
මචන් ඕක කරන්නෙ මෙහෙමයි, බාත්රූම් එක තියෙන කොටුව වටෙම බීම් දාන්න ඕනි. අපි සාමාන්යෙන් ස්ලැබ් දාන්නෙ බීම් එකට උඩට වෙන්න, නමුත් මෙතෙන්දි බීම් එක යට මට්ටමින් ස්ලැබ් එක ගහන්න ඒ කොටුව ඇතුලෙ විතරක්. අඟල් 6ක් වත් පාත් කරගන්න එතකොට කොමොඩ් එකේ බටේ උනත් දාගන්න පුලුවන්.
ඔහොම ඩයල් ඉන්නවා සෑහෙන්න... කුරුණෑගල එකෙක් ඇදලා කුලියාපිටියේ ගෙයක්. කණු අල්ලපු වත්තේලු. මම දැනගත්තේ වැල්ලවත්තට ළග තැනක හදපු ගෙදරක පඩිපෙල මහපාරට එන්න ඩ්‍රෝවින් ඇදලා තිබුනු නිසා ආකියාගේ කැරැට්ටුව හොයලා බැලුවම.
දැන් හුගක් ආකියොන්ගේ ප්ලෑන් වලට හදන්න ගුරුත්වය සීරෝ කරගන්න වෙනවා... කණු නැතුව ඕනේ![]()
නෑ බන් බිත්ති වල තාමනම් අවුලක් නෑ. ඒ උනාට දන්න මිනිස්සුන්ගෙ ගෙවල් වල එහෙම වෝටර් පැචස් හිටින්නෙ නෑනෙ බන්. ගොඩක් මිනිස්සු blind walls දාන්නෙ නැත්තෙ ඒකයි.
බත්රූම්ස් පොළොවේ මට්ටමට වඩා අඩුවට දාන්න කිවුවෙ මචන් සාමන්‍ය ගේ ඇතුලෙ තියන ටයිල් මට්ටමට වඩා අඩුව. නැතුව එළියේ ගාඩ්න් එකේ පොලොව මට්ටම නෙමේ.
ස්ලොප් එකනම් ඉතින් කිවුවත් නැතත් තියනවනේ.
මගේ බාත්රූම් දෙකක් තියනවා 8 X 4 ඒකෙ 4 තියන පැත්තට 1.5' X 3' වගේ ජනේල දාල තියෙන්නෙ. ජනේලෙ තියන අන්තිම කෙලවරේ තමයි ෂවර් එක තියෙන්නෙ. ජනේලෙට ෂවර් කර්ට්න් එකක් දාල තියෙන්නෙ තෙමෙන්නෙ නැති වෙන්න. ඊට පස්සෙ ෂවර් එක කියුබිකල් එක හැදෙන විදිහට එක පැත්තකින් අඩි 2 විතර ග්ලාස් ඩෝ එකක් සහ ෆික්ස් ග්ලාස් එකක් දාල තියෙන්නෙ. දොර ලඟම තියෙන්නෙ සින්ක් එක. සින්ක් එකයි ෂවර් එකයි මැද්දෙ තමයි ටොයිලට් එක තියෙන්නෙ. ටොයිලට් එක ඉස්සරහින් ෂවර් එකට යන්න හොඳටම ඉඩ ඇති. උඹ කැමතිනම් ඉතුරු අඩියත් අල්ලපු කාමරේකට දෙන්න පුළුවන්.
බාත්රූම් එක ඇතුලෙ ෆ්ලෝ එකේ උස වෙනස්වෙන ගැප් එන ඒවා ප්ලෑන් එකේ පෙන්නන බෑ. ඒවා උඹ ළඟ ඉඳල බාස්ට කියල කරගන්න ඕන.
අනික බාත්රූම් එකේ මිරර් එක උඩට ලයිට් එකක් දා ගන්න වයරින් කරගන්න අමතක කරන්න එපා. බාත්රූම් එකේ ලයිට් එක රූම් එක ඇතුලට යන්න කලින් දොර ළඟ පිට පැත්තට දාපන්. මිරර් එකේ ලයිට් එක ඇතුලෙන් දාන්න සෙට් කරපන්.
ටෙම්ප්ර්ඩ් ග්ලාස් දාල කියුබිකල් එක හදපුවම ෂවර් ට්‍රේ එකක් දාන්න ඕන වෙන්නෙ නෑ. බිල්ට් ඉන් කියුබිකල් වල ට්‍රේ ගොඩක් උස හින්ද ගොනා වගේ (ස්ටේජ් එකකට නගිනවා වගේ) . ලෝ ප්‍රොෆයිල් ෂවර් ට්‍රේ ලංකාවේ ගන්න නෑ. තිබුනත් පට්ට ගණන්.
පෙඩස්ටල් සින්ක් කියන්නෙ යටට යනකන්ම කනුව තියන එක. සෙමි පෙඩස්ටල් කියන සින්ක් එක බිත්තියට බ්‍රකට් වලින් හයි කරන්නෙ. යට තියන බට සෙට් එක වැහෙන්න අඩියක් විතර සෙරමික් කැල්ලක් තියනවා.

මොකද මචං ටයි බිම් උඩ ගෙවල් හදන්න එපා කියන්නී

එක නම් මටත් දැන ගන්න ඕන..අදුරන කෙනෙක් වතුර තියෙන තැනක බේස් වලපල් කපලා එකෙන් පොලව මට්ටමට කණු උස්සලා (සමහර කණු පොලවේ ඉදන් අඩි 06 වගේ අවා),පොලව මට්ටමින් ලොකු බිම් රාමුවක් ගහලා එක උඩ ගේ හැදුවේ...පස් පිරෙව්වා ලක්ෂ 1.25 වගේ...දැන් මෙහෙම හදන එක වැරදිද![]()
1980 තරම් ඈත කාලෙක මගේ පුංචි අම්මා අලුතෙන් ගෙයක් හැදුවා. බාප්පා පිටරට රැකියාවක් කරන බැවින් මාත් හැකි හැම විටකම ගිහින් සොයා බැලුවා . ඉතාම ඉස්තරම් විදියට ආර්කිටෙක් ඩිසයින් එකකට හදාපු (වහලය දක්වා බිත්ති බැඳපු )ගෙදර වහලේ ගහන්න බාස් කෙනෙක් හොයලා දෙන්න කියලා මට කිව්වා . අපේ ගමේ ඉන්න බොහොම පරණ තාලේ, කොන්ඩේ බැඳපු, සරම් අඳින බාස් කෙනෙක් ව මම එහාට එක්කගෙන ගියා. පුංචි අම්මාත් ඒ බාස්ව දන්නවා . එයා(බාස්) ප්ලෑන් එක බලලා මට පැහැදිලි කරලා දුන්නා, මේ වහලේ මේ ප්ලෑන් එකට අනුව ගහන්න බැහැයි කියලා. මම සිවිල් ඉංජිනියරින් දන්නේ නැති උනාට ඉංජිනියරින් ඩ්‍රෝවින් දන්නා(එවකට ඉගෙන ගනිමින් සිටි නිසා ) නිසා මටත් තේරුනා මේ මනුස්සයා කියන දේ හරි බව . එවලේ එතන හිටපු සුපවයිසර් මේ බාස් දිහා බැලුවෙම මෝඩයෙක්, ගොඩයෙක් දිහා බලන විදියටමයි. ඉංගිරිසි අකුරක්වත් බැරි උනාට ප්ලෑන් එක බලලා මේ මිනිහා කියපු දේ ඒ සුපවයිසර් ගනං ගත්තේවත් නැහැ. තවදුරටත් බිත්ති බඳින්නේ නැතිව දැනට බැඳපු බිත්ති සමහරක් කඩලා වෙනස් කලොත් විතරක් වහලේ ගහලා දෙන්නම් කියපුවාම ඒ සුපවයිසර් කිව්වේ "පිස්සුද බාස් උන්නැහේ ?? මම තමයි අපේ ආකිටෙක් මහත්තයාගේ බිල්ඩින් බොහොමයක් බලාගන්නේ, අපි වෙන බාස් කෙනෙකුට කියලා වැඩේ කරගන්නම් , බාස් උන්නැහේ කරදර වෙන්න එපා" කියලයි. පුංචි අම්මාට ඕවා ගැන තේරුමක් නැති උනාට ඉංගිරිස් කතාකරන නමේ අගට ටයිටල් තියන ආකිටෙක් ට විරුද්ධව යන්න හැකියාවක් තිබුනේ නැහැ . අපි ආපහු එනකොට ඒ බාස් මට කිව්වේ අපරාදේ --- නෝනගේ සල්ලි. මට දුක ඒ ගැනයි කියලා .
පුංචි අම්මා මේ කතාව ආකියාට කිව්වාම වහලේ ගහන්න කොන්ත්‍රාත් කාරයෙක් ආකිටෙක්ම හොයලා දුන්නා . මෑන් වහලෙන් බාගයක් ගහන කොට අර කියාපු ප්‍රශ්නේ මතු උනා .
ඊට පස්සේ ආකිටෙක් ඇවිල්ලා මේ බිත්තිය කඩලා, මේ බිත්තිය උස්සලා මෙහෙම මෙහෙම කරමු කියනකොට පුංචි එයාට කිව්වලු "අර සරම අඳින කොන්ඩේ බඳින ගොඩේ බාස් මේක මේ විදියට කරන්න වෙන බව කිව්වේ ප්ලෑන් එක අතට අරගෙන විනාඩියක් යන්නත් කලින්" කියලා. ආකියා වචනයක්වත් කිව්වේ නැතිලු. අර සුපවයිසර් කියන එකා ඊට පස්සේ කවදාවත් මට මුහුණ දුන්නේත් නැහැ. මම ඈත එනකොට උගේ මෝටර් සයිකලේට නැගලා මාරු වෙනවා .