අහිංසක සතුටක් නිර්මානය පුරා හීනියට දිවෙනවා..
පුංචි යෙහෙළියෝ යහළුවෝ අපිට ජීවිතය ඉස්සරහට ඇදගෙන යන්න ගොඩාක් උපකාරී වෙනවා..මොකද ඔය පුංචිම පුංචි කාලේ ඔය මල් වගේ සිත්වල කුහකකම්, අනුන් පරයා නැගී සිටීම් වගේ තරඟකාරී මුල් කොහෙත්ම පීදිලා නැති හින්දා..
ඔය කාලෙදී ලැබෙන යහපත් ඇසුර හා මනා අවබෝධය තමයි ඔය කියන පුංචි යෙහෙළියන් යහළුවන්ගේ සිත්වල් නොමැකෙන මුද්‍රාවන් බවට සනිටුහන් වෙලා ලොකු උස් මහත් වුනාම දායාදයක් වශයෙන් කෙලින්ම අපේ සමාජයට දෝත දරාගෙන අරන් එන්නේ..
ඉතිං ඔයාටත් තියෙනවා ලොකු වගකීමක්...ඔයාගේ ඔය පුංචිම පුංචි යෙහෙළියගෙන් ඔයා අද ලබන සතුට වගේම ඔබත් ඒ පුංචි යෙහෙළියව හෙට පා තබන්න ඉන්න සංකීර්ණ ලොව ගැන නිරවුල් දැනුමකින් ඈ පෝෂිත කිරීම...
එතකොට මතු යම් දවසක ඒ පුංචි යෙහෙළිය ඉන්න තැන දිහා දැකල ඔබට ලොකු නිහතමානී ආඩම්බරයක් විඳින්න පුළුවන් අද ලබන සතුටට වඩා.....
අගනා නිර්මානයක්..දිගටම ලියන්න ..
ඔබට ජය..