මගෙ 500 වන පොස්ට් එක වෙනුවෙන්
මගෙ 500 වන පොස්ට් එක වෙනුවෙන් කිරියෙන් පැනියෙන් ඉතිරෙවායි කියා කිරි ගැන බැන්දුනු වත්පිලිවෙත් ටිකක් මෙන්න.කියවලම බලන්නකො.
පැරණි රජරට ජනතාව අතර කිරි හා බැඳුණු වත
පැරණි රජරට ජනතාව අතර කිරි හා බැඳුණු වත් පිළිවෙත්
වයිනේ බොහෝ ප‍්‍රදේශවල තවමත් දක්නට ලැබෙන චාරිත‍්‍රයක් නම් සෑම සුබ කටයුත්තක් ම ආරම්භ කරන මොහොතේ කිරි ඉතිරවීම සිදු කිරීමයි. නමුත් මෙම කිරි ඉතිරීම හා කිරි පිදීම අද බොහෝ සෙයින් දක්නට ලැබෙන්නෙ රජරට ජනතාව අතෙර්ය.රජරට ජනතාව කිරි ඉතිරීම, කිරි පිදීම සිදු කරනු ලබන්නේ පුල්ලෙයාර් දෙවියන් උදෙසාය. මෙහි ජනතාව පුල්ලෙයාර් දෙවියන් හඳුන්වන නම් කීපයක් තිබෙනවා. ඒ පුල්ලෙයාර් ආතප්පා, පුල්ලෙයාර් කිරි අත්තා ලෙසයි. මෙසේ හඳුන්වන පුල්ලෙයාර් දෙවියන් උදෙසා භාරහාර පැවැත්වීමට මූලික වන කරුණු කිහිපයක් තිබෙනවා.එනම් අලුත් වැඩක් ආරම්භ කරන විට, නව නිවසක් ඉදි කරන විට, දරුවකු ලැබීමට සිටින විට, කිරි හරකුන් අසනීප වූ විට, ගොවිතැන් කටයුතු ආරම්භ කරන විට යන මේ සෑම දෙයකදී ම පුල්ලෙයාර් ආතප්පාට භාරහාරවීම සිදු කරනු ලබනවා. වසු පැටියකු බිහි වී මිනිස් නෙත ගැටෙන පළමු දිනයේ පුල්ලෙයාර් දෙවියන්ට භාරවීම සිදු කරනවා. ඒ සඳහා පළමුව වසු පැටියකු ගසක මුල බැඳ එම ගසේම වී ස්වල්පයක් එල්ලා තබනවා. පසුව පුල්ලෙයාර් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මෙම වසු පැටියාට කිසිම අනතුරක් නොකර රැක දෙන්න කියලා. පසුව මෙම භාරය ඔප්පු කරනුයේ පැටියා කිරෙන් මිදෙන්න (කිරි බීම අත්හැරීමට) කලිනි. ඉන්පසු පළමුවෙන්ම කිරි ගන්නා දිනයේ එම කිරි නොඉඳුල් ඇතිලියක දමා ලිප තබා උණුකර එය ඇඟිල්ලේ පදමට රස්නය තිබෙන පරිදි සාදා ගන්නවා.
කිරි දොවා ගනු ලබන්නේ ගෙදර ප‍්‍රධානියා විසිනි. ඔහු මේ සඳහා පාන්දරින්ම අවදි වී පිරිසිදු වී හිස සුදු රෙදි කඩකින් අවරණය කර සුදු පිරුවට ඇඳගෙනයි කිරි දෙවීම සිදු කරනු ලබන්නේ.මෙසේ දොවා ගන්නා පළමු කිරි ටික පුල්ලෙයාර් ආතප්පාගේ භාරය ඔප්පු කිරීම සඳහා ගන්නා තුරු කිසි කෙනෙකු ඒවා භාවිතයට ගන්නේ නැත.හැම ගමකම වාගේ පුල්ලෙයාර් ආතප්පාගේ කෝවිලක් තිබෙනවා. නැතහොත් විශාල නුග ගසක්, කොස් ගසක් හෝ පළු ගසක් තිබෙන ස්ථානයක පුල්ලෙයාර් දෙවියන්ගේ පිළිරුවක් තබනවා. පසුව කිරි ඉතිරීම සිදු කරනු ලබනවා.මෙහි දී කිරි ඉතිරවීමට පළමුව ඒ සඳහා අවශ්‍ය උපකරණ රැස්කර ගැනීම සිදු කරනවා. එනම් සෑම පැටියෙක්ම බැඳි කණුවල එල්ලා තැබූූ වී ගෙන කොටා හාල්කර ගන්නවා. එසේම දෙවියන්ට භාරහාර විමට වෙන්කරපු වීත් තිබේ නම් ඒවාත් හාල්කර ගන්නවා.පළමු දවසේ සිඳගත් දුන් තෙල් ද, කිරි ද, බුලත් පුවක් 21 බැගින් ද, පහන් තිර, දුම්මල, හට්ටි, මුට්ටි ආදී සියලු දේත් සමග පුල්ලෙයාර් දෙවියන් සිටින ස්ථානයට ගොස් කපුරාළ, පුල්ලෙයාර් ආතප්පාගේ ඇඳුම් ආයිත්තම්වලට සමාන ඇඳුම් ආයිත්තම් වලින් සැරසී මුකවාඩම් බැඳ මුදවාපු කිරි වලින් කිරි බත් සාදා ගන්නවා. කිරිබත් සෑදීමේ දී එයටම දුන්තෙල් හා මුදවාපු කිරිත් එකතු කළ පසු මුට්ටියෙන් පිටතට කිරී උතුරා යෑම සිදු වෙනවා. මෙය හඳුන්වන්නේ කිරි ඉතිරීම යන නමින්ය.
පසුව සාදා ගත් මල් යහනේ දුන්තෙල් වලින් පහන් දල්වා පිසගත් කිරිබත් පුල්ලෙයාර් දෙවියන්ට පූජා කිරීම සිදු කරනවා. ඒත් සමගම තවත් කොටසක් නීල මහා යෝධයාට පූජා කිරීමෙන් අනතුරුව ඊළඟ කොටස කඩවර දෙවියන්ට හා කළු කුමාර දෙවියන් සඳහා පූජා කරනවා.ඉන් පසු කපු මහතා විසින් පුල්ලෙයාර් ආතප්පාට කන්නලව් කිරීමෙන් අනතුරුව ඉතිරි කිරිබත් වලින් පළමු කොටස හිමි වන්නේ කපු මහතාටය. හේවිසි හොරණෑ වාදනය කළ අයත් පැමිණ සිටින හැමෝමත් එකතු වී කෙසෙල් කොළවල දමා කිරිබත් අනුභව කරනවා. මෙසේ මෙම ස්ථානයට පැමිණ සිටින සැමටම කිරිබත් කන්න දීමෙන් අනතුරුව කිරි ඉතිරීමේ, කිරි පිදීමේ, කිරි කෑමේ කි‍්‍රයාවලිය අවසාන වෙනවා.
rep++ and comment දාලම යන්න

Last edited: