මගෙ කදුලින් නිමාවු මාවතෙ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පද රචනය : ආචාර්ය සුනිල් ආරියරත්න
    තනුව,සන්ගීතය සහ ගායනය : විශාරද වික්ටර් රත්නායක

    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
    තනුව, සංගීතය හා ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
     
    • Like
    Reactions: kputha

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය : ආචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය : ස්ටැන්ලි පීරිස්
    ගායනය : විශාරද නන්දා මාලිනි

    කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
    කුරුටු ගෑ ගී පොතේ...

    ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
    ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

    කුරුටු ගෑ ගී පොතේ...//

    මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
    නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

    කුරුටු ගෑ ගී පොතේ...//
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැර දමා ගිය මියුලැසී......

    හෙට දිනත් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
    ඉසිබුවක් ලෙස හෝ...
    ගෙවුනු රසබර මතක මතු කර හිනැහියන්
    මා හැර දමා ගිය මියුලැසී......

    හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින් පෙම් පිරූ සමයේ
    සළකුණක් ලෙස හෝ...
    පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
    මා හැර දමා ගිය මියුලැසී.....


     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුසානයක නොදැවී
    සිතේ තවම තනිවී
    තියේ එදා ඔබ පිදූ දයාබර
    සෙනෙහෙ සුවඳ නොමැකී....

    පියාගතිමි නෙතු මා
    ඔබේ සිහින රඳවා
    නුවන් විවර කර සොයාබැලූ සඳ
    ඔබ දුරක පියඹා
    වෙන දෑසක බැඳිලා
    තව හීනෙක වෙලිලා........


    ඔබේ සුවඳ සුවඳයි
    ඔබේ මතක මතකයි
    ඔබෙන් තිළිණ ලද දයාවන්ත සිත
    සදාතනයි සත්තයි
    එදා වගේ සුවඳයි
    අතීතයම සමරයි.........


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    ගායනය : ඉන්ද්‍රානි විජේබණ්ඩාර

    මල්සුටික්කෝ සිංදු කියාපන්
    මාදං අත්තක වාඩි වෙලා
    පිළේ ඉදන් ඒ සිංදු අහන්නම්
    සිතේ කදුළු බිදු නෙතින් සලා......//

    අමතක නොමවන මතක සිහින ලග
    මා හද ඉකිබිද හඩන වෙලේ.....//
    පිපෙන කුසුම් ගැන
    සමනළයින් ගැන
    එපා ගයන්නට සූටික්කෝ

    මල්සූටික්කෝ සිංදු කියාපන්

    ලොවකට නෑසෙන මගේ ගීතයට
    ඔබේ මියුරු හඩ දීපන්නේ......//
    කණාමැදිරි එළි වගේ නිවී ගිය
    ආදරයක් ගැන ගයපන්නේ

    මල් සූටික්කෝ සිංදු කියාපන්......


    මෙම ගීතයේ පද රචනය සහ තනු නිර්මාණය කල අය දාන්නවා නම් කියන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිර්මලා ලොන්ඩරිය හිමි
    සලුවඩන මැණිකේ නිර්මලා
    මල් හිනා නුඹෙ තැවරිලා
    කිරි ඉද්ද මල් වැට පීදිලා
    කුල ගෙවල් සැරසිලි කළත් අපි
    සළු වඩා පාවඩ එලා
    කිර්මලා නිර්මල නැතැයි මා
    ඔබෙ ලොවෙන් පිටමන් කළා......

    පන්තියේ මිතුරන් එදා කළ
    විහිළුවෙන් හිත රිදුන දා
    මා හෙළූ කඳුළක් මගේ
    දින පොතක තිබිලා හමු වුණා
    යුද වැදී නෑ සියන් බළමුළු
    අපේ ලොව ගිනි වැදුණු දා
    මා හෙළූ කඳුළින් තෙමූ
    සළුපිළි තවම නෑ වේලිලා.....

    දොවාලන්නට බැරි පිළී ගඳ
    කහට කුලමල තවරලා
    මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක
    දරන්නට බෑ නිර්මලා
    එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
    හිත පුරා පවතින නිසා
    හිමි නැතත් මට හුරු සුවඳ ඒ
    ඇඳුම් අතරේ තියනවා....




    :(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි

    හෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි //

    මල් කැකුලක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා //
    හිත ගිනි අවුලා පියවර අහුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි //

    සිනා පොදක් වී ....


     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ

    දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
    අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ
    කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
    මතකද මහවැලි දෑලේ සපු සෙවණේ

    කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
    එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ
    අපේ මියුරු සීන පිරුණු රජ දහනේ
    මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

    කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
    මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
    හීනෙන් දැකුමට විතරයි ඉතිරි වුනේ
    හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ



    මේක අපේ කිඹුල අයියගේ පියා රචනා කරපු ගීතයක්
    :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    අන්සතු වී ඇත .. මා සතු ඒ සිත
    ආදර රජදහනේ ........
    මින් පෙර ඒ සිත .. හැම මොහොතකදිම
    මා ලගමය රැදුනේ ........

    කොතැනදී හෝ ඔබ .. මා දුටු මොහොතක
    නොදොඩා සැගවී ඉන්න එපා
    සිතුනේනම් යළි .. මා වෙත එන්නට
    නොපෙනී නෑවිත් ඉන්න එපා


    https://soundcloud.com/bhagyavision22/12-ansathu-wee-etha
     
    Last edited: