ekko ceiling ekak gahala beams wahanna puluwan, nathnam upstand beams danna puluwan
සීලින් එකෙන් උඩ ස්ලැබ් එකේ බීම් වැහුවට බිත්ති වල බීම් වහන්න බැහැනේ..
ekko ceiling ekak gahala beams wahanna puluwan, nathnam upstand beams danna puluwan
Machan would you be able to illustrate Prof V.K. Samaranayake's low cost slab's pros and cons (you are a SME here)?
Can actually save it considerable amount of money?
Has it been proven to be a successful method?
Why it is not as much popular as it should be?
Do u have personal experience about it?
What's the reason of not been encouraging people to use it?![]()

සීලින් එකෙන් උඩ ස්ලැබ් එකේ බීම් වැහුවට බිත්ති වල බීම් වහන්න බැහැනේ..
මචෝ මගේ ප්‍රශ්න වලටත් උත්තරයක් දීපන් බිසී නැත්නම්..![]()
I've consealed the beams by using 9" walls and a sealin![]()
Macho I'll give my point of views on your stuff when I go home after work in the evening
Still at office ban
![]()
මේක නම් ඉතාම වටින ත්‍රෙඩ් එකක්..
පටන් ගත්ත කෙනාට සහ ඉතාම වටින විදියට අපිව දැනුවත් කරගෙන යන හෑම කෙනෙකුටම බොහොම පිං..
කිසිම මූල්‍යමය ප්‍රතිලාභයක් නැතුව මෙහෙම දැනුවත් කරලා, වංචා වලින් සහ වැරදි ක්‍රමවේද වලින් බේරෙන හැටි කියලා දීලා සල්ලි සහ වෙලාව ඉතුරු කරලා දීපු එකම පුදුමාකාර සේවයක්..
මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා..
මම ලඟදිම ගෙයක් හදන්න ඉන්නේ.. ඒක බොක්ස් ටයිප් එකක්.. මේ ත්‍රෙඩ් එකේ කියුබික් කිව්වේ ඒ විදිය වෙන්න ඇති.. මට දැනගන්න ඕන මම යන්න ඕන පිලිවෙල කොහොමද කියලා..
ඉස්සෙල්ලම කරන්න ඕන මොනවද ඒ වගේ දේවල්..
මට කෙටියෙන් පියවර ටික කියන්න..
අනික මම හිතාගෙන ඉන්නවා මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන සිස්ටම් එක දාගන්න ( අර රංගන හේරත් ඉන්න ඩයලොග් ඇඩ් එකේ වගේ) මේකට වයරින් එක විශේෂ ක්‍රමයකට දාන්න ඕනද.. අනික හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න හිතන් ඉන්නවා මේන් ඩෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එක්ක.. ඒවට වයරින් කොහොමද? ඒවා කාත් එක්කද ප්ලෑන් කරන්න ඕන.. සීසීටීවී ත් එක්කම.. මේවා කරන කම්පනි නැත්නම් මේ සිස්ටම් ගන්න තියෙන තැන් මොනවද ලංකාවේ.. ඇතුලේ එලියේ ලයිට් දාන එක කවුද ප්ලෑන් කරන්නේ..
ඉස්සෙල්ලම වෙන්න ඕන දෙවල් සහ පිලිවෙල මට ටිකක් කියන්න..
රෙකමන්ඩ් කරන්න පුළුවන් අය ඉන්නව නම් මේ ත්‍රෙඩ් එකෙන්ම දැනුවත් කරන්න..
ඒක ගොඩක් වටියි හොරුන්ට බොරුකාරයන්ට අහු නොවී ඉන්න..
ආයෙමත් කියන්නේ ගොඩක් පිං..
දිගටම කරගෙන යමු..
ජය!
මුලින්ම හොඳ ආකියෙක්ව හොයාගන්න ඕනි.ඊට පස්සේ උඹේ ඉඩමේ ප්ලෑන් එකත් අරන් ගිහින් ආකි එක්ක කථාකරන්න.එතනදී උබේ බජට් එක,රික්වයමන්ට් එක දෙන්න.උඹ කැමති බොක්ස් ටයිප් ගෙයකට කියලත් කියහන්.ඊට පස්සේ ආකි ඇවිත් ඉඩම බලලා ඩිසයින් එක කරයි.ඒක හරිගියාට පස්සේ ස්ට්‍රක්චරල් එක කරගන්න ඕනි.ඒකට ඉන්ජෙක්ව ඕනි.බොහෝ විට ආකිත් එක්ක වැඩකරන ඉන්ජෙක් ඉන්නවා.ඌත් එක්ක වැඩේ කරන්න පුලුවන් නම් ලේසියි.
ඊට පස්සේ උබ කොන්ත්‍රාත් දෙන්න හිතන් ඉන්නවනම් BOQ එකක් හදාගන්න ඕනි.ඒකට QSකෙනෙක්ව ඕනි.නැත්නම් උබ ලේබර් එක කොන්ත්‍රාත් දීලා බඩු උඹ සපයනවනම් QS කෙනෙක්ගේ සපෝර්ට් එක ගනින් ඔය බිල් දාන වැඩවලට.
ඊට පස්සේ ඉතින් තියෙන්නේ වැඩේ පටන් ගන්න.
ලයිට් කතන්දරේ නම් මම දන්නේ නෑ.හැබැයි සෑහෙන වියදමක් යයි වගේ.
සික්යුරිටි සිස්ටම් එක වයර්ලස් එකක් දාපන්.නැත්නම් ගේ වටේම වයර් අදින්න වෙනවා.එතකොට වස කැතයි.
සාමාන්‍යයෙන් ලයිට් ෆිටින්ග්ස් එන්න ඕනි කොතනටද කියලා ආකිටෙක් ඩිසයින් කරලා දෙනවා.
හැමදාම කියනවා වගේ වටේ පිටේ එවුන්ට පේන්න ගෙවල් හදන්න යන්න එපා.තමන්ගේ අවශ්‍යතාවයට,බජට් එකට ගැලපෙන විදියට ගෙයක් හදාගන්න.
යකඩ වැඩ මට කියල කරගන්න කියා කියපන්

යකඩ වැඩ මට කියල කරගන්න කියා කියපන්
![]()
මේ සිංහල තේරෙනවනේ? මායිමෙන් අදාල දුරවල් අරගන්න ඕනේ මුලින්ම... ඇඳලා තියෙන ගොඩනැගිල්ල මහපොලොවේ මාක් කරන්න තමා මේ ට්‍රයි එක.
![]()
මුලින්ම ඉස්සරහ ප්‍රදාන කණු හරි බිත්ති හරි පේළියට අඩි කිහිපයක් ඉස්සරහින් ඒකට සමාන්තරව නූලක් ඇදගන්න ඕනේ.. ඔන්න මාකට එකේ තියෙනව ෆවුන්ඩේශන් නූල් කියලා...
කණුවල බේස් වලවල් කපන කොට නොගැලවෙන්න nuul adinna one mulinma. ekata tikak athn samanatharawa gahanne nuul mulinma. බේස් වලවල කපල ඉවර නම් ඉතින් කෙලින්ම කොලම් ලයින් උඩින් නූල් ඇදගන්න ඕනේ....
![]()
ඔය අදින නූල් පොලොවට සමාන්තර වෙන්න ඕනේ.. ඉතින් ස්පිරිට් ලෙවල් එකකින් ලෙවල් කරගන්න ඕනේ...
ගොඩන්ගැලි ප්ලෑන් එකේ තියෙන්නෙ ලම්භක බිත්තිනේ. ඉතින් ඕවා ලම්භක කම හරියට මැනගන්න තමා 3 4 5 එහෙම නැත්නම් 5 12 13 කියන ඒවා භාවිතා කරන්නේ..
එක පාදයක දිගේ අඩි 3කුයි.. අනිත් පැත්තේ පාදේ දිගේ අඩි 4කූයි මැනල ඒ අතර පරතරේ අඩි 5ක් වෙනවද බලන්න ඕනේ.. පරතරෙ 5 ට වැඩිනම් මුලින්ම තොරගත්ත පාදෙ පමණක් වෙනස් නොකර අනිත් එක ටිකක් ලන් කරන්න ඕනෙ..
![]()
![]()
දැන් ඔක්කොම නූල් ගහලා බලනකොට මෙන්න මේ රතු පාට දිගේ දිග මැන්නම සමාන වෙන්න ඕනේ..
![]()
ඔය දෙක අසමාන නම් මුලු පරස් තියේ. ඒ කියන්නෙ ලම්භක නෑ හරියටම... අංශක අනූවක් නෑ.. කුඤ්ඤෙ උඩ ගහපු ඇණෙන් පුලුවන් පොඩි ප්‍රමාණයක් එහෙ මෙහෙ හරවගන්න අන්තිමටම
![]()
Macho explain him what will happen if the angles are not perfect right angles 90'
මුලුපරස්
ප්ලෑන් එකේ පරිදි පොලොවේ කණු හරියටම දැම්මේ නැත්නම් පස්සේ එන ප්‍රශ්න තමා මේවා... ඒ කිව්වේ මුලුපරස් හදන්නේ නැතිව හැදුවොත් පස්සෙ වෙන ප්‍රශ්න ටිකක් කියන්නම්....
මුලින්ම කාමරේ දිග පළල මැන්නම වෙනස්. හතරැස් නෑ.
ඉතින් ඕක අඟල් 2 ක් 3 ක් නම් ඕක හදන්න බිත්තියේ පළල වෙනස් කරගන්න වෙනවා.. බිත්තියේ ප්ලාස්ටර් එක ගහන්න ඕන එක පැත්තක් ගොඩක් ගනකමකට.ඉතින් සල්ලි තමා...
උඩ කියන විදියට බිත්තියේ පළල වෙනස් නොකලා කියමුකො. ඔය කාමරේ ටයිල් ඇල්ලුවම ටයිල් තීරුකෑලි මුලු වලට ඇවිල්ලා චාටර් වෙලාම යනවා...
බීම් දාන්නේ අඟල් 9 පළලට නම් ඔය කණු අතරෙම බීම් දාන්න ඕන නිසා බිත්ති නැති බීම උනොත් උඩ බලනකොට ඇදට පේනවා හොඳේ...
පඩිපෙල් සෙට් වෙන කණු ඇද කරලා දාගත්තොත් අනාතයි. මොකද ඉතින් පඩි වල දිග වෙනස් වෙනවනේ එකින් එකට..
Grand reply dude! Can't explain better than that. Good uncommon stuff.![]()



Machan umba koheda inne ?
Yakada weda witharada karanne, shower cubical ehema karawada ?
Wena monawada karana weda?
Lagadi karapu weda tikaka photos danna barida ?
ou. ehema kenek,,,,නිකමට අහන්නේ ඔය ඉදිකිරීම් ක්ශේස්ත්‍රයේ වුර්තිකයෙක්ද . මම කිව්වේ කොන්තරාත් කරුවෙක් නොවෙයි. ඔහොම බාසුන්නහලට තමයි ගොඩක් වෙලාවට ඉරි ගහල සල්ලි හම්බ කොරන මහත්තුරු පෙන්නන්න බැරිම.

...
ou. ehema kenek,,,,
me thread dapu shehan koluwa issara idanma onda thred dammata adila giyema nea. mata teren ewa dakke ne...
mekedi itin poddak liuwa![]()

මචන්, ඉස්කුරුප්පු ඇණ පාවිච්චි කරන්නේ නැත්තන් යකඩ ග්‍රිල් වලට දාන්නේ මොන ඇණද?
අනික මම හිතාගෙන ඉන්නවා මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන සිස්ටම් එක දාගන්න ( අර රංගන හේරත් ඉන්න ඩයලොග් ඇඩ් එකේ වගේ) මේකට වයරින් එක විශේෂ ක්‍රමයකට දාන්න ඕනද.. අනික හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න හිතන් ඉන්නවා මේන් ඩෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එක්ක.. ඒවට වයරින් කොහොමද? ඒවා කාත් එක්කද ප්ලෑන් කරන්න ඕන.. සීසීටීවී ත් එක්කම.. මේවා කරන කම්පනි නැත්නම් මේ සිස්ටම් ගන්න තියෙන තැන් මොනවද ලංකාවේ.. ඇතුලේ එලියේ ලයිට් දාන එක කවුද ප්ලෑන් කරන්නේ..
මොකද මචං ටයි බිම් උඩ ගෙවල් හදන්න එපා කියන්නී