මං ඊලග ජනාධිපති වෙනවා.. රට බේරාගන්නවා..- ජනක මාධ්‍ය හමුවක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් අනිවාර්යෙන්ම තරග කරන බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

    තමන්ට ජනාධිපතිවරණයට තරඟ කරන්නැයි පාර්ශව රසකින් කරන ලද ඉල්ලීම් සලකා බලා තමන් මෙම තීරණය ගත්තා බවත් ඔහු පැවසීය.

    රටේ පවතින නරුම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා දේදුනු වර්ණ සන්ධානයක් සකස්කරමින් ඉදිරියේ දී රටේ බලය පිහිටුවීමට තමන් සූදානම් බවද හෙතෙම එහිදී සදහන් කලේය.

    පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ කියා සිටියේය.

    තමන්ට විරුද්ධව ගෙන ආ යෝජනාවට පක්ෂ වූයේ ප‍්‍රශ්ණය නොතෙරෙන අය බවත් විරුද්ධ වූ අය මෙම තත්ත්වය තේරුම් ගෙන ඇති බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    1044216_139030082962345_520412715_n.jpg
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    here we go again 😂😂😂 මොනවා නැතත් ලංකා මාතාව වාසනාවන්තයි බං. හැම අවුරුදු තුන හතරකට පාරක්ම මොකෙක්ම හරි ඉන්නවනේ රට බේරගන්න. ඒ අතින් අපි මාර ස්වයං පෝෂිත රටක්