මගේ සිත් අහස..

Aura_S

Member
May 10, 2017
72
11
0
ඔබ මගේ වෙලා ඒ යැයි
මං හිතා උන්නෙ එහෙමයි
දින ගනන් ගෙවී සතිවලට හැරී
කල් ගෙවී ගියේ නොදැනයි

සිහින රුදුරු වී මැයි
මතක සතුරු වුනිමැයි
මගෙ හීන පොකුරු තව අතක වෙලුනි
මා හැඬවු කරුණ ඒ මැයි

සෙනෙහස් ගඟ පිරුණැයි
ඔබ එහි සුව ලැබුවයි
ඔබ කියා එවූ පණිවිඩය ඇසූ
මං හිනා වුනෙත් දුකටයි..