මං දැකපු නරකම පාර්ලිමේන්තුව මේක - දයාසිරි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බලය ලබා ගැනීමෙන් පසු සැමටම එක සේ සලකන නව දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසනයේ ක්‍රියාකාරින් හමුවූ අවස්ථාවේදිය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

    "ඉතාම උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් තමයි මේ පාර පාර්ලිමේන්තු යන්නේ කියලා තුනෙන් දෙකක බලයක් දුන්නා. මමත් අවුරුදු 17ක් පාර්ලිමේන්තුවේ. මං දැකපු නරකම පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව. කතා කරන්න දන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තියෙන උද්දච්චකම. සමහරු කියන කට කැඩිච්ච කතා. තමන්ගේ ගොංකමයි එළියට යන්නේ. බලය ගත්තට පස්සේ සෑම මිනිසෙකුටම කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරු අවශ්‍යයි. අලුත් පරිවර්තනයක් අවශ්‍යයි. ශ්‍රීලනිපය එයට සූදානම් විය යුතුයි."
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,770
    113
    මොකද මේ එකපාරම කට්ටියට ආණ්ඩුව නරක් වෙලා...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    දැන් රට පාලනය කරන්නෙ වියතුන්. 2030 වෙනකොට රට ස්වයන් පෝෂිත වෙන්න යන්නෙ :yes: 🌷 :lol: