයියෝ බලන්ගියාම පොහොට්ටුවට දීලා නෑ චන්දේ, උන්ට මංගල මෙහෙම කීවාම කාටවත් නැති සතුටක්නේ..
    පුක නොදී පලයන් මොඩයා🤣
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ගෝඨ මෙලෝ වැඩකට නෑ වගේ..අයියයි මල්ලියි පිස්සු කෙලිනව.කොරෝන පාලනය කරන්නත් උවමනාවක් නෑ..ඊයෙත් 800කට කිට්ටු වෙන්න ලෙඩ්ඩු.ඒකත් දැන් බිස්නස් ඵකක් කරගෙන මුං..
     
    • Haha
    Reactions: Identity