මගෙ පලවෙනි Thread එක. ඒකත් හොරාකෑමක්..
මිශ්‍ර පාසලේ හික්මීම| Chamara Amarasooriya
මාත් මුලින්ම ගියේ ගමේ ඉස්කෝලෙකට,ඒකත් මිශ්‍ර පාසලක්.කොල්ලෝ ඉළන්දාරි වෙන කොට,කෙල්ලෝ ළමිස්සියෝ වෙන කොට උන්ගේ චර්යාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.සමහරු වලියට බරයි,සමහරු මත්ද්‍රව්‍යවලට පුරුදු වෙනවා,සමහරු ආදරවන්තයෝ වෙනවා.ඇතැම්මු මේ කුලකවලට අයිති නෑ,ඇතැම්මු මේ සේරම කරනවා,ඉගෙනත් ගන්නවා.
ඉස්කෝලෙක වෙච්චි වීඩියෝවක් බුකිය පුරා පැතිරි ගෙන යනවා.
ඒ ළමයින්ගේ ජීවිත ගැන කිසි ගානක් නැති පේජ් ඇඩ්මින්වරු ඒ වීඩියෝව පතුරු ගහනවා.
ඒකෙන් සමහරු ඉස්කෝලේ ගිය නැති ඈයෝ වගේ කාලකන්නි සන්තෝෂයක් ලබනවා.
මේ සිද්ධියත් එක්ක මට මගේ පාසල් කාලේ මතක් වුණා.
නංගියේ,මල්ලියේ...
ඒ කාලේ අපිත් ආදරේ කළා.අපෙත් හිටියා ආදරවන්තයෝ.උන්ට නිදහසේ කතා කරන්න ඕනේ වුණහම උන් යන්නේ පාලු තැන්වලට.හතර පැත්තෙන් වට වුණු බිත්තියක්,පාලූ තැනක තියෙන ලොකු ගහක්,නැත්නම් පන්තියේ කෙලවරක්...
ඒ කාලේ ආදරවන්තයන්ගේ දුෂ්ටයෝ තමයි ගුරුවරු සහ ශිෂ්‍ය නායකයෝ.ඉතින් මේ ආදරේ ආරක්ෂා කර ගන්න සහයට ඩැනියොත් ආදරවන්තයින්ට ඉන්නවා.උන් ලව් කරන්න යන්නෙත් සහයට ඩැනිලා වෙච්චි උන්ගේම යාලුවෝ එකෙක් හරි,දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක.අපිත් ලව් මුර ජොබ් එක ලස්සනට කළා එ කාලේ.හැබැයි අපි උන් කරන්නේ කියලා හොරෙන් බැලුවේ නෑ.ඒකයි අපේ හික්මීම්,අද තමයි ඒක තෙරෙන්නේ.අපි බොක්කෙන් අපේ ලව් කපල් රැක්කා.ඒ කාලේ ස්මාර්ට් ෆෝන් තිබ්බේ නෑ.කොටින්ම ෆේස්බුක්වත් නෑ.
හැබැයි අද.....
හැබැයි තව දෙයක් කියන්න ඕනේ.මිශ්‍ර පාසලකට යන උන් ගාව අමුතු හික්මීමක් තියෙනවා.උන් කෙල්ලන්ට සහෝදරියන්ට වගේ සළකනවා,කෙල්ලොත් එහෙමයි.උන් එකට කනවා,සෙල්ලම් කරනවා,රණ්ඩු වෙනවා..
කෙල්ලෝ ගෙට වෙලා ඉස්කෝලේ ආවහම කොල්ලෝ ලැජ්ජාවෙන් ඒ කාලේ ඇබරෙනවා.හැබැයි උන් එකාට එකා ගරු කරන් ඉගෙන ගන්නවා.
කතාව දිග් ගැස්සෙනවා.
ඒ නිසා නවතිමි.
අර විඩියෝ එකත් වටේ යවන්න එපා.
ඒ පොඩි උන් පව්.