මකබාස් ආර්කිටෙක්ට්ස්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද මචං ටයි බිම් උඩ ගෙවල් හදන්න එපා කියන්නී

    තේරුමක් නෑ බන්.ඒකේ ලාබේ බලන්න ඕනි ඒ ඉඩමේ සාමාන්‍ය කළු ගල් අත්තිවාරමක් එක්ක.කළුගල් අත්තිවාරමක් ගොඩක් ගැඹුරට යනවනම් තමයි ඔය ක්‍රමේට කරලා ලාබයක් තියෙන්නේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ou. ehema kenek,,,, ;)

    me thread dapu shehan koluwa issara idanma onda thred dammata adila giyema nea. mata teren ewa dakke ne :D...

    mekedi itin poddak liuwa ;)

    ow ban mage aviation thread balapu hama ekama bump, patta, ela wage dekata eha kisima deyak kiyala naha. indala hitala ekek prasnayak ahuwoth uth ahanne rocket science :rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මට නම් මේ Thread එක පට්ට වටිනවා.
    මමත් මේ දවස් වල ගේ හදන ගමන්, :rofl:

    මට මාර සින් එකක් උනා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් නිසා.

    ගේ හදන්න කලින් වයිපරෙයි මමයි එකතු වෙලා හදන ගේ ප්ලැන් කරලා තිබුනෙ, කාගෙ උනත් හීනයක්නෙ තමන් කැමති විදියට ගෙයක් හදාගන්න එක, ඉතින් වයිපරෙත් කැමති විදිය එයා පොතක ඇදලා දුන්නා, එක මම SkechUP වල ලස්සනට 3D කරලම ඇන්දා, වැඩේට මගේ යාලුවො දෙන්නෙක් උදව් කරා, ඉන්ජෙක් සහ සිවිල් ඉන්ජෙක් උන්ට පුලුවන් පුලුවන් වෙලාවට ඇවිත් පස් පවා බලලා හැම දේම කියලා දුන්නා, උන්ට ෆීල්ඩ් එක ගැන සිරාම උනක් තියෙන උන් දෙන්නෙක්, මේ වේල්ල එයිද බං කියලා ඇහුවම කොටු කැල්ලක් අරගෙන බිම ගනන් හදලා තමයි කිව්වෙ මේක එන එකක් නැ කියලා :D එහෙම පොරවල්..

    ඔනන් ඉතින් ඔහොම මූලික දේවල් කරගෙන මගේ ප්ලැන් එක දුන්නා ඩ්‍රාෆ්ට්මන් ට ඒ පොර පලාතෙම ඉන්න වැඩකාරයා රට්ටු කියනවා ඉතින්,

    ඒත් පොරට අපේ කන්සෙප්ට් එක තෙරුනේ නැ, මගේ හිතේ තිබ්බෙ ලස්සන බොක්ස් මොඩල් ගෙයක් , එත් ඒකෙ වහලක් නැතුව උට අප්සට්,මට සැහෙනන් ටෝක් කරනවා වහල ගහමු කියලා.

    ඉට පස්සෙ මම බැරිම තැන කොන්ත්‍රාත් දෙනන් යන බාස් ගෙන ඇහුවා, පොර කිව්වා මේක නම් හොඩ් වැඩක් පුතා ඒත් මමත් ඒ වගේ ගෙයක් නම් කලින් ගහලා නැ, අපි හොදට කරමු මේ වැඩේ කියලා.

    මම ඩ්‍රාෆ්ට්මන්ට කිව්වා මට approval එක ගනන මොකක් හරි මගුලක් ඇදලා දෙන්න මම සල්ලි දෙන්නම් කියලා, මූ කොච්චර කිව්වට්ත් උගේ සම්ප්‍රදායෙන් පිට යන්නෙ නැ, මට මලම පැන්නා.

    ලක්ශ එක හමරක් දීලා ගෙපලත් කැපුවා, දවස් 5ක්. නැකතට දවස් 3 යි මූ තාම දුන්නෙ නැ ප්ලැන් එක, මට දැන් කරගනන දෙයක් නැ,

    පස්සෙ මගේ ඉන්ජා යලුවට කතා කරලා ඇහුවා මොනා හරි කරලා දීපංකො උබට ඔටොකැඩ් පුලුවන්නෙ මට මේක ඇදලා දියන්කො කියලා වැඩ පටන් ගන්න,

    එතකොට පොර කිව්වා ඔය ප්ලැන් තිබ්බට ගෙවල් හදන්නෙ ඔවා බලාගෙන නෙමෙයි බං, ඔවය වඩා කොච්චර වෙනස් වෙනවද ගේ හදනකොට, උබ අර කලින් ඇදලා තිබ්බ එවා හොදටම ඇති ඒටික දීලා බාස් ගෙන් අහපන් ඒ ඇතිද කියලා කියලා.

    බාස් කිව්වා ඒ ඇති පුතා, අපි වැඩේ කරමු, ප්ලැන් එක පුතාම අදිනවා නම් පිට කෙනෙක්ට දීලා කරගන්නවට වඩා කොච්චර හොදයි ද කියලා.

    කොහොම හරි ඩ්‍රාෆ්ට්මන්ට ජාතිය අමතලා මම වැඩේ පටන් ගත්තා අඩි 8 ක් විතර බේස් වලවල් එහෙම කපනන් උන නිසා මුල ටිකක් පරක්කු උනා, දැන් ගඩොල් උස්සනවා මේ දවස් වල

    මම ඇදපු නිසා බයටත් එක්ක දන්න දන්න සිවිල් ඉන්ජිනියර්ස්ලා, මොරටුවෙ ගිහිපු උන්, ඔක්කොම ඇදන් ඇවිත් හරි වැරදි බලාගත්තා කවුරුවත් වැරැද්දක් නම් කිව්වෙ නැ,
    ජෝතිශ්‍ය පැත්තත් හරියට බලාගත්තා, මගේ පරන කැල්ලක් ඉන්නවා ඒ පැත්තෙන් හොද වැඩ්ඩෙක්, එයාත් බලල එයාගෙ සර්ගෙනුත් බලලා දුන්නා අව්ලක් ම නැ. මටත් ඒ පැත්ත ටිකක් පුලුවන් නිසා ඒවා බලලමයි ඇන්දෙ, පලවෙනි ගෙදර නෙමෙයි නිසා කලින් ඒවා හදද්දි බලපුවා මතකයි.

    දැන් එක අතකින් සතුටුයි, මගෙම ප්ලැන් එකකට හැදෙන එක, මම ඉතින් මේ දවස් වල සයිට් ඉන්ජිනියර් වගේ දවසම එතන :P වැඩට ගියේ නැ මාස දෙකකින් :D

    දැන් මෙතනත් හොද වැඩ්ඩො ටිකක් ඉන්න නිසා ආයෙ මොනා හරි අව්ලක් ආවොත් අහන්නම්, :P

    දැනට ගේ ඇතුලෙ එනබාතෲම් එක එහෙම ප්ලැන් කරේ මේ ත්‍රෙඩ් එක බාලගෙන,

    තව බාතෲම් එකක් ගහනන් අදහසක් තියෙනවා ඕපන් බාතෲම් එකක්, ඔයාලා කවෘත් හැදුවෙ නැද්ද එහෙඅම් එකක් ?

    638-630x417.jpg


    මේ මම ඇදලා දුනන එක. . තට්ටු 2 ක් තමයි අදහස, 16 ලංවා කම්බි දාලා ලග ලග කනු දාලා හදාගෙන යනවා තට්ටු තුනකට උනත් යන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන,

    IC8Gqj4o7LtbrOMQ6XutLrPmETdD1WVwgxjPssFvNV8heEe_j6GonwpSyQubaQrI3s9VbgPH9elrgVk=w1680-h871-rw


    දැන් තමයි බිත්ති ගාන්න ඕන පාටයි ෆනිචර්ස් එහෙම තියලා බලන්න්නෙ, තව ටික දවසකින් VRAY rendering පරක් දෙන්න ඕන, එතකොට නම් ගේ හදලා ඉවර උනාම කොහොමද වෙයි ද කියන එකත් හරියටම බලාගනන් පුලුවන්.

    මේ තියෙනෙන් එහෙම sketchUP වල ඇදලා Vray render කරපු එකක්
    Vray_Set3.jpg

     
    Last edited:
    • Like
    Reactions: Anemanda1

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන් කියන්නෙ බන් නිකන්ම නිකන් පොලව මතුපිට පස් තද කරලා ටයි බීම් දාල ඒවා උඩ හදන්න හොඳ නෑ කියල. කළුගල් බැම්ම බැඳලා ඒක උඩට ටයි බීම් එකක අවශ්‍යතාවය තියනවනම් ටයි බීම් එකක් දාල ඒක උඩ තමයි හදන්න ඕන.

    තේරුමක් නෑ බන්.ඒකේ ලාබේ බලන්න ඕනි ඒ ඉඩමේ සාමාන්‍ය කළු ගල් අත්තිවාරමක් එක්ක.කළුගල් අත්තිවාරමක් ගොඩක් ගැඹුරට යනවනම් තමයි ඔය ක්‍රමේට කරලා ලාබයක් තියෙන්නේ.

    ya ya mata theruna. kohoma unath ethin gedar oka udane ban thiyenne eka hariyatama hadaganna epayi
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    අනික මම හිතාගෙන ඉන්නවා මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන සිස්ටම් එක දාගන්න ( අර රංගන හේරත් ඉන්න ඩයලොග් ඇඩ් එකේ වගේ) මේකට වයරින් එක විශේෂ ක්‍රමයකට දාන්න ඕනද.. අනික හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න හිතන් ඉන්නවා මේන් ඩෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එක්ක.. ඒවට වයරින් කොහොමද? ඒවා කාත් එක්කද ප්ලෑන් කරන්න ඕන.. සීසීටීවී ත් එක්කම.. මේවා කරන කම්පනි නැත්නම් මේ සිස්ටම් ගන්න තියෙන තැන් මොනවද ලංකාවේ.. ඇතුලේ එලියේ ලයිට් දාන එක කවුද ප්ලෑන් කරන්නේ..
    ඉස්සෙල්ලම වෙන්න ඕන දෙවල් සහ පිලිවෙල මට ටිකක් කියන්න..
    රෙකමන්ඩ් කරන්න පුළුවන් අය ඉන්නව නම් මේ ත්‍රෙඩ් එකෙන්ම දැනුවත් කරන්න..

    ඕකට කියන්නනේ BMS (building management system) කියලා. එකෙන් වෙන්නේ එකතැනක ඉදන් light, security system, sound system, ac, fire detection/ protection system , power backup system, window curtains වගේ ඔක්කොම එක තැනකඉදන් control කරන්න පුළුවන් computerized system එකක්.

    තව ඔය system එකේ වැඩි දියුණු එකක් තියෙනවා BEMS (Building Energy Management Systems) කියලා. එකෙන් ගොඩක් දේවල් automatically control කරනව energy එක save කරගන්න.
    පටලගන්න එපා, BMS කරන්නේ වෙනම කට්ටියක් , එකට සම්බන්ද වෙන අනික් system (උදා- light ) කරන්නේ වෙනම කට්ටියක්. ඒ නිසා ගෙදරට දාන system එක BMS එකට support කරන ඒවා වෙන්න ඕනේ. හැම දේම coordinate කරන්න ඕනේ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුලින්ම හොඳ ආකියෙක්ව හොයාගන්න ඕනි.ඊට පස්සේ උඹේ ඉඩමේ ප්ලෑන් එකත් අරන් ගිහින් ආකි එක්ක කථාකරන්න.එතනදී උබේ බජට් එක,රික්වයමන්ට් එක දෙන්න.උඹ කැමති බොක්ස් ටයිප් ගෙයකට කියලත් කියහන්.ඊට පස්සේ ආකි ඇවිත් ඉඩම බලලා ඩිසයින් එක කරයි.ඒක හරිගියාට පස්සේ ස්ට්‍රක්චරල් එක කරගන්න ඕනි.ඒකට ඉන්ජෙක්ව ඕනි.බොහෝ විට ආකිත් එක්ක වැඩකරන ඉන්ජෙක් ඉන්නවා.ඌත් එක්ක වැඩේ කරන්න පුලුවන් නම් ලේසියි.

    ඊට පස්සේ උබ කොන්ත්‍රාත් දෙන්න හිතන් ඉන්නවනම් BOQ එකක් හදාගන්න ඕනි.ඒකට QSකෙනෙක්ව ඕනි.නැත්නම් උබ ලේබර් එක කොන්ත්‍රාත් දීලා බඩු උඹ සපයනවනම් QS කෙනෙක්ගේ සපෝර්ට් එක ගනින් ඔය බිල් දාන වැඩවලට.

    ඊට පස්සේ ඉතින් තියෙන්නේ වැඩේ පටන් ගන්න.

    ලයිට් කතන්දරේ නම් මම දන්නේ නෑ.හැබැයි සෑහෙන වියදමක් යයි වගේ.

    සික්‍යුරිටි සිස්ටම් එක වයර්ලස් එකක් දාපන්.නැත්නම් ගේ වටේම වයර් අදින්න වෙනවා.එතකොට වස කැතයි.

    සාමාන්‍යයෙන් ලයිට් ෆිටින්ග්ස් එන්න ඕනි කොතනටද කියලා ආකිටෙක් ඩිසයින් කරලා දෙනවා.

    හැමදාම කියනවා වගේ වටේ පිටේ එවුන්ට පේන්න ගෙවල් හදන්න යන්න එපා.තමන්ගේ අවශ්‍යතාවයට,බජට් එකට ගැලපෙන විදියට ගෙයක් හදාගන්න.

    අනේ නෑ මචං වටේ උන්ට පේන්න නෙමෙයි හිතේ තියෙන ආසාවට..
    ලයිට් සිස්ටම් එහෙම කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුනා..
    ඒත් වියදම් වැඩි නම් ඒවා අත ඇරලා දානවා..
    උඹ කියලා තියෙන දේවල් ගොඩක් වටිනවා..
    මට ඕන ඉඩ තියෙන බඩු අඩු ලස්සන වැඩිය ලොකු නැති තට්ටු 2 ගෙයක්..
    ටීවී රූම් එකක් තියෙන්න ඕන..
    තෑන්ක්ස් මචෝ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕකට කියන්නනේ BMS (building management system) කියලා. එකෙන් වෙන්නේ එකතැනක ඉදන් light, security system, sound system, ac, fire detection/ protection system , power backup system, window curtains වගේ ඔක්කොම එක තැනකඉදන් control කරන්න පුළුවන් computerized system එකක්.

    තව ඔය system එකේ වැඩි දියුණු එකක් තියෙනවා BEMS (Building Energy Management Systems) කියලා. එකෙන් ගොඩක් දේවල් automatically control කරනව energy එක save කරගන්න.
    පටලගන්න එපා, BMS කරන්නේ වෙනම කට්ටියක් , එකට සම්බන්ද වෙන අනික් system (උදා- light ) කරන්නේ වෙනම කට්ටියක්. ඒ නිසා ගෙදරට දාන system එක BMS එකට support කරන ඒවා වෙන්න ඕනේ. හැම දේම coordinate කරන්න ඕනේ.

    තෑන්ක්ස් මචං..
    ලොකු වියදමක් යනව නම් ඒක අත ඇරලා දානවා..
    සිකියුරිටි එක නම් දාන්නම ඕන..
    ඕවා ගන්න ලංකාවේ කොහෙද බං තියෙන්නේ?
    කොටුවෙන් ගත්තොත් අපේ කාටහරි කියලා සෙට් කරලා අපිට කන්ෆිග් කරගන්න පුළුවන්ද?
    මට නෙට්වර්කින් සහ කන්ෆිගරින් දැනුම තිබේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තෑන්ක්ස් මචං..
    ලොකු වියදමක් යනව නම් ඒක අත ඇරලා දානවා..
    සිකියුරිටි එක නම් දාන්නම ඕන..
    ඕවා ගන්න ලංකාවේ කොහෙද බං තියෙන්නේ?
    කොටුවෙන් ගත්තොත් අපේ කාටහරි කියලා සෙට් කරලා අපිට කන්ෆිග් කරගන්න පුළුවන්ද?
    මට නෙට්වර්කින් සහ කන්ෆිගරින් දැනුම තිබේ
    ලොකු වියදමක් යනවා තමා.
    cctv වගේ ඒවානම් උබටම සෙට් කරගන්න පුළුවන් වෙයි දැනුම තියෙන තියෙනවනම්.
    ඒත් door lock system වගේ ඒවා කොටුවෙන් අරන් හයි කරලා දුක් වෙන්න වෙයිද දන්නේ නෑ.
    උබට light control විතරක් කරගන්න ඕනේ නම් එක ලාබෙට කරගන්න පුළුවන් ebay & ali express එකෙන් බඩු ගෙන්නගන. මමත් දැනට wireless switch system එකක් හදාගන ඉන්නේ ගෙදර. ඒක වැඩිදියුණු කරගන්න හිතන් ඉන්නේ wifi තියෙන remote switch ටිකක් ගෙන්නාගෙන.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලොකු වියදමක් යනවා තමා.
    cctv වගේ ඒවානම් උබටම සෙට් කරගන්න පුළුවන් වෙයි දැනුම තියෙන තියෙනවනම්.
    ඒත් door lock system වගේ ඒවා කොටුවෙන් අරන් හයි කරලා දුක් වෙන්න වෙයිද දන්නේ නෑ.
    උබට light control විතරක් කරගන්න ඕනේ නම් එක ලාබෙට කරගන්න පුළුවන් ebay & ali express එකෙන් බඩු ගෙන්නගන. මමත් දැනට wireless switch system එකක් හදාගන ඉන්නේ ගෙදර. ඒක වැඩිදියුණු කරගන්න හිතන් ඉන්නේ wifi තියෙන remote switch ටිකක් ගෙන්නාගෙන.

    මචං සීසීටීවී නම් බාස්ලට කියලා වයරිං එක දාගෙන අනිත් වැඩ මට කරන්න පුළුවන්..
    දොර ලොක් ගැන කියනවා නම් මම දැන් අවුරුද්දකට කලින් වැඩ කරපු ඔෆිස් එකේ බොසා චීනෙන් දොරලොක් සිස්ටම් වගයක් ගෙනාවා ෆින්ගර්ප්‍රින්ට් නම්බර් ලොක් එහෙම තියෙන ගැජට් ටිකක්..
    ඒවා නම් මම තමයි සෙට් කරේ මේන්ටේනන්ස් උන්ගේ සප් එකත් එක්ක..
    හබැයි ලයිට් කන්ට්‍රෝල් එක නම් ශුවර් නැහැ බං.. ඒක ඇඩ්වාන්ස් ඇති..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මචං සීසීටීවී නම් බාස්ලට කියලා වයරිං එක දාගෙන අනිත් වැඩ මට කරන්න පුළුවන්..
    දොර ලොක් ගැන කියනවා නම් මම දැන් අවුරුද්දකට කලින් වැඩ කරපු ඔෆිස් එකේ බොසා චීනෙන් දොරලොක් සිස්ටම් වගයක් ගෙනාවා ෆින්ගර්ප්‍රින්ට් නම්බර් ලොක් එහෙම තියෙන ගැජට් ටිකක්..
    ඒවා නම් මම තමයි සෙට් කරේ මේන්ටේනන්ස් උන්ගේ සප් එකත් එක්ක..
    හබැයි ලයිට් කන්ට්‍රෝල් එක නම් ශුවර් නැහැ බං.. ඒක ඇඩ්වාන්ස් ඇති..
    light control එක තමා ලේසිම. මේක අර BMS වල තියෙන එක වගේ advance එකක් නෙවේ. පොඩි පොඩි gadget වගක් ඕනේ. ඒවා සෙට් කරගන්න එක තමා තියෙන්නේ.
    https://www.aliexpress.com/item/mar...lgo_pvid=90eb6cf7-9065-4e8e-a20b-b0175ac9332f
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Katha karanna tiyena deyak mekata awilla katha karapalla


    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    http://www.elakiri.com/forum/showthread.php?t=1802585
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වයරින් කරන කම්පැනි එකක් අල්ලගන්න. (යාලුවෙක් කරගත්ත තැනකින් එතන මාර ගණන්). වයරින් එක විශේෂ විදිහකට කරන්න ඕන කියල තමයි කිවුවෙ. වැඩි විස්තර දන්නෙ නෑ.

    හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න ඉන්නෙ මොන වගේ සිස්ටම් එකක්ද? සිස්ටම් වර්ග ගොඩක් තිබේ. ටෙක්නොලොජි එක අනුව දොර ජනෙල් වල රික්වය්ර්මන්ට් එක වෙනස් වෙනවා. මම පහුගිය කාලේ ඇප් එකකින් අගුල අරින විදිහක් ගැන හොයල බැලුව. ඒකෙ තියෙන්නෙ සම්පූර්ණ අගුල ගන්න ඕන. සාමන්‍ය අගුලක් විදිහට ෆිට් කරන්න තමයි තියෙන්නෙ. wifi එක්ක කමියුනිකෙට් කරලා අගුල වැඩ කරන්නෙ.
    අවුට් සෝස් කරලා ඒවා ප්ලෑන් කරනවානම් උඹට FBI එකට consult කරන කරන කම්පැනි එකක් වගේ හොයාගන්න පුළුවන් නෙට් එකේ සර්ච් කරාම. නැත්නම් ඉතින් උඹටම තමයි විස්තර හොයාගන කැටලොග් එක බලල කරගන්න වෙන්නෙ.

    CCTV කේබල් වයරින් එක ඇතුලෙන් කිසි අවුලක් නැතුව අරින්න පුළුවන් කියල CCTV කරන මහත්තයෙක් කිවුව. ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහගනින් වයරින් වැඩේ කරන ගමන්ම ඒ වැඩේ කරගන්න පුලුවන්ද කියල. මම වයරින් කරපු දවස්වල මගේ ඉලෙක්ට්‍රිෂන් කිවුව එහෙම කරන්න බෑ. වීඩියෝ සිග්නල් වලට ඩිස්ටබ් වෙනවා කියල.

    උඹ හොයන ඔය කියන විදිහෙ සෙකියුරිටි බඩු ලංකාවෙන් ගන්න හොයනවට වඩා ලේසි වෙයි වෙන රටකින් ගෙන්න ගන්න එක. ලංකාවේ තිබ්බත් පිටකොටු බඩු තමයි.

    මම ප්ර්සන්ලි කාවවත් වැඩ වලට රෙකමන් කරන්නෙ නෑ. වැඩ කරන එවුන් ඉන්නවනම් උන් දැනගන්න ඕන උන්ගෙ බිස්නස් ප්‍රමෝට් කරගන්න. හොඳටම දන්න තැනක් තියනවනම් මම PM එකක් දාල කියන්නම්.

    :rofl: ඔය මොන විදියේ ලෝක දැම්මත් හොරෙක්ට නියනක් දාලා පන්නනයි, මිටියකින් ගහලා කඩන්න බැරි වෙන විදියේ ඒවා දාපන්. ලොක් එක ෆින්ගර් ප්‍රින්ට් උනාට වැඩක් නැහැ හයිය නැත්තම්. උබට ඔච්චරම ඕනි නම් ඇලුමිනියම් වලින් වින්ඩෝ දානවනම් ඇජේක්ස් ලාගෙන් දාපන් පට්ට උන්ගේ වැඩ. ලි නම් එතින් කොහෙත් එකයි.

    කැමරා සිස්ටම් ගැන කියනවනම් හොරා ගෙට පැන්නට පස්සේ හොරකම් කරගෙන ගියාට පස්සේ රෙකෝඩ් වෙච්ච බලල උව අදුරගෙන හොරකම් කරපු බඩු උගෙන් අහලා විකුනපු තැන හොයාගෙන ගිහින් උසාවි ගිහින් නඩු බාන්ඩ විදියට ඒවා උබේ කියල ඔප්පු කරගෙන අයිත ලබා ගන්නකොට පට්ට ආතල් එකක් තියෙයි ඒ නිසා හොර අල්ලන්න හිතන්න කලින් පනින එක වලක්වන්න බලපන්:rofl::rofl: