මගෙ පිළිවෙළ එක වගේය...

Dec 6, 2007
447
6
0
මගෙ පිළිවෙළ එක වගේය...

සුළග වෙලා
පොර බදද්දි මහ හයියෙන්
නුඹ අවනත වුනු හැටි මට
උණ පදුරේ...
අවනත වුනමුත් මම
නුඹ හිය පසු නැගිටිමි
පෙරටත් වඩා ශක්තිමත්ව...
හැබැම නොවැ
මට අවනත නොවු මහ ගස් බිම බදාන
මම ගිය පසු නුඹ හොදින්ය...
වෙනස් වුනත්
තැනේ හැටිය ඇණෙ ගහන්නට
මගෙ පිළිවෙළ එක වගේය...



සිහිනය නුඹය...
 
Last edited:

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
අත්තටම හරිය අපූරු අදහසක් ...අපේ ජීවිත වලටත් ලොකු පණිවිඩයක් මේ වගේ දෙයක් මම හිතන්නෙ
 
දෙබසක් වගේ නේද? ලොකු අරුතක් මේ කැටි කරල තියෙන්නේ. අද අපි හැමෝම මේ වගේ තමයි. තැනේ හැටියටයි අනේ. ප්ලෑන් කිසිම දෙයක් නෑ.
 
Dec 6, 2007
447
6
0
freednbeing said:
දෙබසක් වගේ නේද? ලොකු අරුතක් මේ කැටි කරල තියෙන්නේ. අද අපි හැමෝම මේ වගේ තමයි. තැනේ හැටියටයි අනේ. ප්ලෑන් කිසිම දෙයක් නෑ.

eka hari...ada pamani tama ape sithuwilla....