මගුල් ගෙදර

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,619
    13,303
    113
    මේ සිද්ධිය වෙන්නෙ ඉරිදා දවසක

    සුමනපාල මහත්තයාට ඉරිදා පාන්දර වෙන්නෙ සාමාන්‍යයෙන් නවයට විතර, සෙනසුරාදත් බොහෝ විට කන්තෝරුවෙ වරුවක් වැඩ නිසා ඉරිදට තමයි සුමනපාල මහත්තයා වැඩිපුර ටිකක් නිදා ගන්නේ. පුරුද්දක් විදියට සුමනපාල මහත්තයා උදේට තේ බොන්නෙ නෑ. ඒ නිසා නැගිටපු ගමන් මූණ එහෙම හෝදගෙන පත්තරේ ගේන්න යන එක තමයි සුමනපාල මහත්තයාගේ රාජකාරිය.

    ගෙවල් ළඟම තියෙන වීරසිරි මුදලාලිගෙ කඩෙන් සුමනපාල මහත්තයා කවදාවත් පත්තරේ ගන්නෙ නෑ. සුමනපාල මහත්තයා කියන විදියට වීරසිරියා හෙන මුස්පේන්තු මිනිහෙක්. කිසි දවසක අද මේ දේ ගණන් අඩුයි කියලා කියන්නෙ නෑ. සත පහක්වත් අඩුවෙන් කිසි දෙයක් දෙන්නෙ නෑ.

    ඒ නිසා සුමනපාල මහත්තයා පුරුද්දක් විදියට යන්නෙ ටික්ක ඈතින් තියෙන අබේගෙ කඬේට. හුඟක් වෙලාවට කඬේ ඉන්නේ අබේගෙ පවුල. අබේට වයස අවුරුදු හතලිස් පහක් විතර උනාට අබේගේ පවුලගේ වයස විසි අටක් - විසි නවයක් විතර ඇති. හන්දියේ ත්‍රීවීල් කොල්ලොත් සිගරට්, බුලත් විට ගන්න නිතර එන නිසා අබේගේ කඬේට බිස්නස් හොඳයි.

    පත්තරේ අරං ආපු සුමනපාල මහත්තයා පුරුදු විදියට හාන්සි පුටුවේ වාඩි උනා. ඉස්කෝලෙ හාමිනේ ගෙනත් දීපු කොළ කැඳ වීදුරුවත් බීපු සුමනපාල මහත්තයා පත්තරේ කියවන්න පටන් ගත්තා. සුමනපාල මහත්තයා තාම රස්සාවට ගියාට, ඉස්කෝලෙ හාමනේ පැන්ෂන්. එක දිගට ආව තුනටිය කැක්කුමයි, දණිස් කැක්කුමයි නිසා හාමිනේ කළින්ම පෙන්ෂන් ගත්තා.

    බරාස් බරාස් ගාලා මිදුල අතුගාන සද්දෙ ඇහුණු සුමනපාල මහත්තයා පත්තරේ පාත් කරලා බැලුවේ වත්තෙ පිටියෙ වැඩ ටික කරලා, ගෙවල් අස්පස් කරලා දීලා යන ලීලා අද කළින් ම ඇවිල්ල ද කියලා. පුදුමෙකට වගේ මිදුල අතුගාන්නෙ ඉස්කෝලෙ හාමිනේ. ලීලා ගේ පැත්තේ ඉඳලා පාර පැත්තට අතුගෑවට, හාමිනේ අතුගාන්නේ ගේට්ටුව ගාව ඉඳලා ගේ පැත්තට. දෙපාරක් විතර පත්තරේ පාත් කරලා බැලුව බැලුව වෙලාවට, සුමනපාල මහත්තයාට පෙණුනේ හාමිනේ අතුගානවට වඩා පාර දිහා බලං ඉන්නවා කියලා.

    මෝටර් බයිසිකලයක් පළාතම දෙවනත් වෙන හඬකින් ඇවිත් ගේට්ටුව ගාව නැවැත්තුවා කියලා සුමනපාල මහත්තයා දැක්කෙ සද්දෙට උඩ ගිහිල්ලා පත්තරේ පිටු දෙක තුනකුත් බිම වැටුණම. ඉස්කෝලෙ හාමිනේ ගේ පැත්ත බලලා අනිත් පැත්ත බලද්දි බයික් එක ආපහු ඉගිල්ලුණා.

    ‘මහත්තයා, ඔය මකුළු දැල් ටික කඩලා දැම්ම නං හොඳ නැද්ද?’ හාමිනේ පාර ගාව ඉඳලම කෑ ගහලා ඇහුවා. කවදාවත් නැතුට තමන්ට කියලා මකුළු දැල් කඩවන්න හදන්නෙ මොකද කියලා බැලුව සුමනපාල මහත්තයාට පෙණුනෙ ඉඳාල ගේට්ටුවට හේත්තු කරලා ඉක්මන් ගමණින් එන හාමිනේව.

    ‘මහත්තයා, අපේ කාමරේ හැම තැනම මකුළු දැල්. අනේ මහත්තයා, මං කැමති නෑ ලීලා අපේ කමරේට යනවා එනවට, මහත්තයා ඔය පත්තරේ පොඞ්ඩක් පැත්තකින් තියලා, ගිහිං ඒ මකුළු දැල් ටික කඩලා දාන්න’ ඒක ඉල්ලීමකට වැඩිය අණ කිරීමක් බව දැණුනු සුමනපාල මහත්තයා පත්තරේ පැත්තකින් තියලා කොස්ස හොයාගෙන ගේ පිටි පස්ස පැත්තට ගියා.

    එක බිත්තියක මකුළු දැල් කඩලා ඉවර වෙද්දි ම වගේ ආයමත් අර මෝටර් බයිසිකල් සද්දෙ ඇහුණා. මෝටර් බයිසිකලේ ගේට්ටුව ගාව නැවැත්තුවා කියලත් සුමනපාල මහත්තයාට තේරුණා. ඒත් ආයිම ඕක ගැන හොයන්න ගියොත් ඉස්කෝලෙ හාමිනේ පරල වෙන බව දන්න හින්දා සුමනපාල මහත්තයා සද්ද නැතුව උන්නා. අන්තිම බිත්තියේ මකුළු දැල් කඩලා ඉවර වෙද්දි බයිසිකලේ ආපහු යනවා සුමනපාල මහත්තයාට ඇහුණා.

    සුමනපාල මහත්තයා එළියට එද්දි, ඉස්කෝලෙ හාමිනෙත් ගේ ඇතුලට එමින් හිටියෙ. ආපු මෝටර් බයිසිකලේ ගැන අහනවද කියලා හිතලා ඉස්කෝලෙ හාමිනේගෙ මූන දිහා බලපු ඉස්කෝලෙ මහත්තයා, ඒ අදහස වහාම හිතින් අයින් කර ගත්තේ හාමිනේගෙ මූණ හරියට අඳුන ගන්න බැරි උනු නිසා.

    ‘මහත්තයා, අනිද්දා නිවාඩු නිසා දුවලගෙ ගෙදර ගිහිං ආව නං හොඳයි නේද? හෙට නිවාඩුවක් දාලා දැන් ගිහිං එමුද?’ ගහෙන් ගෙඩා එන්නා වගේ හාමිනේ අහපු ප්‍රශ්නෙට සුමනපාල මහත්තයා තක්කු මුක්කු උනා.

    ‘මං පොඩි එකීට කන්න ගෙනියන්න මොනවා හරි ඉක්මනින් හදන්නම්’. එහෙම කියපු ඉස්කෝලෙ හාමිනේ කුස්සිය පැත්තට ගියා.

    මහා සාගරයක් වගේ තියෙන ගේ අතුගාන්න ලීලට කොහොමත් දවසෙන් බාගයක්වත් යනවා, ඉතුරු බාගෙනුත් වරුවක් යන්නෙ ඒ වගේම ලොකු වත්ත අතුගාන්න. ලොකු ගස් වලින් හෙවන වුණු මේ ඉඩමෙ බොහොම ඉඩකඩ තියෙනවා. අවුරුද්දකට වතාවක් වෙසක් පෝයට ගමේ කට්ටිය මේ ඉඩමෙ දන්සලක් දෙනවා. වාහන තිහ හතලිහක් නවත්තන්නත් ඉඩ තියෙන එකේ ඈත පළාත්වල ඉඳලත් මිනිස්සු මේ දනසලට කන්න එනවා.

    තිබ්බ වැඩ සේරම නවත්තපු සුමනපාල මහත්තයා කාර් එකේ තෙල් වතුර බැළුවා. ඉස්සරහ වීදුරුවට වතුර එකකුත් ගහපු සුමනපාල මහත්තයා කලබල උනේ කුස්සිය පැත්තෙන් ආපු සද්දෙ නිසා. දුවගෙන කුස්සියට ගියපු සුමනපාල මහත්තයා දැක්කෙ පුටවක වාඩි වෙලා බොහෝම අමාරුවෙන් දනිස් දෙක අල්ලං ඉන්න ඉස්කෝලෙ හාමිනෙයි, ඉස්කෝලෙ හාමිනේගෙ ළඟ බය වෙලා වගේ උන්නු ලීලයි.

    ‘හාමිනේ කකුල පැටලිලා වැටුණා මහත්තයා’ සුමනපාල මහත්තයාව දැකපු ගමන් ලීලා කිව්වා.

    ‘හිමින් ගමනක් නෑනෙ, බැරි බව දැන දැන ම දුවන්නනෙ හදන්නෙ’ සුමනපාල මහත්තයා කිව්වෙ ගාන්න බාම් එක්කක හොයන ගමං.

    ‘ලීලා මෙන්න මේක ගාන්න, දැං ඉතිං කොහොමද දුවලගෙ ගෙදර යන්නෙ?’

    ‘මට යන්න බැරි උනාට කමක් නෑ, මහත්තයා ගිහිං එන්න. මං පොඩි කෙල්ලට කෝල් කරලා කිව්වා සීයයි, අත්තම්මයි එනවා කියලා, අපි කවුරු හරි නොගියොත් කෙලීගෙ හිත සවුත්තු වෙන්න පුළුවන්’

    ‘එහෙම කියලා මට හාමිනේව මේ වගේ දාලා යන්න පුළුවන්ද?’

    ‘ලීලා ඉන්නවනෙ, මහත්තයා ගිහිං එන්න.’

    අකමැත්තෙන් ඇඳ පැළඳ ගත්ත සුමනපාල මහත්තයා හාමිනේ හදලා දීපු කැවිලි පාර්සලේ අරගෙන කාර් එකට නැග්ගා,

    ‘කෝ මහත්තයා ඇඳුම් බෑග් එක?’ හාමිනේ ඇහුවේ අමාරුවෙන් එළියට එන ගමං.

    ‘මං හවස් වෙද්දි එනවා, හාමිනේට අමාරුයි නේ’.

    ‘මහත්තයා ඔය යන එකේ දවසක් දෙකක් ඉඳලා එන්න, මාව බලා ගන්න ලීලා ඉන්නවනේ, ලීලා අර ඇඳ උඩ තියෙන මහත්තයාගේ ඇඳුම් බෑග් එක අරං වරෙං’ කියපු හාමිනේ හාන්සි පුටුවෙ වාඩි උනා.

    ‘ලීලා හාමිනේව හොඳට බලා ගන්න ඕනෙ, මොනවා හරි තියෙනවා නම් මධාරා නෝනලාගේ ගෙදරට කෝල් එක්ක දෙන්න’ එහෙම කියපු සුමනපාල මහත්තයා වාහනේ පාර ගත්තා, පිටිපස්ස බලන කණ්නාඩියෙන් බලද්දි හිනාවෙමින් හාමිනේ කියපු මොක් හරි දේකට කට අතිං වහගෙන හිනාවෙන ලීල ව සුමනපාල මහත්තයාට පෙණුනා. වෙච්චි දේ හිතා ගන්න බැරි උනත් හාමිනේ සතුටින් නේද කියලා හිතා ගත්තු සුමනපාල මහත්තයා සැහැල්ලු හිතින් ගමන පිටත් උනා.

    පොඩි දුරක් උනත් ආව ගමන් මහන්සිය දුවගෙ පොඩි කෙල්ල දැකපු ගමං සුමනපාල මහත්තයාට අමතක උනා.

    ‘ඔන්න සීයා, අත්තම්මා කතා කරලා කිව්වා සීයව දවස් තුනකටවත් ගෙදර එවන්න එපා කියලා. සීයටයි මටයි හොඳට සෙල්ලම් කරන්න පුළුවන්’ දෝනි සුමනපාල මහත්තයාගෙ කරේ එල්ලිලා එහෙම කියද්දි දුවගෙ මූණෙ ඇඳුණු තරවටු බැල්මත් සුමනපාල මහත්තයාට අඳුන ගන්න පුළුවන් උනේ නෑ.

    පොඩි දුවත් එක්ක සෙල්ලම් කරමින්, කතන්දර කියලා දෙමින්, ඇත්තට ම සැහැල්ලුවෙන් ගත වුණු ඒ දවස් දෙක සුමනපාල මහත්තයාගෙ හිතට ලොකු සැනසිල්ලක් ගෙනාවා.

    තුන්වෙනි දවසෙ උදේ සුමනපාල මහත්තයා ඇහැරුණේ දුවගේ කටේ සද්දෙට.

    ‘ඔව් අම්මේ, අද එනවා කිව්වා....... වැඬේ හොඳට තිබ්බද?.............. ආ ඇත්තද?............... දැන් අස්පස් කරලා ඉවරද?.......... අපෝ ඔව් නැත්තං ආව ගමන් යකා නගියි...........’ ආ... අන්න නැගිටලාද කොහෙද, මං තියන්නම් අම්මේ, බුදු සරණයි.’
    කතා කරපුවා කිසි දෙයක් තේරුම් නොගියට ඉස්කෝලෙ හාමිනේ මොකක් හරි ලොකු දෙයක් ගෙදර කරලා තියෙන බව සුමනපාල මහත්තයාට තේරුණා.

    දුවගෙන් කිසි දෙයක් අහපු නැති සුමනපාල මහත්තයා, දෝනිවත් හුරතල් කරලා දවල් කෑමෙන් පස්සෙ ගෙදර යන්න පිටත් උනා.

    ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම පොඩි වෙනසක් සුමනපාල මහත්තයාට දැණුනා. වත්ත පිටිය පොඞ්ඩක් එළි පෙහෙළි වෙලා වගේ කියලත්, මොකක් හරි කලබල ගතියක් තිබිලා තියෙන බවකුත් සුමනපාල මහත්තයාට දැණුනා.

    පෝටිකෝව යටින් කාර් එක නවත්තපු සුමනපාල මහත්තයාව පිළිගන්න ඉස්කෝලෙ හාමිනේ දුවගෙන වගේ ආවා.

    ‘හාමිනේගෙ කකුල ඔච්චර ඉක්මනට හොඳ උනාද?’ එහෙම අහගෙන ම සුමනපාල මහත්තයා කාර් එකෙන් බැස්සා.

    ‘කෝ මෙතන තිබ්බ හාන්සි පුටුව’ තමන් වාඩි වෙන පුරුදු තැන තිබ්බ හාන්සි පුටුව එතැන නැති බව දක්ක සුමනපාල මහත්තයා ඒක ඇහුවෙ ටිකක් සද්දෙට, සුමනපාල මහත්තයාගෙ සද්දෙට වතුර වීදුරුවකුත් අරං ආපු ලීලා ගැස්සිලා ගියා.

    ‘ආ....., ආ...... ඒක මේ..... මේ....’

    ‘මොකද හාමිනේ මේ.. මේ.. ගාන්නෙ..... මොකද්ද මං නැති අතරේ මේ ගෙදර උනේ?’ සුමනපාල මහත්තයා ඒ ටික නම් ඇහුවේ ඇත්තටම කේන්ති ගිහිං. එදා යද්දි හාමිනේගෙයි ලීලගෙයි තිබ්බ හොර හිනාවයි, දූලගෙ ගෙදර යද්දි දෝනි කියපු කතාවයි, අද උදේ අම්මගෙය් දූගෙයි ටෙලිෆෝන් කතාවයි අතරෙයි, මේ සිද්ද වෙලා කියලා ඉවෙන් වගේ දැනෙන මෙකක් හරි දේයි අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා සුමනපාල මහත්තයාට තේරුණා.

    ‘මහත්තයා කලබල වෙන්න එපා. මං විස්තරේ කියන්නම්, ලීලා උඹ ගිහිං මහත්තයාට තේකක් හදං වරෙං’ එහෙම කියපු ඉස්කෝලෙ හාමිනේ පුටුවකින් වාඩි උනේ සුමනපාල මහත්තයාවත් ළඟින් වාඩි කරවගන්න ගමං.

    ‘මහත්තයා දන්නවනේ අර චමීර ළමයා’

    ‘මොන චමීර ද?’

    ‘ඇයි මහත්තයා අර හන්දියේ සේනාරත්න දොස්තර මහත්තයාගේ පුතා’

    ‘අපෝ අර කට ඇරියොත් පට්ටපල් බොරු කියනා දත් දොස්තරයද, මොකද මං නොදන්නෙ, ඔය කියන ඉලන්දාරියා හිටියෙත් හාමිනේගෙ පන්තියේ නේද?’

    ‘අන්න ඔව්.. ඒ ළමයට තියෙන අපලෙකට හදිස්සියේ කසාද බඳින්න වෙලා, හදිස්සියට හෝල් එක්ක හොයා ගන්න බැරි වෙලා, නැකත් යෙදිලා තියෙන වෙලාවට. ඉතිං මගෙන් ඇහුවා ඒ වැඬේ මෙහේ කරාට කමක් නැද්ද කියලා, මහත්තයා ටක්කෙට ම අකමැති වෙන නිසයි මං මහත්තයාව දුවලගෙ ගෙදර යවලා ඒ වැඬේ කරන්න ඉඩ දුන්නෙ. ඉඳ හිට තාත්තා වගේ බොරු ටිකක් කිව්වට චමීර ළමයා හරි හොඳ කොල්ලා.’

    ‘මේ ගෙදරයි වත්තෙයි සාගරයක් වගේ ඉඩ තියෙද්දි ඔහොම දේකට හරි ප්‍රයෝජනයක් ගත්තට වැරැද්දක් නෑනෙ මහත්තයා.’

    ‘අන්න මහත්තයාට දෙන්න කියලා නැපෝලියන් ද, බොනපාට් ද මොකද්ද කියලා රට බ්‍රැන්ඩි බෝතලේකුත් දීලා ගියා.’

    සුමනපාල මහත්තයා ලීලා ගෙනාපු තේක උදුරලා අතට ගත්තා

    04-09-2018
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,619
    13,303
    113
    ithin eeta passe?

    ඊටපස්සේ මුකුත් නෑ
    සුමනපාල මහත්තය ගෙදර නැති අතරේ සේනාරත්න දොස්තර මහත්තයාගේ පුතා මගුල් කෑව එච්චරයි
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    ඊටපස්සේ මුකුත් නෑ
    සුමනපාල මහත්තය ගෙදර නැති අතරේ සේනාරත්න දොස්තර මහත්තයාගේ පුතා මගුල් කෑව එච්චරයි




    ඒ උත්සවය භාර ප්‍රධාන පුක් ශෝධක වැඩේ කොලේ උඹ නේද විදෝ...