මොන රෙද්දක්ද, සිංහල කෙල්ලෙක්නම් සිංහලෙන් කතා කරන්න. ගොඩක් එවුන් කඩ්ඩ දාන්නේ උන්ගෙ ලොකුකම පෙන්නන්න. මමනම් පුළුවන් උපරිම සිංහලෙන් කතා කරන්නේ හැම වෙලාවේම. කඩ්ඩ දන්නැති නිසා නෙවෙයි.. අපේ රටේ අපේ භාෂාවෙන් කතා කරන්න ලජ්ජා නැති නිසා. යකෝ අපේ රටේ සිංහල වෙලා ඉපදිලා සිංහලෙන් කතා කරන්න ලජ්ජා වෙන එකෙක්නම් ඉතින්... අනේ මන්දා...



මචන් මන් මේ දාන දෙයින් ත්‍රෙඩ් එක වෙන අතකට යයිද දන්නේ නෑ.සමාවෙන්ඩ හොඳේ

අපි මචන් ශ්‍රී ලංකාවේ ඉපදිලා සිංහල මව් භාෂාව කථා කරන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑ

කියන මතෙයි මම ඉන්නේත්.බැරිම වෙලාවක කඩ්ඩ දැම්මට කමක් නෑ

සුද්දෝ කථා කරනකොට ඉංග්‍රීසි වලට අමතරව වෙන අහුලා ගත්ත භාෂාවකුත් දාල කතා කරන්නැනෙ

උන් කතා කරන්නේ උන්ගේ භාෂාවෙන් විතරනේ.අපි කථා කරන අච්චාරු භාෂාවට උන්ට හිනා යනවත් ඇති

මට කොරියන් ගිය එකෙක් කිව්වා එහෙ ඉංග්‍රීසි භාවිතා කරන්නැති තරම් කියලා

ඒත් උන් අද ලෝකේ බලවත්ම දියුණු රටක්

සමහරු කියයි ඔෆිස්වල එහෙම බෑ කියලා.අච්චාරු නැත්තන් කැපෙනවා කියලා.ඒක මේනියාවක් වෙලා දැන්.මුල හදාගන්නේ නැතුව අග හදන්න බෑ

මහ උන්ගේ මොළේට මේ මේනියාව බෝවෙලා ඉවරයි

අපේ පොඩි උන්ගෙන් මේක පටන් ගන්න ඕනෑ.අර එටිසලාට් එකේ ඇඩ් එකක් යන්නේ "පුතත් තාත්තා වගේ ලොකු මහත්තයෙක් වෙන්න ඕනි" කියල.එතකොට ළමයට ගුණධර්ම ඕන නැද්ද ?ළමයින්ට හොද අද්‍යාපනයක් එක්ක ගුණධර්මත් දෙන්න ඕනෑ.මෙහෙම වුණොත් තමයි රටට වැඩදායි නියම සිංහල අලුත් පරම්පරාවක් බිහිවෙන්නේ,අභිමානවත් ජාතියක් වෙසෙන රටක් හැටියට ඉදිරියට යන්නේ.
සැර වැඩිද මන්දා