මංතීරු නීතිය බල නොපාන වාහන මෙන්න
මංතීරු නීතිය යටතේ නඩු පැවරීමක් සිදු නොවන වාහන පිළිබඳව පොලීසිය දැනුම් දීමක් සිදු කරනවා.
ඒ අනුව VIP ලාංඡනය සහිත ප්රභූ වාහනවලට නඩු පැවරීමක් සිදු නොවන බව පොලීසිය පවසනවා.
පොලිස් හදිසි සේවා රථ සහ ගිලන් රථ සදහාද මෙම නීතිය යටතේ නඩු පැවරීමක් සිදු නොවන බවයි පොලිස් ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.
මංතීරු නීතිය යනු කුමක් දැයි මහජනතාව නිසි ලෙස වටහාගත යුතු බවද ඔහු කියාසිටියා.
මංතීරු නීතිය යනු නීති කිහිපයක එකතුවක් බවත් යම්කිසි මාර්ගයක මංතීරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබේ නම් ඒ මාර්ගයේ ගමන් ගන්නා වාහන මංතීරු අවහිර වන ලෙස නවතා තබනවා නම් එය වරදක් බවත් පැවසුවා.
එමෙන්ම මංතීරු හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කරන්නේ නම් ඒවා මංතීරු නීතිය යටතට ගැනෙන බවත් පැවසුවා.
මංතීරු නීතිය දැඩිව කි්රයාත්මක කෙරුණු ඉකුත් දින කිහිපයේදී වාහන දහතුන් දහස් අනූ පහකට එරෙහිව නඩු පැවරූ බවද මෙහිදී ප්රකාශ කෙරුණා.
nethfm.com